Monday, December 10, 2012

වෛද්‍ය විද්‍යාවේ හාස්කම්



ඊශ්‍රායලයේ ,රුසියාවේ ,ජර්මනියේ හා ලංකාවේ වෛද්‍යවරු හතර දෙනෙක් කතා කරමින් හිටියා.

" අපේ  රටේ වෛද්‍ය ශාස්ත්‍රය කොච්චර දියුණුද කියනවා නම් මිනිහෙකුට තව කෙනෙකුගේ වකුගඩුවක් බද්ධ කලා , මිනිහා සති හතරකින් සම්පූර්ණයෙන් සනීප වෙලා රතු මුහුද හරහා බෝට්‍ටුවකුත් පැද ගෙන ගියා" ඊශ්‍රායල් දොස්තර කිව්වා.

" හුහ් , ඕක මොකක්ද, අපේ රටේ මිනිහෙකුගේ හෘදය වස්තුවක් අයින් කරලා වෙන එකක් බද්ධ කලා. මිනිහා සති දෙකෙන් බයිකාල් විල හරහා පීනුවා" රුසියන් කාරයා කිව්වා.

"හෙහ්, හෙහ්, අපි මොලේ පිලිකාවක් තිබ්බ මිනිහෙකුට අලුත් මොලයක් හයි කරා. මිනිහා සතියෙන් නැගිටලා අත්ලාන්තික් සාගරය හරහා බෝට්‍ටුවකින් ගියා" දෙවැනි වෙන්න අකැමැති ජර්මන් කාරයාත් කිව්වා.

" ඔව්වත් වැඩද මල්ලි. ඔව්වත් වැඩද? " ලංකාවේ දොස්තර කිව්වා

 " අපි මොලේ කලඳක් නැති මිනිහෙක් ගෙනැත් රටේ ජනධිපති කරා. අවුරුදු හතයි ගියේ. දැන් රටෙන් භාගයක් මිනිස්සු ඕස්ට්‍රේලියාවට යන්න බෝට්‍ටු පදිනවා".

8 comments:

  1. හිකිස්. නිව් වර්ෂක්.. මේක එක්කම මචෝ පරණ වර්ෂන් කිපයක්ම මතක් උනා. තැන්කූ

    ReplyDelete
  2. අපිට කලින් පරම්පරාවල මිනිසුන් වඩා යහපත් දේශයක අනාගතය වෙනුවෙන් දිවි දෙන්න සුදානමින් උන්න , අපේ පරම්පරාවේ මිනිස්සු ඒ දේශයෙන් පලායන්න දිවි පුදන්න වුවත් සුදානමින් ඉන්නවා. මොලයක් නැති මිනිසෙක් රටක් පාලනය කිරීම මෙන්ම මොලයක් නොමැති මිනිසුන් සමුහයක් ඉහත පාලකයාට අසීමිත බලයක් ලබාදීමත් මෙබදු ඓචර්යමත් තත්වයක් ඇතිකිරීමට හේතුවියහැකියි .

    ReplyDelete
  3. ඇටමස්සෝ........, කලාමැදිරියො...........,Entomology වලට ඔච්චරම අසද??

    ReplyDelete
  4. Entomology - කීට විද්‍යාව

    කාළෙකට කලින් කීටයා කියලා ටෙලියක් ගියා නේද, අවුරුදු ගාණක් තිස්සේ?

    ReplyDelete
    Replies
    1. Entomology is the scientific study of insects, a branch of arthropodology, which in turn is a branch of biology.(http://en.wikipedia.org/wiki/Entomology)

      Entomology-කෘමි විද්‍යාව
      යන්න වඩා සාදාරන සිංහල යෙදුම කියලයි මට හිතෙන්නේ

      Delete