Friday, March 22, 2013

මුංට හොඳ පාඩමක් .........



ජීනිවා වලදී ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව ඇමෙරිකාව ගෙන ආ යෝජනාවට පක්ෂව ඉන්දියාව චන්දය ප්‍රකාශ කිරීම නිසා මල පැන්න චම්පක රණවක ඇමතිතුමා ඉන්දියාවට සම්බාධක දැමිය යුතු බව කියන්නේය.

එතුමා කියා සිටින්නේ කියන්නේ ඉන්දියන් ව්‍යාපාරිකයන්ට හා  සංචාරකයින්ට කිසිම ඉඩ කඩක් ලබා නොදිය යුතු  බවයි.

මේවා ඉතාම හොඳ යෝජනා බව අපිටද හිතේ. එම නිසා එම යෝජනා ක්‍රියාත්මක කරන මෙන් අපි ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

නමුත් මේ අවස්ථාවේදී අපට මතක් වෙන්නේ ජීනිවා සමුලුවේදී ලංකාණ්ඩුවට එරෙහිව යෝජනාව ගෙන ආවේ ඇමෙරිකාව බවත් ඉන්දියාව ඇතුල්ව  තවත් රටවල් 25ක් එම යෝජනාවට පක්ෂ වූ බවත්ය.

එක්සත් ජනපදය, ජර්මනි, අයර්ලන්තය, ඉතාලි, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, බෙනින්, කොස්ටරිකා අයිවරි, ලිබියාව, සියරා ලියෝන්, ඉන්දියාව, කොරියාව, චිලි, පේරු, ඔස්ට්‍රියා, චෙක් ජනරජය, එස්තෝනියාව, මොන්ටිනෙග්‍රෝ, පෝලන්තය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, රුමෙනියාව, ගෝතමාලාව, මෝල්ඩෝවා ජනරජය යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් රටවල්ය.


මේ කාලකණ්නි රටවලටද ඉන්දියාවට මෙන්ම   මතක හිටින පාඩමක් ඉගැන්විය යුතුය. ඒ සඳහා ක්‍රියාත්මක කල හැකි යෝජනා කීපයක් පහත දැක්වේ. මේ ජාතික කලබල අවස්ථාවේ අපට සියලු රටවලට කල යුතු දේවල්  ගැන සිහියට එන්නේ නැතත් ,අඩුම තරමෙන් ප්‍රධාන රටවල් කීපයකට හෝ ඉතා ඉක්මණින් පාඩම් ඉගැන්වීම අරඹා අනිත් රටවලට පසුව ඉගැන්විය හැකිය.

අවශ්‍ය වුවහොත් මාරන්තික උපවාස පවා කරමින්  මේ යෝජනා  ක්‍රියාත්මක කරන මෙන් ආණ්ඩුවට බල කිරීමට හෙල උරුමය, දේශහිතෙෂී ජාතික ව්‍යාපාරය, බොදු බල සේනාව, රාවණා නිකාය ඇතුලු සියලු දේශප්‍රේමින් ඉදිරියට ආ යුතුය. උපවාස කරන්නේ නම් ලෙමන් පෆ් ආදිය සපයමින් අපටද ඒ සඳහා උදව් කල හැක.

1. ඇමෙරිකානු පුරවැසි භාවය හිමි සියලු ලාංකිකයන් එම පුරවැසි භාවය අත හැරිය යුතුය.

2. ස්විස් බැංකුවල ඇති  ශ්‍රී ලාංකිකයන් සතු ගිනුම් වසා දමා ඒවා ලංකාවේ බැංකුවල දැමිය යුතුය.

3. කොරියාවේ හා ඉතාලියේ ‍රැකියා කරන ශ්‍රී ලාංකිකයන් වහාම නැවත ගෙන්විය යුතුය.

4. ජර්මනිය ............

(ම්ම්ම් අනිත් රටවලට  කල යුතු දේ පස්සට.)
( Pic from FB)



2 comments:

  1. ඉල්ලන් කනවා කියන්නේ මේවාටය. අපේ හරක් මෙන්. ජාත්‍යන්තරයත් අන්දන්න පුලුවන් යැයි සිතා සිටි මෝඩ තකතීරූ ප්‍රතිපත්තිවල, මුල් ප්‍රතිඵලයයි මේ. අනාගතය දෙස බලා සිටිමු. රූපවාහිනියේ බූරුවෙක් කීවේ චීනය මහා බලවතා වන දිනය වැඩි ඈතක නොවනා බවයි. අපේ බූරූවෝ මේ ගුලි ගෙඩි පිටින් ගිලින නිසා, මෙහේ නම් අල්ලාගෙන සිටිය හැක.

    ReplyDelete
  2. 2005 පමණ සිට අපේ රටට නියාමාකාරයේ විදේශ ප්‍රතිපත්තියක් නොතිබීමේ විපාක තමයි මේ අත්විදින්නේ.පසුගිය වසර කීපය පුරා එදාවේල විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කලේ.මේ විදිහට රටකට යන්න හැකි දුර බොහොම සීමිතයි.

    ReplyDelete