Saturday, February 20, 2016

ETCA, CEPA සහ සිව්පා

 
ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ඊනියා ආර්ථික හා තාක්ෂණ ගිවිසුම ගැන බොහෝ දෙනා බොහෝ දේ කියමින් සිටිති.

ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, තොරතුරු තාක්ෂණ ශිල්පීන් ඇතුලු වෘත්තීයවේදින් මෙම ගිවිසුමට විරුද්ධව දැනටම පාරට බැස ඇත. එය ඔවුන්ගේ අයිතියයි. ඒකාධිපති රෙජිමයක් පරදවා මෙරට ජනතාව දිනාගත්තේ එම අයිතිය, එනම් තමන් කැමති මතයක් දැරීමට ඇති අයිතියයි. නමුත් ජනතාව සතු එම අයිතිය පැහැර ගැනීමට , යහපාලනයක් ස්ථාපිත කරනවා යැයි බලයට පැමිණ , ලිච්ඡ්වී ක්‍රමයක් ගැන නිතර දොඩන අගමැති රනිල් වික්‍රමසිංහ කැස කවමින් සිටියි.

බලය අහිමිව සිටින තාක් කල්  පූසෙක් මෙන් සිටි රනිල් වික්‍රමසිංහ හිටි අඩියේ චණ්ඩියෙක් වී ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙන්නන්ට තර්ජනය කිරීමට, මෙතෙක් කල් හැඳ සිටි ලිබරල් ප්‍රජාතාන්ත්‍රික සලුපිලි ගලවා පසෙකින් තබා තම සැබෑ ස්වරූපය අමු හෙලුවෙන්ම රටට පෙන්වීම අරඹා තිබේ.ඉන්දු ලංකා ගිවිසුම පිලිබඳ ප්‍රශ්නයේ දී රනිල් හැසිරෙන්නේ ඉතාමත් උද්ධච්ච ලෙසය. මහ පාරේ සිටින රස්තියාදුකාර චණ්ඩියෙක් ලෙසය. රාජ්‍ය නායකයෙකුට නොගැලපෙන ලෙසය.

ඔහුගේ දැඩි වෛරයට පාත්‍රව ඇත්තේ ගිවිසුම් විරෝධී කණ්ඩායම්   අතර සිටින ශක්තිමත්ම කණ්ඩායම වන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හා එහි නායකයින්ය. වෛද්‍ය සංගමය තුල පාදෙනියගේ ක්‍රියා කලාපය වෙනම ප්‍රශ්න කල යුතු වුවත් ඉන්දු ලංකා ගිවිසුම පිලිබඳ ප්‍රශ්නයේ දී ඔවුන්ට රනිල් වික්‍රමසිංහ විසින්  කරන තර්ජන පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය.තමන්ට විරුද්ධ කණ්ඩායම් වලට ඔහු  තර්ජනය කරන්නේ එක් අයෙකුට දහ දෙනෙක් පාරට බස්සනවා යැයි කියමිනි. මෙම එකට දහයේ අනුපාතය අපට හොඳ හැටි මතකය.  එය  1989 දී රජයේ ඝාතක කල්ලි  ජවිපෙට එරෙහිව භාවිතා කල සටන් පාඨයකි.

අනිත් කාරණය මාධ්‍ය වලට කරන තර්ජනයයි. දන්නෝ බුදුන්ගේ ගීතය  අලුත් ආරකින් ගැයීම විවේචනය කළ මාධ්‍යවේදියාට අත් වූ ඉරණම ගැන කිසිවෙක් කථා නැත. එම තර්ජනය අදාල මාධ්‍යවේදියා තදබල මහින්දවාදියෙක් වීම නිසා බව නිසැකය. 

කවර හෝ මාධ්‍යවේදියෙකුට  හෝ මාධ්‍යයකට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ඔවුන්ට අවස්ථාව තිබිය යුතුය. එසේ කරන්නන්ට තර්ජනය කර බිය වැද්දවීම හිට්ලර් පන්නයේ දේශපාලනය මිස ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය නොවේ. 

  කෙසේ නමුත් මෙම  හැසිරීමෙන් පෙනෙන්නේ 2015 ජනවාරි 8 දා මහින්ද රාජපක්ෂ රෙජිමයට ජනතාව ඉගැන්වූ පාඩම  අගමැතිවරයා අවබෝධ කරගෙන නැති බවයි.

8 comments:

  1. චැහ්..... මෙතුවක් කල් ටොයිය්යා විලාසෙන් රඟපාගෙන හිටියට පුකේලයිට් හිටන් අමුම අමු බයියෙක් නේ!!!

    ReplyDelete
  2. තර්ජනය කිරීම නොව රනිල් කළ යුත්තේ මේ ගැන සංවාදයක් ආරම්භ කිරීමයි. ඇත්තටම කියනවා නම් සංවාදයට එක් වීමයි.

    ReplyDelete
  3. මාධ්‍යවේදියා ඉවත් කළේ රනිල් නෙමෙයි නේ. ඒක මාධ්‍ය ආයතනය කළ යුතු දේ මතක් කිරීමක් විතරයි.

    පාදෙනිය ඕන පුකක් කලාට අවුලක් නෑ. ස්ට්‍රයික් නොකර. අනික ඒ මිනිස්සු ඒක කළේ මිනිස්සුන්ට කරදරයක් නැති තැනක.

    ආන්ඩුවට විරෝධය දක්වන උන්ට වෙනම තැනක් හදලා දෙන්න ඕන. නැත්නම් දවස පුරා වැඩ කරලා ගෙදර යන අහිංසක මිනිස්සුයි කඳුළු ගෑස් කන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව රාජපක්ෂලාට විරුද්ධව උද්ඝෝෂණ කරපු කාලේ නොකලේ ඇයි. ඔයා රනිල්ගේ බච්චා කොලූද?

      Delete
    2. මාධ්‍යවේදියා ඉවත් කලේ රනිල් නෙවේනේ"

      ප්‍රකෝප වූ මගීන් පහර දුන් කතාව මතක් වෙනවා,, ලජ්ජයි

      Delete
    3. ගොන් මාද්දියවේදියෝ දැනගන්න ඕන ඉල්ලගෙන කන්නේ නැතිව වැඩ කරන්න.

      අද වෙනකන් ඔය මැරිච්ච උන් ගැන මාතලන් එක ලිපියක් වත් ලියා නැත.

      මහින්ද හෝ වේවා රනිල් හෝ වේවා ඒකාධිපතියන් බව නොවැටහෙන්නෝ හරකුන් මිස වෙන මක්කුන්වත් නොවේ...

      Delete
  4. මතවාදයක් හෝ ප්‍රතිපත්තියක් හොඳයි කියා අවංකවම විශ්වාස කිරීම එය අනෙත් අය මත බලහත්කාරයෙන් පැටවීමට නිදහසට කරුණක් නොවේ. කොයිතරම් නරක මතවාදයක් වුවත් ඉදිරිපත් කරන්නේ සාමකාමීවනම් එය පැරදවිය යුත්තේ මතවාදීවය.

    ReplyDelete
  5. මාතලන් රෙදි නැතිව කඩේ යනවා..

    ReplyDelete