tag:blogger.com,1999:blog-67236544655700873882024-03-05T16:41:56.509+05:30අමාවක Education is a right, not a privilegeකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger483125tag:blogger.com,1999:blog-6723654465570087388.post-71298509286697565122019-06-18T15:49:00.001+05:302019-06-19T14:18:20.181+05:30 කොන්ඩම් බාල්දි

මීට කලකට ඉහතදී ජයවර්ධනපුර සරසවියේ උප කුලපතියෙක් සිසුවියන්ගේ කන්‍යා භාවය සොයන්නට දඟලමින් මහත් විපිරියාසයක් කොලේය. ඒ තුමා දැන් කොහේ ඉන්නවාදැයි අපි නොදනිමු.

නමුත් දැන් ඒ ජාතියේම තවත් ඩයලයක් ෆීල්ඩ් එකට බැස තිබේ. ඒ රුහුණු සරසවියේ උප කුලපති උන්නාන්න්සේය. ඒ තුමා ශිෂ්‍ය සංගම් කාර්යාලයකින් කොන්ඩම් බාල්දියක් හොයාගත් බව කියමින් ජපුර කරුනාරත්න වර්ගයේ ඝෝෂාවක් , එනම් උඩු බීරිමක් ,කරමින් සිටී.

දැන් එතුමා අපට කියන්නට හදන්නේ කුමක්ද?

සරසවි සිසුන් ලිංගික ක්‍රියා කිරීමේදී කොන්ඩම් නොපැලඳිය යුතු බවද.?

එවිට කෙල්ලන්ට ලැබෙන බබාලා නඩත්තු කරන්නේ අමරසේන උන්නැහෙද?

සමහර විට එතුමා මේ දිනවල නැගලා යන මාතෘකාවක් වන සිංහල ජාතිය බෝ කිරීම සඳහා සරස්වි සිසු සිසුවියන් යොදා ගැනීමේ ව්‍යාපෘතියක් බාරගෙන තිබෙනවා වෙන්නට පුලුවන. එහෙම ව්‍යාපෘතියක් ඇත්නම් ඒ බව කෙලින්ම කිව්වා නම් වඩා හොඳය. එවිට ඔය වැඩේට ස්වේච්ඡාවෙන්ම ඉද්රිපත් වී ආධාර කිරීමට ඕනෑ තරම් පිරිස් ඉදිරිපත් වනු ඇතිය.

සටහන- කොන්ඩම් බාල්දි තිබුනාද නොතිබුනාද අපි දන්නේ නැත. අපිට එකක් සහතිකය. සරසවි කොල්ලන් කෙල්ලන් කොන්ඩම් පාවිච්චි කරනවා නම් එය, පසුව ගබ්සා කරනවාට වඩා දහස් ගුණයක් හොඳය.

https://pittnews.com/article/65843/news/student-health-to-distribute-free-condoms/කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com1tag:blogger.com,1999:blog-6723654465570087388.post-32909168499149028912019-01-08T23:48:00.001+05:302019-01-08T23:48:43.470+05:30කැෆේ සහ නෙස්කැෆේ

අපි හිතන් හිටියේ කැෆේ සංවිධානය කියන්නේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක්ය කියලා. ඒ උනත් දැන් තමා දන්නේ ඒක උත්සව අවස්ථාවන්ට නෙස්කැෆේ මැෂින් කුලියට දෙන්න අටව ගත්ත උත්සව භාණ්ඩ කුලියට දෙන තැනක් කියලා.

ධම්ම ගැන නම් කථා කරලා වැඩක් නෑ. මෙතැන එකම ප්‍රශ්නේ රාඝවන් උන්නැහේ. එක අතකට ඒකෙත් ප්‍රශ්නයක් නෑ. රාඝවන් කරලා තියෙන්නේත් ඉතා හොඳින් තහවුරු වෙච්ච මතයක් නැවතත් ඔප්පු කරලා පෙන්නන එක. ඒ කියන්නේ "යමක් වේනම් සුදුස්සාටම ලැබිය යුතු " කියලා නෙවේ. බලයට මුදලට යට නොවන්නෝ විරලය කියන එක.

ඔහොම යන් කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com1tag:blogger.com,1999:blog-6723654465570087388.post-88693237399632813022019-01-03T22:36:00.000+05:302019-01-03T22:50:14.847+05:30මහ සොහොනේ රීරි යකා

ශ්‍රී ලංකාවේ බිහි වූ අපකීර්තිමත් , තිරිසන් වදකයෙක් හා උම්මත්තක ඝාතකයෙක් වූ ප්‍රේමදාස උඩුගම්පොල නම් වූ මිනී මරුවා මියගොසිනි.1987-89 ජවිපෙ කැරළි සමයේ ජවිපෙ කැරලි කරුවන් යැයි සැක පිට අත් අඩංගුවට ගත් තරුණයින්ගේ කණට බෝල් පොයින්ට් පෑන් ඇතුල් කර හා ඔවුන්ගේ ගුද මාර්ගයට කටුකම්බි දමා වද දී මරා දැමූ මේ වදකයාගේ මරණය ගැන කණාමැදිරියා සිය සාතිශය සතුට මෙසේ පල කර සිටියි.

කණගාටුව නම් මේ වදකයාට ස්වභාවික මරණයක් අත් වීමයි. මේ වදකයා උතුරු මැද, දකුණ හා මධ්‍යම පලාත් වල තරුණයින් දහස් ගණනක් මොහුගේ වද බන්දනයන්ට ගොදුරු වී මිය ගියද , මෙම අසත්පුරුෂයා නීතිය හමුවට ගෙන ඒමට කිසිවෙක් කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි.

උඩුගම්පොල මුල සිටම දුෂ්ඨ පොලිස් කාරයා විය. 1980 ,81 කාලයේදී ජවිපෙ සාමකාමි මැතිවරණ දේශපානයේ යෙදෙන විටත් මොහු ජවිපෙ සාමාජිකයන් අත් අඩංගුවට ගනිමින් වධ හිංසා කලේය. 1982 දි මොහුට විරුද්ධව දරමිටිපොල රතනසාර හිමි මානව හිමි කම් නඩුවක් පවරා ජය ගත් අතර , තම පෞද්ගලික මුදලින් ගෙවන ලෙස උසාවිය විසින් මොහුට නියම කළ රු.10000 වන්දි මුදල ජේ ආර් රජයේ මුදලින් ගෙවා මොහු පොලි අධිකාරෛ තනතුරට ද උසස් කලේය.තමන් යා යුතු ගමන් මග තේරුම් කර ගත් උඩුගම්පොල ඉන්පසු යූ ඇන් පියේ විරුද්ධ කාරයින්ට එරෙහිව දුෂ්ඨ ව්‍යාපාරයක නියලුණේය . ඉතින් මෙම තිරිසනා මෙසේ මිනි මැරීමට පටන් ගත්තේ ඔහුගේ මව් සහ ඥාතීන් ජවිපෙ විසින් මරා දැමීමෙන් පසු යැයි කියන මාතලන් වැනි කුක්කු බබාලාට කිව යුත්තේ ඔවැනි කතා හොඳ කොන්ඩේ බැඳපු යූ ඇන් පී කාරයින්ට බවය. කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com2tag:blogger.com,1999:blog-6723654465570087388.post-23650323631293403082018-08-27T00:31:00.001+05:302018-08-27T00:31:57.640+05:30සරසවියට ගසනු

මේ දවස්වල ආණ්ඩුවේ පත්තරත්, මැති ඇමති ගොල්ලත්, අනික් සියලුම පයිණ්ඩකාරයිනුත් එක හඬින් ,එක් රොක් වී ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලට පහර දෙන බවක් පෙනේ. මොවුන් තමන්ගේ ඉලක්ක විදියට අන්තරේ, එහි කැඳවුම්කරු ළහිරු, පෙරටුගාමින් පමණක් නොව පොදුවේ සියලුම විශ්ව විද්‍යාල සිසුන්ව පවා තෝරාගෙන තිබේ . අගෝස්තු 26 සිළුමිණ පත්තරේ ඊට හොඳම උදාහරණයයි. හදිසියේම පස්සා පැත්තේ කිනිතුල්ලන් වැහුවා සේ මොවුන් දඟලන්නේ මන්දැයි කල්පනා කරනන් විට අපට එකක් නොව හේතු ගණනාවක්ම පෙනේ.

1. විජයදාස රුහුණේ දී සරසවි ශිෂ්‍ය හූ මුරයකට ලක් වීම (ආසන්නම සිදු වීම)

2. ආණ්ඩුවේ පම්පෝරිකාරයින්ගේ සියලු කටමැත තිබියදී සයිටමය වැසීමට සිදු වීම

3. ආණ්ඩුවේ සියලු හොර මගුල්, යටිකූටු වැඩ , ජනතා ද්‍රෝහි ක්‍රියා වලට සෘජුවම එරෙහිවන්නේ සරසවි ශිෂ්‍යයන් පමණක් වීම හා සමාජයේ අනික් කාණ්ඩ මෙන් වරදාන වලට නමා ගත නොහැකි වීම

4. ආණ්ඩුවට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය කප්පාදු කිරීමට උවමනා වී තිබීම හා ශිෂ්‍ය ව්‍යාපාරයෙන් එයට බාධා එල්ල වෙන බව දන්නා හෙයින් ඔවුන්ගේ සමාජ සුජාත බාවය නැති කර දැමීම.

සටහන- විජේදාසලා නොදන්නා හෝ ඔවුන්ට අමතක වූ දෙය නම් ඔවුන්ගේ මේ උපක්‍රමය මෙරට පාලකයින් විසින් අත්හදා බලා අසමත් වූ ක්‍රමයක් බවයි.කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com2tag:blogger.com,1999:blog-6723654465570087388.post-49518342497980315642018-08-23T22:37:00.001+05:302018-08-23T22:37:57.031+05:30අපි දසසිල් උපාසක නොහොත් ඈපාගේ පාපොච්චාරණය නොහොත් ජයතුංගගේ කුහකවත

1989 ඇඹිලිපිටිය සිසු ඝාතනයට සම්බන්ධව හිර දඬුවම් ලැබ පැමිණ සිටින ජාලිය ඈපා නැමත්තෙකුගේ සාකච්ඡාවක් රුවන් ජයතුන්ගේ බ්ලොග් පිටුවේ පල කර ඇත. මේ වනාහි ජයතුංගට සුපූරුදු මඩ ශෛලියයෙන් ලියාඇති තවත් එක් කුණු හරුපයක් පමණි. ජයතුංගට අනුව ඈපා මාරම මාර පොරකි. උපාධි, විදේශ පුහුණු , ලෝකල් පුහුණු , තව උතුරුකරේ සටන් , ආදියෙන් සමන්විත කිසිදා පව් නොකරන ඒ මදිවාට හතරපෝයටම සිල් ගන්න පොරකි.ඉතින් එහෙව් ඈපා කියන දේ සහ එසේ කිව්වා යැයි ජයතුංග ලියන දේ බලමු.

මේ දෙබාන උත්සාහ කරන්නේ 1989 දී ඈපා ප්රමුඛ මිනීමරුවන් විසින් කළ ඒ පාසල් සිසු ඝාතන සාධරණීකරණය කිරීමටය.මොවුන්ට අනුවතමන් විසින් ඝාතනය කළ පාසල් සිසුන් දරුණු මිනීමරුවන්ය. ඇඹිලිපිටිය ප්‍රදේශය හොල්ලාගෙන සිට ඇත්තේ ඔවුන්ය. ( ඉතින් එහෙව් උන් මරා දැම්මාම මක් වෙනවාද?)

මෙම සිසු ඝාතන සියල්ල මෙම ම්ලේච්ඡ ඈපා ප්රමුඛ නඩයක් විසින් කළ බවට ඔහුගේම මුවින් පිට වී ඇත.

1. මල්වත්ත සිසුවා නොමරන ලෙස තමන් කී බව- එසේනම් අනික් සිසුන් මරා දමද්දී උඩ බලාගෙන සිටියාද?
2. එම සිසු ඝාතන සාධාරණ බව පැවසීමට ඔහු කියන්නේ එම සිසුන් මිනී මැරුම් පවා කළ බවයි. ඔහුට ඒ බව ඔප්පු කළ හැකිද? නැත. ඔහු මේ උත්සාහ කරන්නේ දෙවන වතාවටත් එම සිසුන් මරා දැමීමටයි.

මෙම ජයතුංග ලිපියේඇති හාස්‍යජනකම කරුණ වන්නේ ජයතුංග පන්දුව ඔසවා දී ඩෑෂ් පහර එල්ල කිරීමට ඈපාට අවස්ථාව ලබා දීමයි. මෙන්න බලන්න.

1. අතුරුදහන් වූ සිසුන් ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටියාද ? ඔබට එසේ සිටි සිසුන් නම් වශයෙන් කිව හැකිද(මොකද බැරි)

2.ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය යට සිටි බුද්ධික කුලතුංග නම් ජවිපෙ ක්‍රියාධරයා ගැන කවුරුත් දන්නේ නෑ ඔහු පිලිබඳව සඳහනකුත් නෑ. ඔහුගේ භූමිකාව මොකක්ද ? (ඔය මොකක් හරි කියපන් ඈපා මචං)
3.ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටි සිසුන් විසින් සිදු කල කඩාකප්පල්කාරී ක්‍රියා මොනවාද ? (උඹට ඕනෑ දෙයක් ලියාපං ජයේ මචං)

ජයතුංග ප්‍රශ්න අසන විට ඈපා ෆෝර්ම් වී උඩ පැන පැන රිසි සේ නෙලයි. තමන් එසේ නොවේ යැයි පැවසීමට එම සිසුන් අප අතර නැති නිසා ඈපාට හෝ ජයතුංගට කිසි විචිකිච්චාවක්,ලැජ්ජාවක් නැතුවා සේය.

මාරයි ජයතුංග ඔයානම් ඈ. ඔයත් මාරයි ඈ ඈපා
කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com2tag:blogger.com,1999:blog-6723654465570087388.post-17145619026761393072017-12-10T05:07:00.000+05:302017-12-10T05:07:18.523+05:30උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක

දුම්රියසේවය ඊයේ සිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කොරන්ට ආණ්ඩුව තීරණය කර තිබේල. මෙය ඉතා හොඳ තීරණයකි. ඇත්තෙන්ම කිව්වොත් යහපාලන ආණ්ඩුව මෙතෙක් ගත් හොඳම තීරණය මෙය බවට කෙනෙක් තර්ක කරන්නටද ඉඩ තිබේ. එසේ කියන්නේ නම් කෙළෙහි ගුණ නොදන්නා අමනයන්ය. මක් නිසාද යත් මේ යහපාලන ආන්ඩුව 2015 ජනවාරි 8 විප්ලවේ කරපු දා සිට ගත්තේ ඉතාම හොඳ තීරණ නිසාය.

උදාහරණයක් විදියට , රාජපක්ෂ පාලන කාලයේ දුෂණ නිසා කුණු වූ තිබුණු මහ බැංකුව යහපාලනේ ආපු ගමන් සම්පූර්ණයෙන්ම ශුද්ධ කර දැම්මේය. දැන් එය ඉතා පිරිසිදුය. ලංකාව හා චීනය ගොඩබිමින් හා කිරීම තවත් යහපාලන දස්කමකි. දැන් අපිට ලංකාවේ සිට එක අඩියක් උස්සා අනිත් පැත්තට තිබීමෙන් චීනයට යන්නට ඇහැකිය. ඒ කෙසේද කිව්වොත් හම්බන්තොට වරාය චීනයට ලියා දීමෙනි. මේ වගේ යහපාලන යහ ක්‍රියා එමටය.

දැන් අපි අපේ මාතෘකාවට ආවොත් මෙතුවක් කාලෙකට දුම්රිය සේවාව ගැන මේ රටේ අණ්ඩු හිතුවේ ඒක අනවශ්‍ය දෙයක් කියාය. ඒක අවශය් කියා හිතුවේ උදේ හවස දුම්රිය දොරේ, ජනේලේ එල්ලී මාරක සර්කස් කරමින් වැඩට යන ජනතාව විතරය. දැන් ආණ්ඩුවත් ඒක අත්‍යවශ්‍ය සේවාවක් බවට තීරණය කර තිබේ. ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව චීනයට විකිනීමේ හෝ වසා දැමීමේ බයක් නැත. තමන්ට අනවශ්‍ය දේ මිස අතවශ්‍ය දේ කිසිවෙක් විකුණන්නේ නැත.දැන් ආණ්ඩුව කල යුත්තේ අවශ්‍ය හා අනවශ්‍ය දේවල් හඳුනා ගැනීමය. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුව හොඳ ගානකට විකුණා දමන්නට හැකිනම් අපි කැමතිය. එසේම පොලෝසිය ,උසාවි, ප්‍රාදේශිය සභා ,පලාත් සබා ආදි බොහෝ දේ විකුණා මුදලක් හොයා ගැනීමට කටයුතු කිරීමෙන් මංගල ඇමතිතුමාට හිසරදයක් වී තිබෙන අයවැයපරතරය ද පියවා ගැනීමට පුලුවන

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com1tag:blogger.com,1999:blog-6723654465570087388.post-54426991786650228472017-11-22T21:17:00.003+05:302017-11-22T21:17:57.779+05:30සත්හඬ

කුනු හෝදන්න මහතැන්වල අපෙ රටේ
සත්හඬ තමුන්නහැගේ හොඳ වෙල්ලාව
බියර් විකුනලා ආන්ඩුව රකින කොට
විප්ලවවාදියෙක්ලු දීප්ති කුමාර

(fb)

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com6tag:blogger.com,1999:blog-6723654465570087388.post-61822903499342175292017-11-20T16:46:00.001+05:302017-11-20T16:46:54.634+05:30Are We Free to Talk

Ajith: Arjun you free to talk?

Aloysius: I was about to call you. Any news?

Ajith: Difficult to tackle these guys. Only UNPers at COPE are with us.

Aloysius: Doesn’t look good. You have to help me out here. PM and HE both promised nothing would happen.

Ajith: HE is the problem. Bugger seems to be working against PM and UNP

Aloysius: Machan you have to do something. Didn’t see this coming. Ask
PM to intervene. Use Viber next time when you talk. Inform others too.

Ajith: Ok Arjun let’s try that. Talk later.

අජිත්: අර්ජුන්, ඔබට කතා කරන්න පුලුවන් ද?

ඇලෝසියස්: මම ඔබට කතා කරන්න හැදුවේ . ආරංචි මොනවා ද?

අජිත්: මුං එක්ක ලේසි නෑ වැඩේ . කෝප් එකේදී අපි එක්ක ඉන්නේ යූ ඇන් පි කාරයෝ විතරයි.

ඇලෝසියස්: එන පොට හොඳ නෑ. මාව මේකෙන් බේරා ගන්න. PM සහ HE දෙන්නම පොරොන්දු වුණා කිසි දෙයක් වෙන්න දෙන්නේ නෑ කියලා.

අජිත්: HE තමයි ප්රශ්නය. මේ මිනිහා PM ටයි UNP යටයි විරුද්ධව වැඩ කරන්නේ.

ඇලෝසියස්: මචන් ඔබට යමක් කරන්න වෙනවා. මේ දේවල් කලින් හිතුවේ නෑ. ඵ්ඹ් ගෙන්මැදිහත් වෙන්න කියල ඉල්ලන්න. ඔබ කතා කරනකොට ,ඊළඟ වතාවේදී වයිබර් පාවිච්චි කරන්න. අනිත් අයටත් කියන්න.

අජිත්: හරි අර්ජුන් අපි උත්සාහ කරමු. පස්සේ කතා කරන්න. කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com0tag:blogger.com,1999:blog-6723654465570087388.post-67420580263050693672017-11-15T06:00:00.000+05:302017-11-15T06:00:02.223+05:30නටත් දනෝ සුරා මතින්

අනේ සුසානෝ මම කොළඹ ගිහින්
බොන්ට හදන කොට මයිලො පැකට් එකක්
අයියෝ එපා බොන්නට ඔය වස මල්ල
කීවා අපේ මහ රජානෝ

මොකද කොරන්නේ කියලා පිපාසෙට
වටපිට බලන කොට දුන්නා බියර් එකක්
හිත හොඳ මුනියා මංගල ගරු ඇමතිතුමා
වෙරි වී ඉන්ට මරු උන්ගේ යහපාලන පොජ්ජ

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com1tag:blogger.com,1999:blog-6723654465570087388.post-48269089748645641902017-11-12T22:04:00.001+05:302017-11-12T22:04:37.548+05:30දිනු මේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද

ඉපිද මැරෙන මිනිසුන් අතර අපමණ
සබඳ ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණ
තවද බොහෝ කල් වෙසෙතැයි සිතූ දින
කිමද සොයුර සමු ගත්තේ උදෑසන

වපුළ වපුළ බිජුවට ගිනිලන අයුරූ
උතුර උතුර ගැලු ගඟ වියලුන අයුරූ
හබල බිඳුන ඔරුවක තනිවුන සොයුරූ
නිසල සිතින් විඳ ගති ඉදිරියේ මරූ

වරා නොයෙක සම්පත් පුද ඇමැතිවර
දරා අනෙක අවමන් මිහිතලේ බර
ඉරා අඳුර හෙළිකළ මගකි පැහැබර
මරා දැමුණ මුත් නුදුටිමු මළ සිරුර

කඳුලෙන් ඉපිද රුහිරෙන් දිවිමග නිබඳ
ගෙවමින් කටුක දුක් ගිනි වැළැඳුව සබඳ
ගින්නෙන් ඔබේ රුව උන් මැකුවා වුවද
දිනු මේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද

විමුක්ති ගී

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com5tag:blogger.com,1999:blog-6723654465570087388.post-92228313418490294582017-11-06T23:09:00.000+05:302017-11-06T23:09:20.743+05:30මාර විසඳුම්

දැන් යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපනය පිළිබඳව තීරණ ගන්නා බලදාරියා ප්රවෘත්ති අධ්‍යක්ෂකය. යහපාලනේ හැටි එහෙමය. වගකිව යුත්තන් හැංගී මොකෙක් හෝ වගකීමක් නැති කුක්කෙක් ඉදිරියට තල්ලු කරයි.හැටි එහෙමය.

දැන් මේ ප්රවෘත්ති අද්දි-යක්ෂ තුමා සයිටම් අර්බුධයට දී ඇති විසඳුම මුලින්ම පිලිගන්නේ බඩජාරිනෙවිල් මුදලාලිය. එපමණක් නොව ඒ විසඳුම පිලිගන්නැයි කියා අනික් අයටත් කියන්නේය. සයිටම් ශිෂ්‍යනුත් ඒ විසඳුමට කැමතිය. මුල ඉඳලා සයිටමට කඩේ ගිය රාගම නිලන්ති ඇතුලු පීඨාධිපති තුන් කට්ටුවකුත් මනාපය. ඊ ලඟ සැරේටත් තනතුරට පැන ගන්න බලං ඉන්න උපකුලපති නඩේත් සැට් වෙලාය.

මේ විසඳුමට මනාප සැට් එක දිහා බැලුවාම දීලා තියෙන්නේ මොන ජාතියේ විසඳුමක් ද කියලා පේනවාය. ප්රවෘත්ති අද්දි-යක්ෂගේ නිවේදනය අමුතුවෙන් කියන්වන්ට දෙයක් නැත.

මේ යහපාලන නරි නඩයේ නාඩගම් වලට විරුද්දව නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන් අද තම ජීවිතය පරදුවට තබා ඉදිරිපත්ව සිටිති. මේ තීරණාත්මක මොහොතේ මුලු ජාතියේම සහය ඔවුන්ට ලබා දිය යුතුය. ඔවුන් පසු පස පෙල ගැසිය යුතුය. මේ විරුවන්ගේ රුධිරය උරා බීමට පෙලගැසී සිටින හපාටුවන්, පිස්සු බල්ලන් පලවා හැරිය යුතුය. මේ විරුවන්ගේ රුධිරය උරා බීමට පෙලගැසී සිටින හපාටුවන්, පිස්සු බල්ලන් පලවා හැරිය යුතුය. නිදහස් අධ්‍යාපනය සුරකින සටන ශක්තිමත් කල යුතුය.

සයිටම් අහෝසි කරනු

නිදහස් අධ්‍යාපනය සුරකිනු

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com10tag:blogger.com,1999:blog-6723654465570087388.post-74254885483121615392017-11-06T22:23:00.001+05:302017-11-06T22:23:08.742+05:30සයිටම් අහෝසි කරනු!!!!

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com1tag:blogger.com,1999:blog-6723654465570087388.post-22400861195704430762017-11-05T11:13:00.002+05:302017-11-05T11:14:30.226+05:30ලැජ්ජා නැතිකම අජිත් පැරකුම්ටත් වඩා ලොකුය

රජයේ අවධානයට: වෛද්‍ය අධ්‍යාපනය විතරක් මුදලට විකුණනවාට විරුද්ධ ය කියමින්
සඳුදා සිට මාරාන්තික උපවාස කරන බව කියා තර්ජනය කරන කුහකයන්ට ඒ සඳහා පොදු
ස්ථාන නො දෙනු! පොදු ස්ථාන දෙනවා නම් බට දමා ආහාර ජලය දෙමින් අවුරුදු ගණනක්
උපවාසය කරගෙන යාමට සලස්වනු! කඩාකප්පල්කාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක
කරනු!

-අජිත් පැරකුම් ගේ ෆේස් බුකියෙනිකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com6tag:blogger.com,1999:blog-6723654465570087388.post-25489342588475427622017-08-21T23:07:00.000+05:302017-08-21T23:07:03.430+05:30ජනතාවගේ බදු මුදල් කාබසීනියා කරන නෙවිල් ප්‍රනාන්දු- Your tax money at work

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com4tag:blogger.com,1999:blog-6723654465570087388.post-56180488558783696042017-07-08T23:22:00.000+05:302017-07-08T23:24:07.417+05:30පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මිථ්‍යාව හා සත්‍යය

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යනු එක් අයෙක් හෝ පිරිසක් විසින් තම මුදල යොදවා පවත්වාගෙන යනු ලබන ආයතනයි. මේවා වර්ග දෙකකි.

1.ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ආයතන- ඉන්දියාව, බංග්ලා දේශය, නේපාලය, පකිස්ථානය වැනි රටවල බහුලව ඇත.

2.ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතන ඇති රටවල්- ඇ.එ.ජ, එංගලන්තය, ඕස්ට්‍රේලියාව

සෞඛ්‍ය සේවය හා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය හා පිළිබඳ පවතින පොදු දුර්මත

1. ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනයට ඇති අවස්ථාවන් අසාධාරණ ලෙස සීමාකර ඇත

2. අ.පො.ස. උසස් පෙළ විභාගය යනු උසස් අධ්‍යාපනය සඳහා සුදුස්සන් තේරීමට දුර්වල ක්රමවේදයකි.

3. ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතී.

4. වැඩිපුර වෛද්‍යවරුන් සිටීම වාසිදායක වේ.

5. අනෙකුත් ක්ෂේත්‍ර ද පෞද්ගලිකකරණය වී තිබෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය ද එසේ විය යුතුය.

6. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටක ආර්ථිකයට වාසිදායක වේ.

මෙම කරුණු එකින් එක විමසා බලමු.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාවන් අසාධාරණ ලෙස සීමාකර ඇත.

- සාමාන්‍යයෙන්, එක් වසරකදී උසස් පෙළ විභාගයට කළා අංශයෙන් පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 70,000 ක් පමණ විභාගය සමත් වේ.

-ඉන් සිසුන් 7000 ක් පමණ ,එනම්, කළා අංශයෙන් උසස් පෙළ සමත්වන්නන් අතරින් 10% ක් පමණක් විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගනී.

-සාමාන්‍යයෙන්, වසරකදී උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගය සමත්වන්නන් ගණන 21,000 ක් පමණ වේ.

-ඉන් ආසන්න වශයෙන් 7000 ක් පමණ, එනම් 33% විශ්ව විද්‍යාලයට ඇතුළු කරගැනීම සිදුවේ.

-වසරකදී වෛද්‍ය විද්‍යාල වලට බඳවාගන්නා සිසුන් ගණන ආසන්න වශයෙන් 1325 ක් පමණ වේ.

-එනම් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමතුන්ගෙන් 6.3% කට පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට හැකියාව ලැබේ.

-එසේ නම් සැබැවින්ම, විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට පවතින අවස්ථා සීමා වී ඇත්තේ, ජීව විද්‍යා අංශයට වඩා කළා අංශය තුළය.

-මෙතරම් විශාල සිසුන් සංඛ්‍යාවක් කළා අංශය තෝරාගන්නේ, ශ්‍රී ලංකාව තුළ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබාගත හැකි පාසල් ගණන සහ පහසුකම් අඩුවීම හේතුවෙනි.කළ යුත්තේ එම පහසු කම් දියුණු කිරීමයි.

-එසේම වසරකදී ජීව විද්‍යා අංශයෙන් B සාමාර්ථ 3 ක් හෝ එයට වැඩි ප්‍රතිඵල ලබාගන්නා සිසුන් සංඛ්‍යාව 2388 ක් පමණ වන අතර එයින් ආසන්න වශයෙන් 55% ක් පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට වරම් ලබයි.

-නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අනෙක් සෞඛ්‍යය ආශ්රිත උපාධි පාඨමාළා වලට ඇතුළු වන්නේ ආසන්න වශයෙන් 700 ක් පමණි. ඇතැම් උපාධි පාඨමාලා වලට සිසුන් ඇතුළත් වන්නේ නැති තරම්ය.

- ලෝකයේ දියුණු රටවල ශ්‍රී ලංකාවටත් වඩා වෛද්‍ය අධ්‍යාපනයට පිවිසීමට ඇති අවස්ථා සීමිත වේ.

-එක්සත් රාජධානිය තුළ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම සඳහා අවම සුදුසුකම වන්නේ උසස් පෙළ A 3 ක් ලබාගැනීමය. A 3 ක් ලබාගත් අයගෙන් ද වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට වරම් ලැබෙන්නේ 5 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණි.

- එක්සත් රාජධානියේ ඇති හොඳම විශ්ව විද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඇතුළු විය හැක්කේ උසස් පෙළ A 3 ක් ලබාගත් අය 17 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණි.

- ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අවම සුදුසුකම් ලැබූවන්ගෙන් පාඨමාළාව සඳහා තෝරාගන්නේ ආසන්න වශයෙන් 2% ක් (7000 කින් 165 ක්) පමණි.

අ.පො.ස. උසස් පෙළ විභාගය යනු උසස් අධ්‍යාපනය සඳහා සුදුස්සන් තේරීමට දුර්වල ක්රමවේදයකි.

වෛද්‍ය අධ්‍යාපනය ට තෝරාගැනීම සඳහා උසස් පෙළ විභාගය ඉතාමත් සුදුසු නිර්ණායකයක් බව පෙන්වන කරුණු තුනක් පහත දැක්වේ.

සංජානන හැකියාව - මෙය මැන බලන්නේ අසීරුතා දර්ශකයෙනි. 2015 උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් නියමිත පරාසය තුල පිහිටා තිබුණි.

උසස් අන්තර්ගතය-උසස් පෙළ විෂය නිර්දේශය සිසුන්ට අනාගත වෛද්‍ය අධ්‍යාපනයට අවශ්‍ය විෂය කරුණු, අදහස් සහ න්‍යායන් රාශියක් සිසුන්ට ලබා දෙයි.

අභිප්‍රේරණය හා පෞරුෂය- උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථ ලබා ගැනීමට ඉහළ කැපවීම, පෞරුෂත්වය හා ආකල්ප, අවශ්‍ය අතර ඒවා වෛද්‍ය විදුහලේ අධ්‍යාපනය සඳහාද ඉතා වැදගත්ය.

තේරීම් පරීක්ෂණයක වලංගුබාවය එහි පුරෝකථනාත්මක අගය මගින් මනිනු ලබයි.

සම්මුඛ පරීක්ෂණ, කුසලතා පරීක්ෂණය සහ නිර්දේශ ලිපි වැනි ක්‍රමවලට සාපේක්ෂව වෛද්‍ය විද්‍යාලය තුල සිසුන්ගේ ක්‍රියාකරිත්වයේ හොඳම පුරෝකථකයා ලෙස තේරීම් විභාග වලදී ලබා ගත් ශාස්ත්‍රීය කුසලතා පෙන්නුම් කරන බව ලොව පුරා සාක්ෂි පෙන්නුම් කරයි

එක්සත් රාජධානිය තුළ සිදුකරන ලද පර්යේෂණ වලින් හෙලිවී ඇත්තේ උසස් පෙළ ජීව විද්‍යා විභාගයේ ප්‍රතිඵල සමග වෛද්‍ය පීඨයකදී සිසුවෙකු දක්වන කුසලතාවය සමානුපාතික වන බවයි. එනම්, ඉහළ කුසලතා ඇති ගුණාත්මක වෛද්‍යවරයෙකු බිහිකිරීම සඳහා තෝරාගත යුත්තේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළ ප්‍රතිඵල ඇති සිසුන් බවයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා වූ සාධාරණ තේරීම් ක්‍රමයක් අපට තිබේද?

උසස් අධ්‍යාපන සඳහා වන ප්‍රවේශ ක්‍රම පදනම් විය යුත්තේ කුසලතාව හා සාධාරණත්වය මතයි "

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ 26.1 වගන්තිය ~

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය එවන් සාධාරණ ප්රවේශක්රමයක් සඳහා වූ අනගි උත්සාහයකි.බොහෝ බරපතළ සීමාවන් තිබියදීත්, දිස්ත්‍රික් කෝටා ක්‍රමය සරසවි ප්‍රවේශය සඳහා වන සෑහෙන තරම් සාධාරණ ක්‍රමයක් බව පෙනේ.

මන්නාරම, මුලතිව් සහ මොණරාගල වැනි අධ්‍යාපනික සම්පත් හීන ප්දිස්ත්රික්කවලිනුත් කුසලතා මට්ටම පමණක් සලකා සරසවි ප්‍රවේශය සිදු කළහොත් වෛද්‍ය අධ්‍යාපන සඳහා එක සිසුවෙකුවත් නොතේරෙණු ඇති අතර එය එම ප්‍රදේශවල අඩු සම්පත් හා පහසුකම් යටතේ ඉගෙන ගන්නා සිසුන්ට කරනු ලබන අසාධාරණයකි.

තවද, දිස්ත්‍රික් කෝටා ක්‍රමයට ඇතුළු වන
වෛද්‍ය සිසුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස්
වුවද, වෛද්‍ය විද්‍යාලයේදී සමාන පහසුකම් ඇතිව ඉගෙනගන්නා විට ඔවුන්ගේ
කුසලතාවයන් බොහෝදුරට සමාන බව ද පෙනී යන කාරණයකි.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ශ්‍රී ලංකාවට නුසුදුසු වන්නේ ඇයි?

ශ්‍රී ලංකාව ලෝකයේ පවතින වෙනත්
රටවල් අතරින් සුවිශේෂී තැනක් අයත්කර ගැනීමට හේතුවී ඇත්තේ, රටට මහඟු
දායාදයන් දෙකක් වූ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවයයි.

ලෝක සෞඛ්‍ය
සංවිධානයේ දර්ශක අනුව දකුණු ආසියාවේ පළමු ස්ථානය සහ ලෝකයේම රටවල් 190 ක්
අතරින් 76 වන ස්ථානය අයත්කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

නමුත්, ශ්‍රී
ලංකාවේ ඇත්තේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 8 ක් මගින්
පමණි.

ඉන්දියාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 217 ක් සහ පෞද්ගලික
වෛද්‍ය විද්‍යාල 249 ක් පවතී. නමුත්, සෞඛ්‍ය
දර්ශක වලට අනුව ඉන්දියාවට අයත්ව ඇත්තේ දකුණු ආසියාවේ තුන්වන ස්ථානය සහ
ලෝකයෙන් 112 වන ස්ථානයයි.

එසේ නම්, අප කලයුත්තේ පෞද්ගලික අධ්‍යාපනය වැලඳ ගැනීමද, අප සතු ගුණාත්මක නිදහස් අධ්‍යාපනය රැක ගැනීමද?

තීරණය ඔබ සතුය.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතිනවාද?

දැනට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරුන් 25,600 ක් පමණ

එයින් 70% ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ
සේවය කරයි.

එමනිසා, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් පුද්ගලයන් 1000 කට එක්
වෛද්‍යවරයෙක් බැගින් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ද රටක පැවතිය යුතු
වෛද්‍ය-ජනගහණ අනුපාතයක් පිළිබඳව ප්‍රකාශයට පත්කර නැත. නමුත්, යම් රටක
පැවතිය යුතු සහ පවතින වෛද්‍ය-ජනගහණ අනුපාතය සාධක කිහිපයක් මත රඳා පවතී. ඒවා
නම්:

රටේ පවතින සෞඛ්‍ය සේවා පද්ධතියේ ස්වභාවය සහ එහි කාර්ය මණ්ඩලය වැඩිකිරීමට ඇති හැකියාව

රටේ පවතින ආර්ථිකය සහ ආර්ථික වර්ධන වේගය

රටේ පවතින රෝග වල ස්වභාවය

කෙසේ නමුත්, ලෝකයේ අනෙක් රටවල් සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව,
වෛද්‍යවරු හිඟයක් පවතින රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර නැත.

වෛද්‍යවරුන් වැඩිපුර සිටීමෙන් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිවෙනවාද?

වෛද්‍යවරුන්, හෙදියන්, භෞත චිකිත්සකයන් වැනි සේවා ගණ අතර අනුපාතය නිසි
ප්‍රමාණයට වඩා වෙනස් ව පවතී. දැනටත් එක් වෛද්‍යවරයෙකුට සිටින්නේ හෙදියන්
දෙදෙනෙකු බැගින්ය. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත අගයට වඩා බෙහෙවින් අඩු
අගයකි.

වෛද්‍යවරුන්ට සාපේක්ෂව හෙද සහ අනෙකුත් සම
සෞඛ්‍ය සේවා ගණ වල විශාල හිඟයක් පවතී. එමනිසා, දැනට සිටින වෛද්‍යවරුන්
සංඛ්‍යාවට සාපේක්ෂව අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩිකර ගතයුතු ය. සෞඛ්‍ය සේවය වැඩිදියුණු කලයුත්තේ සමස්ථයක් වශයෙන්
ගෙන මිස, වෛද්‍යවරුන් සංඛ්‍යාව පමණක් ඉහළ දැමීමෙන් නොවේ.

අනෙකුත් ක්ෂේත්‍ර පෞද්ගලිකකරණයට ලක්වන පමණින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය විය යුතුද?

අධ්‍යාපනය පෞද්ගලිකකරණය වීමේදී ඇතිවන තරඟකාරීත්වයත් සමග එහි ගුණාත්මකභාවය
රඳවාගැනීම සිදු නොවන අතර, ඉන්දියාව වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය
කිරීම නිසා සිදුකරගෙන ඇති අනර්ථය එයට හොඳම නිදසුනකි.

සැබැවින්ම, වෛද්‍ය අධ්‍යාපනය යන්න අනෙක් පාඨමාළා වලින් හාත්පසින්ම වෙනස්
දෙයකි. එය ගණුදෙනු කරන්නේ මිනිස් ජීවිත සමගය. එමනිසා, එහි ගුණාත්මකභාවය
රඳාපැවතීම සඳහා උසස් සායනික පුහුණුවක්, න්‍යාය දැනුමක්, සහ ඉහළ කුසලතාවයක්
අවශ්‍ය වේ.

එබැවින්, වෛද්‍ය අධ්‍යාපනය යනු සංකීර්ණ ක්‍රියාදාමයක් වන අතර,
එහි සායනික පුහුණුවෙන් 95% ක් පමණ සිදුවන්නේ රජයේ රෝහල් වල වාට්ටු තුළදීය.
එමෙන්ම, ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ ඉතාම වැදගත් අංගයක් වන රෝග වැළැක්වීමේ
සත්කාර (Preventive healthcare) මුළුමනින්ම පාහේ සිදුවන්නේ රාජ්‍ය සෞඛ්‍ය
ආයතන හරහා පමණි.

පෞද්ගලික ව්‍යාපාරයකට, පුද්ගලයෙකුට, හෝ පෞද්ගලික ආයතනයකට
එසේ ඉහළ මට්ටමක ගුණාත්මකභාවයක් පවත්වා ගැනීම ඉතාම අපහසුය.

පෞද්ගලික වෛද්‍ය
අධ්‍යාපනය සැලකීමේදී, ඉහළ ලාභයක් සහ ඉහළ ගුණාත්මකභාවය යන දෙකම එකවර පවත්වා
ගත නොහැක. මක්නිසාද, ඉන් එකක තත්ත්වය ඉහළට යනවිට අනෙක පහත් තත්ත්වයකට
ඇදවැටීම නිතැතින්ම සිදුවන දෙයකි.

ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා
ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය,
ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. පහත
සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අයත්කරගෙන සිටින
ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා
බලන්න.

රට

සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම

රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ ගණන

නෝර්වේ

11

0

ඕස්ට්‍රේලියා

32

2

ස්විට්සර්ලන්තය

20

0

ඩෙන්මාර්කය

34

0

නෙදර්ලන්තය

17

0

ජර්මනිය

25

1

අයර්ලන්තය

19

1

කැනඩාව

30

0

නවසීලන්තය

41

0

ශ්‍රී ලංකාව

76

0

ඉහත රටවල් වල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල
පෞද්ගලික ඒවා නොවන අතර, භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාභ නොලබන පුණ්‍ය
ආයතන ලෙස ක්‍රියාත්මක වේ.

පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල
ප්‍රමාණයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ
සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. වෛද්‍ය
අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අයත්ව ඇති ඉරණම
ඔබට මනාව වැටහෙනු ඇත.

රට

සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම

රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ ගණන

ඉන්දියාව

112

249

බංග්ලාදේශය

88

54

නේපාලය

150

14

පකිස්තානය

122

55

සැබැවින්ම, ශ්‍රී ලංකාවේ පවතින පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ
නිර්දේශිත අවම ගුණාංග පිළිබඳ විශ්වාසනීය තොරතුරු නොමැතිය. එමෙන්ම,
පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සහ නිර්ණය කිරීම සඳහා
සාර්ථක යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ නොමැතිය.

ඇතැම් අය පවසන
ආකාරයට, ලෝකයේ ඉහළ පෙලේ වෛද්‍ය විද්‍යාල වල ශාඛාවන් ශ්‍රී ලංකාවේ විවෘත කල
පමණින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය දියුණු වේද? ඔවුන්ගේ මව් විශ්ව
විද්‍යාලයේ පවතින ප්‍රමිතිය, එයට අනුබද්ධ මෙරට පවතින ශාඛාවේද එලෙසම පවතින
බවට කිසිඳු සහතිකයක් කිසිවෙකුට දිය නොහැක.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික සහ පරිපාලනමය පසුබිමේ පවතින දූෂණ,
අතපෙවීම්, සහ බලපෑම් කිරීම් හමුවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක ප්‍රමිතියට
සිදුවන බලපෑම කෙසේ වේදැයි ඔබට වැටහෙනු ඇත. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට අසල්වැසි ඉන්දියාව ගත් අදූරදර්ශී තීරණය හේතුවෙන් එරටට අත්වී ඇති ඉරණම මදක් විමසා බැලීමෙන් එය මනාව වටහාගත හැක.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් වේද?

ඇතැම් අය පවසන ආකාරයට, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට
ශක්තියක් විය හැක. සමහර දේශපාලකයන් සහ
විද්වතුන්, වෛද්‍යවරුන් වැඩිපුර නිෂ්පාදනය කර පිටරට යැවීමෙන් විශාල විදේශ
විනිමයක් ඉපැයීමට හැකියාව ඇතැයි මතයක් ප්‍රචාරය කරමින් සිටියි.

සැබැවින්ම,
ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහිකිරීම යනු විශාල පිරිවැයක් දැරීමට සිදුවන
ක්‍රියාවලියකි. එමනිසා, වෛද්‍යවරුන් හුදෙක් පිටරට යැවීමෙන් පමණක් විදේශ
විනිමය ඉපැයීමට බලාපොරොත්තු වීම සාර්ථක ක්‍රියාවලියක් නොවේ.

එවැනි ක්‍රියාවලියකින් සිදුවිය හැකි තවත් අනර්ථයක් වන්නේ බුද්ධි ගලනය
(Brain drain) හෙවත්, රටේ බුද්ධිමතුන් විදේශයන්ට ඇදීයාම බැවින්, වෛද්‍යවරුන්
පිටරට යැවීම ආර්ථික වශයෙන් ලාභදායී ක්‍රමවේදයක් ලෙස සැලකිය නොහැක.

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම, රටේ මුදල්
විදේශයන්ට ඇදීයාම වැළැක්වීමට හොඳ පිළියමක් බව ඇතැම් දේශපාලකයන්ගේ මතයයි.

රටක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල
පිහිටුවීමෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශගත වීම අඩුකරගත හැකිබවට උපකල්පනය
කිරීම නිවැරදි නොවන බවට හොඳම උදාහරණය ඉන්දියාවයි. ඉන්දියාව යනු ලෝකයේ වැඩිම
පෞද්ගලික සහ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පවතින රටයි. නමුත්, ලෝකයේ වෛද්‍ය
අධ්‍යාපනය සඳහා වැඩිම සිසුන් සංඛ්‍යාවක් විදේශගත වන රට වන්නේ ද ඉන්දියාවයි.
එය ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල වල සිටින ඉන්දියානු ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය
සලකා බැලීමෙන් වටහාගත හැක.

වෛද්‍ය විද්‍යාලය

සිටින ඉන්දියානු ශිෂ්‍යයන් ප්‍රතිශතය

හාවඩ් විශ්ව විද්‍යාලය

10.2%

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය

11.3%

යේල් විශ්ව විද්‍යාලය

10.0%

පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලය

14.3%

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමෙන් විදේශ සිසුන් ආකර්ශණය කරගෙන
විදේශ විනිමය ඉපැයීමට හැකි බව තවත් මතයකි. විදෙස් සිසුන් යම්
රටකට ආකර්ශණය වීම සඳහා සාධක ගණනාවක් බලපාන බව පෙනේ. එනම්:

රටක පවතින තත්ත්වය සහ පහසුකම්

අදාළ උපාධියට ලෝකයේ පවතින පිළිගැනීම

වෛද්‍ය විද්‍යාලයේ ස්ථාවරත්වය

උපාධිය ලබාගැනීමට අවශ්‍ය පිරිවැය

ඉහත කරුණු සලකා බැලීමේදී, දේශීය ආයෝජකයන්ට ඉහත සාධක ප්‍රශස්ථ මට්ටමක
පවත්වා ගැනීමට නොහැකි බව පෙනේ.

විදේශීය ආයෝජකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ
ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාල වලට දේශීය සිසුන් ආකර්ශණය කරගැනීමය. මක්නිසාද,
ඔවුන්ට අවශ්‍ය වන්නේ විදෙස් සිසුන් ආකර්ශණය කරගැනීමට නම්, ශ්‍රී ලංකාව තුළ
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට ඔවුන්ට සැබෑ අවශ්‍යතාවයක් ඇති නොවේ.
මක්නිසාද, ඔවුන්ගේ පවතින වෛද්‍ය විද්‍යාල වලට දැනටමත් ඒ හැකියාව පවතී.

සැබැවින්ම, ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද? බුද්ධිමත්ව මදක් සිතන්න.

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com18tag:blogger.com,1999:blog-6723654465570087388.post-35162505257114704672017-06-28T20:36:00.004+05:302017-06-28T20:37:38.908+05:30මැක්කෙක් ගිය උඩ

සයිටම්වලට එරෙහි වර්ජන
නතර

කිරීමට විකල්ප ක්‍රියාමාර්ග ගන්න

සයිටම් සභාපති ජනපතිට දැනුම් දෙයි

සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනය සම්බන්ධ කරගෙන සිදු කරන
වැඩවර්ජනය නතර කිරීම සඳහා කිසියම් විකල්ප ක්‍රියාමාර්ගයක්
ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔහුගේ
පෞද්ගලික ලේකම්වරයාගේ මාර්ගයෙන් ඊයේ දැනුම්දීමක් කළ බව
සයිටම් සභාපති දොස්-තර නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙවැනි වැඩවර්ජන නතර කිරීමට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට
හැකි බවද සයිටම් වෙනුවෙන් වැඩ වර්ජනයන් දියත් කර මහජනතාව
අසීරු තත්ත්වයකට පත් කිරීමට රජය කිසිසේත් ඉඩ නොදෙන බව
තමාගේ විශ්වාසයෑයිද දොස්--තර නෙවිල් ප්‍රනාන්දු මහතා
ජනාධිපති ලේකම්වරයා සමඟ කළ සාකච්ඡාවේදී අනාවරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දොස්තර නෙවිල්
ප්‍රනාන්දු මහතා සමඟ සයිටම් පිළිබඳව කතාබහ කිරීමට සුදානම්
වී සිටි නමුත් ඊයේ අධික කාර්යබහුල දිනයක් වූ නිසා ඒ
වෙනුවට එතුමාගේ පෞද්ගලික ලේකම්වරයා සමඟ මේ පිළිබඳව කරුණු
සාකච්ඡා කළ බව දොස්-තර නෙවිල් ප්‍රනාන්දු මහතා කීය.

උපුටනය- දිවයින

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com2tag:blogger.com,1999:blog-6723654465570087388.post-79183096645709239642017-06-23T00:25:00.003+05:302017-06-23T00:33:04.476+05:30සයිටම් අහෝසි කරනු- අවසන් සටන ඇරඹේ....

නෙවිල් ප්‍රනාන්දු තක්කඩියාගේ කාසි මල්ලට යට වූ ජඩ යහපාලන ආණ්ඩුව විසින් සිය පොලිස් කුලී බැලයින් ලවා සයිටම් විරෝධී උද්ඝෝෂණයේ යෙදී සිටි සිසුන්ට එල්ල කල අමානුෂික ප්‍රහාරයත් සමග සයිටම් විරෝධී අරගලය තීව්ර වී ඉදිරියට ඇදෙමින් තිබේ. මෙම අධම ප්‍රහාරයට එරෙහිව හා සයිටම් ප්රශ්නය විසඳීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අද ආරම්භ කළ සංකේත වර්ජනය , විසඳුමක් ලැබෙන තෙක් ඉදිරියටම ගෙන යාම ට තීරණය කර තිබේ. මෙය මාරාන්තික සටනකි. එක්කෝ ජයෙන් නිමා විය යුතුය. නැත්නම් නිදහස් අධ්‍යාපනය ඇතුලු මෙරට ජනතාවගේ සියලු අයිතිවාසිකම් මෛත්‍රී-රනිල්- රාජිත -කිරිඇල්ල නඩයේ පාමුල තබා පරාජය බාර ගත යුතුය.

එකක් පැහැදිලිය. GMOA එකට හෝ ශිෂ්‍යයින්ට පමණක් මෙම සටන ජය ගැනීම අසීරු වෙනු ඇත. එම නිසා සියලු ප්රගතිශීලි බලවේග මේ අවස්ථාවේ ඔවුන් වටා එක් වී රාජිත නඩයේ අමන කම් වලට මුහුණ දීමට ඔවුන්ට ශක්තිය ලබා දිය යුතුය. එසේම පීඩනය නිසා හෝ වෙනත් හේතුන් නිසා මෙම සටනින් පසු බසින්නට තැත් කලොත් එයට ඉඩ නොදී ඔවුන් සටනේ රඳවා තබා ගත යුතුය.

මේ සඳහා සියලු වෘත්තිය සමිති එක්ව මහා වැඩ වර්ජනයක් වහාම කැඳවා සයිටම් අහෝසි කරන ලෙසත් , නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සුරකින ලෙසත් ඊනියා යහපාලක රජයට බල කල යුතුය. තම තමන්ගේ පෞද්ගලික හා දේශපාලනික වෙනස් කම් පසෙක තබා සියලු ප්‍රගති ශීලි බලවේග මෙම තක්කඩි රජයට එරෙහිව පෙල ගැසිය යුතුය.

දැනටමත් ආණ්ඩුවේ මැර හා කුලී බලවේග අරගලයට එරෙහිව සටනට බැස ඇත. දැනටමත් රජයේ කුලී ලියන්නන් වන ගාමිණි වියන්ගොඩ ,අජිත් පැරකුම්, මාතලන් ඇතුලු කුලී ලියන්නන් /බ්ලොග් /ෆේස් බුක් කල්ලිය සිසුන්ට හා වර්ජකයින්ට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරමින් ජනතාව උසි ගැන්වීමට උත්සාහ කරමින් සිටී. හෙට මෙය වඩාත් උත්සන්න වනු ඇත. එය අවසානයේ ශාරීරික ප්රහාරයන් දක්වා , අත් අඩංගුවට ගැනීම් දක්වා හා අවසානයේ අතුරුදහන් කිරීම් දක්වා ගෙන යනු ඇත. විශේෂයෙන් වර්ජක වෛද්‍යවරුන්ට රාජිතගේ මැරයින් දරුණු ලෙස පහර දෙනු ඇත. එයට අවශ්‍ය පසුබිම අද දිනම රාජිත සූදානම් කලේ කුපිත වූ ජනතාව විසින් වෛද්‍යවරුන්ට පහර දෙනු ඇතැයි කියාය. එයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම වහ වහා කල යුතුය. මෙම සටන පොදු මහ ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ දුවා දරුවන් වෙනුවෙන් කරන සටනක් බව තේරුම් කර දිය යුතුය. ඔවුනුත් මෙම සටනට එක් කර ගත යුතුය. නො එසේව හුදකලාව මෙම සටන ජය ගැනීම අසීරු හෝ සමහර විට නොහැකි කටයුත්තකි.'

එම නිසා

1. අරගලය පිලිබඳව පොදු ජනතාව දැනුවත් කල යුතුය.

2. සියලු ප්රගතිශීලි බලවේග එක් විය යුතුය.

3. අනෙකුත් සියලු වාමංශික ,ප්රගතිශීලි වෲත්තිය සමිතී මහා වැඩ වර්ජනයක් කැඳ විය යුතුය.

සටහන- යහපාලන නඩයේ රුපියල් බිලියන ගණනක බැඳුම්කර වංචාව ගැන මුක පූට්ටු වී සිටි අජිත් පැරකුම්, මාතලන්, වියන්ගොඩ නඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඩුණු වීදුරු ගැන කුඹුල් කඳුලු හෙලීම විස්තර කළ හැක්කේ කෙසේද? ..

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com13tag:blogger.com,1999:blog-6723654465570087388.post-60181005333995386672017-06-06T05:38:00.000+05:302017-06-06T05:38:05.502+05:30ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්

ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය සමාජය තුළ පතුරන ව්‍යාපෘතියක නිරත වී සිටියි. ඔහුගේ මෙම වෛරී සහගත අවලාදත්මක ලියැවිලි ඔහු හැඟීම්වලට යටත්ව ලියන්නක් යැයි කිසිවෙකු විසින් වරදවා වටහාගත යුතු නැත. ඔහුගේ සයිටම් ජපමාලයේ ඔහු විසින් අමුණන ලද සියළු ඇටබෝල වනාහි දැනුවත් දේශපාලන ගණනය කිරීමකින් යුතුව නිශ්චිත ප්‍රතිඵල අපේක්ෂා කරමින් අමුණන ලද ඒවාය.

පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ක්රමයේ සිදුවන අක්‍රමිකතා සහ සමස්තයක් ලෙස එහි ලා සිදුවන සූරා කෑම සම්බන්ධයෙන් සමාජයේ ඇති විරෝධය ඔහු රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට පහර දීමට යොදා ගනී. ඔහු රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට මේ අයුරින් පහර දෙන්නේ ඔවුන් සයිටම් ආයතනයට එරෙහි අරගලයේ කොටස් කරුවන් වී ඇති බැවිනි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීම සාධාරණීකරණය සඳහා පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ක්රමයේ සූරාකෑමට එරෙහි සමාජ මතවාදය ගසා කෑමට තරම් වියන්ගොඩ ඇතුළු සයිටම් ප්‍රේමීන් සූක්ෂමය. වියන්ගොඩගේ සයිටම් ජපමාලයේ අඛණ්ඩ ප්‍රහාරයට ලක්වන තවත් කොටසක් නම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සරසවි සිසු පරපුරයි. එහි අරමුණ සමස්තයක් ලෙස සිසුනට එරෙහිව සමාජයේ පවතින සියළු අගතිගාමී මතවාද උළුප්පා දක්වමින් එමගින් සයිටම් ආයතනයට සහ අධ්‍යාපනය පුද්ගලිකරණයට එරෙහිව ඔවුන් ගෙන යන අරගලය සමාජය හමුවේ පිරිහෙළීමය.

සයිටම් වලට එරෙහිව සිටින අතළොස්සක් හෝ වාමාංශිකයන් වෙත් නම් ඔවුහුද වියන්ගොඩගේ සයිටම් ජපමාලය තුළ නිරතුරුව "මොන්ටිසෝරි සමාජවාදීන්" ඈ වශයෙන් නින්දාවට ලක්වෙති. ඔහු මේ "මොන්ටිසෝරී සමාජවාදීන්" යැයි ගරහන්නේ රාජිත සේනාරත්න ගේ හෝ සයිටම් නෙවිල්ගේ සාක්කුවේ සිට සයිටම් වර්ණනයේ යෙදෙන වාමාංශික තක්කඩියන් රැළට නොවේ. තමන් "මොන්ටිසෝරි සමාජවාදීන්" නොව නූතන ලෝකයේ නව ආර්ථික දේශපාලන සහ සමාජීය විපර්යාසයන් පිළිබඳ මනා අවබෝධයක් සහිත "හයිස්කූල් සමාජවාදීන්" යැයි සමාජයේ හමුවේ පෙනීසිටීමට කැමැති සමාජවාදී වෙස්මුහුණු ලාගත් අවස්ථාවාදීහු වියන්ගොඩලාගේ මේ මාංශ පේශි සංදර්ශනයට බියව සයිටම්වාදය හා සන්ධානගතවෙමින් අධ්‍යාපනය පුද්ගලිකරණයේ වාසි ගැන තමන්ට ද නොතේරෙන බහුබුත දොඩවති. ඔවුහු සමාජවාදීන් හෝ වාමාංශිකයන් ලෙස මෙතෙක් පැළැඳ සිටි වෙස්මුහුණු ඉවත ලා සිය සැබෑ මුහුණ පෙන්වීම ගැන අප ඔවුන්ට ස්තූතිවන්ත වියයුතුය. ආර්ථික වශයෙන් සමාජයේ පත්ළේම සිටින සමාජ ස්ථරයක දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම "මොන්ටිසෝරි සමාජවාදීන්" යන නම්බු නාමය ලැබීමට සුදුසු කමක් නම් අපට කීමට ඇත්තේ "ඔව් අපි මොන්ටිසෝරි සමාජවාදීන් තමයි. ඉන් තොපට කිමැ"යි යනුවෙනි. (දේශපාලන තර්ක විතර්ක පසෙක තිබේවා. මේ හැම දේකින්ම පසුවත් මොන්ටිසෝරිය තරම් සුන්දර තැනක් අපට ජිවිතයේ යළිත් කෙදිනක හෝ හමුවනු ඇත්ද? අප මේ හංවඩුවට බිය විය යුතුද?)

එමෙන් ම සරසවි පිවිසුම් පෙළ සමත් සමස්ත සිසුන්ට අවස්ථාවක් උදාකළ හැකි වැඩ පිළිවෙළකට නොයා ඒවෙනුවට තෝරාගත් වරප්‍රසාදලාභි අතළොස්සක් වෙනුවෙන් පැළැස්තර විසඳුම් සැපයීමට එරෙහිවීම නිසා හෝ වසරක් පාසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසු කම් ලැබ කිසිදු සමාජ සුරක්ෂිතභාවයක් නොමැතිව මහපාරට ඇදවැටෙන ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ උසස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා හෝ 'වාමාංශික කුහකයන්' ලෙස කෙරෙන නම් අඬගැසීම්වලට ද කිසිවෙකු බියවිය යුතුද? සමාජයේ විවිධ පන්ති ස්ථරයන් ස්වකීය සාමූහික ආර්ථික සහ දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කරන විට එම ඉල්ලීම් වල පන්තිමය අභිලාෂයන් විශ්ලේෂණය හෝ අධ්‍යයනය කිරීම මගහැර හුදෙක් ඒවා විස්තර කරනු වස් සාමාන්‍ය ව්‍යවහාරයේදී පුද්ගල මනෝභාවයන් විස්තර කිරීමට යොදාගනු ලබන 'කුහකබව' වැනි අදේශපාලනික සංකල්ප යොදාගැනීමට ඇතැමුන් ඉදිරිපත් වීමෙන් පෙනී යන්නේ සමාජය හමුවේ මහා දාර්ශනිකයන් ලෙස පෙනී සිටින්නවුන්ගේ දාර්ශනික සහ බුද්ධිමය දිළිඳු කමයි. ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ජීවිතවලට බලපාන ආර්ථික හෝ දේශපාලන ඉල්ලීම් ඔවුන් සංවිධිතව ඉදිරිපත් කරන විට ඒවා 'කුහක' යැයි පැවසිය හැක්කේ දේශපාලනයේ අයන්න ආයන්නවත් නොදත් දාර්ශනික කෙළතොල්ලන්ට පමණි.

ඔහු රාජ්‍ය අධ්‍යාපන ක්රමයේ අක්‍රමිකතා, විෂමතා, සම්පත් හිඟය අඩු ඵලදායිතාව සහ අසාධාරණකම් හුවා දක්වන්නේ එමගින් සයිටම් ආයතන වැනි පුද්ගලික අධ්‍යාපන කඩ බිහි කිරීම සාධාරණීකරණය සඳහාය. ඔහු මෙම තත්ත්වයට වගකිව යුතු පැවැති ශ්‍රිලනිප එජාප හෝ හවුල් ආණ්ඩුවල අධ්‍යාපන ප්‍රතිපත්ති මෙන් ම සමස්ත සංවර්ධන සැලසුම් පිළිබඳව සිය ලියවිල්ල තුළ දක්වා ඇත්තේ සානුකම්පිත සහ ක්ෂමාලාපී ආකල්පයකි. නමුත් මේ සානුකම්පිත ආකල්පය එම අධ්‍යාපන හෝ සංවර්ධන සැලසුම්වල ගොදුරක් බවට පත් දුප්පත් සිසු පරපුර කෙරෙහි නොදැක්වේ. ඒ වෙනුවට ඔවුන්ට එරෙහි කාලකණ්නි සහගත අවමන් ඔහුගේ සයිටම් ජපමාලය පුරාම අමුණා තිබේ. එයට හේතුවක් තිබේ. ඒ සයිටම් විරෝධී අරගලයේ පෙරමුණ ගෙන සිටින්නේ ශිෂ්‍ය පරපුර වීමයි. මේ සිසු පරපුර මුග්ධ, සිය මොළ පහසුවෙන් සේදීමට ඕනෑම අයෙකුට ඉඩ දෙන, අමනයන් රැසක් සේ සමාජය හමුවේ චිත්රණය කිරීමයි. එමගින් ඔවුන්ගේ සයිටම් විරෝධී අරගලය බහු ජනතාව වෙත ගෙනයාමට දුෂ්කර තත්ත්වයක් නිර්මාණය කිරීම එය හුදෙකලා කොට විනාශ කිරීමට පහසු තත්තවයක් රජය වෙනුවෙන් නිර්මාණය කිරීමයි.

වියන්ගොඩ මේ වන විට සයිටම් විරෝධීන්ට එරෙහිව සිටින්නේ මතවාදී අරගලයක පමණක් නොවේ. ඔහු සයිටම් විරෝධීන් මර්දනය සඳහා රාජ්‍යයට පහසුකාරකම් සපයන්නෙකු බවටත් පත් ව තිබේ. ඒ සයිටම් විරෝධී අරගලයේ නිරතව සිටින වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය පාදෙණියට එරෙහිව උසාවියට අපහාස කරන ලදැයි නඩු පැවරීම මගිනි. මෙවැනි නඩු පැවරීමක අරමුණ කුමක් ද? හුදෙක් උසාවියේ "කීර්ති නාමය" ආරක්ෂා කිරීමේ "පුරවැසි වගකීම" ඉටු කිරීම ද? පුරවැසි බලය නම් සංවිධානයක් ඔවුන් විසින් අටවාගෙන ඇත්තේ රාජ්‍ය මර්දන ආයතනවලින් සිදුවන පුරවැසි අයිතීන් උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කටයුතු කිරීමට ද? නැතහොත් පුරවැසියන් විසින් කරන ලබන ප්‍රකාශවලින් ඉහත ආයතනවලට "අපහාස සිදුවේ"යි පවසමින් එකී ප්‍රකාශකයන් හිරේ විලංගුවේ දමනු වස් නඩු පැවරීමට ද?

කෙසේ වුව ද ලංකාවේ අධිකරණයේ "කීර්ති නාමය" ගැන, වියන්ගොඩට දැන් අමතකව ඇති අපමණ උදාහරණ සැපයිය හැකි මුත් මේ ඊට අවස්ථාව නොවේ. වියන්ගොඩ ඔහුගේ පුරවැසි බලයේ තවත් සයිටම්කාමීයෙකු වන සරත් විජේසූරිය සමග එක්ව පසුගිය මැයි 04 වෙනිදා පවරන ලද නඩුව වූකලී වෛද්‍ය නිලධාරින්ගේ සංගමය බිය ගන්වා, පීඩනයට පත්කර ඔවුන් සයිටම් විරෝධී අරගලයෙන් ඉවත් කිරීමේ අරමුණ ඉටු කරගැනීම සඳහා සයිටම් කාමීන් විසින් සැලසුම් කර ඇති බොහෝ ක්‍රියාමාර්ග අතරින් තවත් එකක් පමණි. තවත් එක් හාස්‍ය ජනක උදාහරණයක් නම් රන්ජන් රාමනායක නැමැති "ලෝකල් රම්බෝ" නළුවා යොදාගෙන පාදෙණියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ලියාපදිංචි කරමින් රඟ දක්වන ලද අමන රංගනයයි.

මෙම අරගලය මර්දනය කිරීමට සැලසුම් කරන්නන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්ව ඇත්තේ එය එම සටනේ නිරත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු යෞවන ශිෂ්‍ය ව්‍යාපාරයට දෙන ශක්තිමත් සහයෝගය සහ රැකවරණය හේතුවෙනි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි නඩු පටැලවීම්, අවලාද ව්‍යාපාර, බ්ලැක්මේල් ආදිය මගින් බියපත් කර හෝ එහි වැනෙන සුළු කොටස් වෙත වරදාන පුදා හෝ මෙම අරගලයෙන් ඉවත්කීරීමට ගෙන යන උත්සාහය සාර්ථක වුවහොත් එමගින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ශිෂ්‍ය බලවේගය මුළුමණින්ම හුදෙකලා කොට මුල්ලකට කොටු කර මර්දනය කර නිහඬ කිරීමේ සැලසුම් ඉටු කරගැනීමට රජය සමත්වනු ඇත.

අවසානයේදී ගාමිණි වියන්ගොඩලා නතර වී ඇත්තේ රාජ්‍ය මර්දන යන්ත්‍රයේ විවෘත ඇණ මුරිච්චි බවට පත්වීමෙන් බව දැන් පැහැදිලිය. පසුගිය මැයි 17 වැනි දින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද සාමකාමී පා ගමනට එල්ල කළ කෲර පොලිස් ප්‍රහාරය සයිටම් විරෝධය මර්දනයෙහි ලා වියන්ගොඩලාගේ ඊනියා යහපාලන රජය ඔවුන්ගේ ද තල්ලුව ඇතිව කොතෙක් දුර යාමට සුදානම්දැයි පෙන්වන දර්ශකයකි. සරසවි සිසුන්ගේ සාමකාමී පා ගමන තහනම් කිරීමට වියන්ගොඩලාගේ "කිර්තීමත්" අධිකරණය තීන්දු කළේ කිසිදු යුක්ති සහගත පදනමකින් තොරවයි. එම තීන්දුව රජයේ සයිටම් මාෆියාව විසින් කල් තබා සැලසුම් කර තිබූ අමානුෂික පොලිස් ප්‍රහාරයට අධිකරණයේ මුද්‍රාව ලබාගැනීමක් පමණක් විය.

සරසවි සිසුවනි! නුඹලාගේ සාමකාමී පා ගමනට පන්නා පන්නා පහරදීමට පොලිසියට ලැයිසොන් දුන් ශ්‍රී ලංකාවේ මෙම 'කීර්තිමත්' අධිකරණයට එරෙහිව දැන් ඉතින් නුඹලා වචනයකුදු නොපැවසිය යුතුය. නුඹලා එසේ කළහොත් ටින් ටින් කතාවේ එන තොම්සන් සහ තොම්සන් රහස් පරීක්ෂකවරුන්ගේ චරිතයට බැරෑරුම්ව ඇඳ ඇති ගාමිණි වියන්ගොඩ සහ සරත් විජේසූරිය කොහේ හෝ සිට මතුව නුඹලා ගෙලින් ගෙන ඇදගෙන ගොස් නීතිය හමුවට පමුණුවනු ඇත.

සයිටම් විරෝධීන්ට එරෙහිව වියන්ගොඩලාගේ ත්‍රාඩ නෛතික ත්‍රස්තවාදය සහ තවත් එවැනි සයිටම් කොමාන්ඩෝ වරයෙකු වූ බස්ගැමුණු විසින් සබරගමු සරසවි සිසුන්ට මැරයින් සමග එක්ව පහරදෙමින් ප්‍රදර්ශනය කළ ත්‍රස්තවාදය අතර කිසිදු වෙනසක් නැත.

මේ අතර ශිෂ්‍ය පෙළපාළිය සහ ඊට එරෙහිව එල්ල වූ පොලිස් ප්‍රහාරය ගැන සඳහන් කරමින් 18 වැනි දා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ මෙවැනි විරෝධතා ආණ්ඩුවට නොව මහජනතාවට හානි සිදුවන බැවින් ඔවුන්ගේ ද ඉල්ලීම පරිදි උද්ඝෝෂණ වලට වෙඩි තබා හෝ මෙවැනි ඒවා නැවැත්විය යුතු බවයි. ශිෂ්‍ය පෙළපාළිවලට වෙඩි තැබිය යුතු යැයි මහජනයා ප්‍රකාශ කර ඇත්තේ කොතැනකදී ද? රතුපස්වලදී තමන් බොන ජලයට වස එක් නොකරන ලෙස ඉල්ලමින් පෙළපාළි ගිය ජනතාවට වෙඩි තබන ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නට ඇත්තේ ද මහින්ද අමරවීර පවසන ඔය කියන "මහජනයා"මද? මේ මහජනයා යනු වියන්ගොඩගේ සයිටම් ජපමාලය වැනි සයිටම්වාදී ප්රචාරක ව්‍යාපෘති තුළ අධ්‍යාපනය ලැබූවන් පිරිසක් ද? එසේ නොමැති නම් බස්ගැමුණුගේ සයිටම් කොමාන්ඩෝ තග් බලකායද? සරසවි සිසුන්ට වෙඩිතබන ලෙස ජනතාව විසින් ලෙස ඉල්ලා සිටින බව මහින්ද අමරවීර දැනගත්තේ කෙලෙසද? ඒ ඔහු පෙර අත්බවයන්හි පුරන ලද පාරමී ධර්මයන් හේතුවෙන් පසක් කළ සර්වඥතා ඥානයකින් ලද දැනුමක් ද? නැතහොත් ඔහු පෙළපාලි යන්නවුන්ට වෙඩි තැබීමට කැමැත්ත අකැමැත්ත විමසා ජනමත විචාරණයක් පවත්වා තිබේද?

ඉතාම හාස්‍යයට කරුණ නම් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී අන්තරේ කැඳවුම්කරු විසින් දෙන ලදැයි කියන උත්තරයක් ඔසවාගෙන මේ දිනවල සරම ඔළුවේ පටලගෙන ඒ මේ අත දුවමින් කාලකණ්නි සතුටක් ලබන වියන්ගොඩලා රජයේ වගකිවයුතු ඇමැතිවරයෙකු සාමකාමී නිරායුධ මහජන පෙළපාළිවලට වෙඩිතැබීමට තර්ජනය කරමින් කරන මෙවැනි බරපතල ප්‍රකාශ ගැන පෙන්වන සවිඥානක නිහඬතාවයයි.

ගාමිණි වියන්ගොඩ සිය සයිටම් ජපමාලයේ අමුණා ඇති සහ තවදුටරත් අමුණමින් ඇති ප්රචාරක ඇටබෝලවලට පිළිතුරු සැපයීමේ දී ඒ සියළු ඇටබෝල මුල සිට එකිනෙක පරීක්ෂා කරන්නට සිදුවීම අප්‍රසන්න අත්දැකීමකි. එසේ වුව ද එය දැන් තවදුරටත් මගහැරිය නොහැකි දෙයක් ලෙස සිතන්නට කරුණු සිදුවෙමින් පවතී. ඒ දැන් මේ සයිටම්වාදීන් සිසු ජීවිත මතින් හෝ සිය ව්‍යාපෘතිය පෙරට ගෙනයාමට සැරසෙන බැවිනි.

ඔහු සිය සයිටම් ප්රචාරක ව්‍යාපෘතියේ පළමු ලියැවිල්ල පටන් ගනුයේ මෙසේය.

"සයිටම් උපාධි ආයතනය යනු, එක පැත්තකින් යම් සමාජ අවශ්‍යතාවක් ද, තවත් පැත්තකින් අක්‍රමිකතා ගණනාවක ද සංයෝගයකි. එය ලියාපදිංචි කරන අවස්ථාවේ සයිටම් (SAITM) යන සංක්ෂිප්ත නාමයේ අවසාන අක්ෂරය වන M යන්නෙන් කළමණාකරණය (Management) යන අරුත අදහස් කෙරී ඇති අතර පසුව එය 'වෛද්‍ය විද්‍යා' (Medical) යන්නට මාරු වී ඇත. ඉංග්‍රීසි භාෂාවේ මේ වචන දෙකම පටන් ගැනෙන්නේ M අක්ෂරයෙනි. මෙම අකුර මුලින් පෙනී සිටි වචනය මාරු කිරීම සයිටම් බලධාරීන් දැනුවත්ව කළ කූඨ ක්‍රියාවක් වීමට හොඳටම ඉඩ තිබේ"

-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක-1)

SAITM සයිටම් ආයතනය පිහිටුවන අවස්ථාවේ එහි තිබූ නමේ M අකුරෙන් නියෝජනය වූ Management වෙනුවට පසුව එය Medical යනුවෙන් වෙනස් කිරීම කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් සාධක සහිතව ඔප්පු වී ඇති වංචාවකි. එහෙත් වියන්ගොඩ මේ අවසන් මොහොතේත් එම වංචාවේ බරපතල කම හෑල්ලු කිරීමට අනුකම්පා සහගත ප්රයත්නයක යෙදේ. ඒ සඳහා ඔහු සිය පරිණත ලේඛන කුසලතාවන් මනා ලෙස උපයෝගී කරගනිමින් මෙසේ පවසයි. ".....දැනුවත්ව කළ කූඨ ක්‍රියාවක් වීමට හොඳටම ඉඩ තිබේ." ඔහුට අනුව එය කූඨ ක්‍රියාවක් බවට නිගමනය කිරීමට තවමත් ඉක්මන් වැඩිය. එය කූඨ ක්‍රියාවක් බවට සෘජු ව නොපවසන යමෙකු, ඒ වෙනුවට එය කුඨ ක්‍රියාවක් වීමට ද "ඉඩ ඇති" බව පවසන්නේ නම් ඔහු විසින් ඉඟි කරන්නේ එය කූඨ ක්‍රියාවක් "නොවීමටද ඉඩ ඇති" බවයි.

එතැනින් නොවතින වියන්ගොඩයෝ එය කූඨ ක්‍රියාවක් වන්නේ නම් එහි වරද පැටවීමට කිසියම් චුදිතයෙකු සොයාගැනීමේ හාස්‍යජනක ප්රයත්නයක නිරතවෙති.

"...මේ ආයතනය පිහිටුවන අවස්ථාවේ, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කෙරෙහි කිසි විරෝධයක්, වෛද්‍ය පීඨවලින්වත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්වත්, ශිෂ්‍ය ප්‍රජාව අතරින්වත් මතු නොවීම හේතු කොටගෙන, සයිටම් බලධාරීන්ට හිතුමතේ වැඩ කිරීමේ අවසරයක් සැපයෙන්ටත් ඇති. ඊට වගකිව යුත්තේ, සයිටම් බලධාරීන් නොව, එදා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ යකඩ පාලනය යටතේ හීලෑ වී සිටි සහ එම පාලනයට ස්වේච්ඡාවෙන් අනුගතව සිටි වර්තමාන 'වීරයන්'ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහි දී කැපී පෙනේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකාව, හිටපු ජනාධිපතිවරයා වරක් අරලියගහ මැදුරට කැඳවා ඔහුව වෛද්‍ය සංගමයේ සභාපති වශයෙන් පත්කරන අවස්ථාවේ, සයිටම් ආයතනය බලා කියා ගැනීම සඳහා ඔහුව එම තනතුරට පත්කරන බව පැහැදිළිව කියා සිටි බවට සාක්ෂි තිබේ. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය හෝ සයිටම් ආයතනය, ක්‍රම-විරෝධී අසාධාරණ සැකැස්මක් නම් මහාචාර්ය කාලෝ ෆොන්සේකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එදා එම මොහොතේම එය නොබියව කිව යුතුව තිබුණි. එහෙත් ඔහු කටක් ඇර ඒ ගැන කිසිවක් කියූ බවට සාක්ෂි නැත."

-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක-1)

සිදු කර ඇති වංචාවේ දුගඳ තවදුරටත් සැඟවිය නොහැකි ලෙස දසත පැතිරෙද්දි එම දුගඳ හමන්නේ සයිටම් නෙවිල්ගේ අමුඩයෙන් බව පැහැදිලිව සියල්ලන් වටහාගෙන තිබියදී වියන්ගොඩයෝද සිය නැහැය හකුලාවමින් හිස දෙපසට වනමින් බැරෑරුම් ස්වරූපයක් ආරූඪ කරගත් මහදැනමුත්තෙකු මෙන් අපට මෙසේ පවසයි.

"හැබෑව, ගඳ එන්නේ සයිටම් නෙවිල්ගේ අමුඩයෙන් තමයි. හැබැයි මිනිහගේ අමුඩය ජරා කර ඇත්තේ මිනිහා නොවෙයි. මං හිතන විදියට ඕකට වගකියන්න ඕනේ වෛද්‍ය සංගමයේ හොර දොස්තරලයි, අන්තරේ මගෝඩි ශිෂ්‍යයෝ ටිකයි."

වියන්ගොඩට අනුව වැරදිකරුවන් වන්නේ එය පිහිටුවන අවස්ථාවේ එයට එරෙහි නොවූ ශිෂ්‍ය ප්‍රජාව, වෛද්‍ය පීඨ සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයයි. ඔවුන් එයට එරෙහි නොවූ නිසා මෙම දඟකාර සයිටම් බබ්බු හිතුමතයේ වැඩකර නම වෙනස් කිරීමේ 'නෝටි' වැඩය කර තිබේ. සයිටම් නෙවිල්ට තම ගැලවුමට මේ තරම් විදග්ධ තර්ක ඉදිරිපත් කිරීමට වියන්ගොඩ තරම් වෙනත් පෙරකදොරුවෙකු කිසිවිටෙක හමු නොවනු ඇත.

වියන්ගොඩ මෙහිදී ගොඩ නැගීමට තැත් දරන තවත් තර්කයක් මෙසේය.

කාලෝ ෆොන්සේකා හෝ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ දී SAITM ගැන වචනයකින් හෝ විරෝධය පළ කළේ නැත.

ඒ ඔවුන් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ යකඩ පාලනයට හිලෑ වී සිටි නිසා නැතහොත් ස්වේච්ඡාවෙන් අනුගත වීම නිසාය.

මහින්ද රාජපක්ෂ, කාලෝ ෆොන්සේකාව වෛද්‍ය සංගමයේ සභාපති බවට පත් කළේ සයිටම් බලා ගැනීම ඔහුට පැවරීමටය.

SAITM ආයතනය ක්‍රම විරෝධී අසාධාරණ සැකැස්මක් නම් ඔවුන් එදා එම මොහොතේ නොබියව කිව යුතුව තිබුණි.

එහෙත් ඔවුන් ඒ බව එදා පවසා නැත.

එහෙයින් සයිටම් යනු ක්‍රම විරෝධී අසාධාරණ සැකැස්මක් නොවේ.

මේ වියන්ගොඩ සිය නිගමන කරා එළැඹෙන විද්‍යාත්මක තර්ක ක්‍රමයයි.

වියන්ගොඩගේම ප්‍රකාශය තුළ ඇති පරිදි එදා ඔවුන් විරුද්ධ නොවීමට බල පා ඇති කරුණු මෙසේය.

හීලෑවී සිටීම හෝ ස්වේච්ඡාවෙන් අනුගත වීම

ඔවුන්ගේ යකඩ පාලනයට වූ බිය

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ කාලෝ ෆොන්සේකා එදා නිහඬව සිටියේ මහින්ද රාජපක්ෂ රජයෙන් ලද තනතුරු හෝ වෙනත් වරප්‍රසාද නිසා ස්වේච්ඡාවෙන් එම පාලනයට අනුගත වීම නිසා නම් (වියන්ගොඩම මෙහි ඉඟි කරන පරිදි) හෝ භීතිය නිසා නම් SAITM ආයතනයේ බිහිකිරීමේ හෝ එහි පැවැත්මේ සාධාරණ අසාධාරණ බව ඔවුන් කළ කී දෑ හෝ නොකළ නොකී දෑ අනුව කිසිවක් නිගමනය කළ හැක්කක් නොවේ. එහෙයින් කාලෝ ෆොන්සේකාගේ හෝ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ එදා ස්ථාවරයන් උදාහරණ ලෙස කැඳවමින් SAITM සාධාරණිකරණය කළහැකි නොවේ. අනෙක් අතට පුද්ගලික විශ්ව විද්‍යාල බිහිකිරීමට එරෙහි ස්ථාවරයක් ගැනීමේ ඉතිහාසයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ද තිබේ. සමස්තයක් ලෙස එම ඉතිහාසය නොසළකා හැර කිසියම් නිශ්චිත මොහොතක් හුවා දැක්වීම සිය අභිමතය කෙසේ හෝ සාධනය පිණිස කරුණු විකෘති කිරීමකි.

...................අජිත් සී හේරත් .................................

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com63tag:blogger.com,1999:blog-6723654465570087388.post-76309553328322302772017-05-30T05:00:00.000+05:302017-05-30T05:00:07.568+05:30යහපාලන ආණ්ඩුව හිතූ තරම් නරක නැත...නොහොත් රු.90 කථාව

යහපාලන ආණ්ඩුවට අංශබාගේ යැයි කියන්නේ බයියන්ය. ඒ හොරා කෑමට තිබූ චාන්ස් නැති වූ තරහවට මිස වෙන කිසි හේතුවකට නොවේය.මේ කස්ටිය කියන්නේ යහපාලනේ ගංවතුරිනුත් ෆේල් කියලාය. රනිල් ලොක්කා ඇමෙරිකාවේ ගිය එකත්, ආපදා ඇමති රටේ නැති එකත් ලොකුවට උලුප්පනවාය. වැඩේ හරියට කරනවා නම් කවුරු කොහේ හිටියාම මක්ක වෙනවාද?

ඔන්න දැන් බලන්න ආපදාවට පත් වෙච්චි ජනයාට වියදම් කරන්න කියලා ආන්ඩුව රුපියල් කෝටි හතර හමාරක්ම වෙන් කරලාය. සුවල්ප මුදලක්ද? ලක්ෂ පහක් වෙච්චි අනාතයින්ට එකෙකුට රුපියල් 90 ගානේය. ඉතින් මේ වගේ ජනහිත කාමි ආණ්ඩුවකට බයින උන්ට මොනවා කලාට හිත් වදියිද?

ගංවතුරට කොටු වී සිටින මගේ මිත්‍රයෙක් නම් දැනටම රුපියල් 90න් කරන්න වැඩ ලැයිස්තුවක් හදා ගෙන ඉන්නෙමිය. අනික් අනාතයින්ටත් කියන්නේ මගේ යාලුවා ආදර්ශයට අරගෙන පැලෑනක් ගහගන්න කියලාය.යාලුව කුරුල්ලෙක් අතේ එවූ පැලෑන මෙසේය.

මෝටර් බෝට්ටුවක් කුලියට අරගෙන කොළඹ එන්ට- රු. 10.00

එනගමන් හීතලට බොන්ට බ්ලැක් ලේබල් විස්කි බොතල් 1යි- රු. 4.50

බයිට් එකට බැදපු කුකුලෙක් ගන්ට- රු. 2.70

ගොල්ඩ් ලීෆ් 20 පැකට් දෙකයි- 1.20

කැඩිච්ච ගේ හදාගන්ට- රු. 2.35

ගංවතුරට ගහගෙන ගිය බඩු මුට්ටුවලට- රු. 1.74

ගංවතුර බහිනකම් ගෝල්ෆේස් හෝටලේ නවතින්ට- රු.5.49

එනගමන් කැළණි විහාරේ පිං කැටේට- රු.0.20

රනිල්ගේ ආච්චිට බොස්තොරොක්කයක් ගන්ට- රු.3.50

ආපදා ඇමතිගේ ගෙදරට කේක් එකක් යවන්ට- රු.6.75

මුළු ගාන - රු.38.43

ඉතිරි ගානෙන් කොරන දේවල්

රු. 10ක් ඇමතිලාට වාහන ගන්ට පරිපූරක ඇස්තමේන්තුවට ප්රදානය කිරීමටත්

රු.20ක් ආපහු ගෙදර යන්ට බෙන්ස් කාර් එකක් ගන්ටත්

ඉතුරු සල්ලි ඔක්කොම ෆික්ස් ඩිපොසිට් එකක් දමා ඉතුරු ජීවිත කාලේම සැප සේ ගතකරන්ටත්ය.

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com17tag:blogger.com,1999:blog-6723654465570087388.post-19921225462757327892017-05-28T10:18:00.002+05:302017-05-28T21:07:07.980+05:30යහපාලනයට ජයවේවා..

අපි කවදත් හිතුවේ මේ රටේ නිදහසින් පසු පහල වූ , පහල කර ගත් , හොඳම ආණ්ඩුව වර්තමාන යහපාලන ආණ්ඩුව කියාය. මේ ආණ්ඩුවට කලින් තිබුණු මහරාජ ආණ්ඩුව කොරන ලද දේවල් නිසා ඒක එපා වූ මහජනතාව විසින් මේ සැරේනම් තට්ටු මාරු ක්‍රමයට වුනත් ඉතා හොඳ වැඩක් කර තිබේ. යහපාලන ආණ්ඩුව හැබෑවටම යහපාලන ආණ්ඩුවක් බව දැන් අපට ප්‍රත්‍යක්ෂ්‍යය.

ඒ බව පහුගිය අවුරුදු දෙකක ට වැඩි කාලයේ උන්නැහෙලා ක්‍රියාවෙන්ම ඔප්පු කොර තිබේ. බැඳුම්කර , සයිටම් විරෝධතා කරුවන්ගේ ඔලු පැලීම වැනි සුළු සුළු සිද්ධි මතක් කර අපේ හිත් වෙනස් කිරීමට කාටවත් පුලුවන් වෙන්නේ නැත.මොකද යතොත් යහපාලනේ යනු යහ පාලනේ නිසාය. ඔලු පැලුවත් යහමින් ඒ වැඩේ කරන බවට අපි දන්නෙමු.

වැඩිදුරක් යන්නට ඕනෑ නැත. මේ දවස් වල රට මූණ පා තිබෙන දුර්දාන්ත කාලගුණ තත්වයට මුහුණ දීමේ දී ත් අපේ යහපාලන ආණ්ඩුව තමන්ගේ කලර්ස් එලි දක්වා තිබේ. මේ තරම් ඉක්මණින් ස්වභාවෛක ආපදාවකදී ක්‍රියාත්මක වූ ආණ්ඩුවක් දැක ඇත්ද? ෂුවර් එකටම නැත. මෙහෙම ආණ්ඩුවක් දකින්නට පිං කරන්නට ඕනෑය.

විපතට පත් වූවන්ට සහන සැලසීමට කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩ සටහන් හදා ඇතැයි ගරු අගමැතිතුමා 26 දා කිව්වේය. අපිට එතුමා විශ්වාසය. ඔබ මට විස්වාසයි කියා ජෝති කිව්වේ ඒ නිසාය. එතුමා සහ එතුමාගේ පක්ෂය ඒ විශ්වාසය 26 දා සවස් වන විටම ඒ කෙටි කාලීන වැඩ පිලිවෙල ක්‍රියාවට නංවා තමන් කියන දේ කරන ,කරන දේ කියන අය බව ඔප්පු කර පෙන්නුවේය.

ඒ මෙහෙමය. හදිසි කෙටිකාලීන සහන සඳහා කෝටි 70ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමෙනි. ඒ මැති ඇමැතිවරුන්ට වාහන ගැනීමටත්, ඔවුන්ගේ නිල නිවාස අලුත්වැඩියා කිරීමටත් ය. සමහර විට තිබුණු වාහන ගංවතුරේ ගහගෙන ගිහින් වෙන්න ඇතිය. දැන් අපි බලා ඉන්නේ දිගු කාලීන වැඩ මොනවාදැයි කියාය. හිතට ඇති ලොකුම සැනසීම නම් බලයේ ඉන්නේ යහපාලන ආණ්ඩුවක් වීමය. ඒ නිසා දිගුකාලීන වැඩත් කෙටිකාලීන වැඩවලට නොපරදිනවාට ,මෙන්න කැට.

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com9tag:blogger.com,1999:blog-6723654465570087388.post-66182045714400838682017-05-21T10:22:00.005+05:302017-05-21T10:28:27.916+05:30වියන්(කුණු)ගොඩ ගේ සල්ලි මල්ල

පත්තරේක තීරු ලිපියක් කියන්නේ අමුතුම ලිපි වර්ගයක්. අපි දැකලා තියෙනවා එක එක වර්ගයේ තීරු ලිපි. දයාසේන ගුණසිංහ ,සුනිල් මාධව වගේ ලේඛකයෝ තීරු ලිපි කලාවේ විශිෂ්ටයෝ කියලා හඳුන්වන්න පුලුවන්.සාමාන්‍යයෙන් සති අන්ත පත්තරවල පල වන තීරු ලිපි නොයෙක් හැඩයෙන් එනවා. උපහාසය, හාස්‍ය, ශාස්ත්‍රීය ලිපි, කවි වගේ ඕනෑ ආකාරයකට... නිශ්චිත හැඩයක් අවශ්‍ය නෑ. නමුත් එක දෙයක් නිශ්චිතයි. තීරු ලිපියක් කියන්නේ තීරු ලිපියක්. ඒක පත්තර වල පලවෙන වැල් කතා වගේ එක දිගට ලියන්නේ නෑ. එක මාතෘකාවක් ගැන ලියන්නේ එක සැරයයි. අවශ්‍ය නම්, වැඩිම් උනොත් දෙකයි.

හැබැයි ඊනියා යහපාලන ආණ්ඩුව බලයට ගේන්න කත් ඇදපු ගාමිණි වියන්ගොඩ රාවයට පත්තරේට ලියනවා තීරු ලිපියක් " අවරදිග ආවර්ජනා" කියලා. ඒකට මිනිහා මේ වන කොට ලියනවා ලිපියක් " අධ්‍යාපනයේ නිදහස හා සයිටම් පටලැවිල්ල " නමින්. අද පල වෙන්නේ ඒකේ අටවැනි (8) කොටස. එකම දේ නැවත නැවත ලියමින් මේ මිනිහා පල කරන අදහස ගැන කතා කරන්නවත් දෙයක් නෑ. ඕනෑ නම් ඒ ගැන පස්සේ ලියන්න ඇහැකි.

පසුගිය කාලයේ රටේ ඇති වූ නොයෙක් ප්‍රශ්න ගැන වචනයක්වත් නොලියන වියන්ගොඩ සයිටම් ගැන එක දිගට සති අටක් ලියයි. පුදුම තීරු ලිපිකාරයෙක්. ජීවිත විශාල ගණනාවක් බිලිගත් මීතොටමුල්ල කුණුකන්ද, රටම ගිලගෙන ඇති ඩෙංගු වසංගතය, එච්1එන්1 වසංගතය, යහපාලකයින්ගේ වංචා දූෂණ, මානව හිමිකම් උල්ලංඝණ, මත්ද්‍රව්‍ය වසංගතය සහ කඩා වැටෙමින් ඇති ආර්ථිකය ගැන මේ උන්නැහේට වගේ වගක් වත් නැත. ඔහුට ඇති එකම ප්රශ්නය සයිටම් අර්බුදයයි. ඔහුගේ අරමුණ නෙවිල් ප්‍රනාන්දු නම් තුට්ටු දෙකේ ලුම්පන් ධනපතියාට අධ්‍යාපනය විකුණා මුදල් හම්බ කරගැනීමට අවශ්‍ය මාර්ගය පාදා දීමයි.

කලක් රටේ මහා සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටි මේ පුද්ගලයා අන් සියලු සමාජ ප්‍රශ්න අත් හැර දමා නෙවිල්ගේ වලිගයේ එල්ලී ඔහුගේ ගොම්පස් ගිල දමන්නේ මන්දැයි සිතා බැලිය යුතුය. ඉතාමත් පැහැදිලිව පෙනෙන සත්‍ය නම් වියන්ගොඩ උන්නැහේ නෙවිල් ප්‍රනාන්දු මුදලාලි සමග කුඩු කා ඇති බවයි. එනම් නෙවිල් ප්‍රනාන්දු මුදල් විසි කර වියන්ගොඩ මිලට ගෙන ඇති බවයි. ඔහු විකිණී ඇති මුදලේ ප්‍රමාණය අනුව වියන්ගොඩගේ සයිටම් ලිපිය පලවන සති ගණන තීරණය වනු ඇත.

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com20tag:blogger.com,1999:blog-6723654465570087388.post-10842269708398991152017-05-17T21:39:00.000+05:302017-05-17T21:39:12.660+05:30වෛද්‍ය හීංනිලමේ -මිනීමරු දොස්තර

රාගම වෙදකඩයට එරෙහි සටනේදී මරා දමන ලද වෙද සිසුන් පිරිසක්

ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය සේවයේ තුන්වැනි පංතියේ පරිපාලකයෙකු කලක් සේවය කර ඉන් ලද ආදායම් මදි වීම නිසා මුදල් සෙවීමට නොයෙක් ආකාරයේ කයිරාටික කම් කල පුද්ගලයෙකි මෙම හීංනිලමේ. පසුව 1975 සිට දඟලා 1980 දී වෛද්‍ය අධ්‍යාපනය විකිණීම සඳහා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ලේ කිරීමට සැලසුම් කල නමුත් ශිෂ්‍ය ප්‍රජාව ප්රමුඛ ලාංකීය ජනතාවගේ විරෝධය හමුවේ හික් මීයෙක් මෙන් පසුබැස ගියේය.

කෙසේ නමුත් මෙම පුද්ගලයා විස්න් කරන ලද මෙම පාදඩ ක්‍රියාවට එරෙහි වීම නිසා එවකට පැවති රජයේ සහයෝගය ඇතිව පුද්ගලික වෙද විදුහලට එරෙහි වූ වෙද සිසුන් ඇතුලු සිය ගනනක් සරසවි සිසුන් මරා දැමුණේය. වෙද සිසුන් වූ එච්.එම්. පොඩිබණ්ඩා, විමල් කුලතුංග, පාලිත සෙනෙවිරත්න, ජයශ්‍රී ජයසේකර, සිසිර කුමාර, නිශාන්ත තෙන්නකෝන්, උපාලි ජයසේකර, ඒ.එස්.එල්. අතපත්තු, උපුල් ඒකනායක, නීල් හේමන්ත ලියනගේ, සනත් ද සිල්වා, එම්.ඩී. ධර්මපාල, සුනිල් කුමාර, ප්‍රභාත් ආරියචන්ද්‍ර, රිෆ්ති සකාබ්, පූලස්ති ජයසේකර, සුනන්ද ජයවර්ධන, , . වෙනුර එදිරිසිංහ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, සිසිර ජයවර්ධන, පද්මසිරි ත්රීමාවිතාරණ, සුගත් අශෝක, නිශාන්ත එදිරිවික්රම, වසන්ත කුලතුංග, ලීල් සමරනායක , විපුල ඒකනායක ඇතුළු විශාල පිරිසක් ඝාතනයට ලක් විය.

හීංනිලමේගේ මජර සිහිනය වූ පෞද්ගලික වෙද වීදුහලට එරෙහි සටනේදී මිය ගිය එම සිසුන් සියලු දෙනාගේ රුධිරය හීංනිලමේගේ දෑතේ තැවරී ඇත.

එසේ තිබියදීත් , මෙම කාලකණ්නි පුද්ගලයාට ආවඩන සමහර කොන්දොස්තරලා ලංකාවට ලැබෙන්නට තිබූ අවස්ථාව ඊනියා රාගම වෙද කඩය වැසීම නිසා නේපාලයට හා බංග්ලා දේශයට ලැබී ඇතැයි උඩු බුරලයි. වොඋනට කිව යුත්තේ බල්ලන් කොතරම් බිරුවත් නෙවිල් ප්‍රනාන්දුගේ කලු කඩය වසන තෙක් සයිටම් විරෝධී සටන ද ඉදිරියට යන බවයි. මක් නිසා ද යත් කොන්දොස්තරලා බිරුවාට කඳු පාත් නොවන නිසාය.කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com33tag:blogger.com,1999:blog-6723654465570087388.post-19157555292069082952017-05-15T21:42:00.001+05:302017-05-15T21:42:23.268+05:30සයිටමයට සිසුන් බඳවා ගැනීම නවතයි

සියලු ප්‍රශ්න විසඳන තෙක් මතබේදයට තුඩු දී ඇති සයිටම් ආයතනයට නැවත සිසුන් බඳවා ගැනීම නවතන බව ආණ්ඩුව ගරු ගම්බීරාකාරව ශ්‍රී ලංකාවාසි ජනතාවට දැනුම් දී ඇත.

මාරය. මරේ මරුය. ඔන්න අපේ ආණ්ඩුව ... ආයි දෙකක් නැත. නෙවිල් ප්‍රනාන්දුගේ සල්ලි වලට නැවුනේ නැත. කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගෙන ඇත. දැන් අන්තරේ මල්ලිලාටත් , අයියලාටත් වෙන්නේ මොනවා ද කෑ රිලවුන් වගේ ඉන්නටය. ෂෝක්ය.

හැබයි නවක සිසුන් බඳවා නොගන්නට ගත් තීරණයට හේතු වුනු ඇත්තම කාරණාවත් කිව්වා නම් සුපිරිය.

එනම්.... කිරිඇල්ලලා, රාජිතලා, රත්නප්‍රියලා, වියන්ගොඩලා, අජිත් පැරකුම්ලා කොච්චර කයිය ගැහුවත් ...

සයිටමයට අලුතෙන් ඇතුල් වීමට සිසුන් අයදුම් නොකිරීමය. ඉතින් ඔයි ළමයි ඔය මගුලට ඇතුල් වෙන්න ඉල්ලන්නේ නැත්නම්, බලෙන් දාන්නය? බඳවා ගැනීම නවත්තනවා කියනවා මිස.කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com5tag:blogger.com,1999:blog-6723654465570087388.post-88732443340649326622017-05-03T20:28:00.002+05:302017-05-03T20:28:49.243+05:30මැයි දිනය හා වෙනත් ප්‍රශ්න

මෙවර මැයි දිනයෙන් පසු බ්ලොග් වල ෆේස් බුකියේ හා වෙනත් සමාජ මාධ්‍යවල පලව තිබූ නානාප්‍රකාර පෝස්ටු දැකීමෙන් මගේ හිතේ පහල වූ ප්රශ්නාවලියයි.

1. මෙවර මැයි දිනයේ වැඩිම සෙනගක් ගෙනාවේ කුමන පක්ෂයද?

2. මැයි දින සැමරුමක් සාර්ථක වීමට නම් කොපමණ සෙනගක් ගෙන ආයුතුද?

3. ඉතාමත් සංවරව මැයි දින සැමරුම කලේ කවුද?

4.. වර්ග මීටරයක ඉඩ ප්‍රමාණයක් මිනිසුන් කී දෙනෙකුන්ට සිටිය හැකිද?

5.. මැයි දිනය දා අරක්කු බීම හොඳද?

6. මෙවර මැයි දිනයේ අරක්කු බීමේ තරඟයෙන් දිනුවේ කවුද?

7. මැයි දිනයෙන් පසු හොඳින්ම පිට්ටනිය ශුද්ධ කලේ කවුද?

8.පොලිස්පති තුමන්ලා මැයි දින රැලි නරඹන්නේ මැයි දිනයක් හොඳට කරන හැටි ඉගෙනගන්නද?

9.මැයි දිනය සංක්‍රාන්ති ලිංගිකයන්ට හොඳ නැත්ද?

10. මැයි දිනය යනු ඇත්තටම කුමක්ද?

කඩ ඉම් ප්රශ්නය- ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු ආසනය ලාංකීය විප්ලවයට බලපාන්නේ කෙසේද?කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com3tag:blogger.com,1999:blog-6723654465570087388.post-44093335427300120212017-04-22T21:18:00.003+05:302017-04-22T21:18:59.259+05:30දැන් උඹලා මොනවද කියන්නේ.

කුණු කන්ද ලඟ අනවසර ගෙවල් අටවාගත්තේ යැයි මිනිසුන්ට චෝදනා කරන දේශපාලුවන්ට හා උන්ගේ සට්ටැඹියන්ට මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න මහතා ගෙන් පිළිතුරු

'"මේ කුණු කන්දට යටවෙලා තියෙන්නේ පොතුවිල කුඹුර. මීතොටමුල්ල පොතුවිල කුඹුරට මායිම් වෙලා තමයි මගේ බිරියගේ ගෙදර තිබුණේ. එයාගේ තාත්තා රැකියාවට කළේ කිරි හරක් පට්ටියක් ඇති කරපු එක.

පොතුවිල කුඹුරින් එපිට තියන තෙත් බිමේ වැවෙන තණකොළ කපාගෙන ඇවිත් තමයි හරක් පට්ටිය නඩත්තු කළේ. ඒ ඉඩම් එයාලගේ පාරම්පරික ඉඩම්.

මම පොතුවිල කුඹුරට මායිම් වෙච්චි පර්චස් 13ක ඉඩම් කෑල්ලක් 1980දී සින්නක්කර ඔප්පු පිට ගත්තා. මං ගේ හදා ගත්තේ ඒ ඉඩමේ. අපි ගෙවල් හදාගත්තේ කුණු කන්දක් ගාව නෙවෙයි මහත්තයෝ. පිරිසිදු වතුර තිබුණු ලස්සන වෙල්යායක් අද්දර.

පොතුවිල කුඹුරට මුලින්ම කුණු දාන්න ගත්තේ වීරසිංහ මල්ලිමාරච්චිගේ කාලේ. කොළොන්නාව නගර සභාවේ කුණු ටික තමයි මෙතෙන්ට ගෙනත් දාන්න ගත්තේ. ඔය අතරේ 2006 වෙනකොට බ්ලූමෙන්ඩල් කුණු කන්ද කඩාගෙන වැටුණා. මේ නිසා කොළඹ කුණු දැමීම ගැන ගැටලුවක් ආවා. ඒ කාලේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා. ඔහු 216/2009 කියන නඩුව පදනම් කරගෙන නියෝගයක් දුන්නා මෙතැන අක්කර 2ක් වෙන් කරගෙන තාවකාලිකව කොළඹ කුණු දාන්න. මේ කුණු ඉක්මනින් වෙන තැනකට අරගෙන යා යුතු බවටත් කවුරු හරි විරෝධතාවක් ඇති කළොත් ඒ විරෝධතා දැක්වූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් ඒ නියෝගයේ සඳහන් වුණා. ඒත් අක්කර දෙකේ අධිකරණ නියෝගය කඩ වුණා. අක්කර විස්සක් දක්වා කුණු දැම්මා. දවසකට කසල ටොන් හතරක් විතර මීතොටමුල්ලට එන්න ගත්තා. ඔය අතරේ 2011 කුණු කන්ද සීමාව අයිනේ තිබුණු ගෙවල් 180ක් විතර කුණු කන්දේ බරට උඩ ගියා. ඒ ඛේදවාචකයත් එක්ක අපි මීතොටමුල්ල කුණු කන්ද විරෝධී සංවිධානය බිහි කරගත්තා.
අපි මුල්ම උද්ඝෝෂණයක් කළේ වර්ෂ 2012දි. සමහර අවුරුදුවල උද්ඝෝෂණ දෙකක් කළා. මේ ව්‍යසනයට එරෙහිව අපි උද්ඝෝෂණ 15ක් ජාතික අවධානය ගන්න මට්ටමට අරගෙන ගියා. වර්ෂ 2013දී අපි සංවිධානයක් වශයෙන් එකතු වෙලා දවස් හතරක් මෙතෙන්ට කුණු දාන එක නතර කරමින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා. පොලිසිය 98 වගන්තිය මහජනතාවට පීඩා කිරීමේ චෝදනාව මත අපට විරුද්ධව නඩු දැම්මා. නුවන් බෝපගේ, හේමපාල, කවිධජ හාමුදුරුවෝ සහ මට නඩු දැම්මා. අපි අධිකරණයේදී නඩුකාර හාමුදුරුවන්ට කිව්වා මේ කුණු කන්ද කඩාගෙන වැටිලා ජීවිත වැළලිලා යයි ඒකයි අපි මේ ගැන කතා කරන්නෙ කියලා.....................................................

අපි අරගල කළේ මෙහෙම රටක. මෙහෙම මිනිස්සුන්ගෙන් තමයි අපි ජීවත් වෙන්න අයිතිය ඉල්ලුවේ. අපි කළ අරගලයේ මානුෂික ඇත්ත මුන් එකෙකුටවත් දැනුණේ නෑ. අන්තිමට මේ කුණු කන්දට වැළලිලා මගේ නෝනයි, දුවයි, මිනිබිරියයි, බෑනයි මැරිලා ගියා. දුවගේ මිනිය මේ කතාකරන මොහොතෙත් ලැබිලා නෑ. මං මේ රටේ උන්ගෙන් අහන්නේ මෙච්චරයි. දැන් උඹලා අපිට මොනවද කියන්නේ"

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා -- මව්බිම පුවත්පත

රටේ කසළ ප්රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත් වුණේ පරිසර සංවිධාන හා ආණ්ඩුවට එරෙහි දේශපාලන බලවේගවල උසි ගැන්වීම් නිසා නිසා යැයි මේ අතර තම නැණ පමණ විදහා ලන ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කරයි.

කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com3