Monday, January 5, 2015

මහින්දට චන්දය දෙන්න මට පිස්සුද ඕයි? (මා මහින්දට චන්දය නොදෙන්නේ ඇයි?-2)


මහින්ද රාජපක්ෂ තම ජනාධිපතිවරණ  ව්‍යාපාරය මෙහෙයවන අතිශය දූෂිත  හා නින්දිත ආකාරයම ඔහුට චන්දය නොදී සිටීමට ප්‍රමාණවත් යැයි මම මීට පෙර ලිපියේදී කීවෙමි. 

එසේ නම් ඔහු මේ මැතිවරණ ව්‍යාපාරය ඉතා  ධාර්මික හා යහපත් ලෙස කළේ නම් අපි ඔහුට චන්දය දිය යුතුද?

ඔහුගේ අනුගාමිකයන් කියන්නේ අප ඔහුට චන්දය දිය යුත්තේ සියලු ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවා යුද්ධය දිනා , රට සංවර්ධන කරන නායකයෙක් නිසාලු. 

ඔවුන්ම කියන පරිදි යුද්ධය දැන් අවසන්ය. එසේ නම් තවත් යුද්ධය ගැන කතා කුමකටද? යුද්ධ කළ නායකයෙක්  නැවත පත් කර ගන්නේ කුමකටද? රටේ දකුණේ  ජනතාව සමග ( උතුරේ ජනතාව සමග කලා මෙන් ) යුද්ධ කිරීමටද? 

ඔව්, එයනම් රාජපක්ෂ ලා කදිමට කර ගෙන ආවේය. ක‍ටුනායකදී අරගල කළ කම්කරුවන්ට වෙඩි තබා මරා දැම්මේ මේ මහා ජනතා පුත්‍රයාය. රතුපස්වලදී ජලය ඉල්ලු ජනතාවට වෙඩි තමා මරා දැම්මේත්   ඒ මහා සංවේදී නායකයාමය. ඉන්ධන සහනාධාරයක් ඉල්ලා හඬ නැගූ ධීවරයින්ට වෙඩි තැබුවේත් ඔහුම නොවේද?  සාමකාමි දේශපාලනයක නිරත වී සිටි ලලිත් හා කුගන් යන තරුණ වාමාංශිකයන් දෙදෙනා අතුරුදහන් කලේද ඒ ජනමූල නායකයාමය. එපමණ්ක් නොව ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග ,...මේ ලැයිස්තුව තව දිගය. ඔව් ඔහුට නම්  යුද්ධය තවම නතර වී නොමැත. අපි ඔහුට චන්දය දිය යුත්තේ මේ යුද්ධය තව දුරටත් කරගෙන යාමටද? 

නැත මහත්වරුනි මම නම් මහින්දට චන්දය නොදෙමි. ඔබෙනුත් නොදෙන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

එසේත් නැතිනම් අප ඔහුට චන්දය දිය යුත්තේ ඔහුගේ ගෝල බාලයින් කියන පරිදි යුද්ධය දිනා දීම නිසා කළ ගුණ දැක්වීමටද?

මෙයනම් අතිශය පසුගාමි වැඩවසම් යුගයට අයත් දේශපාලන තර්කයකි. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් තුල අප මහජන නියෝජිතයන් පත් කරගන්නේ ජනතාවට සේවය කිරීමට මිස දේශපාලකයින්ට ඊනියා කළගුණ දැක්වීමට නොවේ. 

කළගුණ දැක්වීමටම අවශ්‍ය නම් ඔහුට උපහාර උත්සවයක් පැවත්වීම හෝ සමරු තිළිණයක් දීම හෝ වෙනත් එවැනි දෙයක් කළාට අපට කම් නැත. එහෙත් කළ ගුණ සැලකීමට මුලු මහත් රටක්, මෙවන් ඒකාධිපතියෙකුට භාර දීම. එයනම් ශිෂ්ඨසම්පන්න ලෝකයකට සිතාගත නොහැකි තරම් පසුගාමි වැඩකි.

අනිත් අතට කළගුණ සැලකිය හැකි එකම ක්‍රමය මෙය නම් දැනටත් මේ රටේ ජනතාව ඔහුට ඇතිවන්නට කළ ගුණ සලකා තිබේ.  බහුතරයක් ජනතාව කුසගින්නේ සිටිද්දි, රටේ දරුවන්ගෙන් බහුතරය මන්දපෝෂණයෙන් පෙලෙද්දී රාජපක්ෂ පවුල මහජන මුදල් මහා පරිමාණයෙන් තම සුඛ විහරණයට යොදා ගනිමින් සිටිති. ජනධිපතිවරයාගේ දිනක වියදම රුපියල් කෝටි දෙකකට අධිකය. 
හුගේ පුතුන්ද තම අධි විනාශකාරි දිවි පෙවෙත උදෙසා මහජන මුදල් පමණක් නොව තම පියාගේ බලපරාක්‍රමයද රිසි සේ භාවිතා කරති. නගර වසා මෝටර් රථ රේස් පවත්වන්නේ ඊට එරෙහිව එන විරෝධය තුට්‍ටුවකට නොගෙනය. ඔව්හු කෝටි ගණන් වටින අශ්වයින් , මෝටර් රථ හා හෙලිකොප්ටර් වල හිමිකරුවන් බව කියවේ. 

ඉන්ධන සහනාධාරයක් ඉල්ලා හඬන ධීවරයින්ට වෙඩි තබන ආඩම්බරකාර තාත්තාගේ පුතුන් අග නගරය වසා  නයිට් රේස් පවත්වති. ඔහුගේ බාල  පුතා අභ්‍යවකාශගාමියෙක්  වෙන්නෙමියි  වහසි බස් දොඩද්දී ඔහු තම අයිතිවාසිකම් ඉල්ලන සිසුන්ගේ හතර හන්දි කැඩෙන ලෙස පොලිසිය ලවා පහර දෙවයි.

අප මහින්ද රාජපක්ෂ නැවත පත් කළ යුත්තේ මේවා සියල්ල මෙලෙස තව දුරටත් කරගෙන යාමටද? මේ අශීලාචාර පවුල් පාලනයට අසීමිත කාලයකට මේ රට භාර දිය යුත්තේ අපේ දරුවන්ට මන්දපෝෂණය හා වෙඩි උණ්ඩ හිමි කර දීමටද?

නැවතත් මම කියමි. මගේ චන්දය මහින්ද රාජපක්ෂ පාලනය නිම කිරීමටය. ඔබටත් එසේ කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

10 comments:

  1. ඉල්ලන්න දෙයක් නැහැ,දෙන්නේ නැහැ ආයෙමත් එයට රට විගඩමක් කරන්න.

    ReplyDelete
  2. දෙන්න තමා ඉන්නේ එයාට , ආපු දෙන්කෝ ඉල්ලගෙන

    ReplyDelete
  3. මහින්දට චන්දය නොදිය යුත්තේ , ඔහු මෙම මැතිවරණය ප්‍රකාශ කලේ පහසුවෙන් ජයගැනීමට හැකි වේවි යන බලාපොරොත්තුවෙනි , නැතිනම් ඔහු චන්දයක් මේ ලෙස ප්‍රකාශ කරන්නේ නැත , එම නිසා මෙවර ඔහුට මුහුණ දෙන්නට සිදුවූ ජනතාවගේ හා විපක්ෂයේ බලය නිසා නැවත වරක් ඔහු බලයට පත් වුනොත් ලංකාවේ මැතිවරණ පවත් වන්නේ නැත , ව්‍යවස්ථාව සංසෝදනය කර රටේ ජනාදිපති ( රජු ) වන්නේ දැනට සිටින රජුගේ පුතා , දුව , බිරිඳ වගේ ( බ්‍රිතාන්‍යයේ රජකම පැවරෙන ආකාරයට ) නීති සකසා ගැනීමයි .
    ඉන්පසු රජු සහ හමුදාව විසින් රට පාලනය කරනු ලැබීම සිදුවේ . රජුට තම ජාතිය සැක නිසා කරුණා , පිල්ලෙයාන්, KP , දෙමල ඩයස් පෝරාව ආදිය සහබාගි කරගෙන සිංහල නොවන ඇති බිහිසුණු මිනීමරු හමුදාවක් පිහිටුවා ගනීවි .sf

    ReplyDelete
  4. Well said. Good analysis.
    Never again for Mahinda.

    ReplyDelete
  5. We shall always vote for President Rajapakse.... :)

    ReplyDelete
  6. රාජපක්ෂට චන්ද දීය හැක්කේ වනචාරින්ට හා මන්ද බුද්ධිකයන්ට පමණි

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++ Well said. If you are not deff and blind you can easily see what is happening. Please listen to your brain not to the hart. We are infront of a big disaster if MR wins again....

      Delete
  7. looks like a leaflet of the opposition

    ReplyDelete