Friday, December 14, 2012

සිංහ කොඩි , පැන්ඩා කොඩි හා චීන්නු (කොන්ඩේ බැඳපු )

 

සිංහ කොඩියේ පැන්ඩෙක් ඇන්දා කියලා ජපනෙක් පොලිස් අත් අඩංගුවට අර ගෙන කියලා නිව්ස් අයිටක් එකක් තිබුනේය.

මේක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්ය.  ඌ ලංකාවට ගොඩ බැහැලා බලපුවම දකින්න ලැබුන දේ නිසා සිංහ කොඩියට පැන්ඩෙක් දැම්ම එක ගැන ඌට දොස් කියන්න බැරිය.

මම කියන්නේ  මේ වැඩේට වග කියන්න ඕනෑ මිනිහා පැත්තක ඉන්දැත්දී අහිංසක ජපනෙක්  අල්ලා ගෙන කියලාය.

මෙව්ව මෙහෙම සිද්ද වීම ජාතියන්තරව අපිට හොඳ නැත. අපිට ඉන්න හොඳම යාලුවත් තරහ වෙන වැඩක්ය.
ඒක නිසා අපේ පොලෝසියට ආර්ථික විද්‍යාව ත් ජාතියන්තර සබඳතා ගැනත් උගන්වන්ට ඕනෑය. ජපනා  සිංහ කොඩියේ පැන්ඩලා අඳින්නේ ඇයි කියලා එතකොට තේරුම් ගනියිය.


1. සටහන- මම පැන්ඩෙක් ඇන්දේ සිංහ කොඩියක නොවේය, පැන්ඩා කොඩියක කියලා ඔය ජපනා කිවා නම් එහෙම පොලෝසියට කට උත්තර නැති වෙනවාය.

2. සටහන- සිංහ කොඩියට කරපු  මේ හදිය ගැන අපේ දේශප්‍රේමි කට්ටිය සද්ද නැත්තේ මොකද කියලා බැලුවා නම් හොඳය.

3. සටහන- පැන්ඩා වෙනුවට චීන මකරා දැම්මොත් කොහොමට හිටීවිද කියලා මට හිතුනෙමි.


7 comments:

  1. කාලය 3010, 1715 h
    ස්ථානය ශ්‍රී ලංකාව කාල තරන තොටුපල තුලදී,
    ප්‍රධාන කලතරන පාලක තැන (සුනිල් ලියැන් ෂුන් රාජපක්ෂ),

    啊啊所得额方法 啊飒飒文物单位 全球网扼腕 副。。。。。@##@#¥¥。。。。???,第三十 顶顶顶副。

    සිංහල පරිවර්ථනය
    අය්යෝ සිරිසේන...... එක්ව අල්ලලා කුඩුවේ දාලද,......මොන මගුලක්ද යකුනේ කරන්නේ දිනෙයි වෙලාවයි දුන්නම හරියට එතෙන්ට යවන්න තොපිලට තාම බැරිද මොන හු ....@##@#$$......????, දැන් ගිහින් එක්ව අරන් වරෙව්.
    (ලංකාවේ අමුතු ආලෝක ඇති වුයේ මින් පසුවය)

    ReplyDelete
  2. මූ පැන්ඩා කොඩියක අපේ සිංහයා ඇර අනික් ටික ඇඳලා තියෙන්නේ. ඒක වැරද්දක් නෙමෙයිනේ....?

    ReplyDelete
    Replies
    1. අපේ සිංහයා?????? සිංහයා ගෙදර ආවද නැත්නම් ......!!!!!

      Delete
  3. ගෝත්‍රික සමාජයක් කරා වේගවත් ගමනක යෙදෙන අපට මේවා පුදුම දේවල් වෙන්න බැහැ.

    ReplyDelete
  4. අපහාසයක් වෙන්නේ එය බාර ගත්තොත් පමණි.

    ReplyDelete
  5. යක්ජෝ මේ කාලේ වෙනදේවල් වල හැටියට සිංහල ජාතිය නිවට වෙලා තියෙන හැටියට මමනම් හිතන්නේ පැන්ඩත් හොඳ වැඩියි කියලා සිංහයා ඉන්න ඕනේ කොඩියේ විතරයි. සිංහල එඩිතර කම් අමතක කරලා නිවට වෙලා ඉන්න ජාතියකට පැන්ඩා ඇන්ද එකට ජපනාට පින් දෙන්න ඕනේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  6. ආන්ඩුව චීනෙට කඩේ යන විදියට, ඉස්සරහටමෙහෙම වෙන්නත් පුලුවන්.

    ReplyDelete