Wednesday, November 22, 2017

සත්හඬ




කුනු හෝදන්න මහතැන්වල අපෙ රටේ
සත්හඬ තමුන්නහැගේ හොඳ වෙල්ලාව
බියර් විකුනලා ආන්ඩුව රකින කොට
විප්ලවවාදියෙක්ලු දීප්ති කුමාර
(fb)

Monday, November 20, 2017

Are We Free to Talk




Ajith: Arjun you free to talk?

Aloysius: I was about to call you. Any news?

 
Ajith: Difficult to tackle these guys. Only UNPers at COPE are with us.


Aloysius: Doesn’t look good. You have to help me out here. PM and HE both promised nothing would happen.

 
Ajith: HE is the problem. Bugger seems to be working against PM and UNP


Aloysius: Machan you have to do something. Didn’t see this coming. Ask PM to intervene. Use Viber next time when you talk. Inform others too.


Ajith: Ok Arjun let’s try that. Talk later.




අජිත්: අර්ජුන්, ඔබට කතා කරන්න පුලුවන් ද?

ඇලෝසියස්: මම ඔබට කතා කරන්න හැදුවේ . ආරංචි මොනවා ද?


අජිත්: මුං එක්ක ලේසි නෑ වැඩේ . කෝප් එකේදී අපි එක්ක ඉන්නේ යූ ඇන් පි කාරයෝ විතරයි.


ඇලෝසියස්:  එන පොට  හොඳ නෑ.  මාව මේකෙන් බේරා ගන්න. PM සහ HE දෙන්නම පොරොන්දු වුණා කිසි දෙයක් වෙන්න දෙන්නේ නෑ කියලා.


අජිත්: HE තමයි ප්‍රශ්නය. මේ  මිනිහා PM ටයි  UNP යටයි විරුද්ධව වැඩ කරන්නේ.


ඇලෝසියස්: මචන් ඔබට යමක් කරන්න වෙනවා. මේ දේවල්  කලින් හිතුවේ නෑ. ඵ්ඹ් ගෙන්මැදිහත් වෙන්න කියල ඉල්ලන්න. ඔබ කතා කරනකොට ,ඊළඟ වතාවේදී වයිබර් පාවිච්චි කරන්න. අනිත් අයටත් කියන්න.


අජිත්: හරි අර්ජුන් අපි උත්සාහ කරමු. පස්සේ  කතා කරන්න.

Wednesday, November 15, 2017

නටත් දනෝ සුරා මතින්



අනේ සුසානෝ මම කොළඹ ගිහින්
බොන්ට හදන කොට මයිලො පැකට් එකක්
අයියෝ එපා බොන්නට ඔය වස මල්ල
කීවා අපේ මහ රජානෝ

මොකද කොරන්නේ කියලා පිපාසෙට
වටපිට බලන කොට  දුන්නා බියර් එකක්
හිත හොඳ මුනියා මංගල ගරු ඇමතිතුමා
වෙරි වී ඉන්ට මරු උන්ගේ යහපාලන පොජ්ජ

Sunday, November 12, 2017

දිනු මේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද

 
 
ඉපිද මැරෙන මිනිසුන් අතර අපමණ
සබඳ ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණ
තවද බොහෝ කල් වෙසෙතැයි සිතූ දින
කිමද සොයුර සමු ගත්තේ උදෑසන

වපුළ වපුළ බිජුවට ගිනිලන අයුරූ
උතුර උතුර ගැලු ගඟ වියලුන අයුරූ
හබල බිඳුන ඔරුවක තනිවුන සොයුරූ
නිසල සිතින් විඳ ගති ඉදිරියේ මරූ

වරා නොයෙක සම්පත් පුද ඇමැතිවර
දරා අනෙක අවමන් මිහිතලේ බර
ඉරා අඳුර හෙළිකළ මගකි පැහැබර
මරා දැමුණ මුත් නුදුටිමු මළ සිරුර

කඳුලෙන් ඉපිද රුහිරෙන් දිවිමග නිබඳ
ගෙවමින් කටුක දුක් ගිනි වැළැඳුව සබඳ
ගින්නෙන් ඔබේ රුව උන් මැකුවා වුවද
දිනු මේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද
 
විමුක්ති ගී 
 

Monday, November 6, 2017

මාර විසඳුම්




දැන් යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපනය පිළිබඳව තීරණ ගන්නා බලදාරියා ප්‍රවෘත්ති අධ්‍යක්ෂකය. යහපාලනේ හැටි එහෙමය. වගකිව යුත්තන් හැංගී මොකෙක් හෝ වගකීමක් නැති  කුක්කෙක් ඉදිරියට තල්ලු කරයි.හැටි එහෙමය.

දැන් මේ ප්‍රවෘත්ති අද්දි-යක්ෂ තුමා සයිටම් අර්බුධයට දී ඇති විසඳුම මුලින්ම  පිලිගන්නේ බඩජාරිනෙවිල් මුදලාලිය. එපමණක් නොව ඒ විසඳුම පිලිගන්නැයි කියා අනික් අයටත් කියන්නේය. සයිටම් ශිෂ්‍යනුත්  ඒ විසඳුමට කැමතිය. මුල ඉඳලා සයිටමට කඩේ ගිය රාගම නිලන්ති  ඇතුලු පීඨාධිපති තුන් කට්‍ටුවකුත් මනාපය.  ඊ ලඟ සැරේටත්  තනතුරට පැන ගන්න බලං ඉන්න උපකුලපති නඩේත් සැට් වෙලාය.

මේ විසඳුමට මනාප සැට් එක දිහා බැලුවාම දීලා තියෙන්නේ මොන ජාතියේ විසඳුමක් ද කියලා පේනවාය. ප්‍රවෘත්ති අද්දි-යක්ෂගේ නිවේදනය අමුතුවෙන් කියන්වන්ට දෙයක් නැත.


මේ යහපාලන නරි නඩයේ නාඩගම් වලට විරුද්දව නිදහස් අධ්‍යාපනය ‍රැක ගැනීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන් අද තම ජීවිතය පරදුවට තබා ඉදිරිපත්ව සිටිති. මේ  තීරණාත්මක මොහොතේ මුලු ජාතියේම සහය ඔවුන්ට ලබා දිය යුතුය. ඔවුන් පසු පස පෙල ගැසිය යුතුය.  මේ විරුවන්ගේ රුධිරය උරා බීමට පෙලගැසී සිටින හපා‍ටුවන්, පිස්සු බල්ලන් පලවා හැරිය යුතුය. මේ විරුවන්ගේ රුධිරය උරා බීමට පෙලගැසී සිටින හපා‍ටුවන්, පිස්සු බල්ලන් පලවා හැරිය යුතුය. නිදහස් අධ්‍යාපනය සුරකින සටන ශක්තිමත් කල යුතුය.

                                සයිටම් අහෝසි කරනු

                             නිදහස් අධ්‍යාපනය සුරකිනු

සයිටම් අහෝසි කරනු!!!!


Sunday, November 5, 2017

ලැජ්ජා නැතිකම අජිත් පැරකුම්ටත් වඩා ලොකුය


රජයේ අවධානයට: වෛද්‍ය අධ්‍යාපනය විතරක් මුදලට විකුණනවාට විරුද්ධ ය කියමින් සඳුදා සිට මාරාන්තික උපවාස කරන බව කියා තර්ජනය කරන කුහකයන්ට ඒ සඳහා පොදු ස්ථාන නො දෙනු! පොදු ස්ථාන දෙනවා නම් බට දමා ආහාර ජලය දෙමින් අවුරුදු ගණනක් උපවාසය කරගෙන යාමට සලස්වනු! කඩාකප්පල්කාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු!

-අජිත් පැරකුම් ගේ ෆේස් බුකියෙනි