Thursday, February 28, 2013

සතුරන් සෙවීම



අප වි‍රැකියාවෙන් හා කුසගින්නෙන් පීඩාවට පත්ව හඬමින් සිටින විට ඔවුන් අපට කිව්වේ " පොඩ්ඩක් ඉවසන්න, මේ සියල්ලටම මුල ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියා හා ඔහුගේ ත්‍රස්තවාදය බවත්ය. එම ත්‍රස්තවාද අතුගා දමන තෙක් පටි තද කරගෙන සිටින්නට යැයි  ඔව්හු  අපට කීහ.

අපද කිසි පැකිලීමකින් තොරව පටි තද කරගෙන කුසගින්න ඉවසගෙන,දෙමල ජනයා පාගා දමනතෙක් සිටියේ අපේ ප්‍රශ්න එයින් කෙලවර වේ යැයි සිතාය.

එහෙත් එයින් අපේ කුසගින්න නිමුනේ නැත.

දැන් ඔවුන් අපිට කියමින් සිටින්නේ අපේ සියලු  ප්‍රශ්නවලට මුල මුස්ලිම් ජනයා හා ඔවුන්ගේ හලාල් සහතිකය බවයි.

ඉතින් අපි මුස්ලිම් ජනයාට විරුද්ධව අවි අමෝරාගෙන සිටින්නෙමු.හලාල් සහතිකය අහෝසි කලහොත් අපේ සියලු ප්‍රශ්න විස‍ඳෙනු ඇතැයි සිතීමට අපට උගන්වා ඇත.

පෙර පරිදිම ලේ ගංගා මතින් හෝ මුස්ලිමුන් සමග ගනුදෙනු බේරා ගත් පසු ඊ ලඟට අපේ අනිකා වන්නේ කවුරුන්ද?

ක්‍රිස්තියානින් , බර්ගරයන්, උඩරට  උන් , පහතරට උන්, ගොවිගමයන්, කරාවේ උන්,මහල්ලන්, තරුණයන්, සමලිංගිකයන් , ......................

අපේ සතුරා ලෙස  ඊ ලඟට කවුරුන් ‍තෝරා ගනිත්දැයි කවුරුන් දනිත්ද?

කවුරුන් ‍තෝරා ගත්තත් උන් හා සටන් වදින්නට අපේ දේශප්‍රේමි ජන කැල සූදානම්  බවට සැකයක් නැත.



Tuesday, February 26, 2013

ඉන්ධන මිල හලාල් වීම



22 දා  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට ජමියතුල් උලමා සංවිධානය තීරණය කර තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 6කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රපියල් 3කින්ද ඉහළ දමා තිබේ.
මෙම මිල වැඩි කිරීමට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170ක්ද, ඔක්‍ටේන් 90 පෙට්‍රල් ලීටරයක් නව මිල රුපියල් 162ද වනු ඇත.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක නව මිල 121ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපිල 145ක් වනු ඇත.

ජමියතුල් උලමා සංවිධානය කල මේ මිල වැඩි කිරීම තමන් දැඩි ලෙස හෙලා දකින බවත් ඊට එරෙහිව උද්ඝෝෂණය කරන බවත් බොදු බල සේනාව කියා සිටී.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරන ජාතික හෙල උරුමයේ ච. රණවක මහතා මෙම ඉන්ධන මිල වැඩි වීමට හේතුව හලාල් කරණය බවත් තමන් හලාල් කරණයට ඊට එරෙහිව අරගලයක් අරඹන බවත් කියා සිටී.

අනේ බේබි මේ බලන්නකෝ



හයේ හතේ  පංතිවල ඉන්න කාලේ අපේ පංතියේ චණ්ඩියා ගාමිණි. එයා පංතියේ ලමයි හැමෝම බය කර ගෙන හිටියේ. ගාමිණිට විරුද්ධව කටක් අරින්නත් බයයි. ගහනවා. පංතියේ හිටි තව හත් අට දෙනෙකුත් මිනිහට සෙට් වෙලා කේලම් කිය කියා හිටියා.

දවසක් මොකක්දෝ සිද්ධියකට කණාමැදිරියා ගාමිණි එක්ක පැටලුනා. කතාව ටිකක් තදින් ගිහින් ගාමිණි කණාමැදිරියාට පාරක් ගැහුවා.

කණාමැදිරියා අතක් දාලා ඒ පාර වලක්වා ගත්තා.

මේක දැකපු ගාමිණිගේ චක්ගෝලයෙක් කෑ ගහනවා

" අඩෝ මේන් බලාපල්ලා, මේකා ගාමිණි ගහන පාරවල් කවර් කරනවා , මූ පොරක් වෙන්න හදනවා " කියලා.

ඒ කියන්නේ අපිට ගාමිණි ගහන පාරක් කවර් කරන්නවත් නිදහසක් නෑ.

මට මේ කතාව ආයෙමත් මතක් වුනේ විප්ලවේ කොරන්ට ගිහින් සීගිරිත් යන්ට බැරි වුණු, හිටපු විප්ලවකාරයෙක් හා ලංකාවේ ඉන්න නොම්මර එකේ අධිරාජ්‍ය වාදි විරෝධීයා වන ඇමති විමල් වීරවංශගේ වෙබ් අඩවියේ දාල තිබුණු පහත ප්‍රවෘත්තිය දැකලා.


නාමල් රාජපක්‍ෂගේ සංවර්ධන යෝජනාත් PB කපා හරී



මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සංවර්ධන යෝජනා බොහෝ ප‍්‍රමාණයක් කපා හැර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්දයෙන් වූ ලිපි ගොනු පවා මුදල් අමාත්‍යංශයෙන් අතුරුදහන්ව ඇතැයිද දැනගන්නට ඇත.

මේ අතර පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සිදුකල සංචාරයේදී එහි  මන්ත‍්‍රීවරුන් පැමිණිලි කර ඇත්තේ අනුමත වී තිබු ව්‍යාපෘති පවා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් කපා හැර ඇති බවයි.

මේ ප්‍රවෘත්තියෙන් අපිට මොකක්ද කියන්නේ .

මේ හිටපු විප්ලවාදියා නාමල් බේබිට කියනවා " අනේ බේබි බලන්නකෝ මේ ජයසුන්දර කොච්චර නරක මිනිහෙක්ද කියලා , එයා ඔයාගේ යෝජනාත් කපල දාලානේ. හරිම නරකයි මෙයා. අපි මොනවා හරි කරමුකෝ බේබි මේ මිනිහාට. ඔයාගේ තාත්තිට කියලා මොනවා හරි කරන්නකෝ බේබි."

කාලයක් ලාංකීයේ විප්ලවේ පෙර ගමන් කාරයෙක් විදියට පෙන්වපු මිනිහෙක් ඔන්න අද වැටිලා ඉන්න තත්වේ.









Saturday, February 23, 2013

සුරංගනීට බල මාලු ගෙනාවා


සුරාංගනී, සුරාංගනී
සුරංගනීට බල  මාලු ගෙනාවා
ජපන්නු කන මාලු ,දේශප්‍රේමි මාලු
සුරංගනීට බල  මාලු ගෙනාවා


මාලු මාලු මාලු
මූ දැන් ගෙනාපු මාලු
මොලේ වැඩෙන මාලු ,දේශප්‍රේමි මාලු
සුරංගනීට බල  මාලු ගෙනාවා

කන්නකෝ බල මාලු
මොලේ වැඩෙයි යාලු
පරිස්සමෙන් ඉඳගන්නේ
මොලේ තැලෙයි  යාලු

ලැජ්ජ නැද්ද මේ බයිලා කියන්නේ, ලොක්ක අරහේ බලා ඉන්නවා
ඔයා දුමක් අදිනවා ඔයාගෙ ඇස් රතු වෙනවා, බලන් ඉන්න මටත් වදිනවා

Friday, February 22, 2013

ලොව සියලු ළමුන් වෙනුවෙන්


"පිය තුමනි, එහෙම නෙවෙයි. ආදරය ගැන මම හිතන්නේ වෙනත් විධියකටයි. කුඩා දරුවන් වද හිංසාවට ලක්  කරන, මරණ ක්‍රමයකට මම මැරෙන තුරාවට ආදරය කරන්නේ නැහැ"

ඉහත උද්ධෘතය ඇල්බෙයාර් කැමුගේ මහාමාරිය නව කතාවෙනි. මහාමාරිය වැළඳුනු දරුවෙකු මිය ගිය විට කෝපාවිෂ්ට වූ දොස්තර රියුක්ස්  එසේ පවසන්නේ එම මරණය දෙවියන්ගේ කැමත්ත නිසා එයට විරුද්ධ නොවිය යුතු යැයි කියන  පියතුමන්ටය.

මටද කීමට ඇත්තේ එයයි. මා ලියන්නේ ද ක්‍රියා කරන්නේද  ඒ වෙනුවෙනි.

එනම් මේ ලෝකය කුඩා දරුවන් මරා  නොදමන තැනක් බවට පත් කිරීම උදෙසාය.

 ලදරුවන් කුස ගින්නේ මිය නොයන තැනක් බවට පත් කිරීම උදෙසාය.

ඔවුන්ව දූෂණය නොකරන ලොවක් උදෙසාය.

තම බඩ වියත වෙනුවෙන් කුඩා දරුවන්ට වහල් සේවයේ යෙදෙන්නට නොවන ලොවක් උදෙසාය.

අඟ හිඟ කම් නිසා කුඩා උන් හොරකමට, ගණිකා වෘත්තියට තල්ලු නොකරන ලොවක් උදෙසාය.

කෙටියෙන් කිවහොත් ලෝකයේ සියලු කුඩා දරුවන් සඳහා වඩා යහපත් හෙටක් උදෙසාය.

එහෙත් එය එතරම් පහසු දෙයක් නොවන බව පසු ගිය දින දෙක පුරා අප අන්තර්ජාලයෙන් ඉගෙන ගත් පාඩමයි.





Wednesday, February 20, 2013

බොදු බල සේනාව තහනම් කරනු




ආණ්ඩුව විසින් වහාම බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතුය. 

මක් නිසාද යත් පසුගිය දා මහරගමදී එම සංවිධානය පැවැත් වූ  නාඩගමේදී ඔවුන් විසින්ම එලි දක් වන ලද මහරගම ප්‍රකාශනය නම් වූ ලියවිල්ලේ හය වැනි වගන්තියෙන් ඔවුන් විසින්ම එය ඉල්ලා ඇති නිසාය. 

එම වගන්තිය මෙසේය.

06) සාමය හා සංහිඳියාවට බාධා පමුණුවන ආගමික මූලධර්මවාදී සහ අන්තවාදී කණ්ඩායම්වල කියාකාරීත්වය පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒවා තහනම් කළ යුතු අතර නීතිය සැමට සමාන වියයුතුය යන මූලධර්මය උල්ලංඝනය කරමින් ආගමික හා ජනවාර්ගික පදනමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ක්‍රියාත්මක කරනා නීති අහෝසි කළ යුතු ය.

බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට ආණ්ඩුවට මීටත් වඩා අවශ්‍ය මොනවාද?

Tuesday, February 19, 2013

දේශප්‍රේමි අරගලයේ නව මං



මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී ජයසුන්දර  බටහිර අධිරාජ්‍යවාදින් සමග එක්ව ,ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාබාසිනියා කිරීමට උත්සාහ  කරන ආර්ථික ඝාතකයෙක් යැයිද ඔහු පලවා හැරිය යුතු යැයිද  අමාත්‍ය විමල් වීරවංශ මේ දිනවල දැඩි ප්‍රහාර  එල්ල කරමින් සිටී.

වීරවංශට පී.බී ජයසුන්දර සමග ප්‍රශනයක් ඇත්නම් එය විසඳා ගත යුත්තේ කැබිනට් මණ්ඩල ‍රැස්වීමේදීය.ජයසුන්දරගේ අමාත්‍යාංශය භාර ඇමතිවරයා හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වන මහින්ද රාජපක්ෂ සමගිනි. එසේ නොමැතිව තැන් තැන් වල වේදිකා ගානේ කෑ මොර දීමෙන් පලක් නැත.එසේ නම් මේ දිනවල තොරොම්බල් කිරීමට සුදුසු දේශප්‍රේමි මාතෘකාවක් නැති නිසා නටන නාඩගමක්ද?

විශේෂයෙන්ම ,තම ප්‍රබල අමාත්‍යාංශයෙන් පලවා හරිනු ලැබීමෙන් පසු චම්පික රණවක ඇමතිවරයා හලාල් විරෝධී සටන සියතට ගැනීමත් සමග ඔහුට දෙවැනි නොවීමට සිතූ වීරවංශ ඇමතිවරයා ජයසුන්දරට පහර දීමට පටන් ගත්තේද?

අපට ඒ ගැන සැකය.

රාජපක්ෂලාගේ අවසරයකින් තොරව බත් කෑමටවත් කට නො අරින සව්වෙකුගේ තත්වයට පත් ව සිටින වීරවංශ, රජයේ ප්‍රබලතම නිලධාරියෙකුට එරෙහිව මෙසේ පහර දෙනු ඇතැයි සිතිය නොහැක.අනික් අතට ඔහු තනිවම සිතා යමක් පැවසුවා නම් එය "ගී ද මෝපසාං ලියු මහල්ලා සහ මුහුද" හෝ " බලමාලු කා මොලේ වැඩුනු ජපන්නු" වැනි විකාර කථාවක්ය.

එම නිසා අපට සිතෙන්නේ ඇමතිවරයා පී.බී ජයසුන්දරට එරෙහිව එල්ල කරන ප්‍රහාරය රාජපක්ෂලාගේ පූර්ණ අනුග්‍රහය හා ආශිර්වාදය යටතේ සිදු වන්නක් බවයි.

එසේ නම් ඒ මන්ද?

 අධික බදු අය කරමින් ජනතාව පෙලන, ඔවුනට කිසි සහනයක් නොදෙන , තම සුඛවිහරණය හා බොරු පම්පෝරි වැඩ සඳහා ජාතික ධනය නාස්ති කරන රෙජිමයට එරෙහිව මතු වෙන විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා මේ නාඩගම විමල් ලවා නටවනවා විය හැක.

එහෙත් මේ දිනවල එම කාර්ය සඳහා හලාල් දේශප්‍රේම නාඩගම තිබෙන අතර , ජීනිවා දේශප්‍රේමී නාඩගමක් ලඟ ලඟ එමින් තිබේ,  එම නිසා පී.බී. ජයසුන්දරට එරෙහි නාඩගමේ අරමුණ ජනතා අවධානය දිනා ගැනීම විය නොහැක. එසේ නම් එය තව මාස හයකට පසු භාවිතා කල හැකිය.


එසේ නම් අපට සිතන්නට ඇත්තේ ආණ්ඩුවට ඇත්තටම පී.බී ජයසුන්දරව එලවීමට අවශ්‍ය බවයි.

නාස්තිය ,දූෂණය, බොරු සෝභන වියදම් හා අධික ණය බර නිසා රටේ ආර්ථිකය කඩා වැටෙමින් තිබේ. මෙසේ සිදු වන්නේ තම නොහැකියාව නිසා යැයි පිලිගන්නට පාලක රෙජිමය සූදානම් නැත. එය තමන්ගේ පුහු මානයට නොගැලපේ. ඒ නිසා ඒ වෙනුවෙන් සුදුසු බිල්ලක් අවශ්‍යය.

ඒ සඳහා සුදුසුම තේරීම  ජයසුන්දරය. ඔහු පසුගියදා යම් යම් කරුණු කීපයක් උඩ පාලකයින් සමග හිත නොරොක් කරගෙන සිටින බවත්, අකීකරු පුද්ගලයෙක් බවත් සමහර වෙබ් අඩවි වාර්තා කර තිබිනි

ඒ අනුව සරත් ෆොන්සේකා හා ශිරාණි බණ්ඩාරනායකට අත් වූ ඉරණමම පී.බී.ජයසුන්දරට අත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ජයසුන්දර ඉවත් කිරීමේ ක්‍රියාවලියට දේශප්‍රේමි නාඩගමක් බවට පත් කර ජනතාවට දේශප්‍රේමි චූන් එකක් දීමේ වගකීම එවැනි දේ සඳහා පලපුරුදු වීරවංශට හැර වෙන කාට පවරන්නද?








Sunday, February 17, 2013

පොදු රාජ්‍ය මණ්ඩල සමුලුව භංග වේවා


2013 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා රාජ්‍ය නායක සමුලුව කෙසේ හෝ ලංකාවේ පවත්වන්නට ආණ්ඩුව දඟලමින් සිටී. ඒ සඳහා ලැබෙන සහය වෙනුවෙන් සාම්පූර් බලාගාරය ගෙඩි පිටින් ඉන්දියාවට ලියා දෙන්නට සූදානමින් සිටින බව පසු ගිය දා කියැවිණි.

නමුත් දැනට තිබෙන තත්වය නම් ලංකාවේ  ආණ්ඩුවට ( ලංකාවට නොව ලංකාවේ ආණ්ඩුවට ) එතරම් සුභ දායක නොවන බව පෙනී යයි.

නායක සමුලුව ලංකාවේ පවත්වනවාම  යැයි පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් ෂර්මා කියූ බව ආණ්ඩුවට පක්ෂ මාධ්‍යවලින් ( එනම් ලංකාවේ සියලුම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය) කියූ දිනට පසුදාම ෂර්මා එසේ කියා නැතැයි මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කලේය.

ඊ ලඟට එලිසබෙත් ‍රැජින ආනිවාර්යෙන් සමුලුවට සහභාගි වනවා යැයි කියන විට නිකුත් වූ ෂර්මාගේ පුවත් නිවේදනයේ ඒ වගක්වත් සඳහන් කර නැත.

අධිරාජ්‍යවාදින්ගේ සමුලුවක් වෙනුවෙන් ලංකාවේ අධිරාජ්‍ය විරෝධී , දේශප්‍රේමි ආණ්ඩුව මෙතරම් පීචන් වෙන්නේ මක්කටදැයි අපට නම් තේරෙන්නේ නැත.

අනිත් අතට ආණ්ඩුව කොතරම් දැඟලුවත් ඊනියා සමුලුව මෙරටට නොලැබෙන බවට වෙන  ඉඟිද පසු ගිය සතියේ දක්නට ලැබිනි.

ආණ්ඩුවේ ප්‍රමුඛ උපදේශකයෙක් වෙන (අඩුම තරමින් එසේ සිතා සිටින ) ,කොළපාට සමාජය ලියූ සී.ඒ.චන්ද්‍රප්‍රේම දිවයිනට ලිපියක් ලියමින් කියා සිටියේ ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.මේ එක එක කෝලමුන් ලවා කියවන්නේ මිදි තිත්ත බවයි.

එපමණක් නොව 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවට නොලැබීම ඉතා හොඳ දෙයක් බවද ඔහු කියයි. එසේ නම් තුන් හාරසීයක සේනාවක් සමග නිවාර්ඩ් කබ් රාල් ශාන්ත කිට් දූපතට ගියේ නාමල් බේබි සමග කෝච්චි පැදීමට පමණක් විය යුතුය. 



 

Saturday, February 16, 2013

හැට්ටය අස්සෙන් බැලීම



මා කුඩා කල කියවූ කෙටි කතාවක නම වූයේ "ළදරු මහල්ලා"යනුවෙනි. එහි වූයේ ළදරුවෙකු මෙන් හැසීරීමට ප්‍රිය කරන මහල්ලෙකු පිලිබඳ කතාවකි.

පසු ගිය දිනෙක පුවත් පතක වූ වාර්තාවක් දු‍ටු මගේ සිතට නැගුනේ ළදරු මහල්ලන් පමණක් නොව ළදරු තරුණයන් ද සිටින බවයි.

එම වාර්තාවේ වූයේ මහනුවර නගරයේ අවන් හලක ආහර ගනිමින් සිටි වීදෙස් තරුණියකගේ පිටේ බුදු රුවක් පච්ච කොටා තිබෙනවා යැයි තරුණන් පිරිසක් පොලිසියට ඔත්තු දුන් බවකි. තරුණන් පමණක් නොව ශ්‍රී ලංකා පොලීසියද තම ළදරු බව පෙන්වමින් එම තරුණිය ගෙන ගොස් ඇයට රුපියල් දාහක දඩ ගසා තිබේ.

මෙහි ඇති විශේෂත්වය නම් මෙම බුදු රුව පෙනී ඇත්තේ එම තරුණිය ඇඳ සිටි ඇඳුම් අස්සෙන් වීමයි.

කාන්තාවක් ඇඳ සිටින ඇඳුම් අස්සෙන් බලා ඇතුලෙන් පෙනෙන පච්චය බුදු රුවක්ම බව තේරුම් ගැනීම  එසේ මෙසේ වැඩක් නොවේ.

පෙනෙන්නට තිබෙන්නේ  මෙම බෞද්ධාගමේ ආරක්ෂක තරුණ හමුදාව අවන්හලේ සිටි එම විදේශ තරුණියගේ ඇඳුමේ සිදුරු දෙස බලා ගෙන අනිමිස ලෝචන පූජාවක් පවත්වා ඇති බවයි.

තම අසල්වැසියා නිරුවතින් එහෙ මෙහේ ඇවිදිනවා යැයි පොලිසියට පැමිණිලි කළ කාන්තාව ගැන කතාවක්ද මෙහිදී මගේ සිහියට නැගෙන්නේය. පොලීසිය පැමිණ " කෝ කොහෙද මිනිහා හෙලුවෙන් ඇවිදින්නේ" යැයි ඇසූ විට ,කාමරයේ ඉතා ඉහල පිහිටි වා කවුලුවක් ලඟට මේසයක් ඇද, එය මත පු‍ටුවක් තබා , ඊ ට ගොඩ වී වා කව්ලුවෙන් බලන ලෙස පොලිස් නිලධාරින්ට ඇය පැවසූවාය.

විදේශ තරුණියකගේ හැට්ටය අස්සෙන් බලා ඇගේ පිටේ බුදු රුවක් තිබෙනවා යැයි කීමත් ඊට සමාන නොවන්නේද?

තමුසෙලා මොන මගුලකට ඔය ගෑණිගේ හැට්ටේ අස්සේ බැලුවා දැයි අහන්නට එකෙක්වත් නුවර පොලිසියේ සිට නැත. හිටියා නම් මෙවන් මෝඩ කතා අපට අහන්නට සිදු වන්නේ නැත.



Friday, February 15, 2013

සහයට ඩැනී



ශ්‍රී ලංකා  රක්ෂණ සංස්ථාවේ හිටපු සභාපති හා රජය සතු ලිට්‍රෝ ගෑස් සමාගමේ හා සිනෝලංකා හොටෙල් සමාගමේ සභාපති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිනි සෙනරත් මහතා මහජන බැංකුවේද නව සභාපති දූරයට පත් වීම ගැන අපේ හද පිරි සතුට මෙයින් පල කර සිටිමු.

අර විමල් වීරවංශ ඇමති තුමා කියන ආර්ථික ඝාතකයින් දා ගෙන කෑ ගහනවාට වඩා මේ වැඩේ ඉතා හොඳය.

ලංකා බැංකුව, විදුලි බල මණ්ඩලය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ලක් පොහොර සංස්ථාව, ඛණිජ වැලි සංස්ථාව යන ආයතන වලත් ඒ හැර තව ආයතන තිබේ නම් ඒවායෙත් සභාපති කම එතුමාම පත් කල යුතු යැයි අප යෝජනා කර සිටිමු.එවිට රටේ වියදමින් 80%  පාලනය කරන අයගේ සහයට ඩැනී මෙන් එතුමාට සිටිය හැක.
ඩැනී ලා සිටින්නේ ඒ වැඩේටය. එනම් ඒ ඒ වැඩ වලදී සහය වීමටය. සෙනරත් මැති තුමා ඒ වැඩේ ඉස්තරම් ලෙස කරන බවට හොඳම සහතිකය වන්නේ මේ නව තනතුරයි.



Thursday, February 14, 2013

රනිල්, සජිත්, රවි,අනුර , කුමාර්, සිරස හා ඊ නිව්ස්



රනිල් වික්‍රමසිංහ සමග මොකක්දෝ කෝන්තරයක් හදාගත් කිලී මහරාජා තම සිරස මාධ්‍ය ජාලය මගින් රනිල්ට දිගට හරහට පමණක් නොව උසට හා පලලටත් පහර දුන්නේ මාධ්‍ය කලාවේ සියලු සදාචාර ධර්මයන් අමු අමුවේ  කෙලසමින් රනිල්ගේ විරුද්ධවාදින්ට පවා පිලිකුල් සිතෙන පරිදිය.

එවිට රනිල්ගේ ආරක්ෂකයා වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ,මානව හිමිකම් ආදි එකී නොකී බොහෝ දේ වෙනුවෙන් පෙනී සිටින බව කියමින් , තම දිවි නොතකා ආණ්ඩුවේ ඒකාධිපතිවාදයට එරෙහිව සටන් වදින බව පෙන්වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියයි.

ඊ නිව්ස් අඩවිය රනිල් ආරක්ෂා කරමින් සජිත් ප්‍රේමදාසට පහර දීමටද එකල  අමතක නොකලේය.

අද එනම් 2013.02.13 දින ඊ නිව්ස් හි පලවූ ප්‍රවෘත්තිඅකින් එජාපයේ නියෝජ්‍ය නායක තනතුරු හතරක් ඇති කිරීම ගැන රනිල්ට දෙහි කපා තිබුනි.ඔවුන්ගේ මූලිකව කියා තිබුනේ සිරිකොතට ගල් ගැසූ සජිත්ට නියෝජ්‍ය නායක කමක් නොදී ඒ අවස්ථාවේ පක්ෂය  ආරක්ෂා කල රවී කරුණානායකට එම තනතුර දිය යුතු බවයි.

නමුත් මීට වසර කිහිපයකට පෙර ඊ නිව්ස් සිටියේ සජිත්ට පක්ෂපාති මතයකය.

එසේ නම් මේ වෙනස කුමක්ද?

පිලිතුර ඉතා සරලය.

ඊ නිව්ස් ගිනි තැබූ අවස්ථාවේ පෙරට අවුත් ආධාර කලේ රවී කරුණානයක වීම ඊට හේතුවයි.

මේ මාධ්‍ය හා මාධ්‍යකරුවන් කොපමණ ලාභ දැයි සිතා බලන්න.

සටහන- ජවිපෙ දෙකඩ වීමෙන් පසු ඊ නිව්ස් දිගින් දිගටම ජවිපෙ ආරක්ෂා කරමින් ජවිපෙන් කැඩී ගිය කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙර‍ටුගාමින්ට පහර දෙන්නේ ඇයිදැයි ඔබට සිතා ගත හැකිද?



Tuesday, February 12, 2013

වැල්ලවායේ වීර ගවයා



මිනිසුන්ගේ ආහාර රුචිය ඔවුන් මෙන්ම විවිධාකාරය.මිනිසුන් විවිධකාර  ආහාර ගන්නේ ඒවායින් ලැබෙන  ගුණය  නිසාම නොව විවිධත්වයටද කැමැති නිසාය.

හුදෙක්  ඒවායෙන් ලැබෙන ගුණයම පමණක් සලකන්නේ නම් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, කැල්සියම්, ඛණිජ ලවණ ආදිය පෙති වශයෙන් ආහාරයට ගත හැකිය.

නමුත්  මිනිසුන් විවිධත්වයට කැමති නිසා නොයෙක් වර්ගයේ මස් මාලුද , එලවලුද ,පලතුරුද කොල වර්ගද නොයෙක් ආකරයෙන් පිස ආහරයට ගනිති.

එසේම වෙනස් සංස්කෘතීන්ට අයත් මිනිසුන්ගේ ආහාර පුරුදු වෙනස්ය.

ලංකාව වැනි බහු වාර්ගික රටක මෙය ඉතාමත් සංවේදි කාරණයකි.

අපි අනිත් ජාතින්ගේ ආහාර පුරුදු වලට ගරු කළ යුතුය.

බෞද්ධයන් හරක් මස් නොකනවා යැයි කියමින් එසේ කිරීමට ආනෛත් ජාතින්ට බල කිරීම සුදුසු නැත.

එසේම මුස්ලිමුන් ඌරු මස් නොකන බැවින් අන් අය එසේ නොකර සිටීම අවශ්‍ය නැත.

එහෙත් මෙවැනි වෙනස් කම් ගැන තුට්‍ටුවකට මායිම් නොකළ ප්‍රාදේශීය දේශපාලුවෙක් වැල්ලවායේ හරක් මස් කඩ වසා දමා තිබේ. ඒ ඔහුගේ ධන බලය උපයෝගී කරගෙන හරක් මස් කඩ ටෙන්ඩරය වැඩි මිලකට ගෙන එය වසා දමමිනි.

ඔහුගේ අවශ්‍යතාව වැල්ලවාය හරක් මසින් තොර නගරයක් කිරීමලු.

හරක් මසින් තොර නගරයක් වුවත් මේ තුමා වැන්න වුන්ට චන්දය දෙන ජනතාවක් සිටින නිසා පෙනී යන්නේ හරකුන්ගෙන් නම් පිරී තිබෙන නගරයක් බවයි.

එසේම මෙවැනි ක්‍රියා මහත් වීරකම් සේ සලකා අත් පොලසන් දෙන උන්ටනම් දැන් කිසි බියක් සැකක් නැතිව වැල්ලවායේ පදිංචියට යත හැකිය.

මක් නිසාද යත් එහි හරකුන් මරන්නේ නැති නිසාය.

එහෙත් ඊට ප්‍රථම වැල්ලවාය සිට  හොර හරකුන් පැටවීම තවමත් සිදු වන්නේ දැයි ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් අසා දැන ගැනීම ඇඟට හොඳය. වැල්ලවාය පැත්තේ දේශපාලුවෙක් හොර හරක් පැටවීම ජයටම කරන බව කලකට පෙර උන්වහන්සේ චෝදනා කල සේක.

සටහන -මේතුමා හරක් මස් මෙන්ම සිගරට් ද වැල්ලවාය නගරය තුල තහනම් කර ඇතැයි කියවේ.මොලේ කලඳක් හෝ ඇත්නම් මෙම ක්‍රියාව නිසා සිදු වන්නේ කලු කඩ වර්ධනය වීම බව තේරුම් ගැනීමට හැකි විය යුතුය. හරක් මසට මෙන්ම සිගරට් වලටත් විරුද්ධ නම් කල යුත්තේ ඒ ගැන ජනතාවට අධ්‍යාපනයක් ලබා දී ඔවුන් ඒවායෙන් ඇත් කිරීම මිස මෙසේ බලහත්කාරය යෙදවීම නොවේ.

Sunday, February 10, 2013

දිවයින මුදලාලියි නවලෝක මුදලාලියි හරිම යාලුවෝ දෙන්නා




පසුගියදා පස් හැවිරිදි දැරියක නවලෝක රෝහලේදී එම්.ආර්.අයි. පරීක්ෂණයක් කරන අතර තුර සිදු වූ අනතුරකින් මිය ගියාය.

මේ ගැන වාර්තා කරන ලංකාවේ තිබෙන ජාතික යැයි කියා ගන්නා සංවාදශීලි, ප්‍රගතිශීලි, ගවේෂණාත්මක එකම මාධ්‍යක්වත් මේ රෝහලේ නම හෙලි කලේ නැත.ඔවුන්ට එය එක්තරා පෞද්ගලික රෝහලක් විය.

නමුත් නීති සිසුවියගේ අත  කැපු විට එය මාතර රෝහලේ වරදකින් සිදු වු දෙයක් බවත් කිසිම පැකිලීමකින් තොරව හෙලි කලේ මේ මාධ්‍යයමය.

එසේම රජයේ රෝහල් වල එන්නත් වැරදුන විට, සැත්කම් වැරදී රෝගීන් මිය යන විට, දකුණු අත වෙනුවට වම් අත කපා දමන විට අදාල  රෝහලේ නම හෙලි කිරීමට ඔවුනට කිසිම බාධාවක් නොවීය.

එය ඉතා හොඳ වැඩකි. වැරදිකරුවන් කවුදැයි රටට හෙලි කල යුතුය.

එසේනම් වෙල්ගම මුදලාලි හා අනෙකුත් මාධ්‍ය මුදලාලිලා නවලෝක රෝහලේ නම කියන්නට පැකිලෙන්නේ නවලෝක මුදලාලිට ඇති බිය නිසාද, නැතිනම් මුදලාලිලා අතර ඇති මිත්‍රකම් නිසාද?

Friday, February 8, 2013

සදාචාරය, විනය, සංයමය, සංවර භාවය බ්ලා බ්ලා බ්ලා


සදාචාරය, විනය,හැදියාව,සංවර භාවය ආදිය ගුණාංග ගැන රටේ පාලකයින් මෙරට ජනතාවට නිතර දෙවේලේ උපදෙස් දෙති. විශේෂයෙන්ම පාසල් වල, දහම් පාසල් වල පවත්වන උත්සව වලට ගිය විට දී  මේ දේශපාලු උපදෙස් ඒවායේ සිසුන්ට නොවැරදීම ලැබෙයි.


එසේ ජනතාවට උපදෙස් දෙන දේශපාලුවන්ගේ හැසිරෙන නිර්ලජ්ජි විලාසය  කෙසේද යන්නටත් , තමන්ගේ එම හැසිරීම ගැන ඔවුන් දරන ආකල්පයත් පිලිබඳ අපූරු උදාහරණයක් පසු ගිය ඉරිදාවක ඉරිදා ලංකාදීපයේ දේශපාලන ඕපදූප තීරයේ පල වී තිබිනි.

සති අන්ත සෑම පුවත් පතකම පාහේ පලවන මේ දේශපාලන ඕප දූප ලිපි වල පල වන්නේ යම් යම් දේශපාලන පක්ෂ හා සංවිධාන  වල අභ්‍යන්තර සාකච්ඡාය. මේ ඕපදූප වලින් හෙලි කරන තොරතුරු පුවත් පත් කරුවන් අපිට ඇඟවීමට උත්සාහ කරන පරිදි ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙයුම් වල ප්‍රථිපල නොව සැබවින්ම එම දේශපාලන සංවිධාන මගින්ම පුවත් පත් වෙත ලබා දෙන තොරතුරුය. කෙටියෙන් කිවහොත් තම සංවිධානය ගැන ,එහි සාකච්ඡා කල දේ ගැන ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය යැයි ඔවුන් සිතන දේ ය.

පසුගිය දා දෝෂාභියෝග සිද්ධියේදී මහාචාර්ය රජීව විජේසිංහගේ භූමිකාව ගැන ලංකාදීප ඕපදූප තීරයේ සටහන් දෙකක්ම යොදා තිබුනේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මේ ගැන සාකච්ඡා කරද්දී " ශ්‍රිලනිපයෙන් මන්ත්‍රි කෙනෙක් වූ රජීවට පක්ෂයේ තීරණයට පිටින් යාමට සදාචාරමය අයිතියක් නැතැයි කිය වූ බව එක් තැනෙක සටහන් තිබිණි. එම සදාචාරය ගැන කථා කරන තමන්  විපක්ෂ මන්ත්‍රීන් තොග ගනනේ  බිලි බා ගත්  ආණ්ඩුවක සාමාජිකයන් බව අමතක වී තිබිණි.

ලංකාදීප පුවත්පත වාර්තා කරන පරිදි වඩාත්ම සදාචාරසම්පන්න කතාබහ ඇති වී තිබුනේ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා ‍රැස්වීමේදීය.

එහිදී කතා කල විජිත් විජමුනි ඇමතිවරයා පැවසූයේ රජීව විජේසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රකාශයක් කල හොත් කොල්ලන්ගෙන් හම්බ වෙයි යනුවෙන් තමා රජීවට කියු බවයි. එසේම පාර්ලිමේන්තුවෙන් එලියේ දී ප්‍රකාශයක් කලහොත් ඒකත් බලාගන්න බවයි. මේ කොල්ලන් යනු නාමල් බේබි වටේ සැට් වී සිටින මන්ත්‍රී කොල්ලන්ය.

මේ අපූරු සදාචාරත්මක ප්‍රකාශය සොයිසා ඇමති කර ඇත්තේ ජනාධිපතිවරයාත් ඉදිරිපිටය.

ඉතින් අපේ ගරු ජනාධිපති තුමා මේ ගැන කුමක් කියා තිබේද? මේ මැර ප්‍රකාශ ගැන විරුද්ධ වී එසේ කිරීම හොඳ නැති  බවත් , සැම කෙනෙකුටම නිදහසේ අදහස්  ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇති  බවත් "කොල්ලන්ට " කියා දී ඇත්ද?

නැත. ඔහු කියා ඇත්තේ රජීව පත් කිරීම ගැන මට දොස් අහන්න වෙලා යනුවෙනි.එනම් ආණ්ඩුවට විරුද්ධව කතා කරන විට කොල්ලන්ගෙන් හම්බ වීම ගැන ඔහුට කිසිම ප්‍රශ්නයක් නැත.

එපමණක් නොව ආණ්ඩුවට විරුද්ධව කතා කරන අයට කොල්ලන්ගේ එසේ හම්බ වෙන බව ජනතාවට ප්‍රසිද්ධ කිරීමටද ඔවුන්ට අවශ්‍යය. මේ කතා ඕප දූප තීරවලට එන්නේ එම නිසාය.

එසේ නැතිව ,ජනාධිපතිවරයාත් සම්බන්ධ මෙවන් කථා පුවත් පත් වල පල වෙන්නේ නැත.

සදාචාරය, විනය, සංයමය, සංවර භාවය බ්ලා බ්ලා බ්ලා





Thursday, February 7, 2013

හූ හූ ඇද්ද ඇමෙරිකාව පල් වුනා හොඳටම


ඇමරිකාවේ( America)  ඉල්ලීමට ( request) ශ්‍රී ලංකාව ( Sri Lanka )  "බැහැ" ( No )කියයි (Say)-
(කීර්ති( Keerthi) වර්ණකුලසූරිය(Warnakulasooriya)-

ශ්‍රී ලංකා ( Sri Lanka ) හමුදා ( army) කණ්‌ඩායමක්‌ ( team) ඇෆ්ගනිස්‌තානයේ ( Afghanistan)   ඇමරිකානු (american) හමුදාවට (army)  සහය(support)  වීම (happen) සඳහා (for)  ලබාදෙන(give)  ලෙස  (as) ඇමරිකානු(american)  රජය (government) කළ ( pot) ඉල්ලීම(request)  ශ්‍රී ලංකා ( Sri Lanka )  රජය (government) එක (one) හෙළාම ( down) ප්‍රතික්‍ෂේප කර ඇත.(reject)


"ඇෆ්ගනිස්‌තානයේ ( Afghanistan) පවතින්නේ ( exist) ඇමරිකානුවන්ගේ(american)  යුද්ධයක්‌. 9war) අපේ (our) යුද්ධයක්‌ (war) නොවෙයි( not)  යෑයි රජයේ  (government) ඉහළ (high) පෙළේ ( line) ආරංචි (news) මාර්ග (road) පැවසීය(said).
"වෙනත් (other) රටවල(countries)  ඇති ( available) අභ්‍යන්තර ( private) ප්‍රශ්නවලට (problems)  අපි (we) කිසිසේත් ( never) මැදිහත් (central) නොවන්නෙමු (not) " යෑයි රජය (government) ඇමරිකානු(american)  බලධාරීන්ට ( powerful) දන්වා (inform) ඇත( available) .
ඇමරිකානු (american) රාජ්‍ය ( Government) දෙපාර්තමේන්තුවේ?(department) ජ්‍යෙෂ්ඨ (senior) නිලධාරියෙක්‌ (officer) විසින් (by) මේ (this) ඉල්ලීම(request) කර (done) තිබූ ( available)  බව  වාර්තා  ( report)  වේ( termites)."

-උපුටාගැනීම දිවයින පුවත් පතින්-



සටහන-කීර්ති වර්ණකුලසූරිය ලෙස ගූගල් ඉමේජ් සර්ච් එකක් දැමූ විට ආ රූප කිහිපයක්ම මේ සමග පල කරන්නේ සැබෑ රුව හඳුනන්නේ නැති නිසාය. මේ අය අතරින් කී. වර්ණකුල සුරිය ඔබට හඳුනා ගත හැකිද?

Wednesday, February 6, 2013

කැටකිරිල්ල



රට කරවන එක්සත් ජනතා නිදහස් සංධානය නොහොත් ආණ්ඩු පක්ෂයට අයත් අකු‍රැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුවා සුනිල් නැමැත්තා අතින් දූෂණය වූ බව කියූ 14 හැවිරිදි දැරිය සිය දිවි නසා ගෙන තිබේ.

ප්‍රාදේශීය දේශපාලන බලවතා අතින්   දූෂණය වීම  මදිවාට ඔවුන්ගෙන් එල්ල වූ තර්ජන හමුවේ උන් හිටි තැන් පවා අත හැර පලා යන්නට සිදූ වූ මේ දැරිය වෙනුවෙන් හඬ නගන්නට කිසිවෙක් නොසිටියේය.

ඇයට දහසින් බඳි පියලි පුදන්නට ආර්යාවන් ආවේ නැත. උන් හිටි තැන් අත හැර පලා යන්නට සිදු වූ ඇයට නිවාස හදා දෙන්නට නිවාස ඇමට්ටන් ආවේද නැත.

අඩුම තරමෙන් ඇය වෙනුවෙන් හඬ නගන්නට ඉන්දියාවේ දූෂණය වූ වෛද්‍ය සිසුවිය වෙනුවෙන් පෙලපාලි ගිය ශාන්තිනි කෝන්ගහගේ ප්‍රමුඛ ලක්වනිතාවන්ටවත් මතක් වූයේ නැත.ඉන්දියාවේ දූෂිතයන්ට එරෙහිව පෙලපාලි ගිය ඔවුන්ට මේ දැරිය දූෂණ්ය කල වුන් ඇප පිට එලියට එත්දී ඊට එරෙහිව ප්‍රකශයක්වත් නිකුත් කරන්නට අවැසි නොවීය.

දූෂිතයන් තම පක්ෂයෙන් එලවනවා යැයි ඩලස් ලා පම්පෝරි ගහද්දී සරුවා සුනිල්ලා කිසිම බාධාවකින් තොරව තම තනතුරු නැවත ලැබ සුවසේ දිවි ගෙවති.

ස්ත්‍රීන් සිය ගණනක් දූෂණය කලා යැයි කියන මේ දූෂිතයාට පක්ෂව ඔහුගේ අන්තේවාසිකයන් උද්ඝෝෂණය කරත්දී සමාජයට බලපෑම් කරගත හැකි කිසිම කණ්ඩායමක් සමග සබඳතාවක්  නොතිබූ  ඒ ලාබල දැරියට අවසන ‍තෝරාගැනීමට සිදු වුයේ  සියදිවි නසා ගැනීමයි.

කැටකිරිල්ලන් පවා නිදහසේ දිවි ගෙවනවා යැයි පම්පෝරි ඇසෙන්නේ එහෙව් රටකය.




Monday, February 4, 2013

නිදහස් නාට්ටිය




අනේ සුසානෝ මම කොළඹ යනකොට
නිදහස් දිනේ දා පාන්දර
පාලුයි පාරවල් හෝම් පොල වාගේ
සත්තයි  නිදහසක් දැනුනා හිතට

මොකැදැයි කියලා විපරම් කර  බලන කොට
පෙන්නන්ට නිදහස සුලු ජනයාට
කට්ටිය ගෙහුන් දාගෙන මුර කපොලු
නිදහස් නාට්ටිය අද  තිරිකුණාමලේ


-රංචාගොඩ ළමයා-

Sunday, February 3, 2013

බබා සහ නිශ්ප්‍රබා


හිටපු නීතිපතිට එරෙහි පෙත්සම විසිවෙයි
නඩු ගාස්තු ගෙවන්න පෙත්සම්කරුට කියයි
2013 පෙබරවාරි 01  2:40 අ.භා

කොළඹ , ඩොක්යාර්ඩ් ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද මුහුදු යාත්‍රා අලෙවි කිරීමේ දී ශ්‍රී ලංකා රේගුවට අයවිය යුතු රුපියල් මිලියන 619ක මුදලක් වංචා කිරීමට වංක ආකාරයෙන් කටයුතු කළැයි යනුවෙන් හිටපු නීතිපතිවරයා වන මොහාන් පීරිස් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල විසින් ප්‍රතික්ෂේප ක‍ළේය. වගඋත්තරකරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසටද පෙත්සම්කරු වන නියෝජ්‍ය රේගු අධිකාරි පී.ආර්. රත්නසිරි මහතා‍ට නියෝග කළේය.

මෙම පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කොඩිතුවක්කු මහතා පවසා සිටියේ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවකු වන සත්‍ය හෙට්ටිගේ මහතාට මෙම පෙත්සම විභාග කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බවයි. 

ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දුන්නේ 2010 වසරේ පැවරූ මෙම නඩුව දිගින් දිගටම කල් දැමීම නිසා එහි විනිසුරුවකු වූ සත්‍ය හෙට්ටිගේ මහතාට විරුද්ධව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට පැමිණිලි කොට නඩුව ඉක්මන් කර වූ බවයි.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලේ සිටි පී.ඒ.රත්නායක විනිසුරුවරයා පෞද්ගලික හේතුන් මත නඩු විභාගයට පෙනී සිටිය නොහැකි බව සඳහන් කරමින් ඉවත් විය. අනතුරුව සත්‍ය හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර යන විනිසුරුවරුන් හමුවේ නඩුව විභාග කෙරිණ.

 සත්‍ය හෙට්ටිගේ මහතාට එරෙහිව කොඩිතුවක්කු මහතා පළ කළ විරෝධය නොසලකා ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩු විභාගය පැවැත්විණ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පෙත්සම ගොනු කර ඇත්තේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට නොවන බවයි. අධිකරණයේ අභිමතය අභියෝගයට ලක් කිරීමට ඉදිරිපත් කළ පෙත්සමක් බවත් ඔහු පෙන්වා දුන්නේය. එම විරෝධතාව සැලකිල්ලට ගත් ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම නිෂ්ප්‍රභා කළේය.
( http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=6839:2013-02-01-09-13-36&catid=34:news&Itemid=62)

Saturday, February 2, 2013

ලඟ ලඟ එන ලහිපිටක්



සුහද මාරු

1. කොළඹ ජාතික රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු හම්බන්තොට හෝ තංගල්ල රෝහල් දෙකෙන් එකකට ඉක්මන් සුහද මාරුවක් පතයි.

2. ඹහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ජාතික පාසැලක විදුහල්පතිවරයෙක්  හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලකට සුහද මාරුවක් පතයි. කණිෂ්ඨ හෝ ප්‍රථමික පාසලක් වුවද කම් නැත.

3. කොළඹ රාජකීය විදුහලේ සේවය කරන ගුරුවරයෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලකට සුහද මාරුවක් පතයි.

ඉඩකඩම්, දේපොල

1. හම්බන්තොට නගරයට කි.මී 12   ඉඩම් පර්චස් 60 වහාම විකිණීමට ,පර්චසය රු. ලක්ෂ 30 සිට .කොටස් වශයෙන්ද විකිනේ.

2. හම්බන්තොට නගරයේ සිට කි.මී විස්සයි . කාමර දෙකේ නිවස සමග පර් 5 ඉඩම  රු. ලක්ෂ 300 යි.බ්‍රෝකර් ලා අනවශ්‍යයි.


නම් වෙනස් කිරීමයි

1.හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචි නිමල් වීරසිංහ වන මම මෙතැන් සිට නිමල් රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.

2. මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි සෙනරත් වීර බංඩාර පිලිමතලාවේ නන්දන සෙනරත් පිලිමතලාවේ වන මම මෙතැන් සිට නන්දන රාජපක්ෂ නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.

3. කොලඹ  දිස්ත්‍රික්කයේ පදිංචි සමන් පෙරෙරා  වන මම මෙතැන් සිට සමන් රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.

4. අනුරාධපුර  දිස්ත්‍රික්කයේ පදිංචි පහල ගෙදර කිරිමැණිකා   වන මම මෙතැන් සිට කිරිමැණිකා   රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.


Friday, February 1, 2013

සිසු ජීවිත සමග සෙල්ලම් කිරීම -You're Playing with Fire



මොලේ මඤ්ඤං අධ්‍යාපන ඇමති බානද , උන්ටම හරියන විභාග කොමසාරිස් හා නිලධාරි රොත්තද එකතුව විෂය නිර්දේශ දෙකක ප්‍ර තිපල එකට දෙන්නට ගොස් 2011 අපොස උසස් පෙල විභාග ප්‍රථිපලය ඇනුවෝය. කොතරම් ඇනුවේද කිවහොත් ,දිස්ත්‍රික් තත්වය , දිවයිනේ තත්වයට  ගැලෙපෙන්නේ නැත. දිවයිනේ තත්වය ඉසැඩ් ලකුණ හා ගැලපෙන්නේ නැත. ඒ දෙක තුනම විභාග ප්‍රතිපලය හා ගැලපෙන්නේ නැත. පලමුවර දුන් ප්‍රථිපල දෙවැනියට  දුන් ප්‍රථිපල සමග ගත් කල අහසට පොලව මෙනි. පලමු වර ප්‍රථිපලයේ පලමු වැනියා දෙවැන්නේ සිය වැනියාය. පලමු වැන්නේ හාරසිය දෙවැන්නේ පලමුවැනියාය.

පලමු ප්‍රතිපල අනුව වෛද්‍ය විද්‍යාලයට තේරී සිටි එකා/එකී දෙවැනි වර ප්‍රතිපල ආ විට විශ්වවිද්‍යාලයක් අහලකට යන්නටවත් ලකුණු මදිය.

 මඤ්ඤං ඇමතිලාගේ මේ මඤ්ඤං වැඩ නිසා සිසුන්ගේ පමණක් නොව උන්ගේ දෙමව්පියන්ගේ ද ඔලු මොල මඤ්ඤං වී ගියේය. සමහර ලමයින් සියදිවි නසාගත්  අතර තව සමහරුන් පිස්සු නොවැටී බේරුනේ අනූ නමයෙනි.

අවසානයේ සිසුහු තමන්ට වූ අසාධාරණය රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියූ අතර සමහර විට තමන්ගේ අධිකරණ ජීවිතයේ ප්‍රථම වතාවට හිටපු අග විනිසුරුවරිය පාලකයින්ගේ පැත්තෙන් නොව ජනතාවගේ පැත්තෙන් බලා තීන්දුවක් දුන්නේයේ. එනම් සිසුන් කිසිවෙකුටත්  අසාධාරණයක් නොවන පරිදි සාමාන්‍ය ප්‍රමාණයට වඩා 5609ක් දෙනා සරසවි වලට බඳවා ගන්නා ලෙසට නියෝග කළාය.මේ තීන්දුව නිසාත් තවත් බොහෝ දේ නිසාත් කාලයක් තමන් සමග එක පතේ කුඩු කෑ ඇය සමග වෛර බැඳ ගත්  පාලක රෙජිමය අවසානයේ අග විනිසුරුවරියව තනතුරෙන් පහ කර දැමුවේය.

එපමණකින් සෑහීමකට පත් නොවුනු පාලකයින් ඇය තමන් සමග ගැ‍ටුම් ඇති කරගෙන සිටි අවසන් කාලයේ දුන් අධිකරණ තීන්දුද ආපසු හැරවීමට තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

එය පටන් ගන්නට හදන්නේ උසස් පෙල ඉසැඩ් ලකුණු පිලිබඳ තීන්දුවෙන්ය.

අධිකරණ තීන්දුවෙන් වැඩි කල සිසුන් සරසවි වලට ගැනීමට ඉඩකඩ නැති බවට පාලකයින් විසින්ම  උපකුලපතින් ලෙස පත් කර ඇති කොන්ද පණ නැති නිවටයින් හරහා  ප්‍රකාශ කරවාගෙන , එම අධිකරණ තීන්දුව ආපසු හැරවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝසමක් ගොනු කර තිබේ. එම මෝසම විභාග කිරීමට මෝහාන් පීරිස්ම ඉදිරිපත් වී තිබේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේය. ( මෝහාන් පීරිස්ට එරෙහිව ඉදිරිපත් කර ඇති නඩුවක් තමන්ම විභාග කිරීමට ඔහු තීරණය කර ඇති නිසා මේක මොන  කජ්ජක්දැයි අපිට සිතේ.)

පසුගිය කාලය පුරාවට කිසි හිරිකිතයක් නැතිව තමන්ට කඩේ ගිය මහාචාර්ය සමරනායක ඉවත් කර ඊටත් වඩා විශ්වාසි හිරිඹුරේගෙදර ප්‍රතිපාදන කොමිසමේ සභාපති කමට පත් කරගත්තේ  මෙවැනි වැඩ ඉතා පහසුවෙන්  කරගැනීමටය.

වෙන්නට යන දෙය පැහැදිලිය. සිසුන් 5609 ක දෙනාගේ අනාගතයට වින කෙටීමට පාලක රෙජිමයත් , අධිකරණයත් , ප්‍රතිපාදන කොමිසමත් , කොන්ද පණ නැති සරසවි පරිපාලනයත් අත් වැල් බැඳගෙන සිටී. ඔවුන් ගැන කතා කිරීමට කිසිවෙක් නැති බවක්ද පෙනෙන්නට තිබේ. යන්නට උසවියකුත් නැත. ඔවුන්ට කළ හැකි එකම දෙය වන්නේ පොල් ගැසීම පමණි.

සටහන- මේ සිසුන් 5609 දෙනා අතර පසු ගියදා මහපාරේ කිරිබත් කෑ එකෙකුගේවත් දරුවන් සිටිනවාදැයි දැන ගන්නට ඇත්නම් ....