Thursday, May 30, 2013

ලින්කන් හා මහසෙන්



සුළි කුණා‍ටුවකට මහසෙන් යන නම යෙදීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ඉල්ලීම නිසා ඊට එරෙහිව පැවත්වීමට තිබූ මහා  උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා දමන බව උතුම් වූ ශ්‍රීලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකා වාසි ජහමනයා මහජනයාටත් ජාති ආලයෙන් ( 83 මාදිලිය) යුක්තව මෙයින් දැනුම් දෙමු.

මීට.

ගරු සභාපති

ර.වා.ජ. දු.ව.ක.ර.පො.නො.(කා.පො.ප.යො) පා.ශ්‍රි.උ. සි.බෞ.වි. ( දෙ. නො) ද.දෙ.වැ.සි. කෘ.විසං.

(රජරට වාරි ජලයෙන් දුම්කොල වගා කරන රසායනික පොහොර නොයොදන( කාබනික පොහොර පමණක් යොදන) පාරම්පරික ශ්‍රී ලංකා කාර උඩරට සිංහල බෞද්ධ විවාහක ( දෙවරකට නො වැඩි ) දරු දෙදෙනෙකුට වැඩියෙන් සිටින දේශප්‍රේමි කෘෂිකාර්මිකයන්ගේ විශ්‍රාමික සංගමය)

සටහන- මහසෙන් නම අල්ලාගෙන  මේ විකාරකාරයන් නටන අයුරු දු‍ටු මගේ සිතට කරුණු දෙකක් මතක් විය. එකක්  ඒබ්‍රහම් ලින්කන් ද වැම්පයර් හන්ටර් චිත්‍රපටයයි. අනික මහාවංශයේ අතිශයෝක්තියෙන් උත්කර්ෂයට නංවන ලද මහසෙන් නම ඇති කුඩු කාරයන් , බඩු කාරයන් ,හොරුන් කී දෙනෙක් අද සමාජයේ සිටියිද යන්නයි. 

Wednesday, May 29, 2013

ලින්කන් හා මහසෙන්




සුළි කුණා‍ටුවකට මහසෙන් යන නම යෙදීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ඉල්ලීම නිසා ඊට එරෙහිව පැවත්වීමට තිබූ මහා  උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා දමන බව උතුම් වූ ශ්‍රීලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකා වාසි ජහමනයා මහජනයාටත් ජාති ආලයෙන් ( 83 මාදිලිය) යුක්තව මෙයින් දැනුම් දෙමු.

මීට.

ගරු සභාපති

ර.වා.ජ. දු.ව.ක.ර.පො.නො.(කා.පො.ප.යො) පා.ශ්‍රි.උ. සි.බෞ.වි. ( දෙ. නො) ද.දෙ.වැ.සි. කෘ.විසං.

(රජරට වාරි ජලයෙන් දුම්කොල වගා කරන රසායනික පොහොර නොයොදන( කාබනික පොහොර පමණක් යොදන) පාරම්පරික ශ්‍රී ලංකා කාර උඩරට සිංහල බෞද්ධ විවාහක ( දෙවරකට නො වැඩි ) දරු දෙදෙනෙකුට වැඩියෙන් සිටින දේශප්‍රේමි කෘෂිකාර්මිකයන්ගේ විශ්‍රාමික සංගමය)

සටහන- මහසෙන් නම අල්ලාගෙන  මේ විකාරකාරයන් නටන අයුරු දු‍ටු මගේ සිතට කරුණු දෙකක් මතක් විය. එකක්  ඒබ්‍රහම් ලින්කන් ද වැම්පයර් හන්ටර් චිත්‍රපටයයි. අනික මහාවංශයේ අතිශයෝක්තියෙන් උත්කර්ෂයට නංවන ලද මහසෙන් නම ඇති කුඩු කාරයන් , බඩු කාරයන් ,හොරුන් කී දෙනෙක් අද සමාජයේ සිටියිද යන්නයි. 

Monday, May 27, 2013

ජාතික විමුක්ති අරගලය

 

ගවයෙක් ගිනිතබාගෙන මියගිය හන්දා
ගව ඝාතනය නතර කල යුතු බව 
වීරවංශ ගව ගරු මැතිඳා කියා තිබේ
ජාති ආලේ ආයෙත් ඔය මතුවෙන්නේ


ගව ඝාතනය ඔය විදියට කෙරුනෝතින්
ජනිපෙ චන්ද ටික ඔක්කොම නැති වේවී
වලිගෙයි අං දෙකයි විතරක් අඩු මේ උතුමා
තම ජීවිතේ ගැනත් හිතුවාවත්දෝ

රංචාගොඩ ළමයා

Sunday, May 26, 2013

ජාතිය වෙනුවෙන් දිවි පිදීම


නාලාගිරි ඇතුට රා දී එව්වා සේම
බුදු හිමි වනසන්ට දෙව්දත්ලා
මී හරකෙකුට වෛරයේ රා පොවලා
එවලා තිබේ වරිගය බේරා ගන්ට

පැට්‍රල් දමා  සිරුරට ඒ වහන්සෙගේ
ගිනි තිබ්බේ සුවර්නවාහිනියයි
ක‍ටු ටික සුප්පලා මස් ටික කන්ට
සෝමක්කේ යවනු මැන ඔබේ බලු කපු‍ටු පැටව්

-රංචාගොඩ ලමයා-
photo-http://right-tourism.com

Saturday, May 25, 2013

වීරවංශ මැතිඳුන්ට නිවන් සුව ලැබේවා


ඡායාරූපය - ඒ මහතුන්ගේම සී නිව්ස් අඩවියෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික වූත් ,හිටපු ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වූත්  , ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ,  හිටපු කොමියුනිස්ට්වාදි, සමාජවාදි ,මාක්ස්වාදි මහතා අභා. සමාවෙන්න, ඒ මහතා තමන්ගේ පරම්පරාවෙන් ලැබුණ අලියෙක් කඩුවෙල විහාරස්ථානයකට පූජා කර ඇති බව සියලු සැදැවතුන් මෙයින් දැන ගනිත්වා.  

පාද දම්වැලින් බැඳ දමා සිටින  අලියා තමන් මෙවන් වූ පිංකමකට සහභාගි කරගැනීම ගැන ඉමහත් චිත්ත ප්‍රීතියෙන් යුතුව සිටින බවත්, මේ වෙසක් සමයේ මෙවන් පිං කමක් කිරීමට ලැබීම ගැන වීරවංශ ඇමතිතුමා ඊටත් වඩා ප්‍රීතියෙන් යුක්තව සිටින බවත්, අද වැනි දිනක බුදුන් සිටියානම් මේ පිංකම ගැන උන්වහන්සේ පවා සතු‍ටු වනු ඇතැයි වීරවංශ ඇමති තුමාගේ ගරු උපදේශක වසන්ත බණ්ඩාර මැටි මැති තුමා පවසා තිබේ.

මේ අලියා පූජාකිරීමේ උතුම් වූ පිං බලෙන් ඒ සියලු මහතුනට මෙලොව සියලු සැප සම්පත් විඳ අවසනඋතුම් වූ නිර්වාණ සුවය  ලැබේවායි සියලු දෙන ප්‍රාර්ථනා කළ යුතු.

සටහන- ඊයේ පෙරේදා දවසක ලංකා වීව් නම් වෙබ් අඩවියේ පලවු පුවතක් පහත දක්වන්නේ හුදෙක් නිකමට බව සියලු පිංවතුන් දත යුතුයි.

පින්නවල අලි අනාථාගාරයේ තවත් අලියකු පෙරේදා (22දා) කඩුවෙල ප්‍රදේශයේ විහාරස්ථානයකින් පැමිණි පිරිසක් විසින් රැගෙන ගොස් ඇත.අලි අනාථාගාරයට කැලයේ අතරමංව සිටියදී ගෙන එනු ලැබූ මෙම අලියා කුඩා කාලයේදී 'වීරා' නමින් හඳුන්වනු ලැබිණි. පසුව පනාගොඩ යුද හමුදා මූලස්ථානයට ගෙන යනු ලැබූ මෙම අලියා 'කණ්ඩුල-2' වශයෙන් නම් කර ඇත.  
යුද හමුදා ආචාර පෙළපාළි සඳහා යොදාගත් මෙම අලියා නැවැත පින්නවල අලි අනාථාගාරයට පසුගිය කාලයේදී භාරදෙනු ලැබීය.මෙම අලියාට ජලය ලබාදීමට ගිය පළපුරුදු ඇත්ගොව්වකු වූ මංගල ශාන්ත යන අයට පසුගිය දිනෙක මෙම අලියා විසින් පහරදෙනු ලැබීමෙන් අනතුරුව එම ඇත්ගොව්වා දැනට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මෙම අලියා රැගෙන යෑමට පැමිණි කණ්ඩායමඅලියා රැගෙන යන අයුරු ඡායාරූප ගතකළ මාධ්‍යවේදීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තර්ජනය කර තිබේ.  
අලි අනාථාගාරයේ අලි ගහණය වර්ධනය කිරීම සඳහා ප්‍රජනනයේ යොදාගත හැකි මෙවැනි අලි ඇතුන් මෙලෙස විවිධ ආයතනවලට විශාල වශයෙන් ලබාදීමෙන් අලි අනාථාගාරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට නැරැඹීමට ඉතිරි වනුයේ වයස්ගත අලින් කීපදෙනකු පමණක් බවද එම සේවකයෝ පවසති.

Friday, May 24, 2013

වර්ජනය අසාර්ථක වීමේ හේතුව දිවයින කතුතුමා හොයාගනී.




පසු ගිය දා පැවති සංකේත වර්ජනය අසාර්ථක වීමේ හේතුව දිවයින  පත්තර කාර මහත්තුරුන් හොයාගෙන තිබේ. පහතින් දැක්වෙන්නේ ඊයේ දිවයින කතුවැකියේ ඒ ගැන තිබූ ආකාරයයි.

ඉහත සඳහන් කළ සහ නොකළ සියලු දුක්‌ගැහැට, නොපනත්කම් මධ්‍යයේද ජනතාව රජය සමඟ සිටින්නේ මන්ද යන්න රජයට වැටහෙන්නේ නැති බව සත්‍යයකි. තම සුවිශේෂී නායකයාගේ ආලෝකයෙන් බබළමින්ද, වාචාල කතා කියමින්ද හතර අතේ පිස්‌සු කෙළින ඇතැම් අමාත්‍යවරුන්ට අනුව මේ වූ කලී සදාකාලික රජයකි. .......

එහෙත් මේ එකකුවත් සැලකිල්ලට නොගන්නා යථාර්ථය ඒ එකදු විකාරයක්‌වත් නොවේ.

ත්‍රස්‌තවාදීන්ගේ නිජබිමක්‌ බවට පත්වන්නට තිබූ රටක්‌, අධිරාජ්‍යවාදීන්ගේ කෙළි බිමක්‌ බවට පත්වන්නට තිබූ රටක්‌, ඒ බිහිසුණු ඉරණමෙන් මුදා ගැනීමේ පුණ්‍යකර්මය හිමිකරගත් නායකයකු වටා තවමත් පෙළගැසීමේ යථාර්ථයම වෙයි.

ඒ නායකයා මේ රටේ අඛණ්‌ඩ උරුමයේත්, සාරයේත් වටිනාකම අවබෝධකොට ගෙන ඒ අනුව කටයුතු කරන්නකු වීම ඊට අනුබද්ධ යථාර්ථයම වෙයි.

එහෙත්, උද්ධච්ච මදාවියන්, ලුම්පන්වරුන් තම රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද වශයෙන් යොදා ගැනීම සේම, අදක්‍ෂ ලෙසද, කුමන්ත්‍රණකාරී ලෙසද රාජ්‍ය කළමනාකරණයේ යෙදෙන්නන් තම මෙහෙයුම් මණ්‌ඩල තුළ තබා ගැනීමද ඔහු විසින් නොකළ යුත්තක්‌ වේ.

මේ මහත්තුරු අපිට කියන විදියට  " රාජපක්ෂලා නම් සුපිරිසිදුයැ. පිංවත්යැ. මනරම්යැ. සිල්වත්යැ. ජනතා හිතවාදියැ.ලුම්පන් ද නැතියැ.

සියලු අසත්පුරුෂ, දුර්ජන , ජනතා ද්‍රෝහී ,කඩප්පුලි වැඩ කරන්නේ ඇමතිවරුන්යැ.ඉදින් මේ අදක්ෂ,වාචාල පිස්සු කෙලින  ඇමතිලා නැත්නම් මේ රට මෙලහකටත්  සුරපුරක්ය. ( වෙල්ගම ඇමතිතුමාත් ඔය කියන ඇමති සැට් එකේ සාමාජිකයෙකුදැයි අපි නොදනිමු)

මේ කතාවෙන් මෙරට හුදී ජනයා වන අප තේරුම් ගත යුත්තේ විදුලි බිල වැඩිවන්නේ විදුලි බල ඇමති ( හෝ ඇමතිනිගේ)  වරද නිසාය. උසස් අධ්‍යාපනයට වෙන් කල මුදල් කපා දමන්නේ ඇස්.බී ඇමතිය. සෞඛ්‍යට වෙන් කල ප්‍රතිපාදන කපා දමා සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුධයට යවන්නේ මෛත්‍රීපාල උන්නැහේය.නැව් නො එන වරායවල් , කුරුල්ලන් පමණක් ගොඩබාන ගුවන්තොට හැදීමට කෝටි ගනන් මුදල් වියදම් කරන්නේ ඇමතිවරුන්ගේ තනි කැමත්තටය.කෙටියෙන්ම කිව්වොත් මේ අදක්ෂ , වාචාල ඇමතිලා තනතුරුවලට පත් කර ගෙන ඇත්තේ තම තමන්මය.

මේ කිසි දේකට ආලෝකයෙන් බබලන නායකතුමා සම්බන්ධ නැත.එතුමා දන්නවා නම් කරන්ට දෙන්නේත් නැත.එතුමාගේ හැටි එහෙමය.

දිවයින කත්තුරු තුමා කියන විදියට මිනිස්සු වර්ජනය නොකලේ ඒ නිසාය.

සටහන-බෝතල් පත්තර කාරයින්ගෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු වෙන්නද?







Thursday, May 23, 2013

වර්ජනේ අසාර්ථකයි(ලු)


අනේ සුසානෝ මම කොලඹ යනකොට
කුණු ගඳ ගහන මල මිනියක් නැගිට
මයික් ගොඩක් ලඟ ඉඳගෙන ටෝක් දෙසයි
අසාර්ථකලු ඊයේ කොරපු වර්ජනේ

මොකාදැයි කියලා  හොඳ හැටි බලන කොට
ඇස් නැති අමරසිංහ හිටපු විප්පල නායකයා
දෑත් ශක්තිමත් කොරනට දුව ආපු
ගඳ ගස්සනවා අයියෝ සිරි ලංකාව

-රංචාගොඩ ළමයා-



Tuesday, May 21, 2013

වර්ජන හා තර්ජන හා ගර්ජන



දැනට පෙනෙන්නට ඇති හැටියටනම් සහභාගිත්වය අතින් අද දින වර්ජනය එතරම් සාර්ථක නැත. එහෙත් අනික් අතට  ඊයේ සවස් වන විටම වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම සාර්ථකය.

ඒ ඔවුන් කොතරම් දුබලදැයි මේ ආණ්ඩුවේම බලවතුන් සිය දහස්වතාවක් කියා ඇති විපක්ෂය විසින් කඩිමුඩියේ , කිසිම සැලස්මක්, සංවාදයක්, සාකච්ඡාවක්, නැතිව තම තමන් හිතු මනාපයේ සංවිධානය කල මේ වර්ජනය හමුවේ ආණ්ඩුව හා එහි ලොක්කන් බක්කන් බිය වී ඇති තරම නිසාය.

ආණ්ඩුව ,මේ වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා මහා පරිමාණ යුද්ධයක් දියත් කලේය. මහා පරිමාණ මඩ ව්‍යාපාර දියත් කලේය.

ඒ අතර නොයෙකුත් චක්‍රලේඛ නිකුත් කරමින් අද දින සේවකයින් වැඩට ගෙන්වා ගැනීමට උත්සාහ කලේය. වෙනකක් තබා ඊයේ දිනට ගෙවීමට තිබූ ගුරු වැ‍ටුප් ගෙවීමත් අදට කල් දැම්මේ , අප්‍රේල් මස මුලදී වැ‍ටුප් ලබා ගැනීමෙන් පසු අතේ ශතේ නැතිව සිටින ගුරුවරුන් අද වැ‍ටුප් ලබා ගැනීම සඳහා පාසලට ගෙන්වා ගැනීමටය.

එම ක්‍රියාවල ප්‍රතිපල කුමක් වේදැයි අපිට දැන්ම කියන්නට නොහැකිය. එහෙත් ආණ්ඩුව බය විය. ආණ්ඩුවේ මැති ඇමති වරු වැඩි දෙනෙක් මේ ගැන වචනයක්වත්  නොකියා සිටින්නට වග බලා ගත් අතර හැම දේටම බුරා පනින වීරවංශ හා නඩය පවා අසාමාන්‍ය ලෙස නිශ්ශබ්දය. ඔව්හු ලොවෙත්  නැති උතුරේ චන්දයක් හා අසාර්ථක ලෙස හැපෙමින් සිටිති.

තමන්ට සුපුරුදු අධිතක්සේරුවෙන් යුතුව , කිසිම සැලස්මක් හා වෙනත් කණ්ඩායම් හා මහජනයා සමග නිසි සංවාදයකින් තොරව ජවිපෙ විසින් මෙම වර්ජනය කැඳවූ ආකාරය වෙනම කථා කල යුතුය. මේ එයට වෙලාව නොවේ.



Monday, May 20, 2013

උසි උසි

Photo - http://2.bp.blogspot.com


බල්ලන් දෙදෙනෙක් කා ගන්නා විට අපි එක්කෝ උන් දෙන්නාටම පහරක් දෙකක් දී දෙපැත්තට ඇද දමමු . එසේත් නැත්නම් උසි උසි කියා උන් දෙදෙනා තව තවත් අවුස්සමු.

මේ දිනවල ලංකාවේ සිටින එක අත්තේ පොල් බඳු ජාතිවාදින් දෙදෙනෙක් වන ගලබොඩ අත්තේ ඥාණසාර හා විමල් වීරවංශ දෙදෙනා එකිනෙකාට  විරුද්ධව මඩ , ගල් ,මුල් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටිති. මෙයින් එකෙක් ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයාට එරෙහිව වර්ගවාදය පතුරවන්නෙක් වන අතර අනිකා දෙමල ජනයාට එරෙහිව යුද වැදී සිටියි. මේ දෙදෙනාම කටයුතු කරන්නේ තම ස්වාමියාගේ උපදෙස් පරිදිය.දෙදෙනාටම අවශ්‍ය මේ දූෂිත රෙජිමයට එරෙහිව නැග එන විරෝධය වෙනතකට හැරවීමය. එය උන් ඉතාමත් හොඳින් කරමින් සිටිති.

දැන් මේ දෙදෙන  එකිනෙකා කාගනිමින් සිටිති. ඒ ද ස්වාමින්ගේ අණ පරිදි බවට නිසැකය. 

අපි කියන්නේ මෙපමණකි.

උසි උසි

Friday, May 17, 2013

කන්‍යාරත්නලාගේ පතිවෘත්තාව

image from rasmusaa.wordpress.com


ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති කන්‍යාරත්න කරුණාරත්න විසින් එහි කථිකාචාර්යවරයෙක් වන අනුරුද්ධ ප්‍රදීප්ගේ සේවය අවසන් කර තිබේ . හේතුව ඔහු තම පශ්චාත් උපාධි සුදුසුකම් නියමිත කාලය වන වසර අටකින් ලබා නොගැනීමයි. මෙහි විහිලුව වන්නේ තම සරසවියේ සිසුවියන්ගේ කන්‍යා බාවය පරික්ෂා කිරීම සඳහා ඔවුන් අල්ලා රෝහල් වලට පටවන මේ කන්‍යාරත්න උපකුලපතිවරයා තම සුදුසුකම් සපුරා තිබෙන්න වසර පහලොවකින් වීමයි.

විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය කියන්නේ මෙම සේවය අත් හි‍ටුවීම දේශපාලන පලි ගැනීමක් බවයි.එය එසේ නම් බරපතල තත්වයකි. යමෙකුගේ දේශපාලන අයිතිය  බලහත්කාරයෙන් මැඩලීම වැරදිය.

අනුරුද්ධ ප්‍රදීප් යනු හෙල උරුමයේ දේශපාලන න්‍යායචාර්යවරයාය. එය උග්‍ර වර්ගවාදි ජාතිවාදි සංවිධානයකි. එහෙත් එම දේශපාලනයේ යෙදීමට ප්‍රදීප්ට වුවමනා නම් ඔහුට ඒ සඳහා අයිතිය තිබිය යුතුය. හෙල උරුමයේ දේශපාලනය අප පිලි නොගත්තත් එහි යෙදීමට ප්‍රදීප්ට ඇති අයිතිය අපි පිලිගනිමු. එසේම එවන් දේශපාලනයක ඔහු යෙදීම ගැන අපි කණගා‍ටු වෙමු.

නමුත් මේ ඊනියා  හෙල උරුමය රට කරවන  පාලක සංධානයේ ප්‍රබල සාමාජිකයෙකි. එසේ නම් එම ආණ්ඩුවටම කඩේ යන කන්‍යාරත්න උපකුලපතියා ප්‍රදීප් ගෙන් පලි ගන්නේ  ඇයි.නිසැකවම ප්‍රදීප්ගේ හෙල උරුම  දේශපාලනය නිසා නම් නොවේ.

ඔවුන් ප්‍රදීප්ට පහර දෙන්නේ  ප්‍රදීප් නිදහස් අධ්‍යාපනය ගැන රටේ පාලකයින් දරණ මතයට එරෙහි ප්‍රබල ප්‍රකාශකයෙක් නිසාය. ඔහු අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව ප්‍රබල හා තාර්කික හඬක් නගන නිසාය.  ඒ නිසාම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම තම එකම අරමුණ කරගෙන සිටින උසස් අධ්‍යාපන ඇමතිවරයා හා ඔහුගේ මේසපල්ලෙන් වැටෙන ක‍ටු කන කන්‍යාරත්න බඳු නිව‍ටුන්ගේ වෛරයට බඳුන් වී සිටින නිසාය.

එම නිසාම අපි මේ එස්.බී /කන්‍යාරත්න හවුලේ දේශපාලන පලි ගැනීම පිලිකුල් සහගත  ලෙස හෙලා දකිමු.

Wednesday, May 15, 2013

විදුලි බිල වැඩි කරව්




අද දින විදුලි බිල වැඩි වීමට එරෙහිව පවත්වන උද්ඝෝෂණය නමැති විජාතික කුමන්ත්‍රණය පැරදවීම සඳහා දේශප්‍රේමි මාලු පාන් කිරි පැකට් හමුදාව සක්‍රීය සේවයට කැඳවනු ලැබේ.( බලන්න අද දිනමිණ)

සියලු දෙනාම හතර හතරේ පරාල ‍රැගෙන සේවයට වාර්තා කල යුතු අතර පැමිනෙන සියලු දෙනාට උපරිම අන්දමින් සංග්‍රහ කරන බව හිටපු ජේවීපී මන්ත්‍රී සිරිපාල අය්යා අමරසිංහ පැවසීය.

ඇත්තෙන්ම විදුලි බිල වැඩි වී නැති බවත්, සිදුව ඇත්තේ විදුලි බිල අඩු වීමක් බවත් දැන ගන්නට ලැබී තිබේ. විදුලි බිල වැඩි යැයි කියන්නේ දේශද්‍රෝහින් නිසා දේශප්‍රේමින් විදුලි බිල අඩු යැයි කිව යුතු බවත් පොදු මහජන  මතයයි.

ඒ අනුව අද පැවත්වෙන දේශප්‍රේමි මාලු පාන් කිරි පැකට් හමුදාවේ උද්ඝෝෂණයේ ප්‍රධාන සටන් පාඨය වනු ඇත්තේ විදුලි බිල වැඩි කරව් යන්නය.

Tuesday, May 14, 2013

නීති ගරුක පුරවැසියෝ



ලංකාවේ ජනයා ඉතාමත් ශීඝ්‍රයෙන් නීති ගරුක පුරවැසියෝ බවට පත් වෙමින් සිටිති.

පසු ගිය දාක ඇමතිවරයෙක් සංවිධානය කල ඩෙංගු මර්ධන ව්‍යපාරයකට සම්බන්ධ නොවී සිටීම නිසා හිත්  අමාරුවට පත් රජයේ නිලධාරියෙක් තමන්ම ගස් බැඳ ගත්තේ ඊට දඬුවමක් වශයෙනි.

ඇමති පුත්‍රයෙක් සිගරට්‍ටුවක් ඉල්ලූ විට එය දීමට නොහැකි වූ හමුදා මේජර් වරයෙක් කම්පාවට පත්ව තමන්ටම කොතරම් පහර දී ගත්තේ ද කිවහොත් ඔහුට රෝහල් ගත වීමටත් සිදු විය. ( මේ  ඈමති පුත්‍රයා මුලින් කී ඇමතියාගේ පුත්‍රයා  වීම හුදු අහම්බයකි)

ජනතාව මේ ආකාරයෙන් තම තමන්ගේ වැරදිවලට තමන්ම දඬුවම් කර ගැනීමට ගියොත් උසාවි හා පොලිසී වසා දැමීමට සිදු වේ යැයි එම ආයතනවල සේවය කරන්නෝ බිය පල කරති.

මේ ආකාරයේ අලුත්ම සිදු වීම වාර්තා වූයේ පසු ගියදා පැවති රගර් තරඟයක් අතර තුරය. එහිදී තමන් දුන් තීන්ඩුවක් වැරදි යැයි සිතු එක් විනිශ්චයකාරයෙක් පිට්ටනිය මැද සිටගෙන දෙනෝ දාහක් දෙනා බලා සිටිද්දි තමන්ට පහර දී ගන්නට පටන් ගත්තේය.

ඔහුගේ මේ තමන්ටම පහරදීම කොතරම් දරුණු වූයේ දැයි කිවහොත් , එම විනිසුරුගේ තීන්දුවෙන් අසාධාරණයට ලක් වූ වේ යැයි සලකන පිලේ එක් ප්‍රමුඛ ක්‍රීඩකයෙක් පැමිණ එම විනිසුරුගේ අත් දෙකින් අල්ලා ගෙන

"අනේ සර් ඔහොම කර ගන්න එපා, අපිට හරිම දුකයි.  අපි තරඟයට එන්නේ දිනන්නම නෙවේ. ජය පරාජය  දෙකම ලබන්න. ඒක නිසා අපිට මේ පරාජය ගානක් නැහැ. අපේ තාත්තා අපිට කියලා තියෙන්නේ එහෙමයි. අපි ඔය ඇමති පුත්තු වගේ හැසිරෙන්නේ නැහැ. සර් ඔයා තමන්ටම වද දී ගන්න එක නැවත්තුවේ නැත්නම් මම මැරෙන කම් උපවාසයක් කරනවා"

ආදි වශයෙන් කියා යම්තම් එම ස්වයං පහර දීම නවත්තා තිබේ.

කෙසේ වෙතත් මෙම රගර් විනිසුරුගේ ක්‍රියාව නීතිගරුක වුවත් එය විනය විරෝධී හැසිරීමක් නිසා  ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක්  කල යුතු බව දේශපාලන ක්‍රීඩා විචාරකයෝ පවසති.

සටහන - දේශද්‍රෝහින් මේ සිදු වීම ගැන නොයෙක් ආකාරයේ විකෘති වාර්තා පතුරුවන්නට ඉඩ තිබේ.





Saturday, May 11, 2013

ක‍ටුනායක වසා මත්තල ඇරියා වගේ



මත්තල රාජපක්ෂ ගුවන් තොටට ගුවන් යානා එන්නේම නැත. ආවත් නගින්ට හෝ බහින්ට මගීන් නැත. මෙතුවක් කල් මත්තලට ආපු එයාර් ඇරබියා සේවයද නවතා දමා ඇත්තේ මගීන් නැති නිසාය.

නගින්ට බහින්ට එක මගියෙක්වත් නැතිව ක‍ටුනායක ඉඳලා අමතර ඉන්ධන ලීටර් දහස් ගානක් වියදම් කරගෙන පැය දෙක තුනක රස්තියාදුවක් වෙන්නට කැමති මෝඩයෛන් ඒ සමාගම් වල  නැතුවා වෙන්ට ඇතිය. ඒ මදිවාට කුරුල්ලෝ හප්පාගෙන කෙලවාගන්ටත් වෙනවාය. ඉතින් මොන මගුලකටද මත්තල එන්නේ කියා ඒ ඇත්තන්ට හිතුනා වෙන්ට ඇතිය.  හැබැයි අපේ වීරවංශ මැතිඳු නම් මත්තලට යාන නො එන එක ජාතියන්තර කුමන්ත්‍රණයක් කියලා කියන්ටත් බැරි කමක් නැත.

කොහොමින්  කොහොමින් හරි අන්තිමට උනේ චීනාගෙන් කෝටි දහස් ගානක් ණය අරගෙන හදපු මත්තල රාජපක්ෂ ජාතියන්තර ගුවන් තොට සුදු අලියෙක් වුනු එකය. හම්බන්තොට රාජපක්ෂ වරාය වගේ සුදු අලියෙක්ය.

මේ හතර විලි ලැජ්ජාවෙන් ගැලවෙන්ට දැන් අලුත් උපක්‍රමයක් හොයා ගෙන තිබේ.  එනම් ක‍ටුනායක ගුවන්තොට දවසට පැය 8ක් වසා දැමීමය. එතකොට ඒ වෙලාවට ලංකාවට එන ගුවන් යානා ඔක්කෝටම මත්තල ගොහින් ගුවන් හමුදා ආචාර වෙඩි මුර මැද්දේ ගොඩ බාන්ට වෙනවාය.කුරුල්ලොන්ගෙන්  බේරිලා කොහොම හරි ලෑන්ඩ් කරගත්තොත් අලි කැලේ සෆාරියකුත් දාගෙනම ගෙවල් වලට යන්ට කට්ටියට ඇහැකිය.

මේ වගේ වැඩ වලට ඉස්සර නම් කිව්වේ අ‍ටුව කඩා පු‍ටුව හැදුවා වගේ කියලාය.

දැන් "  ක‍ටුනායක වසා මත්තල ඇරියා වගේ " කියලා කියන්ට හැකිය.

Wednesday, May 8, 2013

ආර්ථික ඝාතකයාගේ උප්පරවැට්ටි



මේ පහතින් තියෙන්නේ හිරු ,ලක්බිම වගේ පත්තරවල හිටපු විප්ලවකාරි මාක්ස්වාදි පත්තර කාරයෙක් හා ජනතා විමුක්ති පෙරමුනේ හිටපු විප්ලවකාරි නායකයෙක් වෙන දැන් වීරවංශ ඇමති තුමා පහු ගිය මැයි දිනේ කරපු කතාවෙන් කොටහක්. 

දැන් ලැබුණු ප‍්‍රවෘත්තියක් කියලා මම යළි අපේ කතාව කියන්නම්. එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැලියේදී දැන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කරලා තියෙනවා, ‘ඒකක 60දක්වා කිසිදු විදියකින් විදුලි බිල වැඩි කරන්නේ නැහැ. ඒකක 180දක්වා පරිභෝජනය කරන අයටත් සැලකිය යුතු සහනයක් දෙනවා’ කියලා. එතුමාට අපේ ආචාරය, ගෞරවය මේ මැයි දින වේදිකාවේ සිට පුදකර සිටිනවා, අපේ මතය, ජනතා මතය පිළි අරගෙන ජයසුන්දර ආර්ථික ඝාතකයා හදපු විදුලි බිලේ පීඩාවෙන්, උගුලෙන් අපේ මහජනයා නිදහස් කර දීම සම්බන්ධයෙන්.


ඇත්තෙන්ම මේ විදියට, අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අයට වැඩියෙන් විදුලි බිල වැඩි වෙන්නත්, වැඩියෙන් විදුලිය පාවිච්චි කරන අයට අඩුවෙන් විදුලි බිල වැඩි වෙන්නත් මේ යෝජනාව හැදුණෙත් පී. බී. ජයසුන්දර අතින්. නමුත් මේකට සම්පූර්ණයෙන් වගකිව යුතු කෙනාගේ නම එජාපය කියන්නේ නැහැ. වෙනත් අයව පටලවනවා. ඒ ඇයි? මේ රටේ විදුලිය අඩුවෙන් පාවිච්චි කරන මිනිහගේ ඔලූවට හෙණ පතයක් යවපුවාම ආණ්ඩු විරෝධී බලවේග ශක්තිමත් වෙනවා. ජයසුන්දරලාට  ඕන විදුලි බිල නිකං වැඩි කරන්න නොවෙයි, අඩු ආදායම්ලාභීන්ට සහ පහළ මධ්‍යම පන්තියේ ජනතාව සහ ආණ්ඩුව සමග ඉන්න බලවේග ආණ්ඩුවට විරුද්ධව පාරට බස්සන්න.

ජනාධිපතිතුමා විදුලි බිල වැඩි කිරීම සංශෝධනය සඳහා පියවර ගත්තේ මේ ජයසුන්දරගේ උප්පරවැට්ටිය තේරුම් ගෙන. ඒ තීරණය එන්නේ මේ ආර්ථික ඝාතකයාගේ උප්පරවැට්ටිය තේරුම් ගැනීමත් සමග.


සටහන- ඈ යකෝ දැන් උඹ අපිට කියන්නේ පී.බී ජයසුන්දර කියන ආර්ථික ඝාතකයා කොරන එකම වැඩේ මේ ආණ්ඩුව ජහමනයාට එපා වෙන කුමණ්ත්‍රණ කර කර ඉන්න එක කියලද? විදුලි බිල ඌ වැඩි කොරේ ආණ්ඩුවේ කාගෙන්වත් අහන්නේ නැතිව, කාටවත් කියන්නේ නැතිව උගේ හිතුමනාපෙට කියලද? ඌ එහෙම කරන්නේ ජහමනයා ආණ්ඩුවට විරුද්දව පාරට බස්සන්න කියලද? උඹ අපිට කියන්නේ ජනාදිපතිතුමා මැයි දිනේ දීපු ඊනියා සහනේ දුන්නේ පී.බී ගේ කුමන්ත්‍රන දැන ගෙන ඒක පරද්දන්න කියලද?

ඇයි යකෝ උඹලාගේ ජනාධිපතිතුමාට කියපන්කෝ ඔය පී.බී වගේ ආර්තික ඝාතකයන්ගේ  කුමන්ත්‍රන පරද්දන්න කාලේ නාස්ති කොර කොර ඉන්නේ නැතිව එක පාරටම ඌව අස් කරලා දාන්න කියලා.එතකොට පුරස්නේ ඉවරනේ. උඹටත් ඇහැකිනේ පී.බී ජයසුන්දර එලවන කම් මාරන්තික උපවාසයක් කරන්න. එහෙම කලොත් මමත් එන්නම් උඹේ සපෝර්ට් එකට ලෙමන් පෆ් පැකට් එකකුත් අරගෙන


Monday, May 6, 2013

මහා අඩු කිරීම- The Great Reduction



ජනාධිපති තුමා හම්බන්තොට පැත්තේ ඊවිනින් වෝක් එකක් දමමින් සිටිද්දී හමු වූ පාක්ෂිකයෙක් ආණ්ඩුව විදුලි බිල වැඩි කර ඇති බව එතුමාට කියන කම් ඒ ගැන දැන නොසිටි එතුමා  වහාම කොළඹ පැමිණ ඒ  ගැන සොයා බලා මැයි දිනයේදී ඓතිහාසික ටෝක් එකක් දී විදුලි බිල අඩු කලේය.

මේක ආරංචි වුන විමල් වීරවංශ ඇමතිතුමා ඉංජිනේරු සංස්ථාවෙන් හදා දුන් වේදිකාවේ උඩ සිට කස්තිරමක් අල්ලා "අපි කිව්වේ නැත්ද? ජනාදිපති තුමා විදුලි බිල වැඩි කරපු එක ගැන දැනගෙන හිටියේ නෑ.ඕක වැඩි කලේ පී.බී ජයසුන්දර. ජනාධිපති තුමා  දැන ගත්තානම් වැඩි කරන්ට දෙන්නේත් නෑ. ඔය දැනගත්ත  ගමන්ම අඩු කලා දැක්කා නේද? " ආදි වශයෙන් හේමාකර්ට් කම්කරුවන් මිනී වලේ ඇඹරෙන ජාතියේ ටෝක් එකක් දුන්නේය.

ජනාදිපතිතුමාගේ මේ ජනහිතවාදි, මානවප්‍රේමි ක්‍රියාව දිවයින පත්තරේ ලැප්ටොප් සුමනසේකර විස්තර කරන්නේ මෙහෙමය.

"විදුලිබල මණ්‌ඩලයේ අදාළ බලධාරීන් මෙන්ම ඒ සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලන අධිකාරිත්වයේ අදූරදර්ශී හා අසමර්ථභාවය විසින් වර්ධනය කරමින්, නඩත්තු කරන ලද විදුලි අර්බුදයේ විපාක ජනතා හිස මතට කඩා පාත් කරවීමට දරන ලද ප්‍රයත්නය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සාධනීය මැදිහත්වීම නිසා නතර වී තිබේ. ජනාධිපතිවරයා විසින් මැයි දිනයේදී මේ රටේ වැඩ කරන ජනතාවට ලබා දෙන ලද අගනා ත්‍යාගයක්‌ ලෙසද අපි එය සලකන්නෙමු. ඒ සඳහා අපගේ ප්‍රශංසාවද පළ කරන්නෙමු. "

වීරවංශලා,සුමනසේකරලා කියන විදියට දැන් ජහමනයා සද්ද වසා දමා චිත්තප්‍රීතියෙන් යුතුව ජනාදිපතිතුමාට ආසිර්වාද කරමින් සිටිය යුතුය. එතුමා විදුලි බිල අඩු කර ඇති නිසාය.

මේ කට්ටිය කියන ඔය මහා අඩු කිරීම ( The Great Reduction ) මොකක්ද කියා අප දැන් බලමු.

ඒකක 60 යනකම් කිසිම සංශෝධනයයක් නැත. ශත පහක් වත් වැඩි වන්නේ නැත. ඒකක 60 කියන්නේ විදුලි බලය පාවිච්චි නොකරනවා හා සමානය. බල්බ දෙකක් පැය කීපයක් පත්තු කර තබන්ටත්, අයි ටී ඇන් එකේ ප්‍රවෘත්ති හා කුණු රස ටෙලි නාට්‍ය දෙකක් බලන්නටත් අමතරව ඉස්කෝලේ යන පොඩි එවුන්ගේ ඇඳුම වල ඉස්සර පලුව මැද ගැනීමටත් පුලුවන. පිට පලුවත් මදින්ට ගියොත් සොරි තමා.ශීතකරණ , හීටර, බීටර, ග්‍රයින්ඩර, වතුර මෝටර, සුම්මාය.

මේ අඩු කිරීමෙන් පවුල් ලක්ෂ විසිපහකට සෙත සැලසෙන බව මේ මහත්තුරු අපිට කියන විට අපි තේරුම් ගත යුත්තේ පවුල් ලක්ෂ විසිපහක් ගල් යුගයට ටිකක් මෙහායින් නතර කර දමා ඇති බවය. ආශ්චර්ය කියන්නේ ඕකටය.60ට වැඩියෙන් පාවිච්චි කරන අනිත් අයටත් කියන්නේ උඹලාත් ගල් යුගේට පලයල්ලා කියලාය.

ඊ ලඟට 61 සිට 180 දක්වා ඒකක භාවිතා කරන අයගේ ඉන්ධන ගැලපුම් ගාස්තුවෙන් 25% කපා දමනු ලැබේ. මාරය. මාරම මාරය. එතුමාගේ මේ සහනය නිසා ඒකක 91 භාවිතා කරන කෙනෙකුට ලැබෙන සහනය කොහොමද?( මෙය 96 දක්වා වැඩි  කර ඇති බව කීයයි.)

වැඩි වීමට කලින්- රු.983

වැඩි කල පසු- රු.3372.00

ඊනියා සහනය ලැබුනු පසු- රු.3100 පමණ

සුම්මට අකලා නේද?

බොරුවේ උපත වන දේශපාලුවන් වේදිකා පලමින් අපි ජනයාට  මහා සහන දුන්නා යැයි කීම අපට සිතා ගත හැකිය. එය සැම දා සිදු වූ අතර ඔවුන්ගේ රක්ෂාවයි. එහෙත් කුප්ප බෝතල පත්තර කාරයින් තමන්ට ලැබෙන කේක් කෑල්ලට, අරක්කු බෝතල් කාලකට මෙතරම් පහත් අඩියකට වැ‍ටුනු යුගයක් අපි නොදනිමු. කණගා‍ටුව නම් දයාසේන ගුණසිංහ වැනි මහා පුරුෂයන් අභීතව අදීනව වැඩ කල තැනක දැන් සිටින්නේ  කුක්කන් වීමයි.

මේ මහා අඩු කිරීම( The Great Reduction) ගැන W3LANKA හි අජිත් පැරකුම් ලියු ලිපියකට දැමූ කොමෙන්‍ටුවක මෙසේ තිබුනි.

පුක පලනකම් බලා සි මැහුම් දැම්මාට පින් දුන්නා වාගෙයි“

වෙන මොකක්ද?

Friday, May 3, 2013

හදවත නැතිවීම



"නමුත් කවරෙකු විසින් හෝ කුමන හේතුවක් නිසා හෝ පුද්ගලයින් එකසිය පනස් හතර දෙනෙකුට නිදහසේ මිය යාමට ඇති අයිතිය උදුරාගෙන ඇති බව මගේ වෘත්තිය සීමාවෙන් ඔබ්බෙහි සිට කල්පනා කරනා විට මගේ හදවතට දැනෙමින් තිබේ"

කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවයන් එසේ පවසන්නේ පසුගියදා හමු වූ මාතලේ සමූහ මිනීවල පිලිබඳ තම වාර්තාවෙහිය.

ඔහුගේ හදවතට දැනුනු එම දෙය ලාංකීය සමාජයේ හදවතට දැනෙන බවක් පෙනෙන්නට නැත.

අහම්බයකින් මෙන් මේ මිනීවල හමු වූ මොහොතේ පටන් එය පිළිබඳව නොයෙක් දුර්මත පතුරුවාලීමට බොහෝ දෙනා, විශේෂයෙන්ම ජාතික තලයේ පුවත්පත් හා අනෙකුත් මාධ්‍ය බොහෝ උත්සාහ දැරුවෝය.

මිනීවළේ කැණීම් පිලිබඳව අවධානයෙන් සිටි සියල්ලෝම මුල සිටම දැන සිටි සත්‍ය වූයේ එහි තිබූ සිරුරු 88-89 භීෂණ සමයට අයත් ඒවා බවයි.තියුණු ආයුධවලින් කපා වෙන් කළ හිස්, අත් පා සහිත අනේක වද හිංසනයන්ට භාජනය කර තිබූ එම සිරුරු ඒ බව නිහඬ නොවී කියා පාමින් සිටියෝය.

එහෙත් එම සත්‍ය වසං කිරීමට අවශ්‍ය පුද්ගලයින් නොයෙක් කතා ගෙතූහ.

මෙය 1930 ගණන් වල වසූරිය වසංගතයකින් මිය ගිය වුන්ගේ සොහොනකැයි සමහර පුවත්පත්වල පල වූ අතර එම මතය සනාථ කිරීමට  ඒකාලයේ විසුවා යැයි කියන පුද්ගලයින් සමග කළ සම්මුඛ සාකච්ඡා ද පල කලහ.
තවත් සමහරුන් කීවේ මෙය 1950 ගණන් වලදී දිය හෙණයක් නිසා මියගියවුන් වල දැමූ තැනක් බවයි.නමුත් මේ ඊනියා දියහෙණය කුමක්දැයි කවුරුත් කීවේ නැත.


එතැනින් නොනැවතුනු සමහරුන් මෙය 1848 මාතලේ කැ‍රැල්ලටත් හා ප්‍රාග් ඓතිහාසික යුගයකට පවා සම්බන්ධ කළහ.මිනිස් ඉතිහාසයේ නොයෙක් ආකාරයේ අවමගුල් චාරිත්‍ර පැවති බව සත්‍යයක් වුවද මෙසේ හිස් කපා සිරුරු මත තබා ,දෑත් දෙපා වෙනම තබා , සිරුරුවලට දසවද දී භූමි දාන කරන ක්‍රමයක් ලෝකයේ කවර කලක හෝ තිබී ඇත්දැයි අපිනම් නොදනිමු.

මාතලේ මිනීවල අයිති යුගය පිලිබඳව මෙසේ පැහැදිලි හෙලිවෙමින් තිබියදීත් මෙවන් විකාර අදහස් පැතිරවීම නිසැකවම ඉතා දැනුවත් භාවයකින් කළ දෙයක් බව නිසැකය.

ඔවුන්ගේ අරමුණ වූයේ මිනීවල පිලිබඳව ජනතාව අතර  ව්‍යාකූලත්වයක් ඇති කිරීමය.මේ මියගොස් සිටින්නේ 1988-89 යුගයේ අතුරුදන් වූවන් යැයි කිවහොත් මියගිය උන්ගේ ඥාතින් තම දුවාදරුවන්ගේ, සැමියන්ගේ , බිරියන්ගේ, සොහොයුරු සොහොයුරියන්ගේ සිරුරු කොටස් සොයා පැමිණෙතැයි බියවූවා සේය.

එහෙත් අප යුගයේ වෙසෙන ගරු කටයුතු මිනිසුන් දෙදෙනෙකු හා වචනයේ පරිසමාප්තයෙන්ම විශිෂ්ඨ වෘත්තීයවේදින් දෙදෙනෙකු වන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන හා පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව යන දෙදෙනා ගේ  අනගි මෙහෙවර නිසාම එකසිය පණස් හතර දෙනෙකුන්ගේ ජීවිත වසා සිටි මේ සමූහ මිනීවල අයිති 1988-89 යුගයට බව විද්‍යාත්මකව තහවුරු වී ඇත.

ඔවුන්ගේ විද්‍යාත්මක වාර්තා නිකුත් වූ පසුව පවා ලක්ෂ්මන් හුලුගල්ලේ නමැති මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ එම ඇටක‍ටු අයිති කාලය හරියටම සොයා ගැනීම පිණිස කාබන් කාල නිර්ණයක් කල යුතු බවයි. එහෙත් කාබන් කාල නිර්ණයකින් කාලය නිර්ණය කල හැක්කේ ආසන්න වසර පනහකට පමණක් වෙන බව සලකන විට ඔවුන් නටන්නට හදන්නේ කුමන නාඩගමක්දැයි පැහැදිලිය.එනම් මෙම මිනීවල නැවත වතාවක් වසා දැමීමටය.


එයට ඉඩ දිය යුතුද?

වෛද්‍ය අජිත් ජයසේනත් , මහාචාර්ය රාජ් සෝමදේවත් තම වෘත්තීය වගකීම ඉ‍ටු කර තිබේ. මේ මිනීවල අයිති කාලය පිලිබඳව තිබූ සැක සංකා ඔවුන් දෙදෙනා විසින් දුරු කර ඇත.
දැන් මේ මිය ගොස් සිටින්නේ කවුද, ඔවුන් මිය ගියේ කෙසේද, ඔවුන් මරා දැමුවේ කවුරුන්ද යන ප්‍රශ්න මතුව තිබේ. ඒවාට පිලිතුරු සෙවීමට අප සූදානම්ද? අපට අවශ්‍යද?

මේ ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපතිවරයා පවසා ඇත. ජනාධිපති කොමිසම් පිලිබඳ ඉතිහාසය අප දන්නා අතර , මීට ප්‍රථම පත් කරන ලද සමහර කොමිසම් වාර්තා කිසි පලකට නැති ප‍තෝල වූ අතර සමහර වාර්තා කිසි දිනක එලියට ආවේ නැත.තව සමහර වාර්තා වසර තිහ හතලිහ යටපත් කරන මෙන් එම කොමිසම් පත් කල ජනාධිපතින්ම නියෝග දී ඇත.එම නිසා ජනාධිපති කොමිසම් ගැන විශ්වාසය තබන්නේ පිස්සන් හා මෝඩයන් පමණි.

පුද්ගලයින් 154 දෙනෙකුන්ගේ ජීවත් වීමේ අයිතිය බලහත්කාරයෙන් පැහැරගෙන වල දැමූ මේ සමූහ මිනීවල පිලිබඳව ,පුලුල් හා ස්වාධීන පරීක්ෂණයක් වහාම ඉල්ලා සිටිය යුතුය. මාතලේ ප්‍රදේශයේ අතුරුදහන් වූවන්ගේ ඥාතින් සංවිධානය වෙමින් ඩී එන් ඒ පරීක්ෂණ ලබා ගෙන වල දමා සිටින්නේ කවුරුන්දැයි හඳුනා ගත යුතුය.

මේ සියල්ල නිකම් සිදු වන්නේ නැත . ඒ වෙනුවෙන් ප්‍රබල හා පුලුල් හඬක් නැගිය යුතුය. උද්ඝෝෂණය කල යුතුය. ඒ සියල්ලට   පෙර මින්සුන් 154 දෙනෙකුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කර දමා එති බව ජනතාවගේ හදට දැනිය යුතුය.

එහෙත් ඒ බව ජනතාවගේ හදට දැනෙන දෙයක් බවට පත් වී නැත. එසේ පත් වීම වැලක්වීමට  මාධ්‍ය කටයුතු කරන අතර විපක්ෂය ඔහේ බලා සිටියි.ඉඳ හිට මාධ්‍ය සාකච්ඡාවක් තබා විසිර යයි.එපමණකි.

අනිත් අතට ගත් විට අපේ රටේ සියලු විපක්ෂ කටයුතු කරන්නේ ආණ්ඩුව හදා දෙන න්‍යාය පත්‍රයකට අනුවය. එදා වේල ට්‍රැවල්ස් මෙන් එදිනෙදා කුමක් හෝ ප්‍රශනයක් අල්ලා ගෙන එය සමග හැපේ. අලුත් ප්‍රශනයක් ආ විට පරණ ප්‍රශ්නය අතැර දමා අලුත් එක බදා ගනී.

මාතලේ සමූහ මිනීවල අයිති කාලය නිශ්චය වන විටම විදුලි බිල වැඩි වුනේ ඓතිහාසික ආකාරයකයට.  කවදාවත් නොවූ විරූ තරම් ඉහල ප්‍රතිශතයකිනි. (ආණ්ඩුව රටේම ජනයා තමන් සමග තරහ කර ගැනීමට තරම් වන මෙවන් ප්‍රතිශතයකින් විදුලි බිල ඉහල දැම්මේ මන්දැයි ගැඹුරින් සොයා බැලිය යුතුය.)

ඉන්පසු සමස්ත විපක්ෂයම විදුලි බිලේ එල්ලී ඉන්නා අතර දුමින්ද සිල්වා හාස්කමකින් නැගිට වීර කොණ්ඩයා සේ කකුල් දෙකෙන්ම ඇවිද ගෙන ගෙදර යන්නට ගියේය.  ඒ අතර වීරවංශ කොහේවත් නැති උතුරු මැතිවරණයක එල්ලී බඩ පිනුම් ගසයි.

දැන් මාතලේ සමූහ  මිනීවලක් තිබුනා දැයි  බොහෝ දෙනෙකුට  මතක  නැත.

එහෙත් එය අපූරු පාඩමක් සමාජයට කියා දී තිබේ.

එනම් අපරාධයක් කොතරම් යට ගසන්නට , වල දමන්නට තැත් කලත් කවදා හෝ  මතුව එන බවයි.








Wednesday, May 1, 2013

චම්පිකට නෝබෙල් තෑග්ග?



ගරු චම්පික ඇමතිතුමාගේ විද්‍යා , තාක්ෂණ හා  පරමාණුක බලශක්ති අමාත්‍යාංශය අලුත්ම සොයා ගැනීමක් කර තිබේය. ඒකේ නම  සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරයය.

මේක හදන්නට ගිය වියදම රුපියල් එක්ලක්ෂ හැත්තෑදාහක්ය. 

ඊටත් වඩා වියදම් කර අණබෙර ගසා ෆොටෝ එහෙම අල්ලා සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  පලමුවැනි තාප කුටීරය   පසුගියදාක  මැති ඇමතිවරුන්ද පිරිවරාගෙන ආපු  ඇමත්තෙක් අතින් විවෘත වුනේය. ඒ අහලම  අකුරු කොටපු ගලකුත් හිටෙව්වේ මේ නව තාක්ෂණේ උරුමක්කාරයෝ කවුද කියලා අනාගත ප්‍රම්ප්‍රාවට කියලා දෙන්ටය.

සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරය හදා ඇත්තේ කොහොමදැයි  හොයා බැලූ විට දැන ගන්ට ලැබුනේ යකඩ දැල් තට්‍ටු කීපයකට ගසා ඒ වටේට කපුටන්ට එන්ට බැරි වෙන්ට තව දැලක් දමා තිබීමය.

කොටින් කිව්වොත් සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරය කිය  කියන්නේ අව්වෙන් කරවල වේලන තට්‍ටුවටය.

ලංකාවේ  විද්‍යා ,තාක්ෂණ හා  පරමාණුක බලශක්ති අමාත්‍යාංශයේ අලුත් සොයා ගැනීම මාලු අව්වේ දැම්මාම කරවල හැදෙන බවය.

මේ  හොයා ගැනීම නිසා සමහර විට චම්පික ඇමතිතුමාට නෝබෙල් තෑග්ගත් හම්බ වෙන්ට ඉඩ තිබේය.අපි එතුමාට සුභ පතමු.

සටහන- මේ ගැන එක් බ්ලොග් අඩවියක තිබූ සටහනට පහත කොමෙන්‍ටුව  දමා තිබුනේය.
"ආහාර කල්තබා ගැනීමේ නව ක්ර මයක්. දියුණුවේ මං සලකුණු."

නයි කයිද රෝස්පාන් කිව්වලු

(ඡායාරූපය ලංකා ඊනිව්ස් වෙතින්)