Sunday, February 26, 2017

මානසික වෛද්‍යවරයෙක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත.



ලංකාවේ විශ්ව විද්‍යාලයකට යාමට නොහැකිව රූබල් කාමි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වල්ගයේ එල්ලී රුසියානු වෛද්‍ය උපාධියක් ලබා ලංකාවේ විශ්ව විද්‍යාල ගැන මහා වෛරයක්, කෝන්තරයක් පිරිමසා ගැනීමට තැත් කරන මානසික වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු කම් ලත් මානසික වෛද්‍යවරයෙක් කඩිනමින් අවශ්‍යව ඇත.

රෝග ලක්ෂණ

1. නිදහස් අධ්‍යාපනය නයාට අඳුකොල මෙන් වීම
2. ඇමෙරිකාව, කැනඩාව හා යුරෝපය වන්දනා කිරීම
3.  තමන් දන්න බව පෙන්වන ,එහෙත් නොදන්නා මනෝ විද්‍යාවෙන් සෑම දෙයක්ම විශ්ලේෂණය කිරීමට තැත් කිරීම
4.අන්තරය, ලංකාවේ වෛද්‍යවරුන් ,ඇතුලු ලංකාවේ සියලු දෙයක්ම පහත් කොට සැලකීම
5. ලෝකයේ සිටින මහා බුද්ධිමතා ,උගතා තමා යැයි සිතීම
6.PTSD, PTSD  යැයි වරින් වර හඬ නැගීම
7.ලොවෙත් නැති කවුරුන් හෝ සමග ඡායාරූප ගෙන අහවලා මහා බුඩ්ඩිමතෙකි, මම ඔහුගේ මිතුරාය ,සගයාය ,ආදි වශයෙන් ලිවීම
8.රුසියාවේ වසර කීපයක් ඉගෙන ගෙන ඇති නිසා සාර් නිකොලායි තමන්ගේ බාප්පා ලෙසත්, රස්පුටින් ගුරුවරයා ලෙසත් සිතීම
9. පුද්ගල චරිත ඝාතනයට ප්‍රිය වීම
10. චතුරසේනාරත්න සින්ඩ්‍රෝමයෙන් පෙලීම- ඉතිහාසයේ සිදුවීම් වලට තම සම්බන්ධය හෝ අඩුම වශයෙන් තමන්ගේ නෑයෙක් හෝ සම්බන්ධ යැයි නිතර කීම


මේ ආදි රෝග ලක්ෂණ රාශියක් ඇති මේ පුද්ගලයා පිං තකා සුව කර දීමට කැමති මනෝ වෛද්‍යවරයෙකු සිටී නම් කඩිනමින් ඉදිරිපත් වන්න. දැනටම ප්‍රමාද වැඩියි.

Friday, February 17, 2017

සයිටම්-ඉන්දියානු ආකෘතිය

 
Hundreds of medical licenses cancelled over India exam scam
 
India's Supreme Court has cancelled the licenses of 634 doctors embroiled in a medical school admissions scandal in central Madhya Pradesh state.
Hundreds of candidates were found to have cheated to gain admission to medical colleges between 2008 and 2013.
The Vyapam scandal has seen thousands of arrests and many mysterious deaths.
Vyapam is the Hindi acronym for an office that conducts examinations for government jobs and medical school admissions in the state.
In its verdict, the Supreme Court said the accused had engaged in "acts of deceit" and "mass fraud".
The scandal involved leaking question papers, rigging answer sheets and hiring bright students as impersonators to sit for candidates, as well as selling medical school seats to the highest bidder.
Anything between 1m rupees ($15,764; £10,168) and 7m rupees was paid for a seat, correspondents say.
More than 2,000 people have been accused in connection with the scandal since 2012.
Some 33 people - mostly accused in connection with the scam - have died in the past three years, raising suspicions of foul play. It is not clear how many of the deaths are linked to the scandal.
http://www.bbc.com/news/world-asia-india-38965725

Thursday, February 16, 2017

අම්මා සහ චින්නම්මා එදිරිව අප්පච්චි සහ බාප්පොච්චිලා



අම්මා මැරුණාම චින්නම්මා හිතුවේ මහම්මා වෙන්ටය. ඒත් උන්දෑට සිද්ද වුනේ මහ උළුගෙයි උළු ගණන් කරන්ටය. ඇපීලක් දමා එලියට ඇවිත් සමා බජනයක් ලබා ගන්ට පුලුවන් වේදැයි කියන්ට තවම වේලාසන වැඩිය. දැනට නම් චින්නම්මා කම්බස්ය.

එහේ එහෙම උනාට මෙහෙ වෙනස්ය. මොකද කියනවා නම් අපි හරි වෙනස් ජාතියක් නිසාය. අප්පච්චි මැරුණාම පුතාලා අප්පච්චි වල දාන්ට කතා කරන අතරේ බාප්පොච්චිලා රටෙනුත් පැන ගියෝය. ඒ ටික දවසකටය. අප්පච්චිගේ මිනිය කරේ තියාගත්තු උන්දෑලා ඒක වෙන්දේසි කොර කොර රට වටේ ඇවිදින කොට අප්පච්චිටත් තමන් මලා කියලා අමතක වෙලාය. බාප්පොච්චිලාත් අලුත් පණක් ලැබුවා වාගේ ආපහු ඇවිත් අප්පච්චි වටේ කැරකෙන ගමන් අප්පච්චිටත් කෙලලා මහප්පච්චිලා වෙන්ට තනනවාය. ඒ අතරේ  අප්පච්චිගේ තැන ගන්ට බාප්පොච්චිලා විතරක් නෙවේ, පුතන්ඩියාත් හටන් කොරනවාය.

ඔය අව් අස්සේ මාමණ්ඩී , අප්පොච්චි එක්ක හවුලක් දායිද කියලා හිටන්  සැකය. එහෙම වුනොත් නම් රටට අබ සරණය. අනික ඉතින් එහෙම නොවුනා කියලාත් අබ සරණම තමාය.

ඔය කවුරු මොනවා කලත් අපිට වෙනසක් නැතිය.  අපිට ඕනෑ හාල්ය. අපි දැන් ඉන්නේ දෙයියන්ගේ හාල් කැවිලා වගේය. . ඒ  ඩඩ්ලිගේ හාල් ගිනි ගණන් නිසා ය.  ඩඩ්ලිගේ හාල් වල ගණන් හැටියට අපිට කන්ට වෙන්නේ එක්කො දෙයියන්ගේ හාල්ය. එහෙම නැත්තන් ක්‍රෝටන් කොළය.ඔය දෙකම නැත්නම් කනේරු ඇටය.

Thursday, February 9, 2017

සයිටමයේ අයිටම්

 

.සයිටම් නරක එහි ප්‍රමිතිය අඩු  නිසා හෝ නැති නිසා යැයි කීම බොළඳ හා  ඊටත් වැඩියෙන් කුහක තර්කයකි. ඊනියා ප්‍රමිතියක් තිබුණත් සයිටමයට  එකඟ විය නොහැක.
 
 මක් නිසා ද යත් එයින් අප නිදහස් අධ්‍යාපනය යැයි හඳුනා ගනු ලබන දෙය විනාශ කර දමන බැවිනි. සයිටම් මුදලාලි නොහොත් නෙවිල් ප්‍රනාන්දු යනු විශ්ව විද්‍යාලයක් ඇරඹීමට සුදුසු විද්‍යාර්ථියෙක් නොව කූට වෙලෙ‍ඳෙක් වන බැවිනි. සයිටමය යනු තරුණයන්ගේ සිහින ගසා කෑමට සාදා ගත් කෙමණකි. එම කෙමණට අසුවන උන් කුඩමසුන්  සේ විනාශ ය කරා යති. වෙනසකට ඇත්තේ උන් වෙදුන් වී රටේ ජනතාවත් සමගම විනාශයට යාමට තැත් කිරීමයි.
 
ප්‍රමිතිය ගැන කතා කිරීම අමන කමකි.මක් නිසාද යත් සයිටම් වාදින්ම එයට  ඉතා හොඳ පිළිතුරක් දෙන බැවිනි. ඔවුන් කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල උගැන්වූ මහාචාර්යවරුන් 14ක් හෝ 15ක් දැනටමත් සයිටම් හි සේවය  කරන බවත් සමහර රජයේ වෛද්‍ය විද්‍යාලවල මහාචාර්යවරුන් ඇත්තේ ඊට අඩුවෙන් බවත්ය.
සයිටම් ආයතනය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන නියම තර්ජනය ඇත්තේ එහිය.තම මුදල් බලය යොදවමින් රාජ්‍ය විශ්ව විද්‍යාලවල සේවය කරන ඇදුරන් එයට ඇද ගැනීමය. මෙය වඩාත් උග්‍රවන්නේ රජයේ සරසවි ඇදුරන්ට අඩු වැ‍ටුප් හා ඉතා අයපත් කොන්දේසි යටතේ සේවය කිරීමට සිදුව ඇති නිසා සයිටම් මුදලාලිලාට ඉතා පහසුවෙන් ඔවුන් ඇද ගත හැකි  වීමය. .
 
 එසේම රජය ක්‍රම ක්‍රමයෙන් අධ්‍යාපනයට යොදවන මුදල් කප්පාදු කරමින් පෞද්ගලික විශ්ව විද්‍යාල දියුණු කිරීමට මිලියන සිය ගණන් කප්පම්  දෙන තත්වයක් තුල මෙය තවත් උග්‍ර වනු ඇත.
 
ඉතා විශාල ආයෝජන සහිත පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිරියේදී ගෙන ඒමට රජය දරණ උත්සාහයේ අනිවාර්ය ප්‍රතිපලය වනුයේ රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය ක්‍රමයෙන් විනාශ වීමය. පාලකයින්ට අවශ්‍ය වී ඇත්තේද එයයි.
 
මේ සයිටම් විරෝධී සටන , හුදු නෙවිල් ප්‍රනාන්දු මුදලාලිට එරෙහි සටනක් නොව නිදහස් අධ්‍යාපනය ‍රැක ගැනීමේ සටනක් කර ගත යුත්තේ ඒ නිසාය.

Tuesday, February 7, 2017

මේ තරම් ආතල්ද සයිටම්





මේ තරම් ආතල්ද සයිටම්
 හිතන්නටවත් බැරි නිසා
 මම ගියා සයිටම් එකේ
  ලොක්කෙකු   සොයා...
 
ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ
  ඇඳක් යට  පැදුරක් එලා
හො‍ටු හූරමින් බලයි ඔහු
 ආණ්ඩුවේ දොස්තර දිහා...
 
සයිටමේ රෝහලට  නුඹ
 නොගියේ ඇයිදැයි කියා
 මා ඇසූ විට හිනැහුනා ඔහු
මං පණට ආදරෙයි කියා...


 

Friday, February 3, 2017

ස්වර්ණ(පොලිස්) වාහිනියේ මී හරක් වාර්තාකරණය







ඊයේ කොළඹ කො‍ටුව ප්‍රදේශයේදී සයිටම් විරෝධී සරසවි සිසු පාගමනට පොලීසිය එල්ල කළ මෘග ප්‍රහාරය නිසා මලමිනී විකුණමින් තම ජීවිකාව සරි කරගන්නා හරේන්ද්‍ර ජයලාල් ප්‍රමුඛ ස්වර්ණවාහිනි නඩය මහත් අමනානන්දයට පත්ව සිටී.

මේ අමනවාහිනියට අනුව පොලිස් ප්‍රහාරය එල්ල වූයේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අපහසුතාවට පත් වීම වැලක් වීමට බවයි. නමුත් ආණ්ඩුවට පක්ෂපාත පාගමන්, පෙලපාලි වලින් එසේ සිදු නොවන බව සිරි ලංකා පොලෝසිය මෙන්ම පොලොසියේ මාධ්‍ය අංශය ලෙස කටයුතු කරන ස්වර්ණවාහිනි නඩයද නිගමනය කර ඇත. ඔවුන්ට අනුව මහජනයා අපහසුතාවට පත් වෙන්නේ ආණ්ඩු විරෝධී ‍රැලි වලින් පමණි.

ලොවෙත් නැති නිදහසක් සමරන්නට යැයි කියමින් මේ දිනවල මාර්ග වසමින් ජනයා අපහසුතාවට පත් කරන ඊනියා නිදහස් පෙරහුරු ගැන මෙම මීහරක් වාර්තාකරුවන්ට වගේ වගක් නැත. ඒ ඔවුන් වැඩ කරන්නේ නෙවිල් ප්‍රනාන්දුගේ අරක්කු කාලට හා බත් පැකට් එකට නිසාවෙනි.

මෙම තක්කඩි මාධ්‍යකරුවන්ට අනුව සිසුන්ගේ පා ගමන් නිසා අහපසුතාවට ලක් වෙන්නේ සයිටම් හා කිසි සම්බන්ධය්ක් නැති ජනතාවය. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ග්‍රාමීය පාසල් වලින් ඉගෙනුම ලබා කොළඹ පැමිණ ටයි කෝට් අඳින හරේන්ද්‍ර ජයලාල් ලාට අනුව නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපනය මුදලාලිකරණය බලපාන්නේ වෛද්‍ය සිසුන්ට පමණි. මොළය උඩ වාඩි වී ප්‍රවෘත්ති කියවන හරෙන්ද්‍ර බඳු ගිරා පැටවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම මීහරකුන්ගෙන් අවකලනය දැනුම බලාපොරොත්තු වීම  හා සමාන දෙයකි.මෙම සිදු වීමේදී සිසුන් අත් අඩංගුවට පත් වීම මෙම මී හරකුන් වාර්තා කල  පිළිකුල් සහගත  ආකාරයෙන් පෙනී යන්නේ මොවුන් මොලේ නැති මෝඩයින්ටත් වඩා අමන තක්කඩි  ලේ පිපාසිත නරුමයන් ‍රැලක් බවයි

දුප්පතුන්ගේ රන් භාණ්ඩ උකසට ගෙන ගිනි පොලියෙන් ජීවත් වන එදිරිසිංහලාගේ දාසයින් වන හරේන්ද්‍රා ලා අද සිතන්නේ තමන්ද අයත් වන්නේ ධනපති පංතියට බවයි. ඔවුන් නොදන්නා කාරණය නම්  ඔවුන් තබා ඔවුන්ගේ හාම්පුතුන්වත් එම පංතියට අයත් නොවන බවත්, ඔවුන් සියල්ල පාදඩ ධනපතියන් බවත්ය. ජයලාල් ලාගෙන් අවශ්‍ය සේවය ලබාගෙන නිම වූ පසු පස්ස පැත්තට නොහොත් උන්ගේ මොලයට පා පහර දී දොට්ට දමන බවයි.

.

Wednesday, February 1, 2017

හොර උපාධි කඩේ පිළිගනු !


 

අද ලැබුණ තීන්දුව ගැන අප වඩා බියවිය යුත්තේ SAITM ශිෂ්‍යයන්ට වෛද්‍ය පත්වීම් ලැබෙන නිසා නොවේ, නිදහස් අධ්‍යාපනයේ මළගම නිසාත් නොවේ (ඔය කියන නිදහස් අධ්‍යාපනය මියගොස් ...බොහෝකල්‍ ය) , අධිකරණයේ ස්වාධීනත්වය පරශ්නකාරී වන නිසාත් නොවේ... සැබෑ ප්‍රශ්ණය ගරු අධිකරණය විසින් නිර්වචනය කර ඇති පරිදි වෛද්‍ය උපාධිදාරීන්ට ලංකාවේ ලියාපදිංචිය තීරණය කිරීමෙහි ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයභාරයයි. එසේ තීරණය කිරීමේදී වෛද්‍ය සභාව (SLMC ) කෙතෙක් දුරට බලයක් උසුලන්නේද , ඇමතිවරයාට කොපමණ බලයක් ඇතිද යනුවෙන් අධිකරණ තීන්දුවෙන් පෙනීයන කාරණා ඇඟ කිලිපොලා යන සුලුය.



සයිටම් වෛද්‍ය උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබාදෙන ලෙස දුන් තීන්දුවේ පදනම ආරංචි වන ආකාරයට මෙසේයි. මේ කරුණු වෙනස් විය හැක.


වෛද්‍ය උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබා දීමේදී ශ්‍රිලංකා වෛද්‍ය සභාවට නෛතික බලතලයක් නැත. ඇත්තේ නිර්දේශ නිකුත්කිරීමේ හැකියාව පමණි. එම නිර්දේශ යන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාටය. එසේ නිකුත්කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හෝ නිශේදනය කිරීමේ සම්පූර්ණ බලය ඇත්තේ සෞඛ්‍ය ඇමති වරයාටය. මීට පෙර වෛද්‍ය සභාව  මගින් සයිටම් ආයතනය වෛද්‍ය උපාදිය ලබාදීමට අවශ්‍ය සුදුසුකම් ලබා නැතිබවට වාර්තා අමාත්‍යවරයාට ඉදිරිපත්කර ඇත. මෙතෙක් කල් සයිටම් සම්බන්ධයෙන් එසේ නිකුත් කල නිර්දේශය සෞඛ්‍ය ඇමතිතුමා විසින් (කුමක් හෝ හේතුවකට )සැලකිල්ලට ගෙන නැත. අධිකරණ නියෝගය වන්නේ එසේ සැලකිල්ලට නොගැනීම වරදක් බවත්, එය වරදක් ලෙස සලකා දඬුවම ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සයිටම් උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබා දීමයි. මීට එහා ගිය දඬුවමක් ඇමතිට ලබා දී නැත.
දැන් අධිකරණය අර්ථකථනය කරන පරිදි කුමන හෝ තත්වයක තිබෙන වෛද්‍යපීඨයක උපාදිය පිලිගැනීමේ සහ එයින් එලියට එන වෛද්‍ය උපාධිදාරියෙකුට වෛද්‍යවරයකු ලෙස ලංකාවේ ලියාපදිංචි වී වැඩ කිරීමේ යෝග්‍යතාව නිර්දේශකිරීමේ SLMC 'නිර්දේශ' පිලිගැනීමේ හෝ නොගැනීමේ හැකියාව සෞඛ්‍ය ඇමතිවරයාට ඇත. එය සිදුවන්නේ ඔහුගේ දැනුමේ අවබෝධයේ හැටියටය. ( ලංකාවේ සිදුවිය හැකි possibilities , scenarios ගැන මතක් කර හිරිගඩු පිපෙන හැටි බලන්න )




ඉතින් මේ කියන හැටියට ලංකාවට SLMC එකක් මොකටද? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙපමණ සංවේදී කරුණක් නියාමනය සිදුවිය යුත්තේ ඇමති අතින් නම් මේ රටේ සෞඛ්‍යයේ අනිත් තැන් නියාමනය කරන්නේ මොන එකකටද? Guidelines, protocol, training programs , researches, inquiries කර මේ quality එක පවත්වාගැනීමට මෙච්චර මහන්සියක් වෙන්නෙ මොකටද? මේ ඕනෙම එකක් අභියෝගයට ලක් කිරීමේ හැකියාව දැන් ලැබී ඇත. SLMC හි ශක්තිය දැන් ප්‍රශ්න කර හමාරය. මේ හානිය මෙතනින් නවතින එකක් නැත. උදාහරණයකට ගතහොත් වෛද්‍යසභාවෙන් නියාමනය කෙරුණු pharmacy, nursing, paramedics, dental ආදී අංශ ගණනක් මේ මගින් ඉතිහාසයේ නොවූ විරූ තරම් ප්‍රශ්න වලට මුහුණ දෙනු ඇත. මෙච්චර කාලයකට අවම බලපෑමක් යටතේ ලංකාවේ සෞඛ්‍යය නියාමනය කරපු SLMC හි ඩියුටි එක ජෝක් එකක් කර ඇත. මෙය වහා නිවැරදි කර ගත යුතුය. SLMC රැක ගැනීමට , එහි නෛතික සිදුරු වසා සවිමත් කිරීමට පුලුල් නීතිමය, දේශපාලන ක්‍රියාවලියක් දියත් කල යුතුය. ජනවාරි 8 ස්වාධීන කොමිෂන් සභා ගැන සිහින දැක දැක මේ ආණ්ඩුව පත්කරගත්ත මිනිස්සුන්ට අඩුම තරමේ මෙච්චර කල් පොඩ්ඩක් හරි ස්වාධීනව වැඩ කරපු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වත් රැක දිය යුතුය.(https://www.facebook.com/FreeEducationSL/?hc_ref=NEWSFEED)