Tuesday, June 18, 2019

කොන්ඩම් බාල්දි



මීට කලකට ඉහතදී ජයවර්ධනපුර සරසවියේ උප කුලපතියෙක් සිසුවියන්ගේ කන්‍යා භාවය සොයන්නට දඟලමින් මහත් විපිරියාසයක් කොලේය. ඒ තුමා දැන් කොහේ ඉන්නවාදැයි අපි නොදනිමු.

නමුත් දැන් ඒ ජාතියේම තවත් ඩයලයක් ෆීල්ඩ් එකට බැස තිබේ. ඒ රුහුණු සරසවියේ උප කුලපති  උන්නාන්න්සේය. ඒ තුමා ශිෂ්‍ය සංගම් කාර්යාලයකින් කොන්ඩම් බාල්දියක්  හොයාගත් බව කියමින් ජපුර කරුනාරත්න වර්ගයේ ඝෝෂාවක් , එනම් උඩු බීරිමක් ,කරමින් සිටී.

දැන් එතුමා අපට කියන්නට හදන්නේ කුමක්ද?

සරසවි සිසුන් ලිංගික ක්‍රියා කිරීමේදී කොන්ඩම් නොපැලඳිය යුතු බවද.?

 එවිට කෙල්ලන්ට ලැබෙන බබාලා නඩත්තු කරන්නේ අමරසේන උන්නැහෙද?

සමහර විට එතුමා මේ දිනවල නැගලා යන මාතෘකාවක් වන සිංහල ජාතිය බෝ කිරීම සඳහා සරස්වි සිසු සිසුවියන් යොදා ගැනීමේ ව්‍යාපෘතියක් බාරගෙන තිබෙනවා වෙන්නට පුලුවන. එහෙම ව්‍යාපෘතියක් ඇත්නම් ඒ බව කෙලින්ම කිව්වා නම් වඩා හොඳය. එවිට ඔය වැඩේට ස්වේච්ඡාවෙන්ම ඉද්‍රිපත් වී ආධාර කිරීමට ඕනෑ තරම් පිරිස් ඉදිරිපත් වනු ඇතිය.

සටහන- කොන්ඩම් බාල්දි තිබුනාද නොතිබුනාද අපි දන්නේ නැත. අපිට එකක් සහතිකය. සරසවි කොල්ලන් කෙල්ලන් කොන්ඩම්  පාවිච්චි කරනවා නම් එය, පසුව ගබ්සා කරනවාට වඩා දහස් ගුණයක් හොඳය.

https://pittnews.com/article/65843/news/student-health-to-distribute-free-condoms/

1 comment:

  1. කහන්නෙ එකෙක්ගෙ පස්ස. රුදාව තව එකෙට්ට. කාට කියන්නද බං.. එකේක උන්නැහේලට ජනඅප්‍රිය වෙන්ඩත් මාර්තෘකා ඕනි නෙව 😏

    ReplyDelete