Thursday, February 20, 2014

අනේ සොරි මෙයාලා මං දන්නේ නෑ නේ



සොරි සොරි අනේ සොරි සොරිම සොරි
කියමින් වැඳ වැටෙයි ගොම්මන්පිල ගොයියා
රජයේ නිලදරුවන්ට දෙස්පාලනය
තහනම් බව දන්නේ නැතිලු මේ නීතිඥයියා

ඕනැම හරකෙකුට චන්දය ඉල්ලිය හැකිය
ඒ බව ඇත්ත එනමුත් චන්දය දා උදයේ
බූවල්ලක් ‍රැගෙන ගොසින් හත් පාරක් තලනු වටී
මේ වගේ හරකුන්ට චන්දය දෙන  හරකුන්ට
-රංචාගොඩ ළමයා-

Tuesday, February 18, 2014

උඹේ කටෙත් යුආන් මගේ කටෙත් යුආන්


පසුගියදා මහත්  ආන්දෝලනයකට තුඩු දුන් මාතලේ සමූහ මිනී වලෙන් පසු දැන් තවත් සමූහ මිනී වලවල් දෙකක් මන්නාරමෙන් හා ත්‍රිකුණාමලෙන් මතු වී තිබේ.

අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන හා පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මාතලේ සමූහ මිනී වල ස්ථීර ලෙසම 1987 -89 කාලයට අයත් බව තහවුරු කර තිබියදී  ඒ ගැන වගේ වගක් නැතිව රජය විසින් එහි හමු වූ ඇට සැකිලි කාබන් පරීක්ෂණය සඳහා චීනයට යවන ලදි.

මෙහි ඇති විශේෂත්වය නම් වසර පනහකට අඩු ද්‍රව්‍ය සඳහා කාබන් කාල නිර්ණය පල රහිත බව හොඳින්ම දැන දැනත් මෙලෙස ක්‍රියා කිරීමයි.

අනික් අතට චීනයත් රාජපක්ෂ රෙජිමයත් අතර ඇති ගනුදෙනු දෙස බලන විට රෙජිමයේ බලවතුන් අපහසුතාවට ලක් වන  ප්‍රථිඵලයක්  චීනය විසින් ලබා දෙනු ඇතැයි කිසිසේත් සිතිය නොහැක.

තමන්ගේ එකෙක් බේරාගැනීම සඳහා රාජපක්ෂ රෙජිමය එලෙස ක්‍රියාත්මක වීම අපට අවබෝධ කර ගත හැකිය.තමන්ගේ එවුන් එලෙස බේරාගන්නා බව ජනාධිපතිවරයාම මීට ප්‍රථම පවසා තිබුණි.

එහෙත් අපට ගැටලුවක් වන්නේ තම සාමාජිකයන්, ආධාරකරුවන් හෝ හිතවතුන් සිය ගණනකගේ සිරුරු වැලලී තිබුණු එම  සමූහ මිනී වල  පිලිබඳව ජවිපෙ දැන් දක්වන නිහඬතාවයි.

සොහොන් බිම හමු වූ දිනවල පුවත්පත් සාකච්ඡා ,උද්ඝෝෂණ තබමෛන් ඒ ගැන මහත් හඬක් නැගු ජවිපෙ සිරුරු කොටස් චීනයට් යැවීමට තීරණය කළ පසු යම්තම් කෙඳිරියක් වන් හඬක් නගා ඉන්පසු නිශ්ශබ්ද වූයේ මක් නිසාදැයි හුදී ජනයාට මහත් ගැටලුවක් වී තිබේ.