Sunday, May 25, 2014

කතරගම දෙයියෝ මාර පොරක්නේ ඕයි




කතරගම යනු දෙවියන්ගේ රටය. එහෙයින් දෙවියන්ගේ අඩවියේ අකටයුතුකම් කරන කිසිවකුට යහතින් විසීමට නොහැකි බව තතු දත්තෝ පවසන්නාහ. කතරගම පූජා භූමියේ සේම දෙවියන්ගේ අඩවියේ බෝම්බ පුපුරවා ලේ විලක්‌ කළ ත්‍රස්‌තවාදීන්ට මෙන්ම කැරළිකරුවන්ට අත් වූ ඉරණම අපි පසුගිය සතියේ සටහන් කර තැබුවෙමු. මේ සතියේ අප පෙළගස්‌වන්නට යන්නේ කපුකම රජකම කරගෙන අවසානයේ පණපිටින් අපාගත වූ කතරගම දේවාලයේ කපු මහත්වරුන් ගැනය. දේව සාපය ලැබුණු ආශ්චර්යමත් කතා අපට කීවේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරාන්දර සොමිපාල ටී. රත්නායක මහතාය. මේ පෙළගැසෙන්නේ ඔහු කියන කතාය.

 දෙයියෝ කිලිවලට බයයි. කිල්ල කියන්නේ විෂබීජ. ඒ නිසා දෙවියන්ට කරන පුද පූජා පිරිසිදුව භක්‌තිවන්තව කරන්න ඕනා. ....... කතරගම දෙවි හාමුදුරුවන්ට භක්‌තිවන්තව පුද පූජා කරනකම් යාදෙයි. එහෙම නැති වුණොත් අපිටත් වරදියි. ඒ වගේම තමයි පිරිසිදුව නොතබන කිසිම පූජාවක්‌ දෙයියෝ බාරගන්නෙත් නැහැ.

අද වගේ නෙමෙයි ඉස්‌සර කතරගමට මේ විදිහට බැතිමතුන් ආවේ නැහැ. ඒ නිසා කපු මහත්වරු හේන් වැඩ කරන ගමන් ඇවිත් තමයි දෙවියන්ට පූජාව තියලා ගිහිල්ලා තියෙන්නේ. එහෙම කරපු කපු මහත්වරුන්ටත් දේව දඬුවම් ලැබිලා තියෙනවා. සල්ලිවලට ඇති තණ්‌හාවට කතරගම දේවාලයට ලැබෙන තුටු පඬුරු පොදි ගහපු කපුමහත්වරුන්ගේ අන්තිම කාලයේ අතේ පිච්චිය නැතිව පාරක්‌ පාරක්‌ ගානේ හිඟා කනවා අපි දැකල තියෙනවා. කතරගම දේවාලයේ වැඩ කරපු කපු මහත්වරු හුඟ දෙනකුට ඒ අයගේ ජීවිතේ අවසාන භාගය බොහොම දුක්‌ත ඉරණමකට මුහුණ දෙන්න වුණා. අපි ඒ දේවල් ඇස්‌ පනාපිට දැක්‌කා. නම් ගම් හෙළි කරන්න කැමති නැහැ. මම ඒ වගේ සිද්ධි ටිකක්‌ මතක්‌ කරන්නම්.

බොහොම අමාරුවෙන් ජීවත් වුණු මනුෂ්‍යයෙක්‌ව මම දේවාලේ කපුකමට ගත්තා. මිනිහා මුලදි බොහොම හොඳට දේවකාරිය කරගෙන හිටියා. ටික ටික අතට සල්ලි ලැබුණා. ගෙවල් දොරවල් හැදුවා. යාන වාහන ගත්තා. දියුණුවත් එක්‌කම මිනිහට මුල අමතක වුණා. ඒ හැම දේම දෙන්නේ දෙවි හාමුදුරුවෝ විත්තිය අමතක වුණා. සම්පූර්ණයෙන්ම වෙනස්‌ම මිනිහෙක්‌ වුණා. හොඳ හැටි මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. පිළී ජාති කෑවා. අපිරිසිදුව දේවාලයට ආවා ගියා. අන්තිමට කපු මහත්තයා දේවාලයට උදේට වෙන කෙනෙක්‌ව එවලා එයා ආවේ රෑට. එහෙම ඇවිත් දේවාලය වහලා යනකොට එදා දවසේ ලැබෙන තුටු පඬුරු ටික මල්ලකට දාගෙන අරගෙන ගියා. ඒ පඬුරු මල්ල ගෙනියන්නෙත් එයත් එක්‌ක එන බල්ලා. කපු මහත්තයා කාර් එකෙන් යනවා. බල්ලා ඒ කාර් එකට ඉස්‌සරහින් සල්ලි මල්ලත් කටින් උස්‌සාගෙන දුවනවා. ටික කාලයක්‌ ඒ සෙල්ලම කරගෙන ගියා. අද නවත්වයි, හෙට නවත්වයි කියලා අපිත් බලාගෙන හිටියා. කතරගම දෙවි හාමුදුරුවොත් බලාගෙන ඉන්න ඇති. ඒත් නැවැත්තුවේ නැහැ. කෑවා බිව්වා හොඳට විනෝද වුණා. අන්තිමේ මිනිහට හැදුනා සිරෝසිස්‌ රෝගය. කොළඹ තියෙන හැම පුද්ගලික ඉස්‌පිරිතාලේකම නැවතිලා ප්‍රතිකාර ගත්තා. හම්බ කරපු සල්ලි ඉවර වෙනකම්ම රෝහල්වල නැවතිලා ප්‍රතිකාර ගත්තා. ඒත් සුවයක්‌ දැක්‌කේ නැහැ. අන්තිමේ කොළඹ එක පුද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක්‌ කියලා තිබුණා හොඳ කරන්න පුළුවන්. හැබැයි ආයෙමත් බොන්න එපා කියලා. කිව්ව වගේ හොඳ වෙලා ආවා. දවස්‌ දෙක තුනයි හිටියේ ආයෙමත් බොන්න පටන් ගත්තා. මිනිහා මැරුණා. ඒ වෙනකොට මිහිහට බෙහෙත් කරන්න ඉඩකඩනුත් විකුණලා තිබුණේ. අන්තිමේ පවුලේ උදවියත් බින්දුවටම වැටුණා.

එකදහස්‌ නවසිය ගණන්වල කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරාන්දරය දැරූ කපු මහත්තයත් හොඳට මස්‌ මාංශ කාපු කෙනෙක්‌. ඌරු මස්‌ කාලා දේවාලයට ඇවිත් පූජාව තියලා. වතුර පොදක්‌ නාන්නේ නැතිව ඇවිත් දේවාලයේ පූජාව තියලා, කාලයක්‌ දේවාලේ කපුකම කළා. එහෙම ඉන්නකොට අකාලයේ අසනීප වෙලා අන්තිමේ ඇවිද ගන්න බැරිව ගියා. මැරෙනකම්ම කොළපතක්‌ පස්‌ස පැත්තෙ බැඳගෙන තමයි ඇවිද්දේ. ඒ මනුස්‌සයා මැරුණු වේලාවේ ගිනි ගහන පෑවිල්ලේ කතරගමට මහා වර්ෂාවක්‌ වැස්‌ස. වැස්‌ස පෑව්වේ මරණය කටයුතු කළාට පස්‌සෙයි. වැස්‌සෙ ඝනකමට සොහොන ගිනි ගත්තෙත් නැහැ. අන්තිමේ ටයර් දාලා පෙට්‍රල් ගහල තමයි මිනිය පිච්චුවේ.

මේ තවත් දේව සාපයක්‌ ගැන කියෑවෙන කතාවකි. දේවාලයේ දෙවියන් වැඩම වන ආසනය හඳුන්වනු ලබන්නේ 'වත පුටුව' නමිනි. එක්‌ බැතිමතකු එම මත පුටුවේ පවුම් දහයක මාලයක්‌ පැළඳවීමට භාරයක්‌ විය. එම භක්‌තිවන්තයා දෙවියන් ඉදිරියේ පැතූ පැතුම් එලෙසින්ම ඉටු විය. එසැණින් ක්‍රියාත්මක වූ භක්‌තිවන්තයා භාර වූ පරිදිම කතරගම දේවාලයේ පෙරහැර පැවැත්වෙන දිනයක රන් මාලය ගෙනැවිත් "වත පුටුවට" පැළැන්දුවේය. අනතුරුව ඔහු ඉහවහා ගිය සතුටින් කාවඩි නටමින් පෙරහැරේද ගමන් කළේය.

ඒ භක්‌තිවන්තයා රන් මාලය "වත පුටුවට" පළඳින අවස්‌ථාවේ එහි සිටි කපු මහතාට මාලය ගැන ලෝභ සිතක්‌ පහළ විය. පහුවදා හිමිදිරියේම කපු මහතා ක්‍රියාත්මක විය. දේවාලයට පැමිණි කපු මහතා රන් මාලය තම කමිස සාක්‌කුවේ දමා ගත්තේ එවැනිම රිදී මාලයක්‌ සකස්‌ කර රන් ආලේප කර ගෙනත් "වත පුටුවේ" පැළඳීමට අදිටන් කරගෙනය. එය රහසක්‌ වශයෙන් තබාගැනීමටද ඔහු සිතා ගත්තේය. එම වටිනා රන් මාලය තම ආදරණීය බිරිඳට තෑගි කර කපු මහතා රිදී මාලයක්‌ ගෙන ඒමට වෙළෙඳපළට ගියේය.

කතරගම ගිනි ගහන පෑවිල්ලය. එහෙත් හොර කපුවා නිවසින් එළියට බසින විටම හෙන පුපුරමින් මහා වැස්‌සක්‌ ඇදහැලිණි. එහෙත් සවස්‌ වීමට පෙර "වත පුටුවට" මාලයක්‌ පැළඳිය යුතු බැවින් ඔහු වැස්‌ස මැදින් වෙළෙඳපොළට යැමට පය ඉක්‌මන් කළේය. වැඩිදුරක්‌ ගමන් කිරීමට නොහැකි විය. පය ලිස්‌සා මහ මඟ ඇද වැටී දරුණු ලෙස හිස තුවාල විය. ගම්වැසියෝ එකතු වී කපුවා රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු යන ලෝකයට ගොස්‌ තිබිණි. මහ වැස්‌ස මෙන්ම සුළඟ ද ප්‍රචණ්‌ඩ විය. සුළඟ ගස්‌ කොළන් කරකවා පොළවට කඩා දැම්මේය. කපු මහතාගේ නිවසට ද ගසක්‌ කඩා වැටී නිවසේද අඩක්‌ කඩා වැටිණි. ඒ මොහොතේ නිවසේ අනෙකුත් සාමාජිකයන් ඥති නිවසකට ගොස්‌ සිටි බැවින් නිවැසියන්ට අනතුරක්‌ නොවිනි. එහෙත් කපු මහතාගේ මිනිය තම නිවසට ගෙන ඒමට නොහැකි විය. එමෙන්ම මිනිය භූමදානය කිරීමට නොහැකි ලෙසට විරාමයක්‌ නොමැතිවම වැස්‌ස වැටිණි. එහෙත් ප්‍රදේශවාසීන්ගේ මහත් පරිශ්‍රමයෙන් කෙසේ හෝ මිනිය භූමදානය කර තිබිණි. ටික කලකට පසු මාලය පැළඳ ගත් කපු බිරිඳ ද කොඳු නාරටියේ පිළිකාවක්‌ වැළඳී මියපරලොව ගියාය...

තරංග රත්නවීර 

( කතරගම දෙයියන්ගේ වැඩ කිඩ ගැන ඉහත සටහන උපුටා ගත්තේ වෙල්ගම හාමුට අයිති දිවයින පත්තරෙන්. බලා ගෙන ගියාම ගාමිනි සුමනසේකර නොහොත් සුගාර ඊටත් වඩා පොරක්නෙ  ඕයි)

Thursday, May 22, 2014

දිවයින ජඩ මාධ්‍ය කලාව



යම් යම් අපරාධ සඳහා සැක පිට අත් අඩංගුවට ගන්නා සැක කරුවන් වෙඩි තබා මරා දමා  සැඟවූ ආයුධ පෙන්වීමට යාමේදී තමන්ට වෙඩි තැබීමට හෝ බෝම්බ දමා ගැසීමට උත්සාහ කළේ යැයි කියමින් එම සැක කරුවන්ට වෙඩි තබා ම්රා දැමීම ශ්‍රී ලංකා පොලිසීය විසින් මෑත කාලයේදී  බහුලව කරනු ලබන  ක්‍රියාවකි.

පොලිස් නිලධාරින් හත් අට දෙනෙකුන්ගේ ආරක්ෂාව යටතේ , මාංචු දමා ගෙනයනු ලබන මෙම සැකකරුවන් මෙසේ බෝම්බ ගැසීමට හෝ වෙඩි තැබීමට උත්සාහ කලා යැයි පැවසීමත් එය විශ්වාස කිරීමත් එක සේ මෝඩ කමකි.  එමෙන්ම ඔවුන්ට එසේ වෙඩි තබා මරා දැමීම මුලු මහත් ශිෂ්ඨ සම්පන්න ලෝකය විසින්ම හෙලා දැකීමට භාජනය විය යුත්තකි. පිළිකුලට ලක් විය යුත්තකි.

එහෙත් ශිෂ්ඨත්වය පිළිබඳ කිසි හැඟීමක් නැති ශ්‍රී ලංකා පොලිසිය එ ක්‍රියාව දිගටම කරගෙන යන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද  එම සාපරාධී ක්‍රියාව සාධරණීකරණය කිරීමට කට උල්  කරමින් බොරු තොග පිටින් ඇද බායි.

මොවුන් අතින් මිය යන බොහෝ දෙනෙකුන් සමහර විට නිවැරදි අහිංසක පුද්ගලයින් විය හැක. අනිත් අතට ඔවුන් වරද කරුවන් වුවද පොලිසීයේ වගකීම ඔවුන් අල්ලා උසාවියට ඉදිරි පත් කර නීතිය මගින් දඬුවම් ලබා දීම මිස අමු අමුවේ මරා දැමීම නොවේ.

චිත්‍රපට නම් එසේ යැයි හඳගම කිව්වා සේ අපටත් පොලිසීය නම් එසේ යැයි කීමට පුළුවන. එහෙත් ඒ පොලිස් ම්ලේච්ඡත්වය ඔබ හෝ මා කරා එන තෙක් පමණි.

සමස්ත ශිෂ්ට ලෝකයේම පිලිකුලට බඳුන් වන පරිදි පොලිසිය එසේ මිනී මරද්දි ,තමන් මහා ශිෂ්ඨ සම්පන්න , සිල්වත් , මාධ්‍ය කරුවන් හා මාධ්‍ය යැයි පෙන්වා ගෙන සිටින සමහරුන් මෙම ඒ අපරාධ , අමුඅමුවේ මිනීමැරීම් වලට උල්පන්දම දෙති.

පහතින් දැක්වෙන්නේ දිවයින් නම් ජාතිවාදි පත්තර කඩමාල්ලෙන් උපුටා ගත් කතු වැකියකි.හොඳින් මතක තබාගන්න, මෙය කතු වැකියකි.

"එහෙත් ස්‌ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී ඇතිවන හබවලින් මියයැම ගැන ජනයා මහත් සේ සතුටු ය. මන්ද, මේ රටේ එල්ලුම්ගස වැඩ කරන්නේ නැත. කොහොමටත් ස්‌ත්‍රී දූෂකයන්ට හෝ ළමයින් අපහරණය කරන අයට මරණ දණ්‌ඩනය දෙන්නේ ද නැත. ඒ නිසා ආයුධ බැලීමට යැමේදී හෝ මේ අපරාධකරුවන්ට මරණ දණ්‌ඩනය හිමිවිය යුතු බවට මතයක්‌ සමාජ සාධාරණත්වයට ගරු කරන ජනතාව තුළ ඇත. ඒ නිසා ආයුධ පෙන්වන නීතිය අපරාධකරුවන් එක්‌ක යැමට මග වියදම් හෝ යාන වාහන පොලිසියට නැත්නම් ඒවා තම සාක්‌කුවෙන් හෝ ලබාදීමට පොදු ජනතාව එකඟ බව අපගේ විශ්වාසය ය.

එහෙත් දේශපාලනය බලවත් වන තැන සහ පොලිස්‌ නිල බලය මතුවන තැන පෙර කී "ආයුධ ටි්‍රප් එක" යැමට පොලිසියට ද බැරි වෙයි. තරුණ කොල්ලන් දෙදෙනකුට දස වධ දී වෙඩි තබා මැරවූ අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. ව සිටි කාකි කෝට්‌කාරයාට ආයුධ පෙන්වීමට යැමට පොලිසියට බැරි විය. එසේම විදේශික කාන්තාවක්‌ දූෂණය කළ කිහිපදෙනෙක්‌ම ආයුධ ටි්‍රප් එක 'මිස්‌වීමෙන්' දැනට 'ඇතුළේ' හෙවත් හිරගෙදර සිටිති. මුන්ට බත් ගිල්ලවීමට සිදුවී ඇත්තේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. කුඩුකාරයන් වැඩි දෙනකුට ද ආයුධ බැලීමට යැමට බැරි විය. මේ අය එක්‌කෝ ආයුධ පෙන්වීමට ගෙන යා යුතුය. නැත්නම් මාංචු පිටින් ගඟට පැන පිහිනීමේ මහා තරගයට සහභාගි කරවිය යුතු ය. ප්‍රාණඝාතය පව් තමයි. එහෙත් සමාජය හදන්නට නරක උන් දෙතුන් දෙනකු යම ලොවට යෑවිය යුතුම නම් කුමක්‌ කරන්නද?"


මෙය ජනමාධ්‍ය කලාව නොව ජඩ මාධ්‍ය කලාවයි.මෙවැනි කතුවැකි මිනිසුන්ට  සැබෑ මාධ්‍ය කරුවන්ට ලිවිය හැකිදැයි අප නොදනිමු. හැබැයි බඩ ගෝස්තරය වෙනුවෙන් ඕනෑම දෙයක් ලියන ජඩ මාධ්‍ය කරුවන්ට නම් හැකිය.

Saturday, May 17, 2014

මරුවා මොන්නට ආඬන්නේ


මරුවා මොන්නට ආඬන්නේ – ආන්ඩු පොජ්ජට ආඬන්නේ
තෙන් තෙදිනන් නම් තෙදි,
තෙම් තෙදිනන් තෙදිනානේ
තෙන් තෙදිනන් නම් තෙදි තෙම්
තෙදිනන් තෙදිනානේ
හොයි//
මහින්ද ලෝලී ලෝලයියා – බැසිලා මෝලී මෝලයියා
මහින්ද පස්සෙන් යන අයියා-බැසිලා පස්සෙන් යන අයියා
මා මිණි මා මිණි මා දෙයියා- මහින්ද අයියා මගේ දෙයියා
විමලයා  මොන්නට ආඩන්නේ – ගංජා උරන්නට ආඩන්නේ
මරුවා මොන්නට ආඩන්නේ – අම්මගේ රෙද්දට ආඩන්නේ
ඒකත් නින්මුල දීපන්නේ – නාඩා  …පන් ….හොරිකඩ මරුවා
මහින්දයාගේ  ලෝලයියා – මරුවා බලු පැටි රෝරයියා
මරුවා කුණු ගඳ  ලෝලයියා – වැසිකිලි මරුවා රෝරයියා
මරුවා  මොන්නට ආඩන්නේ – කක්කා කන්නට  ආඩන්නේ
ඒකත් නින්මුල දීපන්නේ – නාඩා …කාපන් මරුවන්නේ 
තෙම් තෙදිනන් තෙදිනානේ
තෙන් තෙදිනන් නම් තෙදි තෙම්
තෙදිනන් තෙදිනානේ
හුයි…….

මරුවා බොලොග් පොල්ලේ ලියන කුනුහරුප වල හැටියට ඌ මොකෙක්ද කියලා හිතා ගන්ට බැරුව ඉන්න කොට කියාපි ඌ පොල්ලෙබැද්දේ වැද්දෙක් කියලා. මේකා අහලා පොල්ලේබැද්ද ගම්පොජ්ජේ වසන වැදි හූරලා මහත් අකම්පාල වෙලා ගියපි. ඇයි යකෝ ආන්ඩුවේ වැසිකිලි කඩන් කන එකෙක් තමන්ගේ වරිගේ කියලා කියන්ට මොන තරම් විලිසංගේ නැති වැඩක්ද?  
මේකා කොයි තරම් නම් වසලයෙක්ද කිව්වොත් කිසිම හිරිකිතයක් නැතිව කුලවාදේ අවුස්සනවා.

මූ හිතාන ඉන්නේ මූ කක්කා කාලා කියන කතා වලට ගම්වල මිනිස්සු ‍රැවටෙයි කියලා . මූ දන්නේ නෑ මූ කට අරින කොටම එන්නේ වැසිකිලි ගඳ කියලා.

හැබැයි මරුවෝ කවුරු මොනවා කීවත් උඹ ලියන එකනම් නවත්තන්ට එපා. මොකද මේ ආන්ඩු පොජ්ජ රකින්නේ උඹලා වගේ එව්වෝ කියලා ලෝකෙටම පේන්ට ඕනෑ.
සටහන- මරුවා නමැති බ්ලොග් කරුවාට උගේ ශෛලියේම පිලිතුරකි

Friday, May 16, 2014

සිරස වෙසක් මාරයි ඕයි



හැම සැරේම වගේ මේ සැරෙත් මහරාජා මුදලාලි බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වී වෙසක් කලාපය පැවත්තුවෝය.මේ කලාපෙට ෆුල් සපෝර්ට් එක දුන්නේ ජේමිස් පැකර් එක්ක කැසිනෝ කලාපයක් දාන්ට සෙට් වෙලා ඉන්න ජෝන් කීල්ස් මුදලාලිය. වෙසක් කලාපෙයි කැසිනෝ කලාපෙයි එකට යනකොට  භක්තිය  මාරය. දෙගොඩ තලා යනවාය.

 සිරස මුදලාලිත් මාරය. වෙසක් කලාපෙත් මාරය.විවෘත කරන්ට ආපු හෙට්ටිගේත් මාරය. සංධාන ලැයිස්තුවෙන් චන්දෙට දාපු සිරසේ සුසර දිනාලුත් මාරය. මහරාජාත් මාරය. මහරාජාට බුද්ධ ධාතු විකුණ න යටිහලගල පංසලේ සාධුත් මාරය. 

කට්ට අව්වේ වේලෙමින් මහරාජලාගේ ජෝන් කීල්ස්ලාගේ ගේ මේ බිස්නස් වැඩ වලට සාධු කියන  ගමේ ගොඩේ කට්ටියත් මාරය. මේ රටත් මාරය. අන්තිමේ දී අපිත්  මාරය.


Wednesday, May 7, 2014

ලංකාවේ මාධ්‍ය නිදහස රෙද්ද පල්ලෙන් පෙරෙයි.


ශ්‍රි ලංකාවේ තිබෙන්නේ සුපිරි ප්‍රජාතන්තර වාදයකැයිද , ඕනෑම කෙනෙකුට දකුණේ සිට උතුරටත්, බටහිර සිට නැගෙනහිරටත් පමණක් නොව උඩ සිට සිට යටටත් යට සිට උඩටත් යා හැකි යැයි ආණ්ඩුවේ ලොක්කන් කියන්නේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන්, මාධ්‍ය නිදහස සීමා කිරීම් හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අහිමි කිරීම් උත්සන්න වෙමින් තිබෙන බවට බටහිර ජාතීන් කරන චෝදනා වලට පිළිතුරු වශයෙනි.  

ඒවා සියල්ල බොරු චෝදනා බවත් දෙමල ඩයස් පෝරාවේ  උවමනාවට බටහිර ජාතින් හා එක්ව මෙරට දේශද්‍රෝහීන් එක්ව කරන චෝදනා බවත් වීරවංශ ප්‍රමුඛ  ආණ්ඩුවේ හොරණෑ මොරදෙමින් සිටිති. මාසයකට සැරයක් රජගෙදර ගොස් කුරහන් පිට්‍ටු ගිල දමන  මාධ්‍ය ආයතන ප්‍රධානින් හා පුවත්පත් කතුවරුන්ද ඒවාට උඩ ගෙඩි දමමින් සිටියි. මේ මාසික සංග්‍රහයට කලක් එක් වූ ලක්බිම කතෘ සමන් වග ආරච්චි තම ධූරයෙන් ඉල්ලා අස් වී බී.බී සිය සමග කරන ලද ප්‍රකාශයකින් එම නිදහසේ තරම මනාව හෙලි වේ. 

වග ආරච්චි මහතාගේ ප්‍රකාශය මෙසේය.

"පුවත්පතේ පාලනාධිකාරියට එල්ල වූ දේශපාලන බලපෑම් හේතුවෙන් කර්තෘ ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පාලනාධිකාරිය තමන්ට දැනුම්දුන් බව දිනපතා ලක්බිම පුවත්පතේ හිටපු කර්තෘ සහ ජනමාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධන සම්බන්ධීකාරක සමන් වගආරච්චි ප්‍රකාශ කරයි. එම දැනුම්දීම ප්‍රකාර සිය අස්වීම පාලනාධිකාරියට භාර දුන් බවද සමන් වගආරච්චි සංදේශයට කියා සිටියේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙන්ව සිටි ජනමාධ්‍ය සංවිධාන එක් කොට ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් තමන් ගෙන ගිය අරගලය පුවත්පතේ පාලනාධිකාරියට බලපෑම් එල්ල වීමට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.

“මාධ්‍ය නිදහස පිළිබඳව මේ සංවිධාන ආරම්භ කරන කොටම, මාව පත්තරෙන් ඉවත් කිරීමට බලයේ  සිටින සහ බලය නැති කණ්ඩායම් පාලනාධිකාරියට දැඩි බලපෑම් එල්ල කළා,” යනුවෙන් ඔහු කියා සිටියේය.

“ඒකෙ උච්ඡතම අවස්ථාව පසුගිය දෙදින තුල ක්‍රියාත්මක වුනා; මගෙන් ඉල්ලා සිටියා මේ එන පීඩනය දරාගන්න බැහැ, ඒක හින්ද තීරණයක් ගන්න කියලා.”

ලංකාවේ පාලකයින්ගේ රෙද්ද පල්ලෙන් පෙරෙන නිදහස එයයි. ඔවුන් දේශ ද්‍රෝහීන්, කොටි හිතවාදීන්  හා බටහිර ගැත්තන් ලෙස  ලෙස නම් කරන්නේ එයට විරුද්ධ වන උන්ය. 


Tuesday, May 6, 2014

වෛද්‍ය සංගමය අනුන්ගේ සීනි කිරීම




සූතිකාගාර පුහුණුවක් පිළීබඳ ප්‍රශ්නයක් නිසා රජයේ හෙදියන් විසින් අරඹා ඇති වර්ජනයට අදට දින තුනකි. මේ වර්ජනය හේතුවෙන් රෝගීන් මහත්  අපහසුතාවට මෙන්ම ඔව්න්ගේ ජීවිතද අනතුරු දායක තත්වයකට පත්ව ඇත. ඔවුන්ට මේ පුහුණුව ලබා දීමෙන් ඇතිවන අයහපත කුමක්දැයි අපට නම් නොතේරේ.  හදිසි තත්වයකදී උදව් ලබා ගැනීම සඳහා හෙදියන්ට මෙම පුහුණුව ලබා දී තිබීම වැදගත් නොවේද?

හෙදියන්ට මෙම පුහුණුව ලබා දීමට මූලික වශයෙන් විරුද්ධ වන්නේ පවුල් සෞඛ්‍ය  සේවිකාවන් සහ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයයි.

මෙම කරුණ ගැන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ විරෝධය , එය කොතරම් අසාධාරණ හා මෝඩ එකක් වුවත් අපට තේරුම් ගත හැක.

එය වනාහි හුදු ඊර්ෂ්‍යාව හා  සෞඛ්‍ය ශ්‍රේණින් අතර කොහොමටත් පවත්නා ප‍ටු ගෝත්‍රවාදි ආකල්ප මත පදනම් වූවකි.එසේම මෙය ලියා පදිංචි වෛද්‍ය වරුන් හා එම්.බී.බී.ඇස් වෛද්‍යවරුන් අතර පවතින ගැ‍ටුම බඳු එකකි. පවුල් සෞඛ්‍ය සේවිකාවන් බිය වී ඇත්තේ තම සේවය වඳ වී යාවි යැයි කියාය.

ඇත්තටම සිදු විය යුත්තේද එයයි. කළ යුත්තේ හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලැබීම වැළක්වීම නොව වින්නඹු අම්මලාටත් හෙද පුහුණුව ලබා දීමට සටන් කිරීමයි. රෝගීන්ට වඩාත් හොඳ සේවයක් ලබා දිය හැක්කේ සෞඛ්‍ය සේවකයින්ගේ දැනුම කප්පාදු කිරීමෙන් නොව වඩ වඩාත් දැනුම ලබා දීමෙනි.

අපට තේරුම් ගත නොහැක්කේ  රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මෙයට දක්වන විරෝධයයි. ඔවුන් විසින් මේ සඳහා දක්වන හේතුව වන්නීඅ එය වෛද්‍ය ආඥා පනතට එරෙහි බවත් එම පනතට අනුව සූතිකාගාර කටයුතු වල යෙදිය යුත්තේ වෛද්‍ය වරුන් හා වින්නඹු අම්මලා පමණක් බවත්ය. නමුත් දැනටත් සූතිකාගාර වල බාරකාරත්වයේ සිට නොයෙකුත් කටයුතු සඳහා හෙදියන් සහභාගි වේ. ඔවුන්ටත් සූතිකාගාර කටයුතු පිලිබඳව නිසි පුහුණුවක් ලබා දීමෙන් රෝගින්ට යහපතක් වේම ගැන  පාදෙණියලාට ඇම්මක් වීනේ ඇයිදැයි අපට නොතේරේ.

අනිත් අතට වෛද්‍ය සේවයේ වෛද්‍ය ආඥා පනත පමණක් නොව සදාචාර ධර්මද බිඳිමින් කටයුතු කරන වෛද්‍ය වරුන් මෙම කරුණේ දී නීති ගරුක බවක් පෙන්වීමට තැත් කිරීම විහිලුවකි.

හෙදියන්ට සූතිකාගාර පුහුණුව් අ ලබා දීම ආඥා පනතට විරුද්ධ නම් කල යුත්තේ එම යල් පැන ගිය නීති රීති වෙනස් කිරීම මිස මෙසේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමට කුමන්ත්‍රණ කිරීම නොවේ. 

Sunday, May 4, 2014

අනුෂාංගික පහසුකම් සැපයීම්ට රෙඩි වෙමු




කැසිනෝ වලට අවසර දෙන්නේ නැතිනම් ලංකාවට එන්නේ නැතැයි කියා කැසිනෝ කිං පැකර් තුමා කිව් බව අලස් තුමාගේ මව්බිම පත්තරේ පල වී තිබුනේය. 

කැසිනෝ පනතේ කැසිනෝ කියා කොහෙකවත් ලියවිලා නැත. ඇත්තේ අනුෂාංගික පහසුකම් කියලාය. ඒ අනුෂාංගික පහසුකම් වලට කැසිනෝ අයිති වෙන්නේ නැතිය කියලා ලොකු තැනම කිව්වේය.  ඒ කියන්නේ අදාල හෝටල් වල කැසිනෝ පටන් ගන්න බලපත්‍ර දෙන්නේ නෑ කියන එක වෙන්ට ඇතිය.

හැබැයි ඔය කියන හෝටල්වල කැසිනෝ පටන් ගන්න අලුතෙන් බල පත්තර ඕනෑ නැත. පැකර් තුමාගේ ලංකාවේ හවුල්කාරයා රවි විජේරත්න තුමාය. එතුමාට දැනටම කැසිනෝ බල පත්තර දෙකක් තියෙන බවත් ඒක නිසා කැසිනෝ පටන් ගන්න පුලුවන් බවත් රවී තුමා වීරවංශ තුමාගේ අඩවියට කියා තිබුනි. ඒ කියන්නේ කවුරු මොනවා කිව්වත් කැසිනෝ පටන් ගන්න බවය. 

ඉතින් රතන සාදු සිවුර කැස පිට ගහ ගෙන දැඟලුවත් චම්පික රනවක තුමා සරම ඇඳගෙන ඔලුවෙන් හිටගෙන හිටියත් වැඩක්  නැත. හැබෑ දක්ෂයා කැසිනෝ චන්දේ වෙලාවේ පාර්ලිමේන්තුවේ වැසිකිලියට රිංගාගෙන හිටි වීරවංශ තුමාය. එතුමාට පැකරුත් ෂේප්ය. මහතුමාත් ෂේප්ය.

සටහන- පැකර් ලංකාවට එන්නේ නැහැයි කියලා අලස් තුමා ගේ පත්තරේ කියන්නේ ආන්ඩුව ගොඩ දාන්ට මිස වෙන දේකට නෙවේය.  දැන් ඉතින් කැසිනෝ එන නිසා ආන්ඩුවට චන්දේ දුන් දේශප්‍රේමින්ට තියෙන්නේ අනික් අනුෂාංගික පහසුකම් සල්ස්සන්ට තමන්ගේ අඹුවන් යවන්ට විතරය. 

Friday, May 2, 2014

පවිත්‍රා, පවිත්‍රා ,පවිත්‍රා



මොනවා කියන්නද පවිත්‍රා ? මේ ක සිරි ලංකාවනේ. අනික මේ රටේ ඉන්න කවුරුත් මේක කාටවත් යටත් කරනවට කැමතිත් නැහැනේ. ඊයේ මැයි දිනේදී ලොක්කා ඇහුවම ජනතාව එහෙම කිව්වනේ. ඉතින් අපි මක් කොරන්නද පවිත්‍රා , තව හොඳට බිම දිගා වෙලා වඳින්න

සටහන- කාටවත් කියන්න පුලුවන්ද මහින්දානන්ද බලා ඉන්නේ කොහෙද කියලා?