Friday, September 26, 2014

මේ ඔබාමා ඒ ඇමෙරිකාවේ නොවේ. වෙන ඇමෙරිකාවක . ඒක හරි හොඳයි


ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 5 විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කොට තිබූ යෝජනා පසුගිය බ්‍රහස්‌පතින්දා වැඩි ඡන්ද 11 කින් සම්මත විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 23 ක්‌ ලැබුණු අතර රටවල් 12 ක්‌ විරුද්ධව ඡන්දය දුන්හ. රටවල් 12 ක්‌ ඡන්දය දීමෙන් වැළැකී සිටියහ.
............
ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාව සම්මත කර ගැනීම සඳහා ඇමරිකාව හා බ්‍රිතාන්‍යය පසුගිය කාලය තුළ දැවැන්ත මෙහෙයුමක්‌ දියත්කොට තිබිණි. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්‌වාල්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මිෂෙල් ඡේ. සිසන්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රැන්කින් ආදීන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය ලබාගැනීම සඳහා සාමාජික රටවලට විශාල ලෙස බලපෑම් කළ අයුරු පසුගිය කාලයේ අපට දැකගත හැකි විය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, නෝර්වේ ආදී රටවල් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අවස්‌ථාවේදී, යුද්ධය නතර කොට සටන් විරාම ගිවිසුමක්‌ මගින් කොටි නායකයන් බේරා ගැනීම සඳහා නොයෙකුත් අයුරින් බලපෑම් කරමින් ප්‍රබල උත්සාහයක යෙදුණි. ..............


තමන්ගේ අපේක්‍ෂාවන් සහ අරමුණු ඉටුනොවීමත්, ශ්‍රී ලංකාව තමන්ගේ කීමට පිටුපා ගොස්‌ යුද්ධය අවසන් කිරීමෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ආදි රටවලට මහත් මදිකමක්‌ විය. එබැවින් ඔවුන් එදා සිට ශ්‍රී ලංකාවට එරෙහිව නොයෙකුත් යෝජනා ගෙන එන්නේ ශ්‍රී ලංකාවට පාඩමක්‌ ඉගැන්වීමටය. එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුව පෙරළා දැමීම ඔවුන්ගේ එකම අරමුණ වී තිබේ.

ඉන්පසු 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා පොදු අපේක්‍ෂකයකු ලෙස හිටපු යුද හමුදාපති සරත් ෙµdන්සේකා මහතා ඉදිරිපත් කළේද ඇමරිකාවේ උවමනාව මත බව පැහැදිලිය.

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව පෙරළා දැමීමට නොහැකි වූ නමුත් ඇමරිකාව ඇතුළු රටවල් ඔවුන්ගේ අරමුණ අත්හැර නැත. සෑම වසරකම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට ඇමරිකාව ආදී රටවල් කටයුතු කරන්නේ ඒ නිසාය. ..................


ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව කොටුකර ගැනීමට මාන බලන අතරම ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් දෙමළ ජාතික සන්ධානය සහ උතුරු පළාත් සභාව මගින් උතුරේ වෙනම පාලනයක්‌ ඇති කිරීමටද පියවර ගනිමින් සිටිති. ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති මිෂල් ඡේ සිසන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රැන්කින් ආදීන් පසුගිය කාලයේ නිතර නිතර උතුරට ගොස්‌ උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ඇතුළු ප්‍රධානින් හමුවූයේ නිකම්ම නොවේ. එමෙන්ම දෙමළ ජාතික සන්ධාන නායකයෝද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට ගෙන්වා කීපවරක්‌ම සාකච්ඡා පැවැත්වූ බව රහසක්‌ නොවේ.

ඇමරිකාව ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව සම්මත කර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකයන් විශාල කාර්යභාරයක්‌ ඉටු කෙළේය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට සහාය පළකරමින් ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතු යෑයි කියෑවෙන යෝජනාවක්‌ උතුරු පළාත් සභාවේදී සම්මත විය. එ

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ ඇම්. ඒ. සුමන්දිරන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන මහත්වරු ඉකුත් දිනවල දකුණු අප්‍රිකාව, බොට්‌ස්‌වානා, නැමීබියා යන රටවලට ගොස්‌ ඇමරිකානු යෝජනාව සම්මත කර ගැනීමට සහාය දෙන්නැයි එම රටවල නායකයන්ගෙන් ඉල්ලා තිබිණි. එම සන්ධානයේ එස්‌. ශ්‍රීධරන් මන්ත්‍රිවරයාද ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකට ගොස්‌ ඇමරිකානු යෝජනාවට සහාය ඉල්ලා සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 

 පරීක්‍ෂණ පැවැත්වීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණි විට ඔවුන්ට පූර්ණ සහාය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා, ඇමරිකානු යෝජනාව සම්මත වීමෙන් පසු මාධ්‍යවලට පවසා තිබිණි.


(ලිපිය උපුටා ගැනීම  2014/03/30  දිවයින ලැප්ටොප් සංග්‍රහයෙන්)

Tuesday, September 9, 2014

බන්දුල විතානගේ - අවර ගණයේ කලා කරුවෙක්



මැරුණු මිනිසුන් ගැන ගුණකථන කළ යුතුම ද? යි ලිපියක් W3 Lanka ලියන පැරකුම්  ලියා තිබිණි. එම ලිපියේ ඔහු බන්දුල විතානගේ නම් වූ කලා කරුවා ගැන මෙසේ ලියා තිබිණි."බන්දුල විතානගේ සාමකාමී, අහිංසක කලාකරුවෙකි. ඔහු සමාජයට කළ හොඳක් මිස වරදක් ගැන සිහිපත් වන්නේ නැත. "

මේ ලිපිය ලියන මාද සිතුවේ එසේය. බන්දුල විතානගේ යනු මා ඉතා ප්‍රිය කල කලාකරුවෙකි. එහෙත් පසු ගිය දා දිවයින පත්‍රයේ පල වූ ලිපියක් දු‍ටු මම මගේ අදහස වෙනස් කරගත්තෙමි. 
ඒ ලිපියට අනුව බන්දුල විතානගේ යනු අවර ගණයේ කලා කෘතී කල පහත් කලා කරුවෙකි. මේ ලියන්නේ එසේ මෙසේ කෙනෙක් නොව මහ ඇමති කෙනෙකුන්ගේ පෞද්ගලික සහකාර කෙනෙක් නිසා බොරුවක් වන්නට බැරිය
පහතින් ඇත්තේ ඒ ලිපියේ සේයා රුවකි. 



 සටහන- නොදන්නා කලාවක් හා කලාකරුවන් ලියන්නට  ගොස් මඩ නාගන්නවාට වඩා තමුන් දන්න සාස්තරේ, එනම් බඩ තඩි මහ ඇමති කෙනෙකුට දාස කම් ක්‍රමින් සිටීම හොඳ බව කණහැර ආරච්චි මහත්තයාට දැන්විය හැකි කෙනෙක් සිටී නම් ලොකු උදව්වකි.

Sunday, September 7, 2014

නික්ම ගිය දැවන්තයා



පරණ වමේ මුල් කාලීන නායකයන්ගේ විශේෂ ලක්ෂණයක් වූයේ ඔවුන් තමන් කරන අරගලය පිලිබඳව තැබූ විශ්වාසයයි. ඉහල මධ්‍යම පාංතිම්ක පවුල් වල්;ඉන් දේශපාලනයට පිවිසි ඔවුන්  නොයෙක් මාක්ස්වාදි නිකායන් වලට බෙදී සිටියත් තම අරගලය කෙරෙහි අවංක වූහ.පසු කාලීනව සංශෝධනවාදයේ හා සභාගවාදි ගොහොරුවේ ගිලී ගියත් ඔව්හු ලාංකීය වමේ ව්‍යාපාර වෙනුවෙන් ඔවුන් කළ සේවය අඩු එකක් නොවේ. එය වඩාත් කැපී පෙනෙන්නේ අද එම ඊනියා වමේ පක්ෂවල සිටින නායකයින් වැටී සිටින නරාවලේ තරම දෙස බලන විටය.

මේ සටහන එම පරණ වමේ සිටි අවසාන පතාක යෝධයෙක් වන පසුගියදා අප හැර ගිය බාලා තම්පෝ සහෝදරයා වෙනුවෙනි. ඔහුට සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නට, අසාධාරණයට එරෙහිව සටන් වදින්නට පංගු පේරුවක් නොතිබිණි. ඔවුන්ගේ දේශපාලන මතය අනුමත නොකලද , 1971 අරගලයේ  විත්තිකරුවන් වෙනුවෙන් ඔහු නොබියව උසාවියේ පෙනී සිටියේ එබැවිනි.

ඔහු සැම විටම , අවසානය දක්වාම , සටන් කාමි විය. ජනාධිපති රාජපක්ෂ ඔහුට දෙන්නට හැදූ සම්මානය ප්‍රතික්ෂේප කරන්නට තරම් කොන්දක් වයස  අනූ ගනන්  වලදීත්  ඔහුට  තිබිණි.

ඔහුගේ දේශපාලනයෙන් තොර වෘත්තීය අරගල  නම් වූ  අදේශපාලනික හා සංශෝධනවාදි මතවාදය නොපිලිගත්තත් ලාංකීය වෘත්තීය සමිති ඉතිහාසය තුල ඔහු මහත් බල පෑමක්  කල සටන් කරුවෙකි.  ලංකාවේ වෘත්තීය සමිති  ව්‍යාපාරය තුල විශාල හිඩැසක් ඉතිරි කර යන බාලා තම්පෝ නම් වූ ඒ අනවරත අරගල කරුවාට අපේ ආචාරය.