පසුගිය රජය සමයේ සිදුවූ අයථා මුදල් ගනුදෙනු ගැන චෝදනා නැගුණේ වරක් දෙවරක් නොවේ.
නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදුවූයේ නැත. එම මුදල් ගනුදෙනු වලට
සම්බන්ධව සිටියෝ සියල්ල මනාව යටගැසූහ.
නමුත් 2014 වසරේ සන්ඩේ ටයිම්ස් ජූලි හා අගෝස්තු කලාපයන්ගෙන් එක්තරා හෙළිදරව්වක්
සිදුකෙරිණ. පාර්ලිමෙන්තුවට රහසේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකාවේ පාර්ලිමෙන්තු
මන්ත්‍රීවරුන් හා මහජන සම්බන්ධතා උපදේශකවරුන් පිරිසක් සමග මුදල් ගනුදෙනු වල යෙදී
ඇති බවට පැහැදිලි සාක්ෂි අනාවරණය කෙරිණ. මෙම ගනුදෙනු සිදුව තිබෙන්නේ ඉමාඩ් සුබේරි
නම් තැනැත්තෙකු හරහා බවද කියැවිණ. ලැබී තිබෙන නවතම වාර්තා වලින් තවත් දුරකට යෑමේ
හැකියාව අපට දැන් ඇත. මෙසේ ගනුදෙනු කෙරුනු මුදල් ඉමාඩ් සුබේරි පවත්වාගෙන ගිය බව
කියන සමාගමකටත්, ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමකටත් බැර කර තිබෙන බවට පැහැදිලි සාක්ෂි
දැන් අප සතුය.
2014 වසරේ මැයි මස 9 සිට සැප්තැම්බර් 10 අතර කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර්
ලක්ෂ 65 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් 872,806,569) නිදහස් කර ඇත. මුදල් නිදහස් කර
තිබෙන්නේ විදේශ කටයුතු සදහා යැයි පවසමින්ය. නමුත් මෙම මුදල් විදේශ කටයුතු
අමාත්‍යංශය භාරයේ හෝ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය භාරයේ ගනුදෙනු කර ඇති
බවක් සොයාගැනීමට නැත.
මහ බැංකුව මෙම මුදල නිදහස් කර තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ
මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ උපදේශක ලිලිත් වීරතුංග යන තිදෙනාගේ ලිඛිත උපදෙස්
අනුවය. මේ සදහා යෙදාගත් ඊමේල් ලිපි සියැසින්ම දැකගැනීමට සන්ඩේ ටයිම්ස් අපට හැකිවිය.
තම පෞද්ගලික විද්‍යුත් ලිපිනයන්ම ලිපි ගනුදෙනු සදහා යොදාගැනීමට ගුණවර්ධන හා කබ්රාල්
දෙදෙන කටයුතු කර තිබේ.
මෙම තොරතුරු අපි ඇමරිකා සගරාවක් වන ෆොරින් පොලිසි සමග හුවමාරු කරගත්තෙමු.ගෙවුනු
සිකුරාදා සුබේරිගේ කටයුතු පිළිඹද සම්පූර්ණ වාර්තාවක් එහි පළව තිබිණ. කෘතගුණ
දැක්වීමක් ලෙස ඇමරිකාවේ තිබෙන රාජපක්ෂවරුන්ගේ දේපළ සම්බන්ධව ඇමරිකා රාජ්‍ය
දෙපාර්තමෙන්තුව සිදුකරගෙන යන පරීක්ෂණ වල තොරතුරු අප වෙත ලබාදීමට ෆොරින් පොලිසි
සගරාවේ ජ්‍යේෂ්ඨ රචකයෙක් වන බිල් ඇලිසන් මහතා කාරුණික විය.
අපට ලැබී තිබෙන තොරතුරු වලින් අනාවරණය කරගැනීමට හැකියාව ඇත්තේ පසුගිය රජය තම
ප්‍රතිරූපය ඔප්නංවාගැනීමට විවිධ විදෙස් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් හා මහජන
සම්බන්ධතා ආයතනයන් බිලීබා ගැනීමට යෙදවූ අති විශාල මුදලින් ඉතාම සුලූ කොටසක් ගනුදෙනු
වී ඇති ආකාරය පමණකි.බොහෝ ගනුදෙනු සිදුව ඇත්තේ ඇමරිකාවේය.නමුත් බ්‍රිතාන්‍යයේ මෙන්ම
ඉන්දියාවේ පවා වෙළද ප්රචාරක ආයතනයන් පසුගිය රජයේ ප්‍රතිරූපය නංවා ගැනීමේ කටයුතු
වලට යොදවාගෙන ඇති බවට පැහැදිලි සාක්ෂි ඇත. 2014 දී සන්ඩේ ටයිම්ස් අනාවරණය කළ ආකාරයට
ඩොලර් ලක්ෂ ගණනක මුදල් විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලට බැර කර ඇත.මුදල්
වෙන්කිරීම් පිළිඹඳ සියලූ කටයුතු සිදුව ඇත්තේ හොර රහසේය. එසේ වුවත්
ගුණවර්ධන,කබ්රාල්,වීරතුංග ත්‍රිත්වයගේ නම් මේ ගනුදෙනු වල නොයෙක් තැන්හි සදහන්ව
තිඛෙනු හදුනාගත හැකිය.
ඇමරිකාවේ ක්‍රියාත්මක විදේශ නියෝජිතයින් ලියාපදිංචි කිරීමේ පණත අනුව 2008 - 2014
කාලයේදී ඇමරිකා සමාගම් රැසක් ශ්‍රී ලංකාව සමග ගිවිසුම් වලට එළැඹ ඇත.
ලිබර්ටි ජාත්‍යන්තරය, මැජෝරිටි සමාගම් සමූහය, තොම්සන් ඇඩ්වයිසරි සමාගම් සමූහය,
බෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටජීස්,ලෙවික් ස්ට්‍රැටෙජික්
කමියුනිකේෂන්ස්,ක්‍රැන්ෆර්ඩ් ජොන්සන් රොබින්සන්,විජිලන්ට් වර්ල්ඩ්වයිඩ් වැනි සමාගම්
ඒ අතර වේ.
මේ සා විදෙස් ප්රචාරක හා උපදේශක ආයතනයන් ප්‍රමාණයක සේවය ලබාගත්තද රාජපක්ෂ රජය
සමයේ බටහිර හා අප රට අතර පැවති සබදතා තිබූයේ විනාශය කරා යමින්ය. ලබාදුන් මුදලට
සරිලන සේවයක් මෙම ආයතනයන් සිදුකර ඇත්දැයි විමර්ෂණයක් සිදුව නොමැත. සුබේරි හා ඔහුගේ
ඩබ්ලියු.ආර් සමාගම් සමූහයද ලබාගත් මුදලට සරිලන ලෙස ශී්රලංකාවේ ප්‍රතිරූපය ඇමරිකාවේ
ඔප්නැංවීමට කුමක් කළේදැයි පැහැදිලි නැත.මෙසේ නාස්ති කර ඇත්තේ මහජන මුදල්ය.විගණනයක්
සිදුව ඇත්දැයි විමසීම පවා විහිළුවකි.
මුදල් වලට සිදුවන්නට ඇත්තේ කුමක්ද? වියදම් පිළිබඳ ඇති තොරතුරු සීමිතය. සිකුරාදා
ෆොරින් පොලිසි සගරාවේ පළව තිබූ ලිපියෙන් මුදල් වියදම් කළේ මොනවාටදැයි සුබේරිගෙන්
විමසා තිබිණ,
‘ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ ව්‍යාපෘතියේ ගොඩක් දේවල් තිබුණා.ගොඩක් දෙනා ඒකට
එක්වුණා.ඒ හින්දා කාටද මුදල් දිය යුත්තේ,කොපමණ මුදල් ප්‍රමාණයක්ද දිය යුත්තේ කියන
එක අන්තිමට බොහොම සංකීර්ණ වුණා අපට. නමුත් වැරදුනු අවස්ථා තිබුණානම් ඒවා වහාම
නිවැරදි කරන්නත් අපි කටයුතු කළා.’ ඔහු දී තිබූ පිළිතුර විය.
හිටපු රජයේ වගකිවයුතු පාර්ශවයන්ද, හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු ද සදහන් කළේ මේ
සියල්ල දැන සිටියේ අතලොස්සක් බවයි. ගනුදෙනු නම් සියල්ලක්ම පාහේ සිදුවූයේ සජින් වාස්
ගුණවර්ධනගේ යටතේ බව ඔවුහු පවසා සිටියහ.
මේ සම්බන්ධයෙන් විමසීමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධ
කරගත් අවස්ථාවේ ඔහු සන්ඩේ ටයිම්ස් වෙත පවසා සිටියේ අසන ප්‍රශ්න කෙටි පණිවුඩයකින්
දන්වන ලෙසය.ඒ අනුව දුන් පොරොන්දු ඉටුකිරීමට සුබේරි කටයුතු කළේදැයි විමසා ඔහු වෙත
කෙටි පණිවුඩයක් යැවීමට අපි කටයුතු කළෙමු.නමුත් ඔහු ඊට පිළිතුරක් එවූයේ නැත.මුහුණට
මුහුණ හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියද එයටද ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
ඉහත නම් සදහන් කළ හිටපු ඇමැතිවරයා තම නම හෙළිනොකිරීමේ පොරොන්දුව මත තවත් තොරතුරු
හෙළි කළේය.
‘මට දැනගන්න හැකිවුනු විදිහට නම් ඔවුන් සුබේරිගේ වැඩ ගැන පැහැදීමකින් නෙවෙයි
ඉදලා තියෙන්නේ.මොකද එයා පොරොන්දු වුනු දේවල් ඉටු කරලා තිබුණේ නැහැ.ඉතින් එයාලා කළේ
වෙන කෙනෙක් ගාවට ගිය එක.’ ඔහු පැවසීය.සුබේරි සමග පැවති ගිවිසුම 2014 සැප්තැම්බර්
මාසයේදී හදිසියේ අවලංගු කෙරිණ.ඒ දෙපාර්ශවය අතර ගිවිසුම ඇතිවී මාස 4 ක් වැනි කෙටි
කාලයක් ගතවූ තැනය.
නමුත් මේ වන විට සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ගොස් තිබිණ.කැබිනට්
මණ්ඩලයවත්,පාර්ලිමෙන්තුවවත් මෙසේ රටින් පිටතට මුදල් ගලායමින් තිඛෙන බව දැන සිටියේ
නැත.පළමු ගෙවීම බැර කර තිඛෙන්නේ 2014 මැයි මස 9 වැනිදා සුබේරිගේ බෑන්ක් ඔෆ් ඇමරිකා
බැංකු ගිණුමටය.ඩොලර් 3,500,000 ක මුදලක් (රුපියල් 469,972,768) එසේ බැර කර ඇත.
ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිඹද ගිවිසුම ප්‍රකාරව ලබාදෙන්නක් ලෙස මෙම මුදල හදුන්වාදී
තිබේ.
නමුත් ගනුදෙනුව සිදුව ඇති ආකාරයේ කිසිදු විනිවිදභාවයක් නැත.ඉහත සදහන් කළ ඩොලර්
ලක්ෂ 35 ක මුදල තමන් වෙත අයවිය යුතුයැයි සදහන් කර බිල්පතක්ඉදිරිපත් කර තිඛෙන්නේ
සුබේරිගේ බිරිද රෙනී වූ ය.ඇවෙනියු වෙන්චර්ස් යැයි සමාගම් නාමයක්ද මෙම බිල්පෙතේ්
මුද්‍රණය කර තිබේ.සොයාබැලූූ විට ඇවෙනියු වෙන්චර්ස් යනු දේශපාලන කටයුතු වලට හවුල්ව
සිටින හෝ වෙළද ප්රචාරණයේ යෙදී සිටින හෝ සමාගමක් නොවන බව අනාවරණය විය.ඇවෙනියු
වෙන්චර්ස් යනු මුදල් හා දේපළ කටයුතු හා පෞද්ගලීකරණය, විදේශයන් සමග සිදුවන හවුල්
ව්‍යාපාර,දේශසීමා අතර සිදුවන මුදල් ගනුදෙනු ආදී කටයුතු ගැන උපදේශනය සපයන කුඩා
පරිමාන පෞද්ගලික සමාගමක් බව සුබේරිගේ ලින්ක්ඩ්ඉන් පිටුවේ සදහන්ව ඇත.අමතරව ඔහු එම
සමාගම සමග ඩොලර් බිලියන 15 ක ගනුදෙනුවක යෙදී තිඛෙන බවටද තොරතුරු ඇත.
ඇවෙනියු වෙන්චර්ස් බිල්පත ඉදිරිපත් කළ දිනය ලෙස සදහන් වන්නේ 2014 මැයි මස 5
වැනිදාය.දින 4 ක ඇවෑමෙන් ශී‍්‍රලංකා මහ බැංකුව අදාළ මුදල නිදහස් කිරීමට කටයුතු කර
තිබේ.
කෙසේවුවත් මුදල් භාරගත් බවට කුවින්තාන්සියක් නිකුත් කර තිඛෙන්නේ සුබේරි හෝ
ඇවෙනියු වෙන්චර්ස් හෝ නොව ඩබ්ලියු.ආර්.ගෘෘප් නම් තෙවන පාර්ශවයකි.එහි අධ්‍යක්ෂක යැයි
නම් සදහන් මාර්ක් ස්කරුලිස් නැමැත්තෙක් කුවින්තාන්සියට අත්සන් තබා ඇත.ඩබ්ලියු.ආර්
ගෘෘප් යනු විදෙස් රටවල් හා සබදතා පවත්වාගන්නා සමාගම් වෙනම ලියාපදිංචි කළ යුතුවීමේ
පණත ප්‍රකාරව ඇමරිකාවේ ලියාපංදිචි කර තිඛෙන්නක් නොවේ.මේ අනුව සැළකූ විට එම සමාගම
ශී‍්‍රලංකා රජය සමග මුදල් ගනුදෙනු වල යෙදී තිඛෙන්නේ ඇමරිකා රජයේ ඇස්වසාය.
2014 මැයි මාසයේදී සුබේරිට ඩබ්ලියු.ආර් ගෘෘප් හරහා මුදල් ලැබිණ.එම මුදල් එවා
තිබුණේ ශී‍්‍රලංකා මහ බැංකුවය.විදෙස් රටක් සම්බන්ධ හෙයින් මෙම ගනුදෙනුවට අදාළ
ඇමරිකාවේ කි‍්‍රයාත්මක පණත් හා නීති අනුව ඔහු කටයුතු නොකළේය.වාර්තාවී ඇති ආකාරයට
සුබේරි හා ගිවිසුම අත්සන් කළ සමයේ ඩබ්ලියු.ආර් ගෘෘප් යැයි සමාගමක් තිබීද
නැත.පරීක්ෂණ කටයුතු වලින් හෙළිව ඇති ආකාරයට එම සමාගම පිහිටුවා තිඛෙන්නේ 2014 ජූලි
මස 14 වැනිදා වොෂින්ග්ටන් නුවරදීය.(දින 3 ක ඇවෑමෙන් ශී‍්‍රලංකා මහ බැංකුව මෙම සමාගමේ
බැංකු ගිණුමට මුදල් බැරකිරීම අරඹා ඇත).
සුබේරිගේ බැංකු ගිණුමට අවස්ථා දෙකකදී මුදල් බැරකිරීමට ශී‍්‍රලංකා මහ බැංකුව
කටයුතු කරන්නට ඇත්තේ ගිවිසුම අත්සන් කළ සමයේ ඩබ්ලියු.ආර් ගෘෘප් යැයි සමාගමක් පවා
නොතිබුණු නිසා යැයි සිතිය හැකිය.එනම් මහ බැංකුව අනාගතයේ පිහිටුවන්නට නියමිතව තිබූ
සමාගමක් සමග අවබෝධතාවයකට එළැඹ ගිවිසුමක් අත්සන් තබා ඇත.එම සමාගමට අදාළ බැංකු ගිණුමට
මහ බැංකුව මුදල් බැරකරන්නට ගෙන ඇත්තේ සමාගම ආරම්භ කළායින් පසුවය.
දෙවන ගෙවීම ලෙස ඩොලර් ලක්ෂ 10 ක මුදලක් (රුපියල් 1,34,315,000) 2014 ජූනි මස 18
වැනිදා නිදහස් කිරීමට මහබැංකුව කටයුතු කර ඇත.මුදල බැර කර ඇත්තේ ඉමාඩ් සුබේරිගේ
බැංකු ගිණුමටය.
වාස්,කබ්රාල්,වීරතුංග ත්‍රිත්වය අතර මේ ගනුදෙනුව සම්බන්ධයෙන් හුවමාරුවී ඇති
විද්‍යුත් ලිපි මෙවැනිය.
සජින් වාස් - නිවාඩ්,කරුණාකර 2014 ජූනි මාසය සදහා වන ගෙවීම් සිදුකරන්න
වීරතුංග - මම මේ ගෙවීම් අනුමත කරනවා
කබ්රාල් - ස්තූතියි.ගනුදෙනුවට එකගයි.
තෙවැනි ගෙවීම තවත් ඩොලර් ලක්ෂ 10 ක මුදලකි.දිනය 2014 ජූලි මස 17 වැනිදාය.මෙවර
නම් මුදල බැර කර තිඛෙන්නේ ඩබ්ලියු.ආර්.ගෘෘප් හි බැංකු ගිණුමටමය.සමාගම ආරම්භ කර
ගතවන්නට ඇත්තේ දින කිහිපයක් යැයි අනුමාන කළ හැකිය.
අවසාන ගෙවීම ලෙස සදහන් වන්නේ 2014 සැප්තැම්බර් මස 14 වැනිදා ඩබ්ලියු.ආර්.ගෘෘප්
බැංකු ගිණුමට බැර කර ඇති ඩොලර් ලක්ෂ 10 කි.මෙම ගෙවීම් සියල්ලක් ජනපති ලේකම්
කාර්යාලයේ අනුමැතිය මත සිදුවන බව සදහන් කෙරෙන ලිපි තම අත්සනින් යුතුව මහබැංකු
අධිපතිවරයා වෙත යොමුකිරීමට හිටපු ජනපති උපදේශක ලලිත් වීරතුංග කටයුතු කර ඇත.ශ්‍රී
ලංකා රජයේ ජාත්‍යන්තර සන්නිවේදන කටයුතු පිළිඹද වැඩසටහන යැයි එම ලිිපිවල ශීර්ෂයේ
සදහන්ව තිබේ.
ඉහත කුවින්තාන්සිය ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර සන්නිවේදන වැඩසටහන සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාව හා ඩබ්ලියු.ආර්.ගෘෘප් අතර ඇතිව තිඛෙන ගිවිසුම ප්‍රකාරව ඉදිරිපත් කර
තිඛෙන්නක් බව මම මෙයින් සහතික කරමි. යැයි එම ලිපි වල දැක්වේ.වීරතුංග මේ අයුරින්
සුබේරිට අවස්ථා දෙකකදීද,ඩබ්ලියු.ආර්.ගෘෘප් වෙත අවස්ථා දෙකකදීද ගෙවීම් සිදුකිරීම
සහතික කර ඇත.මෙසේ ගෙවීම් සිදුකරන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඩබ්ලියු.ආර් ගෘෘප්
ලබාදෙන සේවය සදහා යැයිද ඔහු තම ලිපිවල සදහන් කර තිබේ.
නමුත් ඇයි සුබේරිගේ පෞද්ගලික බැංකු ගිණුමට අවස්ථා දෙකකදීම මුදල් බැර කෙරුණේ?
හේතුවක් ලෙස ඉහත සදහන් කළ අයුරින් එම සමයේ ඩබ්ලියු.ආර්.ගෘෘප් සමාගම නොතිබීම දැක්විය
හැකිය.නමුත් ඩොලර් ලක්ෂ ගණන් මුදල් ලබාදීමට තරම් සුබේරි හා ශී‍්‍රලංකා මහ බැංකුව අතර
තිබූ බැදීම කුමක්ද? සුබේරි යනු කෘතහස්ථ දේශපාලඥයෙක්ද නොවේ.ඔහුට ඇත්තේ ප්රමුඛ පෙලේ
ඇමරිකා දේශපාලඥයින් හා සම්බන්ධතා පමණකි.නමුත් ඔහුට ඩොලර් ලක්ෂ ගණනින් මුදල් ලබාදීමට
මහබැංකුව පසුබටව නැත.මෙම ලබාදුන් මුදලින් ශී්රලංකාවට,එහි ජනතාවට ලැබී ඇති
ප්රතිලාභ මොනවාද?
ෆොරින් පොලිසි සගරාව මේ පිළිඹදව සුබේරිගෙන් විමසා ඇත.
‘ප්‍රතිපත්ති නිසා අපට හැකියාවක් නැහැ කරන ගනුදෙනු ගැන ඔක්කොම විස්තර හෙළි
කරන්න.’ ඔහු ඊට පිළිතුරු දී තිඛෙන්නේ ඇග බේරාගෙනය.
රටේ මූල්‍ය කටයුතු පිළිඹද ඉහළම නිලධාරියා වන මහ බැංකු අධිපතිවරයාට ඩොලර් ලක්ෂ
ගණන් වලින් ගෙවීම් සිදුකරන්න ලෙස නියෝග ලබාදෙන්නට සජින් වාස් ගුණවර්ධනට හැකියාවක්
ලැබුණේ කෙසේද? පැවතුනු රජයේ බොහෝමයක් පරිපාලන කටයුතු විනිවිදභාවයකින් තොරව සිදුවූ
බවට චෝදනා ඇතත් මේ අවස්ථාව නම් සැබෑවටම පමණ ඉක්මවා යාමකි.මුදල් ගෙවිය යුතු
පුද්ගලයින් තෝරාගත්තේත්.එසේ ගෙවිය යුත්තේ කොපමණ මුදලක්දැයි තීරණය කළේත් කවුරුන්ද?
මේ කටයුතු පාර්ලිමෙන්තුවට හා කැබිනට් මණ්ඩලයට නොදන්වා සිදුකිරීමට තීරණය කළේ
කවුරුන්ද?
යුධ අපරාධ සම්බන්ධයෙන් ප්‍රබල මතයක් ගොඩනැගෙමින් තිබීම නිසා බටහිර දිනාගෙන එයට
මුහුණදීමට පසුගිය රජය සීමාව ඉක්මවා කටයුතු කරන්නට ඇතැයි සිතිය හැකිය.කෙතරම් විවේචනය
කළද බටහිර දිනාගැනීමට ඔවුන්ට කොපමණ වුවමනාවක් තිබුණාදැයි 2014 පෙබරවාරියේ කොළඹදී
ලලිත් වීරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පළකළ අදහස් වලින්
පෙනුනි.
‘දේශපාලන හයියක් නැතිව ඇමරිකාවේ මොකවත් කරන්න බැහැ.ඔවුන් ඔබට ඇහුම්කන් දෙන්නෙත්
නැහැ.ඉතින් කරන්න දෙයක් නැහැ ඔබට සිදුවෙනවා ඒ දේශපාලඥයින් සමග හොද සම්බන්ධතා තියෙන
පුද්ගලයෙක් එක්කවත් ගනුදෙනු කරන්න.ඔක්කොම තීරණය වෙන්නේ ප්‍රතිරූපය හදාගන්න කොච්චර
උත්සාහයක් දරනවාද,ඒ වෙනුවෙන් අප යොදාගන්නා පුද්ගලයාට හරි සමාගමට හරි කොපමණ
දක්ෂතාවයක් තිඛෙනවාද යන්න මත තමයි.’ ඔහු කීය.
පසුව එළැඹුණු මාර්තු මසදී රැස්වුනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී
ලංකාවට නැගී ඇති යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික විමර්ෂණයක් සිදුකිරීමට
තීරණය කළේය.වහාම අප්‍රෙල් මාසයේදී සුබේරි හා ස්කරුලිස් ශ්‍රී ලංකාවට
පැමිණියෝය.රාජපක්ෂ රජයේ ඉහළ නිලධාරීන් හමුවූ ඔවුහු අප්‍රෙල් මස අවසානය වන විට
උපදේශන කටයුතු මැයෙන් ගිවිසුමකට එළැඹියහ.
දෛනම එකම පාසැලේ උගත්තෝ වෙති.සුබේරි දැනට සේවය කරන්නේ ස්කරුලිස්ගේ සිර්කා
මොබයිල් නම් ජංගම දුරකතන මෘදුකාංග නිශ්පාදන සමාගමක විධායක නිළධාරියා ලෙසය.
සුබේරි ශ්‍රී ලංකා රජය හා ගිවිසුමකට එළැඹියායින් පසු ස්කරුලිස් ඛෙල්ට්වේ
ගවර්න්මන්ට් ස්ට්‍රැටෙජීස් නම් සමාගමක් පිහිටුවා ගත්තේය.
මෙම සමාගමට මහ බැංකුවෙන් සෘජුව මුදල් ලැබී නැත.නමුත් ඩොලර් 850,000 (රුපියල්
114,167,750) ක මුදලක් ලැබී තිඛෙන අතර එම මුදල සමාගම් කිහිපයක් අතර ඛෙදා හැරීමට
ඛෙල්ට්වේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ.ඩබ්ලියු.ආර් ගෘෘප් හා ඛෙල්ට්වේ සමාගම්
ද්විත්වය සමගම 2014 සැප්තැම්බර් මස 30 වැනිදා සිට ශ්‍රී ලංකාව ගනුදෙනු නැවැත්වීය.
‘ඔවුන් පොරොන්දුවූ විදිහට ගෙවීම් සිදුකළේ නැහැ.හිග මුදල් තිඛෙනවා.හිතපු විදිහට
අපි පටන්ගත්තු වැඩසටහන කි‍්‍රයාත්මක වුනේ නැති නිසා අපි අපේ කටයුතු සීමා කළා.එතකොට
ශ්‍රී ලංකා රජය අපට මුදල් ගෙවන එක සම්පූර්ණයෙන්ම නතර කරලා දැම්මා.’ ෆොරින් පොලිසි
සගරාවේ ලිපියේ සුබේරි අදහස් දක්වා ඇත්තේ මෙලෙසය.
සියල්ල එක් කළ විට ශී‍්‍රලංකා මහ බැංකුව සුබේරිට හා ඩබ්ලියු.ආර් ගෘෘප් වෙත ගෙවා
ඇති මුදල ඩොලර් ලක්ෂ 65 ( රුපියල් 873,047,500) ඉක්මවයි.මේ සා මුදලක් වැයකළේ කුමක්
වෙනුවෙන් වන්නට හැකිද?
සුබේරි හා ඔහුගේ සගයින්ගෙන් ඇමරිකාවේ ඇති රාජපක්ෂවරුන් සතු දේපළ පිළිඹද විමසීම
සදහා පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර ඇත.
ඔවුන්ට පමණක් නොව ඇමරිකා පුරවැසියන් වන බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, දුමින්ද
මනෝජ් රාජපක්ෂ, පුෂ්පා රාජපක්ෂ, තේජානි රාජපක්ෂ, බිමල්කා රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ,
යතේන්ද්‍ර රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ටද මෙලෙස සිතාසි නිකුත් කිරීමට
ඇමරිකා අධිකරණය කටයුතු කර තිබේ.
මෙම කටයුතු හා සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරන්නේ මොවුන් මෙසේ අධිකරණයට කැදවෙන්නේ
ඇමරිකාවේ රාජපක්ෂවරුන් සතුව කොපමණ දේපළ ප්‍රමාණවයක් තිඛෙනවාද යන්න සොයාබැලීමට බවයි.
ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපය නැංවීමට යැයි කියමින් ඇමරිකාවට එවූ මුදල් නියමිත
පුද්ගලයින්ට නොව වෙනත් පුද්ගලයින් අතට ගොස් ඇතිදැයි විමර්ශනය කිරීමද මේ සමගම සිදුවන
එම ආරංචි මාර්ග කියයි.
මහ බැංකු බැඳුම්කර පාඩුවට අදාල මගඩි ටිකත් මේ වගේම හොයා බැලුවනම් තමයි වටින්නේ. ඒව වසන් කරගෙන මේ කතා කීමනම් පලක් නෑ. අනෙක් දේශපාලනේ වංචාවල් සිද්ධ උනේ 2005න් පස්සේ නෙවෙයි. ඊට ඉස්සර වෙලා රනිල් චන්ද්‍රිකා අගමැති හා ජනපති පදවි වල සිටියදී කරපු පුද්ගලිකකරන වැඩ පිලිවෙලවල් හරහා සිදු උන වංචා වහන්න බෑ. ඒවත් කතා කළානම් ගොඩක් සාධාරනයි.
ReplyDeleteඅජිත් කියන දේට මමත් සම්පූර්නෙන්ම එකඟයි මේ දේශපාලන වාර්තාකරුවන් ඔය කරුන් ගැන විස්තර කියන්න තිබුනේ පසුගිය ආන්ඩු කාලෙමයි. නමුත් එසේ නොකලේ ඔවුන්ද පසුගිය රජයෙන් යම් යම් දේ ලබාගත් අය නිසා විය යුතුයි. දැන් ඒගැන වැඩියෙන් කතා කරලා මේ ආන්ඩුවෙන් කන්න පුලුවන් නිසා පසුගිය රජය ගැන ම කතා කරන්න මේ කාලපාලුවන් පෙලඹිලා. මේ රජයේ වන්චා යට ගැසීමට මේ මාද්‍ය කරුවන් නිසැකව ම කටයුතු කරාවි. ඒ ඔවුන්ගේ සාක්කුවට යම් මුදලක්, අරක්කු බෝතලයක් බත් පැකට් එකක් ලැබෙන නිසා.
Deleteමේවා නිසි පරිදි වාර්තා වෙනවාද කියල හොයන්න ඕන...
ReplyDeleteකල් ඉකුත් වී ඇත. මෙවැනි අතේ රෝල් කියවන්න තව දුරටත් රුචියක් හදා ගත නොහැකිය. සාක්ෂි තිබේනම් තවත් තෙපරබබා ඉන්නේ නැතුව පැමිණිලි කරපල්ලා, නඩු දමාපල්ලා. නඩු අසා දඩුවම් දුන් පසු නඩු වාර්තාව පත්තරේ දමාපල්ලා. අපි එක බලන්නම්.
ReplyDeleteප.ලි
පුකේ ලයිට්, ලියන්න දෙයක් නැත්නම් අර කොකා කොලා ගැන ලියපන්කො. පත්තර වල තියෙන ඒවා කොපි පේස්ට් කරන්නේ නැතුව.
@ Ajith Kumara
ReplyDeleteබම්මන්පිල ඌරුවoශ වගේ දේශප්‍රේමී උතුමෝ බෑදුම්කර වoචාව ගෑන නිහඩ ඈයි?
බෑදුම්කර වoචාව රටට ඵලිකලේ රතු අලිපෑටියා කියන කෙනා.ඵක ශ්‍රීලනිප කාරයෙක් කටක් ඈරියෙ නෑ.දෑනගෙන හිටියේ...කිව්වෙ නෑ වචනයක්.රතු අලිපෑටියා කියන කෙනා ඔක ඵලිකලහාම ශ්‍රිලනිපෙ උන් කෑගෑහෑව්වෙ උන් වෑඩේ අල්ලගත්තා වගේ.
දෑන් බම්මන්පිලයගේ ඌරුවoශයගෙ කටේ පිට්ටුද?ඔහොමද විපක්ශයේ කාර්යබාරය ඉශ්ඨ කරන්නේ ඌරුවශoයො?
AnonymousSeptember 2, 2015 at 12:30 PM
//අජිත් කියන දේට මමත් සම්පූර්නෙන්ම එකඟයි මේ දේශපාලන වාර්තාකරුවන් ඔය කරුන් ගැන විස්තර කියන්න තිබුනේ පසුගිය ආන්ඩු කාලෙමයි//
ඵහෙම කලානම් සුදුවෑන් ඵකේ ගිහින් ඵක්නෑලිගොඩ ලසන්ත වික්‍රමතුoන්ග ඵහෙම බෑහෑදකින්න තිබ්බ නේද ඈනෝ මහත්තයෝ???
//. නමුත් එසේ නොකලේ ඔවුන්ද පසුගිය රජයෙන් යම් යම් දේ ලබාගත් අය නිසා විය යුතුයි.//
අල්ලස් ගෑනීමත් දීමත් දෙකම වෑරදිය.
// දැන් ඒගැන වැඩියෙන් කතා කරලා මේ ආන්ඩුවෙන් කන්න පුලුවන් නිසා පසුගිය රජය ගැන ම කතා කරන්න මේ කාලපාලුවන් පෙලඹිලා. මේ රජයේ වන්චා යට ගැසීමට මේ මාද්‍ය කරුවන් නිසැකව ම කටයුතු කරාවි. //
මාද්යකාරයෝ ඵහෙම කරනවානම් ලoකා c නිවුස් දිවයින දෙරන වගේ දේශප්‍රේමී මාද්‍ය වලට බෑරියෑ ඵ්වා රටට ඵලිකරන්න.
ඵ්යාල චන්දෙන් පස්සේ මහබෑoකු බෑදුම්කර වoචාව ඵතකොට කොකාකෝලා සමාගමේ කෙරුවාව ගෑන ඵක වචනයක් කතාකරන්නෑත්තේ මොකද?
ලoකා c නිවුස් දෙරණ දිවයින මවුබිම දේසප්‍රේමී මහත්තුරුන්ගේ කටේ අලිබෙටිද ඔයි?
// ඒ ඔවුන්ගේ සාක්කුවට යම් මුදලක්, අරක්කු බෝතලයක් බත් පැකට් එකක් ලැබෙන නිසා.//
දෑන් උබල ඔක ලියනවට කීයක් හම්බ උනාද?ජොනියගේ ''වෙල් පෑන්ටා'' බෝතලයක්වත්............
//බෑදුම්කර වoචාව රටට ඵලිකලේ රතු අලිපෑටියා කියන කෙනා.ඵක ශ්‍රීලනිප කාරයෙක් කටක් ඈරියෙ නෑ.දෑනගෙන හිටියේ...කිව්වෙ නෑ වචනයක්.රතු අලිපෑටියා කියන කෙනා ඔක ඵලිකලහාම ශ්‍රිලනිපෙ උන් කෑගෑහෑව්වෙ උන් වෑඩේ අල්ලගත්තා වගේ.//
ReplyDeleteඅනේ හිකෙයි!!පුක තමයි අනුරයා කොලේ!!!උන්ද හිමීට සද්දේ අඩු කරල 'මෙතන මොකක් හරි වෙලා තියනවා තමයි කියල' පෙරහැර ගියාට පස්සේ කිව්වා.
තොපිල හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලද? අලි එක්ක හැමිනෙන්න ගිය අනුරයා පක්ෂේ මරුවා. දැන් හිමීට වලදාලා හත් දවසේ බණක් කියහල්ල.
මහ බැංකු මගඩියක් ගැන කියනවනේ.දැන් මොකක්ද මගඩිය? ඒකෙන් ලංකාවේ රජයට වෙච්ච පාඩුව මොකක්ද? පාඩුව කීයද?මොකද එක එකා එක එක වෙලාවට කියන්නේ එක එක ගණන්.
ReplyDeleteමෙහෙමයි දැන් මහබැංකුව ගැන දුක්වෙන අය ඒ කාලේ රේස් යන්න කීයක් වියදම් කරාද???? සන්මන්ඛාන් ගෙන්නන්න... අැයි රගර් ගහන පිටරට ඒවුන් ගෙන්නන්න... යකෝ මේ සල්ලි දැම්මානම් රටේ දුප්පත්කම දැන් නෑ....
ReplyDeleteදෙගොල්ලොම ඵකයි කියලා කිව්වේ ඵ්ක තමයි බන් !
DeleteMudal gewwe mallaka dala we na athi,nathinam central Bank ekata hoyaganna puluwan.matanam penne athe rolak waggey.
Delete@ AnonymousSeptember 2, 2015 at 6:43 PM
ReplyDelete//අනේ හිකෙයි!!පුක තමයි අනුරයා කොලේ!!!උන්ද හිමීට සද්දේ අඩු කරල 'මෙතන මොකක් හරි වෙලා තියනවා තමයි කියල' පෙරහැර ගියාට පස්සේ කිව්වා.
තොපිල හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලද? අලි එක්ක හැමිනෙන්න ගිය අනුරයා පක්ෂේ මරුවා. දැන් හිමීට වලදාලා හත් දවසේ බණක් කියහල්ල.//
පොන්න බයියෝ මෙන්න බලාගනින් රතු අලිපෑටියා දෙදාස්පහලවේ මාර්තු මාසේ දාහත්වෙනිදා බෑදුම්කර වoචාව ගෑන පාර්ලිමේන්තුව හොල්ලපු හෑටි.
https://www.youtube.com/watch?v=AcvXpIn3quE
අපි තොපිවගේ බොරුකියන බයියො නෙවෙයි.අපි දෙයක් කියන්නේ සාක්ශි ඵක්ක.
තොපි වගේ අපිට බොරුවෙන් ජීවත්වෙන්න ඔන නෑ....දෑන් ගිහින් ඌරුවoශගේ ගූ කාපන්
අලි ඵක්කෙ හෑමිනෙන්නෙ ශ්‍රීලoකා කාරයො නෙ පොන්සියො.
තෝ ඵක දෑක්කෙ නෑද්ද?
මහලොකු දේශප්‍රේමී සන්දානකාරයෝ (ශ්‍රීලoකා කරයෝ සහ ත්‍රීවීල් පක්ශ දෙකතුන )ජවිපෙට රතු අලිපෑටවු කියලා චන්දදායකයන්ව ගොනාට අන්දලා පාර්ලිමේන්තුවට රිoගගත්ත ගමන්ම ගිහිල්ලා අලි ඵක්ක හෑමිනුනේ.....
දේශප්‍රේමී ශ්‍රීලoකා කාරයො අලි ඵක්ක හෑමිනිලා ජාතක කරපු ඵක තමා ''අoගවිකල පජාතික ආන්ඩුව''.
විමල් ඌරුවoශයත් ගිහිල්ලා MY3ගේ ගෙදරටම ගිහිල්ලා පස්චාත්බාගයට වෑදලා සමාව ඉල්ලගෙන පහන අල්ලලා ඵහෙම ආවා උබ දෑක්කෙ නෑද්ද?......හා....හා.... පට්ට හිනා බන් !
තොපි හිතන්නේ මිනිස්සු බූරුවො කියලාද?තොපේ බොරු අහන බූරුවෙත් ඈති....... හෑමෝම ඵහෙම නෑ පොන්සියො.
බෑදුම්කර වoචාව ඉස්සල්ලම පාර්ලිමේන්තුවේදී ඵලිකලේ අනුර කුමාර රතු අලි පෑටියා.ඌරුවoශ හොරා කටක් ඈරියද?ඌ කොහෙද කටක් අරින්නේ?ඌරුවoශයා නිවාස අදිකාරියේ හයිලක්ශරි ගෙවල් රු. ඵක්දහස් පන්සීයට(Rs 1500 ) උගෙ නෑයින්ට දීලා මට්ටු උනා නේ.......හොරු කියයිද බන් හොරු ගෑන......
ඊලගට ඵදාම මාද්‍ය සාක්ච්චාව තිබ්බා වසන්ත සමරසිoහ දූශන විරෝදී හඩෙන්.
ඊලග ඉරිදා ලoකා පත්තරෙන් දුන්නා ඈට්ටි හෑලෙන්න.......ඔන්න ඔහොමයි රට දෑනගත්තේ.
ඵ් විතරක් නෙමෙයි පොන්නයො..........චන්දෙට කලින් සතියෙ හයිවේ ඵකේ වෑඩපටන්ගත්ත මතකනෙ.....ඵ්කෙත් උන සියලුම දූශන වoචාගෑන රටට ඵලිකලේ රතු අලිපෑටියයි උන්ගේ ලoකා පත්තරෙයි තමා........අප්පච්චී ඌරුවoශ ලොල්ලන්පිල වචනයක් කිව්වද ? උබලගේ ගොබෙල්ස් පාට් අපිට දාන්න ඵන්න ඵ්පා.ඵ්වා නූගත් චන්දදායකයන්ටම දාගනින්.
උබලගේ පොන්න ඌරුවoශලා...ලොල්ලන්පිලයා මුලින්ම වචනයක් කතාකරාද බන්.......චන්ද් කාලේ නම් කෙදිරි ගෑවා......චන්දෙන් පස්සේ වචනයක් කිව්වද මේගෑන පොන්නවoශයා????