Wednesday, July 9, 2014

වීරවංශගේ රම්පෝසා වික්‍රමය


අංක 1- සිරිල් රම්පෝසාට ලංකාවට එන්න දුන්නොත් අපි තව එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නේ නෑ. අපි එලියට බහිනවා

අංක 2- ‍රැම්පෝසා ලංකාවට ආවට කමක් නෑ. එහෙම එන්ඩ එපා කියන්න බෑනේ. රටක නායකයෙක්නේ. ඔහේ ආවාවේ. හැබැයි උන්නැහේ එක්ක  ලංකාවේ බලය බෙදන එක ගැන කතා කරොත් නම් අපි ආන්ඩුවෙන් එලියට බහිනවා...

අංක 3. සිරිල් ‍රැම්පෝසා ඒ කවුද? කොහෙ එක්කෙනෙක්ද? මමනම් අහලා නෑ. 
'
'
'
;
අංක 4.- මේ මොන මගුලක්ද යකෝ. මම ආපහු දකුණු අප්‍රිකාවට ගිය 'ගමන් ඉල්ලා අස් වෙනවා.මේක හතර විලි ලැජ්ජාවක්නේ

Tuesday, July 8, 2014

රොබරෝසියාව ගැන කව් ගී ලියවුනා මදි



පේරාදෙණි වලේ (එළිමහන් රඟහලේ ) චිරාත් කාලයක් තිබී පසු ගියදා කඩා වැ‍ටුණු රොබරෝසියා ගස ගැන ලියවෙන කව්, ගී බ්ලොග් සටහන් මුණු පොත් සටහන් වලින් මේ දිනවල අන්තර් ජාලය පිරී උතුරා යමින් තිබේ.

මේවා දකින කියවන අයවලුන් සිතනු ඇත්තේ "අහා කොතරම් නම් සංවේදි මිනිසුන් සිටින රටක්ද? කඩා වැ‍ටුනු මහලු ගසක් ගැන මෙතරම් කව් ගී පබඳින්නට, ලිපි ලියන්නට, මොවුන් නම් මහා මානව භක්තිකයන් විය යුතුය." කියාය. 

එහෙත් මේ වෘක්ෂ ප්‍රේමින් කී දෙනෙක්ගේ හදවත  විස්කෝතු කමි න් සිටියදී මරා දැමුණු ළමයෙක් ගැන ලියන්නට තරම් උණු වීද?

කුඩා බිම් කඩකට හිර වූ ලක්ෂ ගණනක් ජනයා මත ෂෙල් වෙඩි පතිත වෙද්දි මේ අපූරු සංවේදි මිනිසුන් කුමක් නම් කලේද?

පසු ගියදා රටේ සුලුතරයක් වූ වරදට තම ගෙවක් දොරවල් පමණක් නොව ජීවිත පවා අහිමි වූ මිනිසුන් ගැන මේ රෝබරෝසියා ප්‍රේමින් වදනක්වත් ලීවෙද?

තම බ්ලොගය සංවේදි රචනාවලින් පුරවන මෑතකදී බ්ලොග් අවකාශයට එක් වූ ඇතැමෙක් මීට වසර කිහිපයකට පෙර වීදි වල කිරිබත් කෑ වුන් බව අප  හොඳින්ම දනිමු.

.ඇත්තෙන්ම මෙය නම් අපූරු රටකි. රොබරෝසියා ගස් මිනිසුන්ට වඩා වටින රටකි. 

එවන් රටක උපත ලැබ ජීවත් වීමට ලැබීම මොනතරම් වාසනාවක්ද?

Thursday, July 3, 2014

සී අයි.ඩි. ය නානසාරගෙන් ප්‍රශ්න කරයි.


හාමුදුරුවනේ ඔබ වහන්සේ දානය වලඳලාද ඉන්නේ?

ඔබ වහන්සේට ගිලන්පස ටිකක් ලෑස්ති කරන්නද?

ඔබ වහන්සේගේ ගෝලයින්ටත් තේ ටිකක් යවන්නද හාමුදුරුවනේ?

ඔබවහන්සේගේ ජීප් එක නැවත්තුවේ අව්වෙද හාමුදුරුවනේ.?

වෙන තැනක නවත්තන්නද අපේ හාමුදුරුවනේ?

ඔබ වහන්සේගේ සිවුර හරිම ලස්සනයි. කොහෙන්ද ගත්තේ අපේ හාමුදුරුවනේ?

තේ එකට සීනි වැඩි ද අපේ හාමුදුරුවනේ?

තව බිස්කට් එකක් වලඳමුද ?

ඔබවහන්සේගේ ටැබ් එකට කීයක් උනාද අපේ හාමුදුරුවනේ? මරු භාන්ඩේ

එහෙනම් ගිහින් වඩින්ට හාමුදුරුවනේ.

(ඔච්චර තමා තියෙන ප්‍රශ්න)