Sunday, February 22, 2015

නෙත් එෆ් එම් හා දිවයින ජඩ මාධ්‍ය කලාව

මේ සේයාරුවට යොදා ඇති විස්තරය බලන්න. පස්ස දෙස බලා සිංහලද දෙමල දැයි හඳුනා ගත හැක්කේ සමන් ගමගේ බඳු කසිකබල් මාධ්‍ය කරුවන්ට පමණක් විය යුතුය.

 පසුගිය ආණ්ඩු සමයේ දී රජයේ හමුදා වැලිකඩ සිරගෙදර තුල අමානුෂික මිනිස් ඝාතනය දැන් නැවතත් කරලියට පැමින තිබේ. එදා එම සිදුවීමට මුහුණ දුන් සිරකරුවෝ අද එලියට පැමිණ එම සිදු වීම පිළිබඳව සියල්ල හෙලිදරව් කරමින් සිටිති.

ඒ සමයේ රාජපක්ෂලාගේ දොලපිදේනි වලට යට ව සිටි ඊනියා මාධ්‍යකරුවෝ කිහිප දෙනෙක් දැන් තම හාම්පුතුන් ආරක්ෂා කිරීම සඳහා බල්ලන් මෙන් උඩු බුරන්නට පටන් ගෙන තිබේ.

නෙත් එෆ්.එම් හි බැලුම් ගල වැඩ සටහන කරන ජඩ මාධ්‍යවේදින් දෙදෙනා  ඒ අතර ප්‍රමුඛයන්ය. මේ දෙදෙනා සිතා සිටින්නේ  තමන් ෂර්ලොක් හෝම්ස්ලා ලෙසය. ඒ මදිවාට ඔවුන් රටේ ජනතාවත් එලෙස සිතනු ඇතැයි අපේක්ෂා කරති.  පසුගිය කාලය පුරාවටම පික් පොකට් කරුවන් , ගනිකාවන් , පිම්පියන්, බඳු පහල මට්ටමෙ මිනිසුන් ඉලක්ක කරගත්තා විනා මේ ඊනියා හෝම්ස් ලා දෙදෙනා කිසි දිනක මහා පරිමාණ වංචා දූෂණ ගැන කතා කලේ නැත. ඒ ඔවුන්ට ලැබී තිබුණු කොන්ත්‍රාත්තුවයි. පසුගිය රජයේ මහා පරිමාන වංචා දූෂණ වලින් රටේ ජනතාවගේ සිත් වෙනතකට හැරවීමයි. ඔවුන් එය අපූරුවට කරමින් සිටිද්දී ඔවුන්ගේ ස්වාමියන් ගේ පාලනය හමාර විය . 

දැන් ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව වන්නේ තම පරණ ස්වාමියන් චෝදනා වලින් ආරක්ෂා කිරීමය.සාක්ෂිකරුවන්ට පමණක් නොව ඔවුන්ගේ නීතිඥයන්ටත් සිංහල කොටි ලේබල අලවමින් ඒ කාර්ය සඳහා මුල පිරුවේ නෙත් එෆ්.එම්. බැලුම් ගල කොන්ත්‍රාත්කරුවන් දෙදෙනාය.

දැන් ඒ සඳහා දිවයින පුවත් පතද එක්ව තිබේ. එයට ලියන සමන් ගමගේ නම් කුලී ලියන්නා කියන්නේ මේ සියල්ල එන් ජී ඕ නඩ වල වැඩ බවයි. මිනීමරුවන් ආරක්ෂා කිරීමට පෙරට විත් සිටින මේ ඊනිය ජඩ මාධ්‍යකරුවා තවදුරටත් කියා සිටින්නේ මේ සාක්ෂිකරුවන්  හා ඔවුන්ගේ නීතිඥයන්ට වෙඩි තබා මරා දැමිය යුතු බවයි. ඒ  දිවයිනේ වර්ගවාදි නඩය දන්නා නීතියයි.  කියවා බලන්න. 


"වැලිකඩ සිදුවීම සම්බන්ධව සාක්ෂී දීමට පැමිණි අය කොටින් ලෙස ත් මියගියවුන් මහා අපරාධකරුවන්  ලෙසත් හංවඩු ගසමින් ඔවුන්  ආරක්ෂා කරන්නේ කවුදැයි මේ රටේ ජනයා හොඳින්ම දනිති. 
වැලිකඩදී එදා අපේ රණවිරුවන් මිනිස්‌ ඝාතකයන් වූයේලු. සොය සොයා සිරකරුවන් මැරුවේලු. පිටින් ආ ඝාතකයන් බන්ධනාගාරය තුළට පැමිණ මිනී මැරුවේලු. "නරි සඳ දුටු කල හූ කියන්නාක්‌" පරිදි මේ සියල්ල කියනුයේ අද දවසේ ඩොල්ර් කුට්‌ටි හමුවේ සදාකාලිකවම මේ රටට සතුරුවූ එන්ජීඕ නඩ සමඟ එකතුව දේශපාලන රැකවරණ ගෙන විදෙස්‌ගත වීමේ සූදානමක සිටින සහ දැනටමත් එසේ රටින් පිටවී සිටිනා සිංහල කොටි ත්‍රස්‌තයන්ය. 

මේ ලෙසින් වැලිකඩ සිද්ධිය අරබයා නැවත පරීක්‍ෂණ පැවත්වීමට යැමෙන් වත්මන් රජය ඉදිරියට එන ගැටලු රාශියකි. එහෙත් ඒ ගැටලුවලින් මිදීම සඳහා රජයට එක්‌ පහසු විසඳුමක්‌ද ඇත. ඒ "අපිත් හිරේ හිටියා" යෑයි දොඩවමින් අද වැලිකඩ සිද්ධිය ගෙන එන්ජීඕ නඩ සමග එක්‌ව රණවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්ට එදා උණ්‌ඩයකින් නොලැබුණ පිළිතුර මෙදාවත් ලබා දීමය. අප එසේ කියන්නේද නිකන්ම නොව. එදා මෙන්ම අදටත් මුන් රටට බරක්‌ වී නටමින් සිටින නිසාය."

මේ ලේ පිපාසිත වර්ගවාදි  ජඩ මාධ්‍ය මිනීමරුවන්ට කළ යුත්තේ කුමක්දැයි මෙරට ජනයා ඉක්මණින්  තීරණය කළ යුතුව තිබේ.  නැතහොත් මොවුන් ඉතා ඉක්මණින් නැවතත් රට රාජපක්ෂලාගේ මිලිටරි සපත්තුවට යට කිරීමට තම ජඩ මාධ්‍ය කලාව මෙහෙයවනු ඇත. 

Thursday, February 19, 2015

නුගේගොඩ ‍රැලියෙන් පසු ඇමති කම් සඳහා නැවත උග්‍ර පොරයක්

නුගේගොඩ  ‍රැලියට සහභාගි වී ආපසු යාමට සැරසෙන පාක්ෂිකාවක්


ඇමතිකම් ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් අතර ඇති ගැ‍ටුම් අද දින නුගේගොඩ ‍රැලියෙන් පසු උග්‍ර වී ඇතැයි වාර්තා වේ. විශේෂයෙන්ම මෙතෙක් කල් කිසිවෙකු විසින් නොසලකා හරිනු ලැබ තිබු එක්තරා අමාත්‍යාංශයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ සියලු ඇමතිවරු සටනට බැස ඇතැයි දැන ගන්නට ලැබී තිබේ.

නුගේගොඩ ‍රැලියට සහභාගි වූ ජනකාය දැක ලංකාවේ පශු කර්මාන්තයට හොඳ අනාගතයක් ඇති බව දැන ගන්නට ලැබී තිබීම නිසා ඇමතිවරුන් පශු කර්මාන්ත අමාත්‍යාංශය ඉල්ලමින් සිටින අතර ලංකාවේ මෙතරම් ගව සම්පතක් ඇතැයි තමන් නොසිතු බවද ඔව්හු පවසති. 

‍රැලියේ ගුවන් ඡායාරූපයක්



Wednesday, February 18, 2015

අද මම නුගේගොඩ යමි.


අද නුගේගොඩ ‍රැලියට සහභාගි වීමට දැනටම පැමිණ ඇති  පිරිසෙන් කොටසක්

මහජන එක්‌සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ සහපිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ වල නායකත්වයෙන් අද දින (18 වැනි දා)  නුගේගොඩ නගරයේ දී රැළියක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමග මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් 58 ලක්‍ෂයකගේ සිතුම් පැතුම් ආරක්‍ෂා කිරීමට සහ ශක්‌තිමත් කොට ඉදිරියට ගෙන යැම සඳහා මේ ‍රැලිය පැවත්වෙන බව පැවසේ.

එසේම මහින්ද රාජපක්ෂ මහතා මීලඟ මහ මැතිවරණයෙන් අගමැති අපේක්ෂකයා වශයෙන් ගෙන ඒමද මෙහි එක් අරමුණකි.

ඉතින් අද මමත් නුගේගොඩ යමි. 

හැබැයි ඒ මම ඊනියා 58 ලක්ෂයෙන් කෙනෙක් නිසානම් නොවන බව කිව යුතුය.  මා යන්නේ මහින්ද රාජපක්ෂ මහතා මීලඟ මහ මැතිවරණයෙන් අගමැති කිරීමටත් නොවේ.

මා වැඩ ඇරී යන ගමන් කොණ්ඩය කපා ගැනීම සඳහා අද නුගේගොඩ යමි. 

එම නිසා මා තමන්ගේ 58 ලක්ෂයට ගණන් නොගන්නා මෙන් විමල් විලම්භීත වීරවංශ මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මට එවැනි ලැජ්ජාවක් දරා සිටීමට අපහසුය.

Tuesday, February 17, 2015

කාල්ටන් වන්දනාව



එන්න එන්න.  නොමිලේ  කාල්ටන් වන්දනාව කරන්න ,ඔබත් අදම අප සමග එක්වන්න,

කාල්ටන් දේවාලයේ  කුප්‍රකට රාජපක්ෂ  පූජාව සමග හම්බන්තොට තවත්  වටිනා ස්ථාන වැඳ පුදා ගැනීමට ඔබට මහඟු අවස්ථාවක්

නැව් නො එන වරාය, මොණරු විතරක් එන ගුවන් තොට සමග ‍රැස්වීම් නැති ‍රැස්වීම ශාලාව නරඹා ප්‍රීති වන්න

බැතිබර දායකත්වය  නන්නත්තාර දේශප්‍රේමි බුලත් කොල සංධානය

වැඩි විස්තර සඳහා ඔබේ ගමේ බුලත් කඩෙන් විමසන්න.

අවසාන  දින කීපය

ජීවිත කාලයකට වරක් ලැබෙන මේ අනගි අවස්ථාව අපතේ හරින්න එපා

එන්න ප්‍රීති වන්න , චූන් වෙන්න , මත් වෙන්න ,අඬන්න

කාල්ටන් වන්දනාව කරන්න 

Thursday, February 12, 2015

යහපාලන අල්ලස්


පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට හා අධීක්ෂණ මන්ත්‍රී වරුන්ට රජයේ වාහන දෙක බැගින්, රියදුරන් හා ඉන්ධන ලබා දීමට යහපාලන ආණ්ඩුව තීරණය කර ඇත. 

මේ තීරණය ගත්තේ කුමන හේතුවක් නිසාදැයි හෙලිදරව් කර නැතත්, නිසැක ලෙසම එය ආණ්ඩුවේ ඉදිරි වැඩ වලට අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සඳහා දෙන අල්ලසල්  බව නිසැකය.අල්ලස් දීම  ඊනියා යහපාලන ක්‍රමය සමග ගැලපෙන්නේ කෙසේදැයි රජය ජනතාවට පැහැදිලි කල යුතුය. එසේම මෙම පහසුකම ලබාගන්නා අය ගැනද ජනතාව තම අවධානය යොමුකළ යුතුය. මොවුන් මහජන දේපල ගසා කෑමට මොන තරම් හුරු වී සිටිනවා දැයි මෙම සිදු වීමෙන් අපූරුවට  පෙනේ. එසේම  මෙවැනි ජරා ජීර්ණ පුද්ගලයන්ට අල්ලස් දීම සඳහා  මහජන සම්පත් භාවිතා කිරීමට යහපාලකයින්ට කිසිවෙක් වරම් දී නැති බවද මතක කල යුතුව තිබේ..

අල්ලස් දීමත් ගැනීමත් දෙකම නීතියට පටහැනිය. එමනිසා මේ දෙගොල්ලන්ටම විරුද්ධව  අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට මේ දිනවල තර‍ඟෙට මෙන් අල්ලස් කොමිසමට යන ජවිපෙ මහත්වරුන්ට පුලුවන.

ආණ්ඩුවට සහය දෙන හිටපු ඇමතීන්ට හිටපු අමාත්‍යංශවලින් වාහන දෙක දෙක - 

පාර්ලිමේන්තුවේ වත්මන් විපක්ෂය නියෝජනය කරන පසුගිය රජයේ අමාත්‍යධුර, නියෝජ්‍ය අමාත්‍යධුර සහ අධීක්ෂණ මන්ත්‍රීධුර දැරූ මන්ත්‍රීවරුන්ට ඔවුන් පෙර විෂය ආවරණය කළ අමාත්‍යාංශවලින් වාහන දෙක බැගින් මුදාහරින ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

එහිදී, මෙම මෝටර් රථවලට අවශ්‍ය ඉන්ධන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හරහා සම්බන්ධීකරණය කරගන්නා ලෙස පවසා ඇති අතර, ඊට අවශ්‍ය රියදුරන් අදාළ අමාත්‍යාංශවලින්ම ලබාදෙන ලෙසද පවසා තිබේ. එම රියදුන්ට සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකුගේ රියදුරෙකුට ලබාදෙන වැටුප, අතිකාල දීමනා හා යැපීම් දීමනා සමග ලබාදෙන බවද වාර්තා වෙයි.

මේ සඳහා වූ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් වඩුගේ මහතාගේ අත්සන සහිතව ඊයේ (05දා) සවස  නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.

මීට අමතරව, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හිටපු අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ෆැක්ස් මගින් ලිපියක් යවමින් තමන්ට මෙම වරප්‍රසාදය ලබාදෙන බවත්, එය අදාළ අමාත්‍යාංශවලින් ලබාගැනීමට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණ කටයුතු පවත්වා ගන්නා ලෙසද පවසා තිබේ.

මෙම වරප්‍රසාදය පිළිබඳව සැලවීමත් සමගම අදාළ වාහන ලබා ගැනීමට හිටපු අමාත්‍යවරු කීපදෙනෙකුම ඊයේ සිටම ඊට අදාළ කටයුතු සිදු කර ඇති බවද වාර්තාවේ
http://offair.nethfm.com/article/12592

Tuesday, February 10, 2015

අවසන් පිදුරුගහ


මහින්දගේ පරාජයෙන් පස්සේ ශ්‍රිලනිපයේ බලය මෛත්‍රී අතට ලැබීමත් එක්ක නන්නත්තාර වුනේ චන්දේදී මෛත්‍රීට වැඩියෙන්ම මඩ ගහපු උදවිය. මේ අය අතර ඉස්සරහින්ම ඉන්නේ   විමල් වීරවංශ, වාසුදේව, දිනේශ්,හා ගොම්මන්පිල හතර දෙනා .

මෙයාලට බුදු ෂුවර් එන චන්දේදී  සංධානෙන් නාමයෝජනා නොලැබෙන බව. ඒ විතරක් නොවේ සංධානයක් කියලා එකක් දැන් ඇත්තෙත් නැහැ නේ.

ඉතින් නාකි ඊනියා වාමාංශිකයෝ ටිකයි, මඩ කරියෝ සෙට් එකයි නන්නත්තාරයි. ෂේප් එකේ පාර්ලිමේන්තු ඇවිත් පොර ටෝක් එකක් ඉෂු කරලා , පාර්ලිමේන්තු කැන්ටින් එකෙන්ම බඩ පුරවගෙන ,නහින දෙහින කාලෙ පාර්ලිමේන්තුවේ ඩිස්පැන්සරියෙන්ම හත්මුතු පරම්පරාවටම බෙහෙත් ටිකත් අරගෙන ඉන්න තිබ්බ චෑන්ස් එක නැති වුනොත් මුන්ට ගෙවල් වලිනුත් ගහලා එලවනවා.

මොකදෑ කරන්නේ කියලා කල්පනා කර කර ඉන්න කොට තමා මතක් වුනේ අර විජිතමුනියා ගේ මැරිච්ච තාත්තාව ෆෝර්ම් කරලා අර ගෙන පෙරමුණක් අටව ගත්තොත් චන්ද ටිකක් අරගෙන ආයෙත් සැරයක් දියවන්නාවට රිංගාගන්න පුලුවන් වෙයි කියලා.

ඔන්න දැන් ඉතින් කට්ටිය සෙට් වෙලා, ජාතික නන්නත්තාරයින්ගේ පෙරමුණක් අටවගන්නයි සූදානම. මහින්ද මාම ඉස්සරහට දාලා චන්ද ටිකක් කඩා ගන්න. මේසැට්ක් හිතන් ඉන්නේ පහුගිය චන්දේ දී මහින්දට චන්දේ දුන්න ලක්ෂ 58 ම උන්ට ආපහු චන්දේ දෙයි කියලා.

මුන්ට අමතක වෙලා තියෙන්නේ ඔය ලක්ෂ 58 ගන්න මොනතරම් දැඟලිල්ලක් දැඟලුවද කියලා. අයි. ටී.ඇන්, ජාතික රූපවාහිනි, ස්වර්නවාහිනි, දෙරණ ,හිරු , ඔක්කොම රූපවාහිනි නාලිකා, ගුවන් විදුලි නාලිකා, දිවයින, සිළුමින,.දිනමින, රිවිර, මව්බිම, වගේ පත්තර මුලු මාස දෙකක් පුරාවට නැ‍ටුවේ මහින්දගේ බෙර පදේට. ලංගම බස් දාල සෙනග ඇද්දා. රාජ්‍ය දේපල මුන්ගේ ගෙදරින් ගෙනත් වගේ බෙදුවා. මහා නොනවතින දන්සැල් දුන්නා. මඩ ගැහුවා, මැරවැඩ කලා,මේ හැම ශක්තියම දාලා ගත්ත ලක්ෂ 58 ඒ මොනවත් නැතිව, අඩු ගානේ පත්තරයක්වත් නැතිව, බලෙන් පහ වෙච්ච , තමන්ගෙම අනුගාමිකයෝ මලමිනියක් කියලා අඳුන්වන කෙනෙකුට ලැබෙයි කියලා හිතන්නේ වීරවංශලා වගේ මොලේ පුස් කාපු නන්නත්තාර වෙච්චි අය විතරයි.

මහින්ද  කියන්නේ දැන් නිකම් ම පිදුරු ගහක් විතරයි. ඒකේ එල්ලිලා ඉන්න වීරවංශලා ඒකත් එක්කම ඉතිහාසේ කුණු බොක්කට යවන්න මේක තමා හොඳම වෙලාව.

සටහන- මහින්ද අගමැති කරන පෙරමුණට මුලින්ම පහර දෙන්නේ යූඇන්පිය නෙවෙයි මහින්ද විශින් පාගා ගෙන හිටපු  විපක්ෂනායක නිමල් සිරිපාල සිල්වා ප්‍රමුඛ ශ්‍රිලනිප ජ්‍යෝෂ්ඨයෝ

Sunday, February 8, 2015

නලින් ද සිල්වා දු‍ටු විකාර සිහිනය-Waiting for Godot



මහින්ද රාජපක්ෂ රෙජිමය පරාද වීම නිසා විශ්ව විද්‍යාල කොමිසමේ තමන් දැරූ තනතුර අහිමි වී හාමතේ සිටින පිස්සූ මහාචාරිය නලින්ද සිල්වා නැවත වතාවක් මහින්ද රාජපක්ෂව බලයට ගෙන ඒම සඳහා සිහින දකිමින් සිටියි. 

ඔහු මුලින්ම තමන් මෙන්ම බඩගෝස්තරයට පහර වැදී නන්නත්තාරව සිටින විමල්,වාසු,  දිනේශ් රංචුව ගැන බලාපොරොත්තු තැබුවත් එම කල්ලිය කිසිම ශක්තියක් නැති හුදකලා, අතරමං වූ සට්ටඹියන් පිරිසක් පමණක් බව වැඩි කල් නොයාම තේරුම් ගත්තේය.

එහෙත් ඔහු තවමත්  බලාපොරොත්තු අත හැර නැත. දැන් ඔහු උත්සාහ කරන්නේ ශ්‍රීලනිපයේ මහින්ද හිතවාදින් සමග එක් වීමටය.

ඒ වෙනුවෙන් ඔහු ලොවෙත් නැති න්‍යායන් සදමින් සිටියි. ඔහුට අනුව මෛත්‍රී,රනිල් ආණ්ඩුවේ අය වැය සම්මත වීමත් මහින්ද ගේ ජයකි.  කියවා බලන්න.


අයවැය, ශ්‍රී ල නි පක්‍ෂය  හා ජනාධිපති

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගෙන් හැටදෙනකු පමණ කිනම් ආකාරයකින් වුවත් ඡන්දය දීමෙන් වැළකී ඇත. ඒ අතර ජනාධිපතිගේ විපක්‍ෂයේ නොවන විපක්‍ෂ මන්ත්‍රීවරු ද ජ වි පෙරමුණේ මන්ත්‍රීවරු ද එ ජා ප මන්ත්‍රීවරු පස්දෙනෙක් පමණ ද වෙති. ඉතිරි හතළිස් දෙනකුට අධික අයගෙන් බහුතරය ශ්‍රී ල නි පක්‍ෂයට අයත් අය බව පැහැදිලි ය. එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජ වි පෙරමුණේ තරුණ නොවන මන්ත්‍රින් ඡන්දය දීමෙන් වැළකී ඇත්තේ අයවැයට පක්‍ෂව ඡන්දය දී තම සාමාජිකයන් පක්‍ෂ අත්හැර යෑම වැළැක්වීමට ය. අනෙක් පනස්දෙනකු පමණ කිනම් ආකාරයකින් වුවත් ඡන්දය දීමෙන් වැළකී ඇත්තේ එයට විපක්‍ෂව ඡන්දය දී ජනතාව තමන්ට ඡන්ද සහන හා පොරොන්දු දුන් අයවැයකට විපක්‍ෂ විණි ය යනුවෙන් ඔවුන්ට කිරීමට ඉඩ ඇති චෝදනාවෙන් නිදහස් වීමට විය යුතු ය. 

කෙසේ වෙතත් ජනාධිපතිගේ සියුම් ගර්ජන හමුවේ ද ඔහුට නොනැමෙන පිරිසක් ශ්‍රී ල නි පක්‍ෂයේ සිටින බව පැහැදිලි ය. ජෝන් අමරතුංගට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාව ඇතැම් විට ජනාධිපතිගේ ද අගමැතිගේ ද අනුමැතිය උඩ ගෙන එන්නක් විය හැකි ය. ඒ කුමක් වුවත් එයට මන්ත්‍රීවරුන් එකසිය දහහතර දෙනකු අත්සන් තබා ඇත. ඒ නරක ප්‍රවනතාවක් නො වේ. 

අද කළ යුතු ප්‍රධාන ම කාර්යය වනුයේ ශ්‍රී ල නි පක්‍ෂය ජනාධිපති ග්‍රහණයෙන් මුදා ගැනීම ය. අයවැය ඡන්දයෙන් කියැවෙන්නේ (පඬියන්ගේ ඊනියා කියැවීම නො වේ) ඒ ගැන බලාපොරොත්තු තබාගත හැකි බව ය. සන්ධානයේ අපේක්‍ෂකයාට විරුද්ධව තරග කළ බටහිර යටත්විජිතවාදී නියෝජිතයකුට යටත්විජිත විරෝධී ශ්‍රී ල නි පක්‍ෂය මෙහෙයවීමට ඉඩ නොතැබිය යුතු ය.


නලින් ද සිල්වා

වීරවංශගේ නන්නත්තාර පෙරමුණේ සිහිනයට වූ පරිද්දෙන්ම නලින් ද සිල්වාගේ දවල් සිහිනයද  දවල් සිහිනයක්  පමණක් බවට පත් කිරීමට වග බලා ගැනීම නලින්ට මෙන් පිස්සු නැති සියලු දෙනාගේ  වග කීමකි

Saturday, February 7, 2015

මේ ඝාතකයින්ට ද නීතියෙන් දඬුවම් කරනු


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත් කිරීමට සටන් වැදුනු ජවිපෙ නායකයින්, නොයෙක්  සමාජ ක්‍රියාකාරිකයන් , දේශපාලනඥයින් ඇතුලු  බොහෝ දෙනෙකුන් මේ දිනවල කරන එකම කටයුත්ත වී ඇත්තේ පසු ගිය රජයේ වංචා දූෂණ හෙලිදරව් කිරීමය. ඔව්හු නැති වූ වාහන ගැනද, මුදල් ගසා කෑම් ගැනද තවත් නොයෙක් වංචා දූෂණ ගැනද තරඟයට මෙන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කරති. අල්ල්ස කොමිසමේ නිලධාරින් හටද ඔවුන්ට මෙතෙක් ලැබී ඇති පැමිණිලි ගැන පරික්ෂා කිරීමටවත් ඉඩක් නැත්තේ අලුතින් ලැබෙන පැමිණිලි ලියා ගැනීමට මුලු ශක්තිය හා කාලය වැය කිරීමට සිදුව තිබීම නිසාය.

මෙය ඉතාමත් හොඳය. පසුගිය රජයේ රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ අත වැසියන් විසින් සොරකම් කළ සියලු මහජන දේපල සොයා යලිත් ඒවා රටේ සුභසිද්ධිය වෙනුවෙන් යෙදිය යුතුව තිබේ.එසේම මේ කම්බා හොරුන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය.

සොරකම් මෙන්ම රාජපක්ෂ රෙජිමය පසුගිය කාලයේ කළ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් ගැනද ඒ හා සමාන උනන්දුවකින් සෙවිය යුතුව තිබේ . ඒ ලෙසම රටේ ජනතාවගේ මානව හිමිකම් කෙළසූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙනවුත් උපරිම දඬුවම් ලබා දිය යුතුව තිබේ. 

පසුගිය කාලයේ මහත් සේ ආන්දෝලනයට ලක් වූ සිද්ධීන්  ගණනාවක් වන අතර ඒ සියල්ල ගැන පූර්ණ හා කඩිනම් පරීක්ෂණ පැවත්විය යුතුය.

1.උතුර නැගෙනහිර  ජනයාට එරෙහිව කළ මානව විරෝධී ක්‍රියා  සඳහා අණ  දුන්නේ  කවුද? ඒවා ක්‍රියාවට නැගුයේ කවුද?

2. ප්‍රදීප් එක්නැළිගොඩ ට වූයේ කුමක්ද? ඒ සඳහා වග කිව යුත්තේ කවුරුන්ද? 

3. මාධ්‍යවේදින්ට  කළ පහර දීම් වලට වග කිව යුත්තො කවුද?

4. ක‍ටුනායකදී වෙඩි තබා කම්කරුවෙකු ඝාතනය කර කම්හල්වලට  පහර දීමට අණ දුන්නේ කවුද?

5. රතුපස්වලදී ජලය ඉල්ලා සිටි ජනතාවට ගිනි බිඳ ඔවුන් මරා දැමීම පසුපස සිටියේ කවුද?

6. හලාවතදී ධීවරයින්ට වෙඩිතබා  ඝාතනය කිරීමට අණ දුන්නේ  කවුද?

7. ජානක ඒකනායක හා සිසිත ප්‍රියංකර සරසවි සිසුන් දෙදෙනාගේ ඝාතන ගැන අභිරහස

8. සරසවි සිසුන් හා කම්කරුවන් ගේ සටන් වලට මැරයින් යොදා කළ පහර දීම්


Thursday, February 5, 2015

නලින් සිල්වාගේ ආටක නාටක


බටහිර ලෝකය පෙන්නන්නට බැරි බටහිරයන් හැම වෙලේම ලංකාවට අංචි අදින්නට සිතා සිටිනවා යැයි කියන, උදේ හවස ක‍තෝලික සභාව පතුරු ගසන නාථ දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර නලින් ද සිල්වා හිටපු මහාචාරිය තුමා ලියූ මේ ලිපිය දු‍ටු විට මට  හිනාව නවතාගන්නට බැරිව හුස්ම පවා හිර වුනේය. ඇයි යකඩො  ඔහේට පෙන්නන්න බැරි පාප් වහන්සේව   ඔහේලාගේ මහරජා පරදවපු ජනාධිපති  ‍විහින්  රැවට්‍ටුවම ඔහේට  ඩෝං යන්නේ මොකද?  මේ දවස් වල අපිට වගේම ඔහේටත් ලියන්න දේවල් නැතුවද? 

ජනාධිපති පාප්වහන්සේ නොමග යැවී ද?

පසුගියදා ජනාධිපති ලේකම් අබයකෝන් මහතා මොහාන් පීරිස් මහතාට ලිපියක් යවමින් කියා ඇත්තේ පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම බලරහිත කර ශූන්‍ය කර ඇති බව ය. එයින් කියැවෙන්නේ මොහාන් පීරිස් මහතා කිසි දිනෙක මෙරට අගවිනිසුරු ලෙස කටයුතු කර නොමැති බව ය.

ඒ  එසේ නම් පාප්වහන්සේ ලංකාවට පැමිණි දිනයෙහි හා ඉන්පසු දින කිහිපයෙහි ද මොහාන් පීරිස් මහතා මෙරට අගවිනිසුරු ව නො සිටියේ ය. එහෙත් වාර්තා වන පරිදි ජනාධිපතිවරයා පාප්වහන්සේට මොහාන් පීරිස් මහතා හඳුන්වා දී ඇත්තේ අගවිනිසුරු ලෙස ය. එය එසේ දැයි අපි නො දනිමු. මොහාන් පීරිස් මහතා භක්තිමත් කතෝලිකයකු ලෙස ඒ අවස්ථාවේ දී පාප්වහන්සේගේ මුදුව සිප ගන්නා අයුරු මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් රූපවාහිනී නාලිකා ඔස්සේ දැක බලාගත්හ.

මොහාන් පීරිස් මහතා කතෝලිකයකු වූ පමණින් ඒ අවස්ථාව නොලැබෙන බව අපි දනිමු. ඒ මහතාට පාප්වහන්සේ හමු වී මුදුව සිපගැනීමට අවස්ථාව ලැබුණේ ඔහු මෙරට අගවිනිසුරු වූ බැවින් ද? එසේත් නැත්නම් වෙනත් නිලයක් දැරූ බැවින් ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ ජනාධිපති ලේකම් ද එසේත් නැත්නම් නීතිඥ සංගමයේ සභාපති දැයි අපි නො දනිමු.

ඒ කුමක් වුවත් මෙරට සියළු වැසියන්ට ද, ලෝක කතෝලික ජනතාවට ද, මෙරට කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවට ද ප්‍රශ්නයක් වෙයි. අගවිනිසුරු ව නොසිටි අයකු පාප්වහන්සේට අගවිනිසුරු ලෙස හඳුන්වනු ලැබිණි ද? ඒ එසේ නම් ජනාධිපතිවරයා විසින් පාප්වහන්සේ නොමග යවනු ලැබිණි ද? 

මේ සම්බන්ධයෙන් කතෝලික සභාව කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තමු.

නලින් ද සිල්වා

Wednesday, February 4, 2015

සිග‍රැට් පැකට්‍ටු අර්බුදයේ හැබෑව


සිග‍රැට් පැකට්‍ටුවේ මතුපිටින් 80% රූපමය අවවාද තිබිය යුතුය යන කරුණ  ලෝකයේ  බොහෝ රටවල පිලිගත් නිර්නායකයකි. එයින් බලාපොරොත්තු වනුයේ දුම් බොන්නන් අධෛර්යට පත් කිරීමයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමති කාලයේ සිටම මෙම නීතිය ලංකාවේ ස්ථාපිත කිරීමට සටන් කළ නමුත් අවසන උසාවියෙන් අවසර දූන්නේ 60% ප්‍රමාණයක් සඳහා පමණි. රටක නීතියත් අභිබවා බහුජාතික සමාගම් ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව එය හොඳ උදාහරණයක්.

පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත් වූ පසු දැන් නැවතත්  රූපමය අවවාද ප්‍රතිශතය 80% දක්වා ඉහල නැග තිබේ. 

එහෙත් ප්‍රශ්නය නම් දුම් පානයෙන් වන හානිය නවතාලීමට ,අඩු කිරීමට, මෙම පියවර ප්‍රමාණවත්ද යන්නයි. මෙහිදී රට තුල දුම් පානය සහමුලින්ම තහනම් කිරීම බඳු ඉතා අන්තවාදී ක්‍රියා අප ඉල්ලා සිටින්නේ නැත.

එහෙත් ලංකාව බඳු රටක සිග‍රැට් පෙට්ටියේ රූපමය අවවාද 80% නොව 100% තිබුණත් පලක් නොවන බව කාලයක් දුම් පානයට ඇබ්බැහි වී සිටි අයෙකු වශයෙන් අප ඉතා හොඳින් දනිමු. 

එයට හේතුව නම් ලංකාවේ සිග‍රැට් පැකට් පිටින් මිලට ගෙන දුම් පානය කරන්නේ ඉතාමත් සීමිත පිරිසක් වීමයි. අනික් සියලු දෙනා එක් වරකට මිලට ගන්නේ දුම්වැටි එකක් හෝ දෙකක් පමණි. ඔවුන් සිග‍රැට් පැකට්‍ටුවක් ඇස් දෙකට දකින්නේත් ඉතා කලාතුරකිනි. එම නිසා පැකට්‍ටුවල මොන රූපමය අවවාද තිබුණත් ඒවා මෙම පිරිස නෙත ගැටෙන්නේ නැත.

එම නිසා අප කියා සිටින්නේ දුම්පානය අධෛර්යමත් කිරීමට නම් , රූපමය අවවාද වල පණිවුඩය නිසි ලෙස ජනතාව අතරට යාමට නම්, රූපමය අවවාද සමග සිල්ලරට දුම්වැටි විකිණීමත් තහනම් කළ යුතු බවයි.දුම්වැටි විකිණිය යුත්තේ පැකට් වශයෙන් පමණි. මෙය කළ හැකි නම් දුම්වැටි අලෙවියට විශාල බලපෑමක් කළහැකිවනු නො අනුමානය.

Tuesday, February 3, 2015

තිෂ්ෂ, තිෂ්ෂ,කොහෙද අප්පා දුවන්නේ?


තිෂ්ෂ දුන්නත් අරං ගල ලඟින් දුවනවා

මයින්ද ගල උඩ ඉඳලා  කෑ ගානවා
" තිෂ්ෂ, තිෂ්ෂ" කියලා

තිෂ්ෂ උඩ බැලුවා, මොකාද ඩෝ මට තිෂ්ෂ කීන්නේ කියල ඉතපු තිෂ්ෂ නැවතුනා

තිෂ්ෂ පොඩ්ඩක් ඉටියානම් , මයින්ද කිව්වා

"මොකද අයියා " තිෂ්ෂ ඇහුවා

" මල්ලී මේකයි කේස් එක. මේ සැරෙත් මං දිනනවා බුදු ෂුවර් මල්ලී, ඔයා නිකම් ඔය රනිලා ලඟ ඉඳලා පීචං වෙන්නේ ඇයි එන්ඩකෝ අපි එක්ක . දෙන්නම්කෝ බොක්ක දිග ඇරෙන්න පාරක්"

මොනාද අයියා මේ කීන්නේ. මාත් ඉටියේ ඉන්විටේෂන් එකක් එනකම් තමා , ඇමදාම පරාදවෙලා ඇතිවෙලා ඉන්නේ ,කියන්ඩකෝ මොනාද කරන්ඩ තීන්නේ"

" මෙච්චරයි මල්ලී, මෙන්න කොලේ , මේක පෙන්නලා ආන්ඩ මේ ගිවිසුම් ඇර වෙන ගිවිසුම් තියේද කියලා' එච්චරයි, ඔයාගේ අත්මුතු ප්‍රම්ප්‍රාවම ගොඩ මල්ලී"

"රායිට් අය්යා දෙන්නම්කො එල ටිකට කිසි දේකට බය වෙන්ඩ එපා මේ තිස්ස විද්දොත් විද්දා මෙන්න දුන්න , අන්න මුවා  කෝ ගිවිසුම් "

සටහන- වැඩේ කෙලවුනේ තිස්සට පෙන්නපු ගිවිසුම ඇරෙන්ඩ තව ගිවිසුමක් තිබ්බ හින්දාය. ඇත්තටම තිබ්බේ ඒ ගිවිසුම විතරය. තිස්සට දුන්නේ හොර ගිවිසුමක්ය. පව් තිස්ස/

Monday, February 2, 2015

නිවාස පරික්ෂාවේ වේදනාව



 1931 සිට දේශපාලනය කරන තම පවුලේ නිවස කිසි දිනෙක පරික්ෂා කර නැති බවත් මෙවර ජනාධිපතිවරණයෙන් පසු මුල් වරට පොලිසීය එය පරික්ෂා කල බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බොහෝම හිත් වේදනාවෙන් තැන් තැන් වලදී කියමින් සිටියි

ඔහුගේ නිවාසය පරික්ෂා කිරීම ගැන හිත බොහෝ සේ රිදී තිබේ. ඔහුගේ පමණක් නොව ඔහුගේ අන්ධ භක්තික අනුගාමිකයන්ගේද හිත් තැලී  ද ඒ ගැන මුහුණු පොතේ කඳුලු වගුරවති.. 

තමන්ගේ නිවෙස පරික්ෂාවට ලක් කිරීම ගැන අඬන රාජපක්ෂලාට  පසු ගිය කාලය තුල ඔවුන්ගේ ඊනියා නගර සංවර්ධන වැඩ සටහන් වලට ඉඩම් අයිති කරගැනීමට කියමින් තමන් පරම්පරා ගණනක් විසු නිවෙස් වලින් එලියට ඇද දැමූ දහස් ගණනක් දෙනා ගේ වේදනාව තේරුණේ නැත. එකල ඔවුන් සිතුවේ එම ඉඩම් තම චීන හාම්පුතුන්ට විකුණා ලැබෙන කොමිස් මුදල් ගැන පමණි.

එසේම ඔවුන් උතුර නැගෙනහිර දෙමල ජනයාගේ නිවාස මතට බැරල් බෝම්බ ,මල්ටි බැරල් හා ෂෙල් ප්‍රහාර එල්ල කර නිවැසියනුත් සමග ඒවා සුණු විසුණු කරද්දී ඔවුන්ට දැනෙන වේදනාව ගැන හිතුවේ නැත.

නැගෙනහිර පලාතේ වෙරලබඩ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන අයිතිකරුවන්ටත් තහනම් කර හෝටල සැදීම සඳහා තම හිතවතුන්ට හා හමුදාවලට පවරද්දී ඒවායේ හිමිකරුවන්ගේ කඳුලු රාජපක්ෂට පෙනුනේ නැත.

උතුරේ නිවාස හා ඉඩම් බලෙන් යටකරගෙන අධි ආරක්ෂිත කලාප පවත්වාගෙන යද්දී එම නිවෙස් වල හිමිකරුවන්ගේ දුක ද රාජපක්ෂට දැනුනේ නැත.

ඉතින් දැන් තමන්ගේ න්වෙස යම්තම් පරික්ෂාවකට ලක් කළ පමණින් හූ තියමින් හො‍ටු පෙරමින් රාජපක්ෂ හඬන විට අපිට නම් දැනෙන්නේ පිලිකුලක් මිස කණගා‍ටුවක් නම් නෙවේ. 

Sunday, February 1, 2015

කුමාර මහත්තයාට අත නොතබනු



පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ නොනිල නායක හා මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයාට එරෙහිව කරමින් පවතින දේශපාලන හිරිහැර අපි තරයේ හෙලා දකිමු. 

ඔහු මේ රටේ පුරවැසියෙකි. ඔහු රටින් පලා යාමට සිදු වූයේ  රාජපක්ෂ රෙජිමයේ  හිංසාවන් නිසාය. දැන් රෙජිමය පරාජය කර යහ පාලනයක් ගොඩ නගා තිබේ. එහි නායකයින් , රෙජිමයේ පලි ගැනීම් නිසා විදේශ ගත වී සිටින සියල්ලන්ට නැවත මව් බිමට පැමිණීමට ආරාධනා කර තිබේ. 

එහෙත් ලංකාවට පැමිණ දේශපාලනය කිරීමට සැරසෙන කුමාර් ගුණරත්නම්ට මෙම යහපාලනය අදාල නොවන බවක් පෙනේ. දිගින් දිගටම ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා හිංසා කරමින් ඔහුව ආපසු යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වේ. මෙය නම් දේශපාලන පලි ගැනීමක් මිස අන් කිසිවක් නොවේ. 

ඒඔහු නැවත ලංකාවට පැමිණ තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට උදව් කලේ පැවති ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉ‍ටු කිරීමට යැයි වන උපකල්පනයේ පිහිටා සිටය.ඔවුන්ගේ එම ක්‍රියාවෙන් විපක්ෂ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට පාඩුවක් විය හැකි බවත්, රාජපක්ෂට වාසි වූ බවත් ආණ්ඩු වේ ආධාරකරුවන්  නගන චෝදනාවයි. එය එසේම වූවා කියා උපකල්පනය කලත් කුමාර් ගුණරත්නම්ගෙන් පලි ගැනීම ගැලපෙන්නේ යහපාලනයේ කුමන කොටස සමගදැයි අපට තේරුම් ගත නොහැක.

1989 පරාජයෙන් පසුව ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසි 1994 දී ඔවුන්ටද මෙවැනි  චෝදනාවකට ලක් වීමට සිදු විය. ඒ එවකට පැවති එජාප රජයේ කොන්ත්‍රාත්තුවක් ඉ‍ටු කරමින් විපක්ෂ සංධානය පරාජය කිරීමට එජාපයට උදව් කරන බවයි. අද ජවිපෙ එම චෝදනාවම තමන්ගෙන් කැඩී ගිය පෙසපෙට කිරීම  මොන තරම් සදාචාරත්මක දැයි ඔවුන් සිතන බවක් නොපෙනේ. කෙසේ වුවත් ඔවුන් කුමාර් ලංකාවේ සිටීම ගැන නම් කැමති නැති බව පැහැදිලිවම පෙනේ. ජවිපෙ නායකයින් ලංකා ඊ නිව්ස් වැනි ආයතන හරහා දිගින් දිගටම , කුමාර් පි‍ටුවහල් කරනුයි හඬ නගනුයේත්, නව රජය තුල තමන්ට ඇති සම්බන්ධතා භාවිතා කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඔහුට හිරිහැර කරවන්නේත් එබැවිනි.

එම නිසා  කෙනෙක් දරන දේශපාලනය මතය කුමක් වුවත් ඔහුට හෝ ඇයට ඒ මතය දැරීමට ඇති අයිතිය ට පහර නොගසන මෙන්  අපි තරයේ ඉල්ලා සිටිමු. 


එම අයිතිය තිබිය යුත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ, රවී කරුණානයක හෝ අනුර කුමාර දිසානායකට පමක් නොවේ. එය කුමාර් ගුණරත්නම්ට , සිරිතුංග ජයසූරියට , විජේ ඩයස්ට හෝ පානි විජේසුන්දරට ද එක සේ තිබිය යුතුය. යහපාලනය යනු එයයි.