නෙත් එෆ් එම් හා දිවයින ජඩ මාධ්‍ය කලාව

මේ සේයාරුවට යොදා ඇති විස්තරය බලන්න. පස්ස දෙස බලා සිංහලද දෙමල දැයි හඳුනා ගත හැක්කේ සමන් ගමගේ බඳු කසිකබල් මාධ්‍ය කරුවන්ට පමණක් විය යුතුය.

 පසුගිය ආණ්ඩු සමයේ දී රජයේ හමුදා වැලිකඩ සිරගෙදර තුල අමානුෂික මිනිස් ඝාතනය දැන් නැවතත් කරලියට පැමින තිබේ. එදා එම සිදුවීමට මුහුණ දුන් සිරකරුවෝ අද එලියට පැමිණ එම සිදු වීම පිළිබඳව සියල්ල හෙලිදරව් කරමින් සිටිති.

ඒ සමයේ රාජපක්ෂලාගේ දොලපිදේනි වලට යට ව සිටි ඊනියා මාධ්‍යකරුවෝ කිහිප දෙනෙක් දැන් තම හාම්පුතුන් ආරක්ෂා කිරීම සඳහා බල්ලන් මෙන් උඩු බුරන්නට පටන් ගෙන තිබේ.

නෙත් එෆ්.එම් හි බැලුම් ගල වැඩ සටහන කරන ජඩ මාධ්‍යවේදින් දෙදෙනා  ඒ අතර ප්‍රමුඛයන්ය. මේ දෙදෙනා සිතා සිටින්නේ  තමන් ෂර්ලොක් හෝම්ස්ලා ලෙසය. ඒ මදිවාට ඔවුන් රටේ ජනතාවත් එලෙස සිතනු ඇතැයි අපේක්ෂා කරති.  පසුගිය කාලය පුරාවටම පික් පොකට් කරුවන් , ගනිකාවන් , පිම්පියන්, බඳු පහල මට්ටමෙ මිනිසුන් ඉලක්ක කරගත්තා විනා මේ ඊනියා හෝම්ස් ලා දෙදෙනා කිසි දිනක මහා පරිමාණ වංචා දූෂණ ගැන කතා කලේ නැත. ඒ ඔවුන්ට ලැබී තිබුණු කොන්ත්‍රාත්තුවයි. පසුගිය රජයේ මහා පරිමාන වංචා දූෂණ වලින් රටේ ජනතාවගේ සිත් වෙනතකට හැරවීමයි. ඔවුන් එය අපූරුවට කරමින් සිටිද්දී ඔවුන්ගේ ස්වාමියන් ගේ පාලනය හමාර විය . 

දැන් ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව වන්නේ තම පරණ ස්වාමියන් චෝදනා වලින් ආරක්ෂා කිරීමය.සාක්ෂිකරුවන්ට පමණක් නොව ඔවුන්ගේ නීතිඥයන්ටත් සිංහල කොටි ලේබල අලවමින් ඒ කාර්ය සඳහා මුල පිරුවේ නෙත් එෆ්.එම්. බැලුම් ගල කොන්ත්‍රාත්කරුවන් දෙදෙනාය.

දැන් ඒ සඳහා දිවයින පුවත් පතද එක්ව තිබේ. එයට ලියන සමන් ගමගේ නම් කුලී ලියන්නා කියන්නේ මේ සියල්ල එන් ජී ඕ නඩ වල වැඩ බවයි. මිනීමරුවන් ආරක්ෂා කිරීමට පෙරට විත් සිටින මේ ඊනිය ජඩ මාධ්‍යකරුවා තවදුරටත් කියා සිටින්නේ මේ සාක්ෂිකරුවන්  හා ඔවුන්ගේ නීතිඥයන්ට වෙඩි තබා මරා දැමිය යුතු බවයි. ඒ  දිවයිනේ වර්ගවාදි නඩය දන්නා නීතියයි.  කියවා බලන්න. 


"වැලිකඩ සිදුවීම සම්බන්ධව සාක්ෂී දීමට පැමිණි අය කොටින් ලෙස ත් මියගියවුන් මහා අපරාධකරුවන්  ලෙසත් හංවඩු ගසමින් ඔවුන්  ආරක්ෂා කරන්නේ කවුදැයි මේ රටේ ජනයා හොඳින්ම දනිති. 
වැලිකඩදී එදා අපේ රණවිරුවන් මිනිස්‌ ඝාතකයන් වූයේලු. සොය සොයා සිරකරුවන් මැරුවේලු. පිටින් ආ ඝාතකයන් බන්ධනාගාරය තුළට පැමිණ මිනී මැරුවේලු. "නරි සඳ දුටු කල හූ කියන්නාක්‌" පරිදි මේ සියල්ල කියනුයේ අද දවසේ ඩොල්ර් කුට්‌ටි හමුවේ සදාකාලිකවම මේ රටට සතුරුවූ එන්ජීඕ නඩ සමඟ එකතුව දේශපාලන රැකවරණ ගෙන විදෙස්‌ගත වීමේ සූදානමක සිටින සහ දැනටමත් එසේ රටින් පිටවී සිටිනා සිංහල කොටි ත්‍රස්‌තයන්ය. 

මේ ලෙසින් වැලිකඩ සිද්ධිය අරබයා නැවත පරීක්‍ෂණ පැවත්වීමට යැමෙන් වත්මන් රජය ඉදිරියට එන ගැටලු රාශියකි. එහෙත් ඒ ගැටලුවලින් මිදීම සඳහා රජයට එක්‌ පහසු විසඳුමක්‌ද ඇත. ඒ "අපිත් හිරේ හිටියා" යෑයි දොඩවමින් අද වැලිකඩ සිද්ධිය ගෙන එන්ජීඕ නඩ සමග එක්‌ව රණවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්ට එදා උණ්‌ඩයකින් නොලැබුණ පිළිතුර මෙදාවත් ලබා දීමය. අප එසේ කියන්නේද නිකන්ම නොව. එදා මෙන්ම අදටත් මුන් රටට බරක්‌ වී නටමින් සිටින නිසාය."

මේ ලේ පිපාසිත වර්ගවාදි  ජඩ මාධ්‍ය මිනීමරුවන්ට කළ යුත්තේ කුමක්දැයි මෙරට ජනයා ඉක්මණින්  තීරණය කළ යුතුව තිබේ.  නැතහොත් මොවුන් ඉතා ඉක්මණින් නැවතත් රට රාජපක්ෂලාගේ මිලිටරි සපත්තුවට යට කිරීමට තම ජඩ මාධ්‍ය කලාව මෙහෙයවනු ඇත. 

Comments

  1. //ඒ සමයේ රාජපක්ෂලාගේ දොලපිදේනි වලට යට ව සිටි ඊනියා මාධ්‍යකරුවෝ කිහිප දෙනෙක් දැන් තම හාම්පුතුන් ආරක්ෂා කිරීම සඳහා බල්ලන් මෙන් උඩු බුරන්නට පටන් ගෙන තිබේ //

    අර පරන කෝට් ඇඳන් ITN එකේ පඩ සෝ දාන සන්නස්ගල , මඩවල සහ සත්යාන්ගනී නේද?

    ReplyDelete
  2. සාරස සරසවි ගියාට අකුරු කියවලා තේරුම් ගන්න බැහැ වගේ නේද? මම කිව්වේ බැලුම්ගල බූරුවො දෙන්නා, කීර්තිවර්නකුල සූරිය, සමන් ගමගේ ගැන

    ReplyDelete
  3. මට නං ඔය බැලුම්ගල කොරන හාල්පාරුවෝ දෙන්න පෙන්නන්න බෑ.. උන් හිතන් උන් තමයි හෙන පොරවල් කියල. වැරැද්ද උනත් පෙන්නලා දෙන විදිහක් තියනවා.

    ReplyDelete
  4. කුලියට කහින මේ වගේ ජඩයින්ව ඉක්මනින් ම සමාජයෙන් අතුගා දැමිය යුතුයි. මෙය හැම පැත්තටම අදාලයි.

    රාජපක්ෂගේ විකාර වලට දෝත් මුදුන් දීල තාමත් වැඳගෙන ඉන්න මී හරකුන්ට ඇත්ත තේරුම් ගන්න ඉඩ දිය යුතුයි.

    ReplyDelete
  5. kawda kiyanne sarasa sarasawi giyakiyala.

    ReplyDelete
  6. මිනිස්සුන්ව මරන්න කියන එක වැරදියි. වැරැද්දක් කලා නම් හිරේ දමන එක වෙනම දෙයක්. මුන් දෙන්නවම අආපහු දහම් පාසල් යවන්න ඕනේ පලවෙනි පන්තියේ ඉඳන්. එත් වැඩක් නැහැ එවල මොනවා උගන්වනවාද දන්නේ නැහැ දැන්.

    ReplyDelete
  7. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15904-2015-02-22-21-06-50

    ReplyDelete
  8. කාට උනත් කැමති දෙයක් කියන්න නිදහස තියෙන්න ඕන නේද,නෙත් එෆ් එකේ අය මාධ්‍යවේදීන් නොවේද,අනික තමන් කැමති දේ පමණක් ලියන්න ඕන කියලා මාධ්‍යවේදීන්ට බලපෑම් නොකල යුකුයි නේද.මේවා නිසා නේද පසුගිය පාලනය වෙනස් කරන්න ජනතාව ඉදිරියට ආවේ.ඒක නිසා බැලුම්ගල හෝ දිවයින කියන දේ කීවාවේ.ජනතාව හරි දේ ගනී.කලබල වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ලිව්වට කමක් නැහැ. මිනිස්සු මරන්න කියල කියන්නේ නැතුව. ජාතික පත්තරයක් නේ. හිරේට දාන්න කිව්වා නම් ඉවරයිනේ.

      Delete

Post a Comment