අමාවක
Education is a right, not a privilege
Showing posts with label
කොස්ලන්ද
.
Show all posts
Showing posts with label
කොස්ලන්ද
.
Show all posts
Thursday, November 6, 2014
සිරසේ දන්සැල්
අනේ සුසානෝ මම කොළඹ යනකොට
අරලිය මන්දිරේ පන්දාහක් ජනතාව
බයියන් ලෙසින් කට ඇරගෙන බලා ඉඳ
දන්සැල් බුදිති හත් වලාමේ
ආපහු හෑරිලා කොස්ලන්දට ආපු කොට
තුන්සීයකට කන්නට දෙන්නට බැරිව
සම්මාදම් කරයි ලොරි පුරවන්ට
සිරස
මාකටින් මල මිනී වුනත්
Saturday, November 1, 2014
මම වැලපෙමි.
මේ බිමේ සැබෑ උරුමකරුවන් ඔවුන්ය
එහි වෙසෙන සැබෑ නිර්ධනීන්ද ඔවුන්මය.
එහි උරුමක්කාර පොල්මක්කාරයන් යැයි කියා ගන්නා උන්ට
සැප විඳින්නට, බොරු කරමින් සැප විඳින්නට,
හොරකම් කර මඩි තර කර ගන්නට
කාර් රේස් පදින්නට
ගුවන් සවාරි යන්නට පමණක් නොව
අභ්‍යවාකාශ තරණයේ යෙදෙන්නටත්
ධනය සොයා දෙන්නේ ඔවුන්ය.
පාන් පිටියෙන් තැනූ රොටී කැබැල්ලකින්
වේලක් හැර වේලක් පිරිමසා
සීනි නැති කහට කෝප්පයකින් කුසෙහි අඩුව පුරවා
අනික් උන් එලියට බහින්නට පවා නොහිතන හීතලේ,වැස්සේ
නහර පෑදුනු කෝටු අත් ,කෘශ සිරුරු,
කඩමාල්ලෙන් වසාගෙන ජාතියට ( කාගේ ජාතියට ද)
ධනය සොයන්නේ ඔවුන්ය.
ඔවුන්ගේ උගුරු බුලත් හැපීම නිසා වණ වී ඇත,
පිලිකා ඔඩු දුවා තිබේ.
ඔවුන්ගේ දරුවන්ද ඔවුන් මෙන්ම
අඩ කුස ගින්නේ
කහට ගැහුනු සුදු නිල ඇඳුම්
පයට රබර් සෙරෙප්පු, නැතිනම් නග්න දෙපයින් යුතුව
පාසල් කරා යන්නේ තම දෙමව්පියන් යට කර ගෙන ඇති
මහා දුක් කන්දෙන් ගැලවෙන්නට විය යුතුය.
එහෙත් සොබා දහම පවා එරෙහි වන්නේ ඔවුන්ටමය.
ඔවුන් තමන්ගේ මහා දුක් කන්දත් සමගම
තම ආදරනීයන් සමග
ඒ පස් කන්ද යට වැලලී සිටිති.
කී දෙනෙක්ද?අපි නොදනිමු.
තුන්සීයක්, හාර සීයක් , දෙසීයක්
පොලිස් ප්‍රකාශක ට අනුවනම් තිස් හතරකි.
අපට එය වැඩක් නැත.
ඒවා හුදු සංඛ්‍යා පමණකි.
දැන් වරද කරුවන් ද ඔවුන්මය.
උගත් බුද්ධිමත් මහතුන් යන්නට කී විට
ඔවුන් ගියේ නැත.
යන්නේ කොහාටදැයි කිසිවෙක් කීවේද?
ඔවුන් යට කරගෙන සිටින මහා පස් කන්ද
මා පපුව මත තැබුවා මෙන්
මහද රිදේ
මම වැලපෙමි.
මට කළ හැක්කේ එපමණි
වලින් පො
Older Posts
Home
Subscribe to:
Posts (Atom)