Showing posts with label වර්ජන. Show all posts
Showing posts with label වර්ජන. Show all posts

Wednesday, June 1, 2016

රාජිත නරක බබා දැන් ප්‍රදර්ශනයේ

 

......වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තු ප්‍රධානව දෙකයි. එකක් post intern ලිස්ට් එක නොහොත් පශ්චාත් සීමාවාසික ලැයිස්තුව. ඒකෙ තමයි පරිවාස කාලය අවසන් කරපු අයට වෛද්‍යවරු විදියට ලබා දෙන මුල්ම පත්වීම් ලැයිස්තුව. මේ ලිස්ට් එකට ඉල්ලුම් කරන්නේ වෛද්‍ය සේවයට මුලින්ම බැඳෙන වෛද්‍යවරු. එයාල තමයි වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුම සේවා කාලයක් සහිත පිරිස. මේකේ ප්‍රමුඛතාවය හම්බෙන්නේ තමන්ගේ කණ්ඩායමේ ලබා ගත්තු කුසලතා මට්ටම( batch එකේ merit rank එක.)

අනෙක තමයි වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව. යම් සේවා ස්ථානයක අවුරුදු 2ක් හෝ වැඩි කාලයක් සේවය සම්පුර්ණ කරපු අයට මේ ලැයිස්තුවට ඉල්ලුම් කරන්න පුළුවන්. මේකේ ප්‍රමුඛතාවය හම්බෙන්නේ තමන්ගේ ජ්‍යෙෂ්ටත්වයට.

මීට අමතරව special appeal list, north east list, කියන ස්ථාන මාරු ලයිස්තුත් තියෙනවා.

පශ්චාත් සීමාවාසික ලැයිස්තුව හැර අනෙක් සියලුම ලැයිස්තු වලින් වෛද්‍යවරයෙකුට ස්ථාන මාරුවක් ලැබුණු පලියට එයාට ඒ ස්ථාන මාරුව ලැබුණු තැනට යන්න වෙන්නේ නෑ. තමන් ගියාම සිදු වන පුරප්පාඩුවට වෛද්‍යවරයෙක් එනකන් හිටපු තැනම ඉන්න වෙනවා.

සාමාන්‍යයෙන් දුර බැහැර-පර්යන්තය එකකට වෛද්‍යවරුන්ගේ ඉල්ලුම අඩුයි. ඒක නිසා වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම් කිරීමේදී එවැනි ස්ථාන වලට වෛද්‍යවරු ඉල්ලුම් කරනවා අඩුයි. ඒක නිසා ස්ථාන මාරු නියෝගය ලැබිල වුනත් පුරප්පාඩුව නොපිරීම මත පර්යන්තයක වැඩ කරන කෙනාට අකමැත්තෙන් තව අවුරුද්දක් දෙකක් සමහර විට 3ක් වුනත් වැඩ කරන්න වෙච්චි වෙලාවල් තියෙනවා.

මේ හේතුව නිසා අදාළ වෛද්‍යවරයා දෙපැත්තකින් තැලෙනවා. එකක් තමයි තමන් අකමැති සේවා ස්ථානයක වැඩිපුර වැඩ කිරීමට සිදු වීම. අනික් පැත්තෙන් තමන් කැමති සේවා ස්ථානයේ වැඩ කිරීමට හැකි වන කාලය අඩු වීම. මොකද යම් සේවා ස්ථානයක වැඩ කරන්න පුළුවන් අදාළ ස්ථාන මාරු වීම් නියෝගය ලැබිල අවුරුදු 4ක් වෙනකන් විතරයි. ඒ කියන්නේ පර්යන්තයක වැඩ කළත් ඒක ගණන් ගන්නේ වෙන්නේ ජනප්‍රිය ස්ථානයේ වැඩ කළා කියල. (මේ සිද්ධ වෙන්න ඕනි නියම විදියද කියන එක ගැන විවාදයක් තිබ්බත් සිද්ධ වෙන්නේ මේක.)

මේ ප්‍රශ්නෙට මුහුණ දෙන වෛද්‍යවරුන්ගෙන් අයුතු ලෙස ප්‍රයෝජනය ගන්න වෙනත් වෘත්තීය සමිතියක් නොකරන විදියට GMOA එකේ ඉහල නිලධාරින් පාවිච්චි කළා.

මේ පුරප්පාඩු  පිරවීමේ අයිතිය ඔවුන් අතට ගත්තා. ඒක ඔවුන්ගේ අභිමතය පරිදි තමයි සිදු වුනේ. ඒ කියන්නේ තමන් වෙනුවට වෛද්‍යවරයෙක් අනුයුක්ත කර ගන්න නම් GMOA ඉහල නිලධාරීන්ට තම පක්ෂපාතිත්වය දක්වන්න ඕනි.

 ඒ කියන්නේ GMOA ‍රැස්වීම් වලට එන්න ඕනි. කොටින්ම කිව්වොත් GMOA එකට මූන පෙන්නගත්තේ නැත්නම් එයාට නිදහස්   වෙන්න වෛද්‍යවරයෙක් එවන්නේ නෑ. පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් මේක සිද්ධ වෙන්නේ දේශපාලනඥයෙක් තමන් දිනවන්න වැඩ කරපු අයට රස්සා හදල දෙනවා වගේ.

මේ පාර සිද්ධ වුනේ අදාළ පුරප්පාඩු පිරවීම අමාත්‍යාංශය    යටතට ගත්තා. අමාත්‍යාංශය  මේ පර්යන්ත පුරප්පාඩු බහුතරයක් පිරවීමට පශ්චාත් සීමාවාසික ලැයිස්තුව  ලිස්ට් එක යොදා ගත්තා.

මේක මේ විදියට දිගටම  වුනොත් වෛද්‍යවරුන්ට තමන්ගේ සේවා ස්ථානයෙන් නිදහස් වෙන්න GMOA එක පස්සේ යන්න ඕනි වෙන්නේ නෑ.

මේකෙන් GMOA ඉහල නිලධාරීන්ගේ ඒකාධිකාරියට  එකට බඩු  හම්බෙනවා. ඒකයි ඔවුන් ඔච්චරම කලබල වෙලා තියෙන්නේ. මොකද මේක ඔවුන්ගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක්.

මේකේ අනික් පැත්ත විතරයි GMOA එක කියන්නේ . ඒ කියන්නේ ජනප්‍රිය ස්ථාන වල නියමිත කාලය වැඩ කරපු අයට පර්යන්ත වලට නිදහස්  වෙන්න අදාළ පුරප්පාඩු පුරවන්න මේ පශ්චාත් සීමාවාසික ලැයිස්තුව   භාවිතා කරන්නේ නෑ කියන එක.

GMOA එක කිසිම වෙලාවක චෝදනා කරන්නේ නෑ පර්යන්ත රෝහල් වල පුරප්පාඩු පශ්චාත් සීමාවාසික ලැයිස්තුවෙන් එකෙන් පුරවල මදි කියල.

මාධ්‍ය ප්‍රකාශක රෝහල් කීපයක් නම් කළා මේ ප්‍රශ්නෙදි. යාපනය, අම්පාර, ජාතික රෝහල සහ මඩකලපුව. මේ රෝහල් ගැන විශේෂයෙන් මාධ්‍ය ප්‍රකාශක කියන්න ඇත්තේ ලොකුම ගැටළු ඇති වුනේ මේ රෝහල් වලට කියන නිසා වෙන්න ඇති නේ.

මෙව්වයේ ඉන්න ස්ථාන මාරු ලැබූ වෛද්‍යවරුන්ට පර්යන්ත වලට යන්න මේ ලැයිස්තුවෙන් වෛද්යවවරු ආව මදි කියන එක තමයි එයා චෝදනා කළේ.  ජාතික රෝහල ඇර ඉතිරි රෝහල් කොළඹින් දුර තිබ්බට එව්වා එක්කෝ පළාත් මහා රෝහල්. නැත්නම් ශික්ෂණ රෝහල්. මෙව්වා දුෂ්කර රෝහල් විදියට සලකන්න බෑ කොළඹින් දුර තිබ්බ පලියට.

මේ රෝහල් වල වුනත් පර්යන්ත වලට ස්ථාන මාරු ලැබුණු වෛද්‍යවරු ඉන්නවා නම් එයාල අනිවාර්යයෙන්ම නිදහස් විය යුතුයි. ඒකෙ කතා දෙකක් නෑ. ඒත් ඒ වෛද්‍යවරුන්ගෙන් ඇති වෙන පුරප්පාඩු පුරවන එක ලේසියි පර්යන්ත පුරවනවට වඩා.

අනික වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ජනප්‍රියරෝහල් පුරවන්න යොදා ගන්න එක සාධාරණයි පර්යන්ත පුරවන්න යොදා ගන්නවට වඩා. මොකද වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවට ඉල්ලන්නේ ජ්‍යෙෂ්ට වෛද්‍යවරු නිසා.

ඒ වගේම රාජිත කියනවා වැහිච්චි රෝහල් තිස් ගානක් අරින්න පුළුවන් ලු මේ විදියට වෛද්‍යවරු පිරෙව්වහම. මේකේ ඇත්ත නැත්ත ගැන මාධ්‍ය ප්‍රකාශක පිළිතුරු දෙන්නේ නෑ.

කොහොම හැදුවත් මේ  ලැයිස්තුවෙන්  පර්යන්ත රෝහල් තමයි වැඩිපුර  පිරෙන්නේ . මේ පාර ඒ රෝහල් වලට යන, කාගේවත් පස්සේ ගිහින් වැඩක් කර නොගන්න කෙලින් ඉන්න කොන්දක් ඇති වෛද්‍යවරුන්ට කවදා හරි මාරු වීමක්  හම්බුනාට පස්සෙත් නිදහස් වෙන්න විදියක් නැති වුනාම තමයි මේ ප්‍රශ්නේ හොඳටම තේරෙන්නේ.

මේ එක්ක මාධ්‍ය ප්‍රකාශක තව චෝදනාවක් ගේනවා රාජිතගේ පවුල් පාලනය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ් ක්‍රියාත්මක වෙනවා කියල. ඒක නිසා සෞඛ්‍ය ඇමතිට අස් වෙන්නලු.

හැබැයි ඒ චෝදනාව ගේන්න එයාලට මේ මාරු ලැයිස්තුව ලිස්ට් එකේ ප්‍රශ්නේ එනකන් ඉන්න වුණා. ඇයි දන්නේ නෑ.

බැරි වෙලාවත් GMOA එක කියන ලිස්ට් එකට රාජිත එකඟ වෙනවා නම් රාජිත ඇමතිකමෙන් අස් වෙන්න ඕනි නැද්ද??

එහෙම එකඟ වුනොත් රාජිතගේ පවුල් පාලනේ ප්‍රශ්නයක් වෙන්න, ආයිත් පාරක් GMOA එකේ අය කියන දේවල් වලට එකඟ නොවෙනකන් ඉන්න ඕනිද?

සටහන-- FB උපුටා ගැනීමකි. GMOA ක්‍රියාකලාපය ගැන මගේ වෙනම කියවීමක් ඇත. නමුත් වර්තමාන ප්‍රශ්නය මේ ලේඛකයා හොඳින් විස්තර කර ඇති නිසා  සුළු සුළු සංශෝධන සහිතව මේ පල කරමි, දුහුනන් දැනුම් උදෙසා


 රාජිත හොඳ බබා ලඟදීම බලාපොරොත්තු වෙන්න

Friday, May 24, 2013

වර්ජනය අසාර්ථක වීමේ හේතුව දිවයින කතුතුමා හොයාගනී.




පසු ගිය දා පැවති සංකේත වර්ජනය අසාර්ථක වීමේ හේතුව දිවයින  පත්තර කාර මහත්තුරුන් හොයාගෙන තිබේ. පහතින් දැක්වෙන්නේ ඊයේ දිවයින කතුවැකියේ ඒ ගැන තිබූ ආකාරයයි.

ඉහත සඳහන් කළ සහ නොකළ සියලු දුක්‌ගැහැට, නොපනත්කම් මධ්‍යයේද ජනතාව රජය සමඟ සිටින්නේ මන්ද යන්න රජයට වැටහෙන්නේ නැති බව සත්‍යයකි. තම සුවිශේෂී නායකයාගේ ආලෝකයෙන් බබළමින්ද, වාචාල කතා කියමින්ද හතර අතේ පිස්‌සු කෙළින ඇතැම් අමාත්‍යවරුන්ට අනුව මේ වූ කලී සදාකාලික රජයකි. .......

එහෙත් මේ එකකුවත් සැලකිල්ලට නොගන්නා යථාර්ථය ඒ එකදු විකාරයක්‌වත් නොවේ.

ත්‍රස්‌තවාදීන්ගේ නිජබිමක්‌ බවට පත්වන්නට තිබූ රටක්‌, අධිරාජ්‍යවාදීන්ගේ කෙළි බිමක්‌ බවට පත්වන්නට තිබූ රටක්‌, ඒ බිහිසුණු ඉරණමෙන් මුදා ගැනීමේ පුණ්‍යකර්මය හිමිකරගත් නායකයකු වටා තවමත් පෙළගැසීමේ යථාර්ථයම වෙයි.

ඒ නායකයා මේ රටේ අඛණ්‌ඩ උරුමයේත්, සාරයේත් වටිනාකම අවබෝධකොට ගෙන ඒ අනුව කටයුතු කරන්නකු වීම ඊට අනුබද්ධ යථාර්ථයම වෙයි.

එහෙත්, උද්ධච්ච මදාවියන්, ලුම්පන්වරුන් තම රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද වශයෙන් යොදා ගැනීම සේම, අදක්‍ෂ ලෙසද, කුමන්ත්‍රණකාරී ලෙසද රාජ්‍ය කළමනාකරණයේ යෙදෙන්නන් තම මෙහෙයුම් මණ්‌ඩල තුළ තබා ගැනීමද ඔහු විසින් නොකළ යුත්තක්‌ වේ.

මේ මහත්තුරු අපිට කියන විදියට  " රාජපක්ෂලා නම් සුපිරිසිදුයැ. පිංවත්යැ. මනරම්යැ. සිල්වත්යැ. ජනතා හිතවාදියැ.ලුම්පන් ද නැතියැ.

සියලු අසත්පුරුෂ, දුර්ජන , ජනතා ද්‍රෝහී ,කඩප්පුලි වැඩ කරන්නේ ඇමතිවරුන්යැ.ඉදින් මේ අදක්ෂ,වාචාල පිස්සු කෙලින  ඇමතිලා නැත්නම් මේ රට මෙලහකටත්  සුරපුරක්ය. ( වෙල්ගම ඇමතිතුමාත් ඔය කියන ඇමති සැට් එකේ සාමාජිකයෙකුදැයි අපි නොදනිමු)

මේ කතාවෙන් මෙරට හුදී ජනයා වන අප තේරුම් ගත යුත්තේ විදුලි බිල වැඩිවන්නේ විදුලි බල ඇමති ( හෝ ඇමතිනිගේ)  වරද නිසාය. උසස් අධ්‍යාපනයට වෙන් කල මුදල් කපා දමන්නේ ඇස්.බී ඇමතිය. සෞඛ්‍යට වෙන් කල ප්‍රතිපාදන කපා දමා සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුධයට යවන්නේ මෛත්‍රීපාල උන්නැහේය.නැව් නො එන වරායවල් , කුරුල්ලන් පමණක් ගොඩබාන ගුවන්තොට හැදීමට කෝටි ගනන් මුදල් වියදම් කරන්නේ ඇමතිවරුන්ගේ තනි කැමත්තටය.කෙටියෙන්ම කිව්වොත් මේ අදක්ෂ , වාචාල ඇමතිලා තනතුරුවලට පත් කර ගෙන ඇත්තේ තම තමන්මය.

මේ කිසි දේකට ආලෝකයෙන් බබලන නායකතුමා සම්බන්ධ නැත.එතුමා දන්නවා නම් කරන්ට දෙන්නේත් නැත.එතුමාගේ හැටි එහෙමය.

දිවයින කත්තුරු තුමා කියන විදියට මිනිස්සු වර්ජනය නොකලේ ඒ නිසාය.

සටහන-බෝතල් පත්තර කාරයින්ගෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු වෙන්නද?







Thursday, May 23, 2013

වර්ජනේ අසාර්ථකයි(ලු)


අනේ සුසානෝ මම කොලඹ යනකොට
කුණු ගඳ ගහන මල මිනියක් නැගිට
මයික් ගොඩක් ලඟ ඉඳගෙන ටෝක් දෙසයි
අසාර්ථකලු ඊයේ කොරපු වර්ජනේ

මොකාදැයි කියලා  හොඳ හැටි බලන කොට
ඇස් නැති අමරසිංහ හිටපු විප්පල නායකයා
දෑත් ශක්තිමත් කොරනට දුව ආපු
ගඳ ගස්සනවා අයියෝ සිරි ලංකාව

-රංචාගොඩ ළමයා-



Tuesday, May 21, 2013

වර්ජන හා තර්ජන හා ගර්ජන



දැනට පෙනෙන්නට ඇති හැටියටනම් සහභාගිත්වය අතින් අද දින වර්ජනය එතරම් සාර්ථක නැත. එහෙත් අනික් අතට  ඊයේ සවස් වන විටම වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම සාර්ථකය.

ඒ ඔවුන් කොතරම් දුබලදැයි මේ ආණ්ඩුවේම බලවතුන් සිය දහස්වතාවක් කියා ඇති විපක්ෂය විසින් කඩිමුඩියේ , කිසිම සැලස්මක්, සංවාදයක්, සාකච්ඡාවක්, නැතිව තම තමන් හිතු මනාපයේ සංවිධානය කල මේ වර්ජනය හමුවේ ආණ්ඩුව හා එහි ලොක්කන් බක්කන් බිය වී ඇති තරම නිසාය.

ආණ්ඩුව ,මේ වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා මහා පරිමාණ යුද්ධයක් දියත් කලේය. මහා පරිමාණ මඩ ව්‍යාපාර දියත් කලේය.

ඒ අතර නොයෙකුත් චක්‍රලේඛ නිකුත් කරමින් අද දින සේවකයින් වැඩට ගෙන්වා ගැනීමට උත්සාහ කලේය. වෙනකක් තබා ඊයේ දිනට ගෙවීමට තිබූ ගුරු වැ‍ටුප් ගෙවීමත් අදට කල් දැම්මේ , අප්‍රේල් මස මුලදී වැ‍ටුප් ලබා ගැනීමෙන් පසු අතේ ශතේ නැතිව සිටින ගුරුවරුන් අද වැ‍ටුප් ලබා ගැනීම සඳහා පාසලට ගෙන්වා ගැනීමටය.

එම ක්‍රියාවල ප්‍රතිපල කුමක් වේදැයි අපිට දැන්ම කියන්නට නොහැකිය. එහෙත් ආණ්ඩුව බය විය. ආණ්ඩුවේ මැති ඇමති වරු වැඩි දෙනෙක් මේ ගැන වචනයක්වත්  නොකියා සිටින්නට වග බලා ගත් අතර හැම දේටම බුරා පනින වීරවංශ හා නඩය පවා අසාමාන්‍ය ලෙස නිශ්ශබ්දය. ඔව්හු ලොවෙත්  නැති උතුරේ චන්දයක් හා අසාර්ථක ලෙස හැපෙමින් සිටිති.

තමන්ට සුපුරුදු අධිතක්සේරුවෙන් යුතුව , කිසිම සැලස්මක් හා වෙනත් කණ්ඩායම් හා මහජනයා සමග නිසි සංවාදයකින් තොරව ජවිපෙ විසින් මෙම වර්ජනය කැඳවූ ආකාරය වෙනම කථා කල යුතුය. මේ එයට වෙලාව නොවේ.