රාජිත නරක බබා දැන් ප්‍රදර්ශනයේ

 

......වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තු ප්‍රධානව දෙකයි. එකක් post intern ලිස්ට් එක නොහොත් පශ්චාත් සීමාවාසික ලැයිස්තුව. ඒකෙ තමයි පරිවාස කාලය අවසන් කරපු අයට වෛද්‍යවරු විදියට ලබා දෙන මුල්ම පත්වීම් ලැයිස්තුව. මේ ලිස්ට් එකට ඉල්ලුම් කරන්නේ වෛද්‍ය සේවයට මුලින්ම බැඳෙන වෛද්‍යවරු. එයාල තමයි වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුම සේවා කාලයක් සහිත පිරිස. මේකේ ප්‍රමුඛතාවය හම්බෙන්නේ තමන්ගේ කණ්ඩායමේ ලබා ගත්තු කුසලතා මට්ටම( batch එකේ merit rank එක.)

අනෙක තමයි වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව. යම් සේවා ස්ථානයක අවුරුදු 2ක් හෝ වැඩි කාලයක් සේවය සම්පුර්ණ කරපු අයට මේ ලැයිස්තුවට ඉල්ලුම් කරන්න පුළුවන්. මේකේ ප්‍රමුඛතාවය හම්බෙන්නේ තමන්ගේ ජ්‍යෙෂ්ටත්වයට.

මීට අමතරව special appeal list, north east list, කියන ස්ථාන මාරු ලයිස්තුත් තියෙනවා.

පශ්චාත් සීමාවාසික ලැයිස්තුව හැර අනෙක් සියලුම ලැයිස්තු වලින් වෛද්‍යවරයෙකුට ස්ථාන මාරුවක් ලැබුණු පලියට එයාට ඒ ස්ථාන මාරුව ලැබුණු තැනට යන්න වෙන්නේ නෑ. තමන් ගියාම සිදු වන පුරප්පාඩුවට වෛද්‍යවරයෙක් එනකන් හිටපු තැනම ඉන්න වෙනවා.

සාමාන්‍යයෙන් දුර බැහැර-පර්යන්තය එකකට වෛද්‍යවරුන්ගේ ඉල්ලුම අඩුයි. ඒක නිසා වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම් කිරීමේදී එවැනි ස්ථාන වලට වෛද්‍යවරු ඉල්ලුම් කරනවා අඩුයි. ඒක නිසා ස්ථාන මාරු නියෝගය ලැබිල වුනත් පුරප්පාඩුව නොපිරීම මත පර්යන්තයක වැඩ කරන කෙනාට අකමැත්තෙන් තව අවුරුද්දක් දෙකක් සමහර විට 3ක් වුනත් වැඩ කරන්න වෙච්චි වෙලාවල් තියෙනවා.

මේ හේතුව නිසා අදාළ වෛද්‍යවරයා දෙපැත්තකින් තැලෙනවා. එකක් තමයි තමන් අකමැති සේවා ස්ථානයක වැඩිපුර වැඩ කිරීමට සිදු වීම. අනික් පැත්තෙන් තමන් කැමති සේවා ස්ථානයේ වැඩ කිරීමට හැකි වන කාලය අඩු වීම. මොකද යම් සේවා ස්ථානයක වැඩ කරන්න පුළුවන් අදාළ ස්ථාන මාරු වීම් නියෝගය ලැබිල අවුරුදු 4ක් වෙනකන් විතරයි. ඒ කියන්නේ පර්යන්තයක වැඩ කළත් ඒක ගණන් ගන්නේ වෙන්නේ ජනප්‍රිය ස්ථානයේ වැඩ කළා කියල. (මේ සිද්ධ වෙන්න ඕනි නියම විදියද කියන එක ගැන විවාදයක් තිබ්බත් සිද්ධ වෙන්නේ මේක.)

මේ ප්‍රශ්නෙට මුහුණ දෙන වෛද්‍යවරුන්ගෙන් අයුතු ලෙස ප්‍රයෝජනය ගන්න වෙනත් වෘත්තීය සමිතියක් නොකරන විදියට GMOA එකේ ඉහල නිලධාරින් පාවිච්චි කළා.

මේ පුරප්පාඩු  පිරවීමේ අයිතිය ඔවුන් අතට ගත්තා. ඒක ඔවුන්ගේ අභිමතය පරිදි තමයි සිදු වුනේ. ඒ කියන්නේ තමන් වෙනුවට වෛද්‍යවරයෙක් අනුයුක්ත කර ගන්න නම් GMOA ඉහල නිලධාරීන්ට තම පක්ෂපාතිත්වය දක්වන්න ඕනි.

 ඒ කියන්නේ GMOA ‍රැස්වීම් වලට එන්න ඕනි. කොටින්ම කිව්වොත් GMOA එකට මූන පෙන්නගත්තේ නැත්නම් එයාට නිදහස්   වෙන්න වෛද්‍යවරයෙක් එවන්නේ නෑ. පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් මේක සිද්ධ වෙන්නේ දේශපාලනඥයෙක් තමන් දිනවන්න වැඩ කරපු අයට රස්සා හදල දෙනවා වගේ.

මේ පාර සිද්ධ වුනේ අදාළ පුරප්පාඩු පිරවීම අමාත්‍යාංශය    යටතට ගත්තා. අමාත්‍යාංශය  මේ පර්යන්ත පුරප්පාඩු බහුතරයක් පිරවීමට පශ්චාත් සීමාවාසික ලැයිස්තුව  ලිස්ට් එක යොදා ගත්තා.

මේක මේ විදියට දිගටම  වුනොත් වෛද්‍යවරුන්ට තමන්ගේ සේවා ස්ථානයෙන් නිදහස් වෙන්න GMOA එක පස්සේ යන්න ඕනි වෙන්නේ නෑ.

මේකෙන් GMOA ඉහල නිලධාරීන්ගේ ඒකාධිකාරියට  එකට බඩු  හම්බෙනවා. ඒකයි ඔවුන් ඔච්චරම කලබල වෙලා තියෙන්නේ. මොකද මේක ඔවුන්ගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක්.

මේකේ අනික් පැත්ත විතරයි GMOA එක කියන්නේ . ඒ කියන්නේ ජනප්‍රිය ස්ථාන වල නියමිත කාලය වැඩ කරපු අයට පර්යන්ත වලට නිදහස්  වෙන්න අදාළ පුරප්පාඩු පුරවන්න මේ පශ්චාත් සීමාවාසික ලැයිස්තුව   භාවිතා කරන්නේ නෑ කියන එක.

GMOA එක කිසිම වෙලාවක චෝදනා කරන්නේ නෑ පර්යන්ත රෝහල් වල පුරප්පාඩු පශ්චාත් සීමාවාසික ලැයිස්තුවෙන් එකෙන් පුරවල මදි කියල.

මාධ්‍ය ප්‍රකාශක රෝහල් කීපයක් නම් කළා මේ ප්‍රශ්නෙදි. යාපනය, අම්පාර, ජාතික රෝහල සහ මඩකලපුව. මේ රෝහල් ගැන විශේෂයෙන් මාධ්‍ය ප්‍රකාශක කියන්න ඇත්තේ ලොකුම ගැටළු ඇති වුනේ මේ රෝහල් වලට කියන නිසා වෙන්න ඇති නේ.

මෙව්වයේ ඉන්න ස්ථාන මාරු ලැබූ වෛද්‍යවරුන්ට පර්යන්ත වලට යන්න මේ ලැයිස්තුවෙන් වෛද්යවවරු ආව මදි කියන එක තමයි එයා චෝදනා කළේ.  ජාතික රෝහල ඇර ඉතිරි රෝහල් කොළඹින් දුර තිබ්බට එව්වා එක්කෝ පළාත් මහා රෝහල්. නැත්නම් ශික්ෂණ රෝහල්. මෙව්වා දුෂ්කර රෝහල් විදියට සලකන්න බෑ කොළඹින් දුර තිබ්බ පලියට.

මේ රෝහල් වල වුනත් පර්යන්ත වලට ස්ථාන මාරු ලැබුණු වෛද්‍යවරු ඉන්නවා නම් එයාල අනිවාර්යයෙන්ම නිදහස් විය යුතුයි. ඒකෙ කතා දෙකක් නෑ. ඒත් ඒ වෛද්‍යවරුන්ගෙන් ඇති වෙන පුරප්පාඩු පුරවන එක ලේසියි පර්යන්ත පුරවනවට වඩා.

අනික වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ජනප්‍රියරෝහල් පුරවන්න යොදා ගන්න එක සාධාරණයි පර්යන්ත පුරවන්න යොදා ගන්නවට වඩා. මොකද වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවට ඉල්ලන්නේ ජ්‍යෙෂ්ට වෛද්‍යවරු නිසා.

ඒ වගේම රාජිත කියනවා වැහිච්චි රෝහල් තිස් ගානක් අරින්න පුළුවන් ලු මේ විදියට වෛද්‍යවරු පිරෙව්වහම. මේකේ ඇත්ත නැත්ත ගැන මාධ්‍ය ප්‍රකාශක පිළිතුරු දෙන්නේ නෑ.

කොහොම හැදුවත් මේ  ලැයිස්තුවෙන්  පර්යන්ත රෝහල් තමයි වැඩිපුර  පිරෙන්නේ . මේ පාර ඒ රෝහල් වලට යන, කාගේවත් පස්සේ ගිහින් වැඩක් කර නොගන්න කෙලින් ඉන්න කොන්දක් ඇති වෛද්‍යවරුන්ට කවදා හරි මාරු වීමක්  හම්බුනාට පස්සෙත් නිදහස් වෙන්න විදියක් නැති වුනාම තමයි මේ ප්‍රශ්නේ හොඳටම තේරෙන්නේ.

මේ එක්ක මාධ්‍ය ප්‍රකාශක තව චෝදනාවක් ගේනවා රාජිතගේ පවුල් පාලනය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ් ක්‍රියාත්මක වෙනවා කියල. ඒක නිසා සෞඛ්‍ය ඇමතිට අස් වෙන්නලු.

හැබැයි ඒ චෝදනාව ගේන්න එයාලට මේ මාරු ලැයිස්තුව ලිස්ට් එකේ ප්‍රශ්නේ එනකන් ඉන්න වුණා. ඇයි දන්නේ නෑ.

බැරි වෙලාවත් GMOA එක කියන ලිස්ට් එකට රාජිත එකඟ වෙනවා නම් රාජිත ඇමතිකමෙන් අස් වෙන්න ඕනි නැද්ද??

එහෙම එකඟ වුනොත් රාජිතගේ පවුල් පාලනේ ප්‍රශ්නයක් වෙන්න, ආයිත් පාරක් GMOA එකේ අය කියන දේවල් වලට එකඟ නොවෙනකන් ඉන්න ඕනිද?

සටහන-- FB උපුටා ගැනීමකි. GMOA ක්‍රියාකලාපය ගැන මගේ වෙනම කියවීමක් ඇත. නමුත් වර්තමාන ප්‍රශ්නය මේ ලේඛකයා හොඳින් විස්තර කර ඇති නිසා  සුළු සුළු සංශෝධන සහිතව මේ පල කරමි, දුහුනන් දැනුම් උදෙසා


 රාජිත හොඳ බබා ලඟදීම බලාපොරොත්තු වෙන්න

Comments

  1. බොහොම ස්තුතියි මේ අගනා කරුණු පැහැදිළි කිරීම ගැන. GMOA එක එක්තරා ආකාරයක මාෆියාවක් කියන එක මෙයින් පැහැදිළි වෙනවා. රාජ්‍ය අංශයේ වෙනත් කිසිම අමාත්‍යාංශයක නව පත්වීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිතියක් මෙලෙස පූර්ණ බලතල සහිත අධ්කාරියක් ලෙස ක්‍රියාකරන්නේ නැහැ. එහෙනම් සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මෙහෙම විශේෂත්වයක් දක්වන්නේ කොහොමද? රාජිත වේවා වෙනත් සෞඛ්‍ය ඇමති වරයකු වේවා, මේ මාෆියාව නැති කිරීමට කටයුතු කළයුතුයි. තමන්ගේ බාල වැඩ වෙනුවෙන්, අසරණ රෝගීන්ව අපහසුතාවයට පත්කරමින් වැඩ වර්ජන කරන එකා, 'වෛද්‍ය' යන නාමයෙන් හඳුන්වන්න පුලුවන්ද?

    ReplyDelete
  2. අනේ රාජිතගේ පුතාට ගියපු කලක්. තමන්ගේ නොහැදියාව ප්‍රදර්ෂනය කිරීමට තරම් මී වස්සෙක් වෙච්ච හැටි. රාජිතට ඉන්නේ මේ වගේ ගොං බානක්මද දන්නේ නෑ. පව්.

    ReplyDelete
  3. තැන්ක්‍යු කලාමැදිරියා.

    ReplyDelete
  4. පැහැදිලි කිරීමට ස්තූතියි. දැන් වැඩේ වෙන පැත්තකට කැරකිලා වගේ නේද...මුන් ඔක්කොටම පිස්සු බං. ලෙඩ්ඩු විඳවනවා.

    ReplyDelete

Post a Comment