Friday, June 3, 2016

කව්ද යකෝ ඒ බලු වැඩේ කළේ?

 
 
 

අපේ ගරු විජිත හේරත් මන්ත්‍රී තුමා වාහනයක් පැදගෙන ඇවිත් ටෙලිෆෝන් කණුවක හප්පලා මහ ජර මරයක්ය.  විජිත මන්ත්‍රී තුමා බීලා හිටියා කියලා ඒ අව් අස්සේ රාවයක්ද  තිබේය.

සමහරුන් මේකෙන් මාර ආතල් එකක් ගන්නවාය. තව සමහරු අම්බානකට දුක් වෙනවාය. අපිනම් ඉතින් මධ්‍යම ප්‍රතිපදාවෙන් මේ වෙන දේවල් දිහා පටිසෝතගාමි විදියට බලා ඉන්නෙමුය. මොකද කිව්වොත් විජිත හේරත් තුමා බොන්නේ අරක්කුද , විස්කිද එහෙම නැත්නම් වතුරද කියන එක අපිට අදාල නැතිය. 

එතුමා කන බොන එක එතුමාගේ වැඩක්ය. සමාවෙන්න , එතුමාගේ හා එතුමාගේ පක්ෂයේ වැඩක්ය. හැබැයි එතුමා කන බොන මිනිහෙක් නම් අපි කැමතිය. මක් නිසාද යත් කන බොන මිනිස්සුන්ගේ අක්මාව නරක් වුනත් පපුව හොඳයි කියා පැ‍රැණි දාර්ශනිකයෝ කියා තිබෙන නිසාත් තව කාරණයක් නිසාත්ය.

එනම් අපිත් ඉතින් ඔය  වැඩේ කොරන නිසා අපේ විජිත මන්ත්‍රීතුමා අපේ ක්ලබ් එකේ මිනිහෙක් වීම ගැන සතු‍ටු නිසාත්ය. අනික ඉතින් දේශපාලන පක්ෂ අමද්‍යප ව්‍යාපාර වෙන්නම ඕනෑ කියලා නීතියක්ද නැතිය.

හැබැයි ඉතින් විජිත හේරත් මන්ත්‍රී තුමා නම් කියන්නේ එතුමා එතුමා ඇක්සිඩන්ට් එක වෙන වෙලාවේ බීලා හිටියේ නෑ කියලාය. හැබයි තමන් නොබොන මිනිහෙක් කියලා එතුමා  කියන්නේ නැත. එතුමා කියන්නේ මම ඒ වෙලාවේ බීලා හිටියේ නැත කියලාය.

වෙන්ටත් ඕනෑ එහෙමය. මොකද කිව්වොත් බීලා වාහන එලවන එක මාරන්තික නිසාය. නොබී ඔහොම නම් බීලා කොහොම වෙයිද? එම නිසා අපි එතුමාට දෙවරක් ගරු කරනවාය. එක වරක් එතුමාද අපි වාගෙම  කන බොන මිනිහෙක් වීම ගැනය. දෙක වරට එතුමා බීලා වාහන නො එලවපු එක ගැනය.

හැබැයි මේ සීන් කෝන් එක ගැන මටත් පොඩි කොස්සක් නොහොත් ප්‍රශ්නයක් තිබේ. ඒ තුමා නොබී හිටි බව උසාවියත් පිලි අරගෙන තිබේ .

 නමුත් ....

නමුත්    එතුමාගේ කටෙන් මත් පැන් ගඳ ආ බව අධිකරණ වෛද්‍ය තුමිය කියා තිබේ.

දැන් මගේ ප්‍රශ්නය නම් එතුමා බීවේ නැත්නම්  " එතුමා බීවේත් නැතිනම් එතුමාගේ  කටේ අරක්කු ගෑවේ මොන පසික්කා‍ටුවාද, අපේ ගරු මන්ත්‍රී තුමාට නොදැනෙන්න එහෙම කළේ කොහොමද " කියලාය. 
 
හා කියමු බලන්ට.

සටහන- ආයේ සැරයක් කියන්නේ අපි බීමට විරුද්ධ නැති බවය.

8 comments:

  1. nobona evunta wada bona evun hoda bawa lal kanth kiya thibe.

    ReplyDelete
  2. එයා ආයුර්වේද අරිෂ්ඨ බිලා හිටියේ

    ReplyDelete
  3. නීතියේ තියනවා, බීමත් යයි නොසැලකෙන ප්‍රමාණයක් මත්පැන් ගැනීම කියලා හිලක්. ඒ හිලෙන් තමා මේ ගරු මන්ත්‍රී තුමා රිංගුවේ. වෛද්‍ය පරීක්ෂණය 100% ක් සාධාරණව කළාදැයි අපි දන්නේ නැහැ. නමුත් වෛද්‍යවරිය තම රැකියාව බේරාගැනීම සඳහා, මත්පැන් ගඳ තිබුණා යයි කියයි. රාත්‍රී කාලයේ, (මේ අනතුර වුන වෙලාවේ සහ ස්ථානයේ) පැ.කි.මී. 60 ඉක්මවා ආවත්, හදිසියේ පාර හරහා පනින පුද්ගලයකු බේරා ගැනීම සඳහා, වාහනය ඉවතට හරවා, අනතුරක් නොවී බේරාගන්නට, 50% කට වඩා වැඩි ඉඩක් තිබේ. මේ වාහනය, අලුත්, හොඳ තිරිංග පද්ධතියකින් යුත්, පාලනය පහසු, වාහනයකි.(අත්දැකීමෙන් කියන්නේ)

    ජවිපෙ මන්ත්‍රී වරයකු බිව්වම ලෝක විනාශයක් වෙනවද? ජවිපෙ නම්බුව තියෙන්නේ එතනද? අනේ අනේ නන්නානේ.

    ReplyDelete
    Replies
    1. /////ජවිපෙ මන්ත්‍රී වරයකු බිව්වම ලෝක විනාශයක් වෙනවද? ජවිපෙ නම්බුව තියෙන්නේ එතනද? .....///

      එතකොට 88/89 කාලේ රේල්පාරේ ඇවිදින අයව "ජවිපෙ සැකකරුවන්" කියලා වෙඩි තියලා මරලා තරු ගහලා දැන් මාත් පොරක් කියලා කොමන්ට් කරපු අය ? අනේ අනේ නන්නානේ.උඹ නාපන් මගේ පනේ ......

      Delete
  4. පසුගිය පාලන සමයේ රමේ මහ ජනතාවගේ දේපළ අමු අමුවේ විනාශකරමින් මහජන මුදල් කොල්ල කාපු දුෂිත කල්ලියේ බොරු ප‍්‍රචාරවලට නොරැවටී සිහි බුද්ධියෙන් සිදුවෙන දේ ගැන විමර්ශනාත්මකව බලන්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
    තමන් මිනිස් ජීවිතයක් බේරාගැනීමට ගොස් අනතුරට පත් වූ මොහොතේ සිට තමන්ට එරෙහිව දූෂිතයන් නැගූ අවලාද අවලාදබවට අධිකරණය ඉදිරියේදීම ඔප්පු වූ පසු තමන් අනතුරට පත් වූ රථය රජයේ වාහනයක් බවට හුවා දැක්වීමට පරාජිත දූෂිත කල්ලිය බාල උත්සාහයක නිරත වන බවත් එහි සඳහන් කර තිබේ.
    එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ...
    "අනතුරට භාජනය වූ වාහනය මාගේ දේශපාලන කටයුතු සඳහා පක්ෂය විසින් මට ලබාදුන් වාහනයක්. 2012 වර්ෂයේ සිට එය මා භාවිතා කරනවා. එම වාහනයලංකා බැංකුවේ ණයක් මත මාගේ නමින් මිලදී ගත් වාහනයක්. එය රජයේ වාහනයක් නොවේ. ඒ වගේම මේ සිදුවූ රිය අනතුර සාමාන්‍ය මාර්ග අනතුරක්. එවැනි සිදුවීමකදී පොලිස් පරීක්ෂණ අවසන් නම් පොලිසියට ඇප ලබාදීමේ හැකියාවක් තිබෙනවා. එය දණ්ඩනීති සංග‍්‍රහයේ වාහන අනතුරු සම්බන්ධ කොටසේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ අනුව තමයි මා හට පොලිස් ඇප ලබාදුන්නේ. මේ සිදුවීම මා විසින්මයි පොලිසියට දැනුම් දුන්නේ. ඒ අනුව නීත්‍යානුකූලව සිදුවීම පොලිස් පොතේ සටහන් කරලා සිදුවුණු පරීක්ෂණයක්. මා අත්අඩංගුවක් ගැනීමක් සිදුවුණේ නැහැ. මා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී කරන ලද පරීක්ෂණයක්. මෙතන හංගන්න දෙයක් නැහැ.
    මේ සිදුවීම වූ වෙලාවේ සිට අනාථ වෙච්ච, අසරණ වෙච්ච ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම උත්සාහ කළා මෙය පාදක කරගෙන පෞද්ගලිකව මටත් මා නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණටත් අවලාද නගන්න. මේක අනාථ වුණු අසරණවූ වියරු වැටුණු කණ්ඩායමක උත්සහයක් පමණයි. මේ සිදුවීම වූ මොහොතේ සිට විවිධ සමාජ ජාල වෙබ් අඩවි, ප‍්‍රවෘත්ති වෙබ් අඩවි හරහා මඩ අවලාද ගහලා අපහාස කළා. නඩු තීන්දුවත් එක්ක එම කණ්ඩායම ඉතාම අසරණභාවයට පත්වුණා. අධිකරණයෙන් වැරුද්ද මොකක්ද කියලා නිස්චිතව තීන්දු කළා. ඒ අසරණ වූ කණ්ඩායමේ දෙවන උත්සහය තමයි මා රජයේ වාහනයක් පදවාගෙන ගියා කියලා අවලාද ගහන එක.
    පහුගිය කාලේ රජයේ වාහන භාවිතා කරපු, රජයේ දේපොළ තමන්ගේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් යොදා ගත්ත මේ අසරණ කණ්ඩායම අද වියරු වැටිලා. දේශපාලන ව්‍යාපෘතිය බංකොළොත් වෙලා. බාල බංකොළොත් වැඩ කරනවා. නීතිය නොදැන කතා කරන්න එපා. නීතිඥයෙක් වුනාම ප‍්‍රායෝගික සරල අවබෝදය තිබිය යුතුයි. ටියුෂන් ගුරෙක්ට ඒ අවබෝදය නැහැ. ඒ නිසා නීති පොත කියවන්න. දණ්ඩ නීති සංග‍්‍රහය කියවන්න. මාර්ග රිය අනතුරු පිළිබඳව තිබෙන වගන්ති ඉගෙන ගන්න. එහෙම නැතිව මේ දේශපාලන අසාර්ථක මඩගැසීමේ ව්‍යාපෘතියේ හවුල් කරුවන් වෙන්න එපා. තමන්ට තිබෙන කුමන හෝ පිළිගැනීමක් නැති කරගන්න එපා.
    මෙවැනි අවලාදවලින් අපේ ගමන නවත්වන්න බැහැ. අපේ ධෛර්ය බිඳදමන්න පුළුවන්කමක් නැහැ. ඒකට අපි ඉඩ තියන්නේ නැහැ. මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අනාථයින්ගේ, මහජන මුදල් කොල්ල කාපු දුෂිත කල්ලියේ බොරු ප‍්‍රචාර වලට රැවටෙන්න එපා කියලා. සිහි බුද්ධියෙන් සිදුවෙන දේ ගැන විමර්ශනාත්මකව බලන්න කියලා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලනවා."

    ReplyDelete
  5. නෑ නෑ... එතුමා කියලා තියෙන්නේ ඒ වෙලාවේ බීලා හිටියේ නෑ කියලා... "සුවඳක්" අවිල්ලා තියෙන්නේ..... වාහනෙට නගින්න කලින් බීපූ ඒවයෙන්... දැන් අපි උනත් ඇල්ලුවොත් මීට පස්සෙ නීතී තරකයක් ගේන්න පුළුවන්.. ඇක්සිඩන්ට් එක වෙන වෙලාවේ බීලා හිටියේ නෑ කියලා... හැබයි ඉතින් බෝතලේ වාහනේ දාගෙන යන උන්ට නම් ඒක බෑ...

    ReplyDelete
  6. ක...කවුද යකෝ මගේ අමුඩේ රුන්නේ......

    ReplyDelete