Thursday, May 23, 2013

වර්ජනේ අසාර්ථකයි(ලු)


අනේ සුසානෝ මම කොලඹ යනකොට
කුණු ගඳ ගහන මල මිනියක් නැගිට
මයික් ගොඩක් ලඟ ඉඳගෙන ටෝක් දෙසයි
අසාර්ථකලු ඊයේ කොරපු වර්ජනේ

මොකාදැයි කියලා  හොඳ හැටි බලන කොට
ඇස් නැති අමරසිංහ හිටපු විප්පල නායකයා
දෑත් ශක්තිමත් කොරනට දුව ආපු
ගඳ ගස්සනවා අයියෝ සිරි ලංකාව

-රංචාගොඩ ළමයා-



11 comments:

  1. මොකා කිව්වත් ඇත්ත තමයි කියලා තියෙන්නේ...

    Maathalan

    ReplyDelete
  2. කවුරු කොහොම කිවුවත් අන්තිම අසාර්ථකයිනේ වර්ජනය.. ඇත්ත ඒකනේ..

    ReplyDelete
    Replies
    1. ඉතිං ඇයි බං ඔච්චර ආණ්ඩුව කෑගැහුවෙ? ඇයි වර්ජනය දවසෙ වර්ජනය කල එවුන්ගෙ නම් ලයිස්තු ගත්තෙ? ඇයි තග දැම්මෙ?

      කොහොම උනත් ඩිලාන් පෙරේරාට පක්ෂව උද්ඝෝෂණය කරපු දවසෙ විදේශ රැකියා එකේ තිබුන තත්වෙ තරම් නං මේ වර්ජනය සාර්තක නෑ!

      Delete
    2. ආන්ඩුව එහෙම නොකර. ආන්ඩුවත් වර්ජනේට එකතු වෙන්න කියලද උඹ කියන්නේ.

      Delete
    3. නලින් දිල්රුක්ෂ@ ගෙදර විදුලි බිල වැඩිවීම සනීපයක්ද?බේරේගෙදර ගෙදර රැකියාව කලත් ඔයතරම් නිහීන වෙන්න එපා.

      Delete
    4. මාතලන්,
      ඇයි ඉතින් අසාර්තක නං ඔච්චර බය?
      "ඇයි ඔයාල මොනව කරන්නද?" කියල ඉන්න තිබුනනේ එයාලටත්.

      Delete
    5. ඇනෝ විදුලිබිල වැඩිවීම සාක්කුවට දැනෙනවා මටත්..ඒ වගේම මේ කාරණයට රැකියාව අදාළ කරගන්න එපා.. මා කියුවේ සත්‍යක් වර්ජනය අසාර්ථකයි..ඒ යථාර්ථය පිළිගන්න.

      Delete
    6. කවුද බන් බය නැත්තේ. ඒ නිසා තමයි මොන ක්‍රමෙන් හරි පාළණය කළේ. ඔහොම නෙමෙයි. 88-89 ඒවා හරි කරනවා පැවැත්ම සඳහා. නැතුව රනිල් වගේ බකං නිලාගෙන හිටියෝත් රෝල්ස් රොයිස් වල යන්න කියලය..

      Delete
    7. ලේක්හ්වුස් එකේ වැඩකරන කෙනෙකුගෙන් වර්ජනය අසාර්තකයි කියල මිසක් වෙන දෙයක් කියවෙන්නෙ නෑ.

      Delete
  3. අනේ ඔව් බං.. වර්ජනේ අසාර්ථකයි නේන්නං... ගිහිං බලපංකො ඇයි කියල..

    ReplyDelete