Sunday, September 7, 2014

නික්ම ගිය දැවන්තයා



පරණ වමේ මුල් කාලීන නායකයන්ගේ විශේෂ ලක්ෂණයක් වූයේ ඔවුන් තමන් කරන අරගලය පිලිබඳව තැබූ විශ්වාසයයි. ඉහල මධ්‍යම පාංතිම්ක පවුල් වල්;ඉන් දේශපාලනයට පිවිසි ඔවුන්  නොයෙක් මාක්ස්වාදි නිකායන් වලට බෙදී සිටියත් තම අරගලය කෙරෙහි අවංක වූහ.පසු කාලීනව සංශෝධනවාදයේ හා සභාගවාදි ගොහොරුවේ ගිලී ගියත් ඔව්හු ලාංකීය වමේ ව්‍යාපාර වෙනුවෙන් ඔවුන් කළ සේවය අඩු එකක් නොවේ. එය වඩාත් කැපී පෙනෙන්නේ අද එම ඊනියා වමේ පක්ෂවල සිටින නායකයින් වැටී සිටින නරාවලේ තරම දෙස බලන විටය.

මේ සටහන එම පරණ වමේ සිටි අවසාන පතාක යෝධයෙක් වන පසුගියදා අප හැර ගිය බාලා තම්පෝ සහෝදරයා වෙනුවෙනි. ඔහුට සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නට, අසාධාරණයට එරෙහිව සටන් වදින්නට පංගු පේරුවක් නොතිබිණි. ඔවුන්ගේ දේශපාලන මතය අනුමත නොකලද , 1971 අරගලයේ  විත්තිකරුවන් වෙනුවෙන් ඔහු නොබියව උසාවියේ පෙනී සිටියේ එබැවිනි.

ඔහු සැම විටම , අවසානය දක්වාම , සටන් කාමි විය. ජනාධිපති රාජපක්ෂ ඔහුට දෙන්නට හැදූ සම්මානය ප්‍රතික්ෂේප කරන්නට තරම් කොන්දක් වයස  අනූ ගනන්  වලදීත්  ඔහුට  තිබිණි.

ඔහුගේ දේශපාලනයෙන් තොර වෘත්තීය අරගල  නම් වූ  අදේශපාලනික හා සංශෝධනවාදි මතවාදය නොපිලිගත්තත් ලාංකීය වෘත්තීය සමිති ඉතිහාසය තුල ඔහු මහත් බල පෑමක්  කල සටන් කරුවෙකි.  ලංකාවේ වෘත්තීය සමිති  ව්‍යාපාරය තුල විශාල හිඩැසක් ඉතිරි කර යන බාලා තම්පෝ නම් වූ ඒ අනවරත අරගල කරුවාට අපේ ආචාරය.

No comments:

Post a Comment