Wednesday, December 31, 2014

කුඹුක්ගැටේ වීරයෝ



කුරුණෑගල කුඹුක්ගැටේදී ලුත් පරපුරේ කලාකරුවන්ට නිල් බලකාය පහර නොදුන් බවත් නිල් බලකාය ට මඩ ගැසීම සඳහා වෙනත් කවුරුන් හෝ එය කරන්නට ඇති බවත් මේ වන විට හොඳටම සැර බාල වී ඇති ඇමති ඩලස් හුලහප්පෙරුම මහතා කියයි.

මේ අනුව තමන්ම ගස් බැඳ ගත් රජයේ සේවකයා, තමන්ටම පහර දී ගත් සරසවි සිසුන්, පොලිසියෙන් නොව දුම්රිය සේවකයින්ගෙන් ගුටි කෑ මගියා ,ඉබේ ගිනි ගන්නා විපක්ෂ කාර්යාල, පොලිසි ඇතුලේ එල්ලී මැරෙන සැක කරුවන්, තම අත් බැඳ තිබියදී පොලිස් නිලධාරින්ට වෙඩි තැබීමට ගොස් වෙඩි කා මැරෙන සැක කරුවන්,තමන්ගේ පිස්‍තෝලයෙන් තම ඔලුවට තඩි බාගන්නා හමුදා නිලදාරින් ආදි අරුම පුදුම ගොන්නට අලුත් පරපුරේ කලාකරුවන්ද ඇතුල් වී තිබේ.

සටහන- මේක නම් මාර රටක් ඕයි. එක්කෝ අපිට පිස්සු, නැත්නම් මේ කතා  කියන උන්ට ඔල්මොරොන්දම්

6 comments:

  1. නිල් බලුකාය මාධ්‍ය සන්දර්ශනයකුත් තිව්ව. අනේ අනිච්චං! එයාල නෙවේලු වෙන කණ්ඩායමක් එයාලගෙ ටීෂර්ට් අැඳගෙන ගහලලු!

    මේව අහන අපිටයි පිස්සු මං හිතන්නෙ.

    ReplyDelete
  2. පිස්සුව නෙවී මෙතන අවුල
    මං හිතන්නෙ ජහ මනයගෙ තියෙන අපත කම
    දන්නව මොකද්ද ඇත්ත කියල ඒත් පිළිගන්නෑ

    ReplyDelete
  3. හිවල්ලු වාගෙ චන්දෙට එන අය,සිංහයො වාගෙ,තමුන් කරපු දේවත් පිලිගන්න කැමති නැහැ.8වෙනිදට පුංචි කතිරෙකින්,ඔය හැමදෙයක්ම වෙනස් කරන්න පුලුවන්.

    ReplyDelete
  4. නිල්බලකා ලොක්ක කිවෙ මේක උන්ගෙ ටීසේර්ට් ඇන්ද සැට් එකක් දම්මල තමන්ට ගහ ගත්තු මෙගා ටෙලියක් කියල!

    අනේ හුකේ නන්නානේ...

    ReplyDelete
  5. ණි බලුකාය මේකට කිසිම සම්බන්ධයක් නෑ කියලා, ඩලස් බලුහප්පෙරුන් ගොයියා, අධෝමුඛයෙන් ටී වී එකේ වදාරපු හැටි දැක්කම, මට දෙකොනින් හිනාගියා.

    ReplyDelete
  6. Dalasuth kiwwanan,Eththa wenna ona.(Ranjan)

    ReplyDelete