කුමාර් සංගක්කාර නොහොත් අප කවුරුත් ආදරයට කියන පරිදි සංගා පසුගිය සමයේ ලෝඩ්ස් හිදි කල දේශනය නිසා රටම කැලඹී ගිය අතර සමහරුන් ඔහු දේශදෝහියෙක් ලෙස හැඳින්වූ අතර තවත් සමහරුන් ඔහු පාලක රෙජිමය විසින් විලි ලැජ්ජාවකින් තොරව කරගෙන යනු ලබන ක්‍රීඩාව දේශපාලනීකරණයට එරෙහිව නැගී සිටි වීරයෙක් ලෙස හැඳින්වීය. එසේම ඔහු තමන් හා මහේල ජයවර්ධන එක්ව ආරම්භ කල අවන් හලකට කකුළු අමාත්‍යාංශය යනුවෙන් නම් කර තවත් ආන්දෝලනයක්, ඇති කලේය.
එවන් සුපිරි හා ආන්දෝලනාත්මක ක්‍රීඩක සංගක්කාරගේ අතේ පන්දුවක් වැදී අස්ථියක් බිඳී යාම නිසා ඔහුට සති අටක් පමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි පසු ගිය දා වාර්තා විය.
ඔහුගේ අනික් ක්‍රියා මෙන් මෙයද තරමක් ආන්දෝලනාත්මක පුවතක් බව අපගේ වැටහීමයි.
මක් නිසාද යත් කුමාර් සංගක්කාර ඔහුගේ ඇඹෙණියද සමග එක්ව දැන් සෑහෙන කාලයක සිට අස්ථි සවිමත් කරන්නේ යැයි කියනු ලබන ඇනිලින් නැමැති කිරිපිටි වර්ගයක් විකිණීම උදෙසා තමන් විකිණෙමින් සිටින නිසාය.
එම වෙලඳ දැන්වීම් වලදී ඔහු හා ඔහුගේ බිරිය පවසන පරිදි අස්ථි දිරා යාම මැඩීමටත් , අස්ථි සවිමත් කිරීමටත් ඇනිලින් ඉතා අගනේය. ඇනිලින් නොබීවහිත් කල් යාමේදී ඇට දිරා ගොස් මහත් කරදර වලට මුහුණ පෑමට සිදු වනු ඇත. එම නිසා ඔහු හා ඔහුගේ බිරිය නිතරම ඇනිලින් පානය කරයි.එම නිසා ඔවුන්ගේ අස්ථි ඉතා සවිමත්ය.
එසේ දිනපතා ඇනිලින් පානය කරන සංගාගේ අස්ථියක් පන්දුව වැදී බිඳී ගොසිනි.
මේ සිදුවීමෙන් අපට පෙනී යන්නේ එක්කෝ සංගා ඇනිලින් නොබොන බව හෝ ඇනිලින් වලින් අස්ථි සවිමත් කිරීමට නොහැකි බවය.
මේ දෙකෙන් කුමක් ඇත්ත වූවත් සංගා කරන්නේ තමන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් දිනා ඇති කීර්තිය උපයෝගී කර ගනිමින් වෙලඳ සමාගමක් මගින් ගෙවන රුපියල් කිහිපයක් උදෙසා මෙරට ජනයා රැවටීමය.තමන්ගේ ජනප්‍රියතාව භාවිතා කරමින් තමන්ගේ ක්ෂේත්‍රයට කිසිසේත් අදාල නොවන ක්ෂේත්‍රයක කටයුතු කිරීම කිසිසේත්ම සදාචාරසම්පන්න දෙයක් නම් නොවේ.
මෙයටත් වඩා වැදගත් කරුණ වන්නේ ඇනිලින් බඳු කිරි වල කැල්සියම් තිබුනත් ඒවා ශරීරයට අවශෝෂණය කර ගැනීමට හැකියාවක් නැති කමය.ඊටත් වඩා වැදගත් කරුණ නම් වැඩිපුර කිරි බීම නිසා ශරීරයේ ඇති කැල්සියම්ද අඩු වෙන බවය.
අපට එදිනෙදා අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය හාල්මැස්සන් කිහිප දෙනෙකුගෙන් ලබා ගත හැකිය. ඒ සඳහා මිල අධික ඇනිලින් පානය කිරීම අවශ්‍ය නොවේ. යමෙකුට යම් රෝගී තත්වයක් මත වැඩි කැල්සියම් ප්‍රමාණයක් අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීමට කැල්සියම් පෙති වෙලඳපොලේ ඇති අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ ශත කිහිපයක් පමණි.ඇනිලින් මත්තේ නැහීමට අවශ්‍ය නැත.
ඇනිලින් පානයේ ඇති හානි පිලිබඳව ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් මේ සබැඳියට යන්න.
http://foodsafety.govt.nz/elibrary/industry/Vitamin_Milk-Science_Research.htm