Thursday, December 13, 2012

ලංකාව ශිෂ්ඨ කිරීම


පහුගිය දාක,අවුරුදු අසූ ගනන් වල අග බාගේ ඉන්න ඉතා  මහලු මිනිස්සු තුන්දෙනෙකුට අපූරු අවස්ථාවක් ලැබුණා. ඒ තමා දෙවියන්වහන්සේ හමු වෙලා තමන් කැමති ඕනෑම එක ප්‍රශ්නයක් අහන්න. මතක් කරන්න ඕනෑ , මේ මහල්ලෝ තුන්දෙනා රටවල් තුනක බව . චීනේ, ඇමෙරිකාවෙ, හා ලංකාවේ.

මුලින්ම චාන්ස් එක ලැබුනේ නාකි චීනාට.මිනිහා හරිම  දේශප්‍රේමියෙක්. සමහර විට ලංකාවේ අය ආශ්‍රය කරලා ද දන්නේ නැහැ, මෙච්චර දේශප්‍රේමියෙක් වුනේ. එයා දෙවියන්වහන්සේගෙන් මෙහෙම ඇහුවා

"අනේ දෙවියනි, මගේ රට ඇමෙරිකාවත් පරද්දලා ලෝක බලවතා වෙන්නේ කවද්ද?"

"තව අවුරුදු සීයකින්" දෙවියෝ කිව්වා.

ඒක ඇහුනා විතරයි චීන මහල්ලා ඉකි ගගහා අඬන්න ගත්තා. දෙවියෝ ඇහුවා මේ මොකද අඬන්නේ? අවුරුදු සීයකින් හරි ඔහෙගේ රට ලෝක බලවතා වෙනවනේ කියලා.

එතකොට චීන මහල්ලා ඉකි ගගහා කියනවා "අනේ දෙවියනේ ඒ වාසනාවන්ත දවස දකින්න තරම් කාලයක් මට ජීවත් වෙන්න බැරි නිසයි මම ඇඬුවේ " කියලා.බලන්න දෙශප්‍රේමේ නේද?

ඔන්න ඊ ලඟට ගියේ ඇමෙරිකන් කාරයා .මිනිහාටත් තිබුණේ රට ගැන ප්‍රශ්නයක්.

"දෙවියන්වහන්ස, අපේ රට මේ කරදර වලින් මිදිලා සෞභාග්‍යමත් , සාමකාමි රටක් වෙන්නේ කවදාද" ඇමෙරිකන් මහල්ලා ඇහුවා.

"තව අවුරුදු පනහකින් " දෙවියෝ කිව්වා. මේක ඇහුනාම ඇමෙරිකන් මහල්ලාත් හො‍ටු හූර හූර  අඬන්න ගත්තා. " අනේ ඒ දවස වෙනකම් මට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැනේ" කිය කියා.

මේ වගේ කතාවල කවදත් සාමාන්‍යයෙන් වෙන විදිහට අන්තිමට චාන්ස් එක ලැබුණේ ලංකාවේ වයසක ලොක්කාට. මිනිහත් නොන්ඩි ඇණ ඇණ දෙවියන්වහන්සේ ලඟට ගිහින් ඇහුවා ප්‍රශ්නයක්.

" අනේ දෙවියන්වහන්ස, මගේ රට ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න රටක් වෙන්නේ කවදාද?"

මේ ප්‍රශ්නේ ඇහුණා විතරයි දෙවියන්වහන්සේ ඊරියක් වගේ වැලපෙන්න පටන් ගත්තා.

ලංකාවේ පොරට තාම හිතාගන්න බැරිලු මේ මොකද කියලා.

12 comments:

  1. දෙයියන්ගේ මුණුබුරාටත් මේක ඇහිලා ඌත් අඬන්න ගත්තලු...

    ReplyDelete
  2. පට්ටයි ඇර වෙන මොනවා කියන්නද.....

    ReplyDelete
  3. නියමයි ඒ කියන්නේ දෙවියන් වහන්සේත් එත කොට චුත වෙලා..

    ReplyDelete
  4. අංක එක , "දෙවියන්වහන්සේ ඊරියක් වගේ වැලපෙන්න පටන් ගත්තා" පහුගිය දවසක ඊරියක් වගේ කතන්දරත් (කතන්දර කාරයා) වැලපිලා තිබුන එළියකන්ද වද කදවුර ගැන පොතක දැකල!
    අංක දෙක, "කලාමැදිරියා කතන්දර ගැන කොමෙන්ටුවක් දල තිබුන, " I think Kathandrakaraya's blog is more political than it look" කියල.
    අංක තුන, "once wise man said, සබැදි තාවයක් නැතැයි අපට පෙනෙන බොහෝදෙ එකිනෙක ජාල ජාලගත වී ඇත" කියල

    එක, දෙක, තුන,.........!!!!!!

    ReplyDelete
    Replies
    1. මගේ ඒ පෝස්ට් එකට කවුදෝ යු-ටියුබ් ලින්ක් එකක් දාලා තිබුණා ඇත්තටම ඊරියෙක් වැලපෙන දර්ශනයක්.

      ඒක දැක්කාමත් ඇඬෙනවා!

      Delete
  5. අංක හතර, ඇටමස්සෝ........, කලාමැදිරියො...........,Entomology වලට ඔච්චරම අසද??

    "once wise man said, සබැදි තාවයක් නැතැයි අපට පෙනෙන බොහෝදෙ එකිනෙක ජාල ජාලගත වී ඇත" කියල !!!!!!

    ReplyDelete
  6. ඕන මගුලක්. මේ බ්ලොගේ පට්ටයි. හැම පෝස්ට් එකක්ම හොඳ ප්‍රමිතියක තියෙනවා. වෙන මොනවද? :)

    ReplyDelete
  7. තව පොඩි යෝජනාවක්. ඔය ෆලෝවර්ස්ලා සෙට් එක දකුණු තීරැවට ගන්න බැරිද? මොකද ඉස්සෙල්ලාම ෆලෝවර්ස්ලා ලෝඩ් වෙලා වම්පැත්තෙ තීරුවත් ලෝඩ් වෙලා පෝස්ට් එකට එනකං ස්ක්‍රීන් එක දිහා බලං ඉද්දි එපා වෙනවා. (අපි වගේ ගොලුබෙලි කනෙක්ෂන් කාරයින්ට විතරයි මං හිතන්නෙ)

    ReplyDelete
  8. මේක දයාල්ගේ පණ්ඩිත කොත්තු සංකල්පයක්,
    (මේ සම්බන්දයෙන් ඔබ ප්‍රශ්න ඇසුවොත් ඒවාට වලට සම්පූර්‍න පිලිතුරු දීමට මා අපොහොසත්ය.)

    අමෙරිකාව ඔස්ට්‍රේලියාව කැනඩාව වැනි රටවල් ශිෂ්ට කිරීම එතරම් අමාරු වෙන්න නැතිව ඇති. මන්ද ඒවා අලුත් කොලනි නිසා.

    ශ්‍රී ලංකාව වැනි පැරණි රාජ්‍ය ශිශ්ට සම්පන්න කිරීම ලේසි පාසු කාරනයක් නොවේ. ශ්‍රී ලාංකිකයන් ශිස්ට සම්පන්න වූයේ ඓතිහාසිකව මුහුන දුන්න බලපෑම් උඩ, දේපල ක්‍රමය, ආචාර ධර්ම පද්ධතියක් මත. ඒ සංහිඳියාව වරින් වර බිඳ වැටුනා විදේශ ආක්‍රමන නිසා. 1500න් පසුව මහ පරිමාණයේ වෙනස් කම් බලපෑම් සිදු උනා. ලාංකිකයන් චිරාත් කාලයක් පවත්වාගෙන ආ ආචාර ධර්ම හා යටත් විජිත ආචාර ධර්ම අතර විශාල ඝට්ටන ඇති උනා. තවමත් සිදු වෙනවා. ප්‍රධාන ධාරාව සමග අමනාපෙන් වැදි පරපුර කැලේ වැදුනා. ඒ ඝට්ටන තවම තිබෙන නමුත් ප්‍රධාන ධාරාවේ ශක්තිමත් කම නිසා ඒ අයට යට වෙන්න සිදු උනා මහිතන්නෙ, ඉතින් ඔය වගේ දේවල් නිසා තමයි දෙවියන් වහන්සේට නවත්තන්න බැරුව අඬන්න ඇත්තෙ, උන් වහන්සේට කරන්නම බැරි දෙයක් වගේ

    ReplyDelete
    Replies
    1. මේ සම්බන්දයෙන් ඔබ ප්‍රශ්න ඇසුවොත් ඒවාට වලට සම්පූර්‍න පිලිතුරු දීමට මා අපොහොසත්ය

      so many questions. But I don't want to ask. :)

      Delete