Sunday, December 30, 2012

සංගාගේ අස්ථිය හා ඇනිලින්



කුමාර් සංගක්කාර  යනු මෙරට සිටින සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව අවිවාදිත කරුණකි. ටෙස්ට් ලකුණු 10000 ඉක්මවූ ලෝකයේ සිව්වැනි ක්‍රීඩකයා ඔහුය.( ක්‍රිකට් වලදී ඕනෑම දෙයක් ලෝක වාර්තාවක් වන නිසා ඔහු තබා ඇති ලෝක වාර්තා ගණන කොතරම් දැයි කිව නොහැක. උදාහරණ යක් ලෙස තරඟයක 37 වැනි ඕවරයේ තුන්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කල ලෝකයේ ප්‍රථම හෝ එකම ක්‍රීඩකයා වීම)

කුමාර් සංගක්කාර නොහොත් අප කවුරුත් ආදරයට කියන පරිදි සංගා පසුගිය සමයේ ලෝඩ්ස් හිදි  කල දේශනය නිසා  රටම කැලඹී ගිය අතර  සමහරුන් ඔහු දේශදෝහියෙක් ලෙස හැඳින්වූ අතර තවත් සමහරුන් ඔහු පාලක රෙජිමය විසින් විලි ලැජ්ජාවකින් තොරව කරගෙන යනු ලබන ක්‍රීඩාව දේශපාලනීකරණයට එරෙහිව නැගී සිටි වීරයෙක් ලෙස හැඳින්වීය. එසේම ඔහු තමන් හා මහේල ජයවර්ධන එක්ව ආරම්භ කල අවන් හලකට කකුළු අමාත්‍යාංශය යනුවෙන් නම් කර තවත් ආන්දෝලනයක්, ඇති කලේය.

එවන්  සුපිරි හා ආන්දෝලනාත්මක  ක්‍රීඩක සංගක්කාරගේ අතේ පන්දුවක් වැදී අස්ථියක් බිඳී යාම නිසා ඔහුට සති අටක් පමණ  කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි පසු ගිය දා වාර්තා විය.

ඔහුගේ අනික් ක්‍රියා මෙන් මෙයද  තරමක් ආන්දෝලනාත්මක පුවතක්  බව අපගේ වැටහීමයි.

මක් නිසාද යත් කුමාර් සංගක්කාර ඔහුගේ ඇඹෙණියද සමග එක්ව  දැන් සෑහෙන කාලයක සිට අස්ථි සවිමත් කරන්නේ යැයි කියනු ලබන ඇනිලින් නැමැති කිරිපිටි වර්ගයක් විකිණීම උදෙසා තමන් විකිණෙමින් සිටින නිසාය.

එම වෙලඳ දැන්වීම් වලදී ඔහු හා ඔහුගේ බිරිය පවසන පරිදි අස්ථි දිරා යාම මැඩීමටත් , අස්ථි සවිමත් කිරීමටත් ඇනිලින් ඉතා අගනේය. ඇනිලින් නොබීවහිත් කල් යාමේදී ඇට දිරා ගොස් මහත් කරදර වලට මුහුණ පෑමට සිදු වනු ඇත. එම නිසා ඔහු හා ඔහුගේ බිරිය නිතරම ඇනිලින් පානය කරයි.එම නිසා ඔවුන්ගේ අස්ථි ඉතා සවිමත්ය.

එසේ දිනපතා ඇනිලින් පානය කරන සංගාගේ අස්ථියක් පන්දුව වැදී බිඳී ගොසිනි.

මේ සිදුවීමෙන් අපට පෙනී යන්නේ එක්කෝ සංගා ඇනිලින් නොබොන බව හෝ ඇනිලින් වලින් අස්ථි සවිමත් කිරීමට නොහැකි බවය.

මේ දෙකෙන් කුමක් ඇත්ත වූවත් සංගා කරන්නේ තමන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් දිනා ඇති කීර්තිය උපයෝගී කර ගනිමින් වෙලඳ සමාගමක් මගින් ගෙවන රුපියල් කිහිපයක් උදෙසා මෙරට ජනයා ‍රැවටීමය.තමන්ගේ ජනප්‍රියතාව භාවිතා කරමින් තමන්ගේ ක්ෂේත්‍රයට කිසිසේත් අදාල නොවන ක්ෂේත්‍රයක කටයුතු කිරීම කිසිසේත්ම  සදාචාරසම්පන්න දෙයක් නම් නොවේ.

මෙයටත් වඩා වැදගත් කරුණ වන්නේ ඇනිලින් බඳු කිරි වල කැල්සියම් තිබුනත් ඒවා ශරීරයට අවශෝෂණය කර ගැනීමට හැකියාවක් නැති කමය.ඊටත් වඩා වැදගත් කරුණ නම් වැඩිපුර කිරි බීම නිසා ශරීරයේ ඇති කැල්සියම්ද අඩු වෙන බවය.

අපට එදිනෙදා අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය හාල්මැස්සන් කිහිප දෙනෙකුගෙන් ලබා ගත හැකිය. ඒ සඳහා මිල අධික ඇනිලින් පානය කිරීම අවශ්‍ය නොවේ. යමෙකුට යම් රෝගී තත්වයක් මත වැඩි කැල්සියම් ප්‍රමාණයක් අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීමට කැල්සියම් පෙති වෙලඳපොලේ ඇති අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ ශත කිහිපයක් පමණි.ඇනිලින් මත්තේ නැහීමට අවශ්‍ය නැත.

ඇනිලින් පානයේ ඇති හානි පිලිබඳව ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් මේ සබැඳියට යන්න.
http://foodsafety.govt.nz/elibrary/industry/Vitamin_Milk-Science_Research.htm






21 comments:

  1. වැදගත් ලිපියක්

    ReplyDelete
  2. කවුද දන්නේ ඇනිලින් බිපුහම අස්ථි හයි වෙන්නේ ඊලග අත්මේදීද කියලා...

    ReplyDelete
  3. මේ නම් යන්නේ වැරදි පාරක නගෝ. සංගා හෝ වෙන යමෙක් කියුවා කියා, අපේ රටේ ජනතාව ඒ විදිහට වැඩ නොකරන බව අප කව්රුත් දන්නවා. අනික මේවා ගන්න සල්ලිත් තියෙන්න ඕනෙනේ. වැඩිපුර කිරි බොනවා තියා, කිරි බොන්නේ කොහොමද කියලයි ප්‍රශ්නය. සංගා හෝ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියක හරි හොයා ගන්න තියන අවස්තාව ගැන මේ විදිහට බලන්නේ ඇයි? කසියා හෝ සිගරට් බොන්න කියනවා නොවෙයිනේ. මෙවැනි දේවල් අනිලින් කෙසේ වෙතත් කසියා ටිකක් ගහල ඉන්න වෙලාවට කතා කරන්න හොඳ උවත්, ඉන් එහාට ගත හැකි යමක් නොමැත.

    ReplyDelete
  4. ඇනිලීන් සම්බන්ධ මිස්-ඉන්ෆොමේෂන් ගැන කතාකරන අයත් ලංකාවේ ඉන්නවා. ඉන් එක් අයෙකු වන රූහුණු විශ්ව විද්‍යාලයේ මහැදුරෙක් කුමාර් සංගක්කාර් ට ලිපියක් යාව තියෙනවා ඔහු කරන වරද ගැන.

    ආරංචි විදියට සංගක්කාර් ලියා එවා ඇත්තේ පොරට අවැසි දේ පොර කරන බවයි.

    ඉන්දියාවේ තෙන්ඩුල්කාර් ලා ත් ඔය විදියට ඇනිලීන් මාකට් කරනවාද?

    ReplyDelete
    Replies
    1. ඇන්ලින් නැති වුනාට ටෙන්ඩුල්කාර් කොච්චර දේවල් මාකට් කරනවද ? දෝනි ලේලන්ඩ් බසුත් මාකට් කරනවා

      Delete
    2. Visiting card ගහගෙන, T-Shirt ගහගෙන, තමගෙ හා අනුන්ගෙ බ්ලොග්වල link දමාගෙන ආත්ම වර්ණනාවෙ යෙදෙන එකා කියපුඑක බලාපල්ලකො!

      Delete
  5. සංගාගේ ක්‍රිඩා විලාශයට (එක්දින සහ 20-20 ) මම අකමැතියි . නමුත් ඔහුගේ ලෝඩ් දේශනයටත් ක්‍රිඩා පිටියෙදි දක්වන මහත්මා ගුණයටත් ගරු කරන කෙනෙක් . ඇන්ලින් ප්‍රමෝට් කරල ඇට කඩාගත්තාම (එක පාරක් නෙවෙයි දෙපාරක්ම ) වැඩේ චාටර් තමයි , ඒත් නිත්‍යානුකුල දෙයක් මාකට් කරපු එක සංගාගේ වරදක්ය කියල නම් මම හිතන්නේ නෑ . ඕකට පොඩ්ඩක් හිනාවෙලා අමතක කරල දාන්න පුලුවන් දෙයක්

    ReplyDelete
  6. අපේ ආච්චිල ලොකු වැඩ කලේ ඇන්ලීන් බිලද බොලව්...බලාපල්ල අපේ ආච්චිල ඉස්සර යෝදයින්ට කෑම ඉව්ව හැටි...ඒකට අද වාහෙලට තුන් දෙනකුට උයාගන්න බැහැ පැය ගානක් යනවා...

    ReplyDelete
  7. //මේ සිදුවීමෙන් අපට පෙනී යන්නේ එක්කෝ සංගා ඇනිලින් නොබොන බව හෝ ඇනිලින් වලින් අස්ථි සවිමත් කිරීමට නොහැකි බවය//

    කොහොමද එහෙම පේන්නෙ? ඇන්ලීන් වලින් (එයාල කියන විදියට) අස්ථි ශක්තිමත් වුන පලියට අස්ථියක් බි‍ඳෙන්න හැකියාවක් ඇත්තේම නැද්ද? ඇට බිඳුන අවස්ථා ගැන කතා කලාට බෝලෙ වැදිල ඇට නොබිඳුන අවස්තා ගැන කතා කරනවද කවුරුවත්? මේ වගේ ආතල් තර්ක ෆේස්බුක් එක වගේ තැනකට නං අවුලක් නෑ. ඒත් බ්ලොග් එකකට සුදුසු නෑ.

    //මේ දෙකෙන් කුමක් ඇත්ත වූවත් සංගා කරන්නේ තමන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් දිනා ඇති කීර්තිය උපයෝගී කර ගනිමින් වෙලඳ සමාගමක් මගින් ගෙවන රුපියල් කිහිපයක් උදෙසා මෙරට ජනයා ‍රැවටීමය//
    වෙළඳ දැන්වීම් කියන්නෙ මොනවද කියල ඉස්සෙල්ලම තේරුම්ගන්න ඕන. කිරිපිටි වෙළඳ දැන්වීමකට ක්‍රීඩකයෙක් ගන්නව ඇරෙන්න වෙන කවුද සුදුසු? අනෙක දැන්වීමක් වෙනුවෙන් පෙනී සිටින්න එකම ක්ෂේත්‍රයේ වෙන්න ඕනද? :)

    අන්තිමට ඇන්ලීන් කතාවට නං එකඟයි. කවුදෝ වෛද්‍යවරයෙක් පැහැදිලි කරල තිබුන ගර්භනී කාන්තාවන්ට (අදාල මාස 10ට විතර) දෙන කැල්සියම් පෙතිවල ගුණය ගන්න අවුරුදු 70ක් ඇන්ලීන් බොන්න වෙනව කියල.

    ReplyDelete
  8. මෙය සාමාන්‍ය වෙලඳ දැන්වීමක් නොවේ. සංගා ඔබට හා මට ඇන්කර් හෝ ලක්ස්ප්‍රේ හෝ රත්තී කිරි පිටි බොන්නට කීවේ නම් එය වෙනම කතාවකි. එසේ නැත්නම් ඔහු අපිට එයාර්ටෙල් භාවිතා කරන්න යැයි කියන විට එයද සාමන්‍ය දෙයකි.. නමුත් ඇනිලින් වලින් අස්ථි සවිමත් කරන බවත් අස්ථි දිරා යාම නවත්වන බවත් ඔහු කියන විට එය සියලුම සදාචාර සීමා බිඳ දමයි.එසේ වන්නේ

    1. ඇනිලින් වලින් එම කරුණ ඉ‍ටු නොවන නිසා

    2. ඇනිලින් ගැන හෝ කිරි කැල්සියම් ගැන හෝ අස්ථි ගැන හෝ ඔහුට වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැති නිසා.

    3. වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් අවශ්‍ය දෙයක් ගැන එසේ කතා කරමින් තම කීර්තිය උපයෝගි කරගෙන මහජනයා නොමග යැවීම නුසුදුසු නිසා

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය දැනුමක් නොමැතිව අදාල දැන්වීම් වල පෙනි සිටිය නොහැකියි කියල රටේ නිතියක් තියෙන්න ඕනිනේ එහෙම නම් . සංගක්කාරට අස්ථි විශේෂ්ඥ දැනුමක් නැය කියල තේරුම් ගන්න හැකියවක් ඇඩ් එක බලන අයට තියෙන්න ඕනිනේ

      Delete
    2. 1.මෙතන තියෙන්නේ සදාචාරය, වගවීම හා වැරදි තොරතුරු පිළිබද ගැටලුවක් කලාමැදිරිය ප්‍රශ්නකරන්නේ එක.
      2."සංගක්කාරට අස්ථි විශේෂ්ඥ දැනුමක් නැය කියල තේරුම් ගන්න හැකියවක් ඇඩ් එක බලන අයට තියෙන්න ඕනිනේ"-දේශපාලනය ගැන මොනම දැනුමක් වත් නැති තක්කඩි ටිකක් පාර්ලිමේන්තු යවපු හා තුනෙන් දෙකක් දීපු "ජනතාව" ගැනද ඔයා ඔය කියන්නේ??

      Delete
  9. ඇනිලින් කිරිපිටි සම්බන්ධයෙන් සෞඛ්‍ය ගැටලුවක් තියනවානම්, ඒ පිළිබඳ ක්‍රියාකලයුතුවන්නේ ආහාර සහ සෞඛ්‍ය යන විෂයයන් සම්බන්ධ රාජ්‍ය ආයතන මිසක කුමාර් සංගක්කාර නොවේ. එය එසේ තිබියදී, වෙළඳ දැන්වීමට පෙනී සිටින සංගක්කාර පමණක් ඔබේ අවධානයට ලක්වීම මට පෙනෙන්නේ හිට්ස් පිළිබඳ ප්‍රශ්නයක් බවයි. මෙය පෙන්වන රූපවාහිනී චැනල්, දැන්වීම නිර්මාණය කල ආයතනය, කිරිපිටි සමාගම, සහ ඉහත සඳහන් රාජ්‍ය ආයතන මුලින්ම ප්‍රශ්නයට ලක් කලයුතු වන්නේය.

    ඔබ කියන අංක 1 සත්‍ය නම්, එම ආයතනයට විරුද්ධව පහසුවෙන් නඩු පැවරීමට හැක.

    ඔබේ තර්කයට අනුව ගියොත්, ඒ බව ප්‍රකාශ කිරීමට ඇනිලීන් වල ක්‍රියාකාරිත්වය සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක අත්දැකීම් / දැනුම ඔබට තිබේද? (ඔබ වෛද්‍යවරයෙක් විය හැක, නොදන්නා බැවින් අසමි)

    ReplyDelete
    Replies
    1. සංගක්කාර ඔයාගේ කැමතිම ක්‍රීඩා තරුවද? අඩි 3 x 6 ෆොටෝ එකක් කමරේ එල්ලන් දුන් අල්ලනවද? මොකා උනත් කැත වැඩක් කරාම කැතයි කියන්න පුරුදු උනානම් හොදයි නේද!

      Delete
  10. meka komei katha wadak wenne???
    Gon post danta epa bn...

    ReplyDelete
    Replies
    1. ගොන් කොමෙන්ට්ස් දන්න කලින් සිංහලෙන් කොමෙන්ට් එකක්දාන විදිය ඉගනගනින් බන්.

      Delete
  11. සංගා ටෙස්ට් ලකුණු 10000 ක් ලබාගත් ළොව සිව්වන ක්‍රිඩකයා නොවේ. ඔහු 11 වන ක්‍රීඩකයා. ලංකාවේ දෙවනියා, පළවෙනියා මහේල... මුන් ඔක්කෝම දැන් නාකියි.. කොල්ලන්ට තැනක් දීලා කිරිපිටි බැරිනම් ඕන එකක් විකුනන් කෑවට අවුලක් නෑ. හැබයි ඔය අස්ථි කේස් එක එන්න ඇත්තේ ඇන්ලීන් දෙන්නා එක්ක බොන ගමන් සංගා තනියම වීවා සහ කොකා කෝලා බොන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නාකියෝ ගියාම ඉන්නේ කව්ද? තිරිමාන්න හැර වෙන එකෙක් පේන තෙක් මානෙක නෑ .. slpl එකේදී දැක්කනේ කොල්ලොන්ගේ වැඩ

      Delete
  12. සංගා කියන්නේ අස්ථි දිරායාම අඩු වෙනවා කියල මිසක කැඩෙන් නැ කියල නෙවේ.නිකං බූරු ආතල් ගන්න එපා

    ReplyDelete