Tuesday, September 10, 2013

උදුම්බරා නැවත හිනැහෙන්නේ නැත.- Tribute to Sunila Abeysekara



සුප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූ සුනිලා අබේසේකර ඊයේ මියගියාය.

වරප්‍රසාද ලාභි පංතියට අයත් පවුලක ඉපිද , තවමත් 19 හැවිරිදි වියේ සිටිද්දීම , 1971 කැ‍රැල්ලේ සිරගත තරුණන්ගේ මානව හිමිකම් හා සුභසාධනය වෙනුවෙන් පෙනී සිටිමින් තම සමාජ ක්‍රියාකාරි ජීවිතය ඇරඹු ඇය පසුව ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ප්‍රසංගයටද සම්බන්ධව කටයුතු කලාය.

මානව හිමිකම් පිලිබඳ ප්‍රශ්නයේදී  පීඩාවට පත් වූවන් වෙනුවෙන් ජාති, ආගම් ,බේදයකින් තොරව සටන් කල ඇය පීඩාවට පත් ස්ත්‍රීන් වෙනුවෙන් සුවිශේෂ අරගලයක  නියලුනාය.

කේමදාසයන් සංගීතවත්  කළ  උදුම්බරා, හඳුනා ගත්තොත් ඔබ මා ගීත පමණක් වුව ඇයගේ ගායන කුසලතාවට සාක්ෂි සපයයි.

මේ කෙටි සටහන, ඒ අභීත ගැහැණිය වෙනුවෙනි.

10 comments:

  1. සුභ ගමන් සුසිලා...

    අසරණ දෙමළ ජනතාව වෙනුවෙනුත් ඇය හඬක් නැගුවා...

    ReplyDelete
  2. ඇය විසින් නැඟූ හඬ සාධාරණ බව වැටහුනේ බොහෝ කලක් ගතවූ පසුය.ඇගේ මතු භවය යහපත් වේවා!!

    ReplyDelete
  3. මලක් නම් එය මලක් වුව මැන
    සිඟිති සුකොමල රුවෙන් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉඳුවර දියෙන් උපදින

    ReplyDelete
  4. ඔබ වැන්නවුන් රටට අවශ්‍යම මොහොතේ ඔබේ සමුගැන්ම වේදනවක්.

    ඔබ පැතු මානවහිමිකම් රකින සමාජයක් ඉක්මනින් බිහිවේවා.

    ReplyDelete
  5. උදුම්බරාට සුබ ගමන්!!!

    ReplyDelete
  6. http://arunishapiro.wordpress.com/2013/09/11/%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF/
    2012 මාර්තු මාසයේ දී සුනිලා අබේසේකර, නිමල්කා ප්‍රනාන්දු, පකියසෝති සරවනමුත්තු, සුනන්ද දේශප්‍රිය යන අය ජීනිවා මානව හිමිකම් සමුළුවේ දී ලංකාවේ කිළුටු රෙදි හෝදන්නට උපකාර කරගත්තේ අසත්‍යය වූ සිද්ධියකි. රටේ කිසිම නීතියක් නැහැ යැයි කියන්නට කොළඹ පහේ මහ දවල් මිනිහෙක් පුළුස්සා දැමූ සිද්ධිය ඉදිරිපත් කරද්දී ඒ තැනැත්තා සියදිවිනසාගත්තෙක් යන්න හෙළිකරන ලද්දේ සිළුමිණ ප්‍රවෘත්තියකිනි.

    ReplyDelete
  7. සුනිලා ඔබට අපේ ආචාරය!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete