ජංගම ලී බඩු වෙලෙන්ඳන් නිසා ප්‍රාදේශීය සභාවට බදු ගෙවන ස්ථීර ව්‍යාපාරික ප්‍රජාවට හානි සිදුවන බවත් එම නිසා ජංගම ලී බඩු වෙලෙඳාම තහනම් කළ යුතු බවත් ජවිපෙ මන්ත්‍රී ධර්ම ප්‍රිය දිසානායක මහතා විසින් යෝජනා කර තිබේ.
ධනපති පක්ෂ විසින් පරාජය කර තිබෙන්නේ මෙම විප්ලවවාදි යෝජනාවයි.
ජවිපෙ මෙම නව අරගලය පිලිබඳව ඔවුන්ට සුබ පතන අතර අවශ්‍ය නම් මෙවැනි තවත් යෝජනා ඕනෑ තරම් මතක කර දීමට හැකි බව සටහන් කරන්නේ විප්ලවවාදි සහෝදරත්වයෙනි.
උදාහරණයක් ලෙස තැන් තැන් වල ගොස් මේසන් වැඩ කරන මේසන් බාස්ලා නිසා මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් වලට පහර වදින නිසා එය තහනම් කිරීමට යෝජනාවක් මී ලඟට ගෙන ආ හැකිය.
එසේ නැතිනම් ඉරිදා පොලේ එලවලු වෙලඳාම් කිරීම නිසා රංජිත් පේජ්ගේ ෆුඩ් දේශප්‍රේමි ෆුඩ් සිටියට පහර වදින බැවින් ඉරිදා පොලවල් තහනම් කිරීමේ යෝජනාවක් වුවත් ගෙන ආ හැකිය.