Thursday, June 25, 2015

කමල් දේශප්‍රිය සහෝදරයා- සමු ගැනීමේ සටහනක්


අපේ කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෙක් වූ  කමල් දේශප්‍රිය නොහොත් සෙනෙවි සහෝදරයා  ඊයේ මිය ගියේය. 87/89 කාලයේ ශිෂ්‍ය නායකයෙක් ලෙසත්  ඉන්පසුව 1995 පමණ වනතුරු විනාශයෙන් පසු නැගී සිටින්නට වෙර දැරු ජවිපෙ මුල් පෙලේ නායකයෙක් ලෙසත් කමල් දිගටම ක්‍රියාකාරි දේශපාලනයේ යෙදී සිටියේ තම වෛද්‍ය අධ්‍යාපනයත් කැප කරමිනි.

ජවිපෙ සමග ඇති වූ ගැ‍ටුම් නිසා එය හැර ගිය කමල් පසු කලෙක විමල් වීරවංශගේ ජනිපෙ සමග එක්ව තම කීර්ති නාමයට හානි කරගත්තද විමල් ලාගේ ගමන ගැන අවබෝධ කරගත් පළමු මොහොතේම ඔහුගෙන් ගැලවී යන්නට  පසුබට නොවුනු කමල් එයින් පසු බොහෝ දුරට හුදකලා දිවියකට පසු බැස්සේය.

ඔහුගේ දේශපාලන ගමන් මග  ගැන බොහෝ දෙනෙකුට බොහෝ ප්‍රශ්න තිබිය හැකි වුවත් මිනිසෙක් වශයෙන් ඔහු පෙන් වූ උතුම් ගුණාංග නම් ඔහුගේ දේශපාලන සතුරන්ගේ පවා ගෞරවයට ලක් විය..එසේම ඔහු තම මිතුරන්ට ආදරණීය මිතුරෙක් විය

කමල් දේශප්‍රිය මාන්නප්පෙරුම , ආදරණීය සෙනෙවි සහෝදරයා, ඔබට සුභ රාත්‍රියක්

20 comments:

  1. ඔහ්.... මේක ගැන කිසි තොරතුරක් තිබ්බේ නෑ නේ පත්තරවලත්?
    ඔහුගේ හැබෑ නම මේක නෙමේ නේද - 'කමල් දේශප්‍රිය' කියන්නේ පසුව භාවිත කල නමක් නේද?
    හ්ම්ම්ම්... මොන වුණත් බොහොම කණගාටුයි.. :-(

    ReplyDelete
    Replies
    1. මගෙයි අඩුපාඩුව - පත්තරේ තියනව නිවුස් එක...

      Delete
    2. ඔහුගේ සැබෑ නම කමල් දේශප්‍රිය මාන්නප්පෙරුම, සෙනෙවි කියන්නේ ආරුඪ නමක්

      Delete
  2. ඒ කාලේ අයත් යන්න පටන් අරගෙනද? දුක්බරයි තමයි ඒත් මරණ ගැන නම් දුක් වෙලා පලක් නෑ!

    කමල් කරුනාදාස කියලා අයෙකුත් ජවිපෙන් කැඩී ගියා නේද? එයාට මොනවාද වුනේ!

    ReplyDelete
  3. //වෛද්‍ය අජිත් ජයසේනත් , මහාචාර්ය රාජ් සෝමදේවත් තම වෘත්තීය වගකීම ඉ‍ටු කර තිබේ. මේ මිනීවල අයිති කාලය පිලිබඳව තිබූ සැක සංකා ඔවුන් දෙදෙනා විසින් දුරු කර ඇත.
    දැන් මේ මිය ගොස් සිටින්නේ කවුද, ඔවුන් මිය ගියේ කෙසේද, ඔවුන් මරා දැමුවේ කවුරුන්ද යන ප්‍රශ්න මතුව තිබේ. ඒවාට පිලිතුරු සෙවීමට අප සූදානම්ද? අපට අවශ්‍යද? //

    යහ පාලනේ යටතේ ඔය කියනා හාදයෝ ගැන තාමත් හොයනවැයි?

    ReplyDelete
    Replies
    1. හොයන්ඩ එපැයි හරි නම්..ඇයි එහෙම හොයන ඒකේ මොකක් හරි වරදක් තියේද?

      නිකන් දුකයි වගේද දන්න අදුරන කවුරු හරි වැරදි කාරයා වෙයි කියලා?

      Delete
    2. //නිකන් දුකයි වගේද දන්න අදුරන කවුරු හරි වැරදි කාරයා වෙයි කියලා? //

      How do you know Im friends with Ranil????

      Delete
  4. http://mallepol.blogspot.com/2015/02/blog-post_28.html

    වෛද්ය ශිශ්ය පොඩි බංඩා අතුරුදහන් විය. ඔහු සිටියාද නොසිටියාද නොසිතා ඔහු ගේ කන්ඩායමේ සියලු සිසු සිසුවියන් පසු දින දේශන වලට සාබාගී විය. දින කීපයකට පසු පොඩි බංඩා ගැන කිසිම කෙනෙකු උනන්දුවෙන් කතා කලා මට මතක නැත.



    එහෙන් මෙහෙන් ඇසුනු කතා නිසා පොඩි බංඩා දඹුල්ල පලාතේ ගොවි පවුලක දරුවෙකු වවද ඉතා අමාරුවෙන් ජීවිතය ගැටගසාගෙන ඉගෙනීම කර ගෙන ගිය අයෙකු බවද දැනගන්නට ලැබුනි. එම තොරතුරු වල සත්ය අසත්ය බාවය ගැන අසා දැනගන්නට කිසි කෙනෙකු නොවීය.



    පසු කලෙක වෛද්ය පීට කැන්ටිමේ විරු සිසු ෆොටෝ අතර පොඩි බංඩා ගේ පින්තූරය ද එල්ලිනි.... කතාව එච්චරය...

    ReplyDelete
    Replies
    1. උඹත් ඉතින් ජනතාවගේ මුදලින් මෙඩිකල් කොලේජ් ගිහින් හොර තක්කඩි වනචර මරාට පුක දෙන කැරියෙක් නේ.

      Delete
    2. //AnonymousJune 25, 2015 at 6:09 PM

      උඹත් ඉතින් ජනතාවගේ මුදලින් මෙඩිකල් කොලේජ් ගිහින් හොර තක්කඩි වනචර මරාට පුක දෙන කැරියෙක් නේ.//

      නැචුව නැචුව.... මල්ලි හරි මල්ලි :D

      Delete
    3. ලංකාවේ ඇත්තේ මෙඩිකල් ෆැකල්ටි හෙවත් වෛද්‍ය පීඨ මිසා කොලේජ් (විද්‍යාල) නොවේ.

      ස රස එක් වසරක් පමණක් වෛද්‍ය පීඨයට යන්නට ඇත.

      Delete
    4. //ස රස එක් වසරක් පමණක් වෛද්‍ය පීඨයට යන්නට ඇත. //

      එක් වසරක් වත් වෛද්ය පීට ගියේ නැත... නමුත් ස ර ස තුමා ක්ශුද්‍රජීව විද්යා දේශන සාලාවට උඩින් ඇති වෛද්ය පීට කැන්ටිමේ තේ ගැසීම පිලිබඳ තුන් අවුරුදු ඩිප්ලෝමාව හදාරන ලදී...

      රසික ලා කම්මලේ යකඩ තලා වෛද්යපීට ශිශ්යයන් ගේ අතින් තැලුනුබටු සොයා පාලමේ මෙගොඩ ආ බව පෙනේ...

      සන්තෝසද රසික?

      Delete
  5. kala madiriya Senevi ayyawa , anusha akka dannawada ?

    ReplyDelete
  6. මොනවා කියන්නද ?
    http://nelumyaya.com/?p=3264

    ReplyDelete