Tuesday, August 18, 2015

ආඬි හත්දෙනාගේ කැඳහැලිය සහ ජවිපෙ චන්ද පදනම



රටේ සියලුම දේශපාලන විචාරකයින්, දේශපාලකයින් හා දේශපාලනය ගැන උනන්දු ජනතාවගෙන් බහුතරයක්  විසින් ආසන 12ක් 15 ක් පමණ ගනු ඇතැයි  සිතූ ජනතා විමුක්ති පෙරමුණට මහ මැතිවරණයෙන් ලැබී ඇත්තේ ආසන හතරකි.මෙය ජවිපෙ තම ඉලක්කය වශයෙන් තබාගෙන සිටි ආසන 24 හා විපක්ෂනායක සිහිනයට බොහෝ දුරින් වූ ප්‍රථිඵලයකි.

පසුගිය මැතිවරණ කාලය පුරාවටම අප හා කථා කළ බොහෝ දෙනෙකුන් කියා සිටියේ පාර්ලිමේන්තුව තුල හඬක් නගන්නට නම් ජවිපෙ සිටීම අනිවාර්ය බවයි. උග්‍ර එජාප පාක්ෂිකයන් හා සංධානවාදින්ද එලෙස අදහස් පල කල අය අතර සිටියහ.

එසේ නම් ජවිපෙට සිදු වූයේ කුමක්ද?

ආඬි හත් දෙනාගේ කැඳ හැලිය එන්නේ මෙතැනදීය. අනිකා කැඳ හැලියට හාල් දමාවි යැයි සිතා බොරුවට හාල් දමනවා මෙන් පෙන්නු ආඬින් මෙන් ජවිපෙ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයැයි කිවු බොහෝ දෙනෙක් ජවිපෙට චන්දය දී නැත. ඔවුන් ජවිපෙ මාර හොඳයි කියමින් තමන්ගේ පාරම්පරික දේශපාලන පක්ෂ වන එජාපයට හා සංධානයට චන්දේ දී ඇත. ඔවුන්ගේ කතා අසා ඇන්දුනු ජවිපෙ නායකයින්  සිහින ලොවක අතරමං වී සිටි අතර එයින් බිමට වැ‍ටුනේ චන්ද ප්‍රථිපල එන විටය. මේඅනුව බලන විට මෙවර චන්ද දායකයින් විසින් ජවිපෙ රවටා තිබේ . මෙතෙක් කල් සිදු වූ දේශපාලන පක්ෂ විසින් චන්ද  දායකයි න් ‍රැවටීම මෙවර කණ පිට හැරවී තිබේ.

ජවිපෙ ‍රැව‍ටුනේ චන්දදායකයින්ට පමණක් නොවේ.ජවිපෙ තමන්ටමත් ‍රැව‍ටුණේය. එනම් තම පක්ෂ ගැන තිබෙන අධි තක්සේරුවයි. එය ජවිපෙට සෑහෙන කලක පටන් තිබෙන රෝගයකි. ඔවුන් තමන් විසින් පවත්වනු ලබන සංදර්ශන වලින්ම වශී වී තමන්ට නැති බලයක් තිබෙනවා යැයි විශ්වාස කරන්නට පටන් ගනියි.මහින්ද රාජපක්ෂ කලා මෙන් ජවිපෙ ද තම ‍රැස්වීම් වලට රටේ නොයෙක් දෙස සිටින තම සාමාජිකයන් ගෙන්වා සෙනග පෙන්වන අතර මහින්ද මෙන්ම එම සෙනග  දැක වශී වෙයි. ඉන්පසු ඔවුන් කටයුතු කරන්නේ එම මායාව සත්‍ය ලෙස විශ්වාස කරමිනි. ඉන්පසු අහස් මාලිගා හදන ඔවුන් පොලවට වැටෙන්නේ  චන්ද ප්‍රථිපල එන විටය.මෙවරත් සිදු වූයේ එයයි.

7 comments:

  1. //ජවිපෙ ද තම ‍රැස්වීම් වලට රටේ නොයෙක් දෙස සිටින තම සාමාජිකයන් ගෙන්වා සෙනග පෙන්වන අතර මහින්ද මෙන්ම එම සෙනග දැක වශී වෙයි.//

    ReplyDelete
  2. ජවිපෙට දීපු මගේ ජන්දය අපතේ ගියා යැයි මම කිසිවිටක නොසිතමි.කෙසේ වෙතත් මේ නව පාර්ලිමේන්තුව පසුගිය වරට වඩා නම් හොඳය.

    ReplyDelete
  3. ජවිපෙට දීපු මගේ ජන්දය අපතේ ගියා යැයි මම කිසිවිටක නොසිතමි.කෙසේ වෙතත් මේ නව පාර්ලිමේන්තුව පසුගිය වරට වඩා නම් හොඳය.

    ReplyDelete
    Replies
    1. මලේ, උඹ ජවිපෙට කතිරේ නොගැසූ බවත් අලියාගේ පුකේ කතිර ඇලවූ බවත් සක්සුදක් සේ දනිමි. ජවිපෙට චන්දෙ දුන්න කිවුවම ප්‍රගතිශිලි, රැඩිකල්, විප්ලවකාරී චරිතයක් ආරුඩ උනේ ඉස්සර. දැන් එහෙම නෑ. දැන් අහන්නේ ලිබරල් රනිල් ඉන්දැද්දී මොන මගුලට බාගෙට ලිබරල් අනුරගේ බෙල් හොලවනවද කියල. මින් මනත්වත් සතාට චන්දෙ දුන් බව කියන්න ලජ්ජා නොවන්න. මේබව රාජ්ට හා මාතලන්ටත් කියන්න.

      Delete
    2. උඹට වැරදිලා අයියන්ඩි, මා චන්දෙ දුන්නේ අලියාට නොවේ. පුලුවන්නම් අනුමාන කරලා බලපන්, තව චන්ස් එකක් දෙන්නම්.

      Delete
    3. ඒයි පුකේ ලයිට්. ඇයි බන් උඹ කලබල වෙන්නේ මම කොමෙන්ට් එක දැම්මේ අර මනෝජ් කියන හාදය අයිතිවෙන අලුත් පර පුකේ සොරි... සොරි .... පරපුරේ කුලකේ උන්ට.

      උඹ කොන්ඩම් පර්ස්එකේ දාන්හිටියට පුරුද්දක් විදියට බඩු ගහන් නැති බව දන්නවා. හැබැයි මෙදා පොටේ කොටුව පැන්නද කියලා සාදාරණ සැකයකුත් ඇති වෙනවා.
      එහෙමත් නැත්නම් අර මාලන් උන්දැ වගේ ප්‍රොෆයිල් දුසිමක් විතර මේන්ටේන් කරනවද ??

      Delete