Sunday, September 13, 2015

සාදු බුද්දං ආප්ප කාපන් ඉතිරි ඒවාට බීඩි බීපන්

 
අපි පුංචි කාලේ අපේ යාලුවෙක් යමක් කරන්න ගිහින් වැඩේ වරද්ද ගත්තාම අපි කියන්න පුරුදු වෙලා හිටියා
" සාදු බුද්දං, ආප්ප කාපන් ,ඉතිරි ඒවාට බීඩි බීපන් " කියලා. 

මේ කියමනෙන් අපි අදහස් කරේ  ඇද්ද උඹට හොඳ වැඩේ  කියන එක.

මට මේ කියමන ආයේ මතක් වුනේ මේ දවස් වල නිමල් ලංසා, මුතුහෙට්ටිගම, ලක්ෂ්මන් වසන්ත , එස්.බී වගේ අයට යහපාලන ආණ්ඩුවෙන් ඇමතිකම් දීපු එක ගැන කංකෙඳිරි ගාන  උගත්තු , බුද්ධිමත්තු , සිවිල් සංවිධාන දැක්කම. ඒ ගොල්ලෝ මේ දවස් වල ඉන්නේ ගලේ පහරපු බළල්ලු , එහෙම නැත්නම් අර මොනවද කාපු රිළව් වගේ.

මේ යහපාලන කට්ටියගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා නම් එයාලා  හිතලා තියෙන්නේ  උඳු වපුරලා තල නෙලන්න පුලුවන් වෙයි කියලා. උඳු වපුරලා උඳු මිසක් තල නෙලන්න බැරි බව එයාලා දැන්වත් තේරුම්  අරගෙන ඔය කංකෙඳිරිය නවත්තනවා නම් හොඳයි .

 නැත්නම්  ඔය උගත් බුද්දිමතුන්ට ඒ වගේ මූලික දැනුමක් වත් නැහැ කියලා මිනිස්සු හිතයි. අනික පැරදුන කට්ටිය එයාල ට කොචොක් කරයි
" සාදු බුද්දං ආප්ප කාපන් ඉතිරි ඒවාට බීඩි බීපන් කියලා"

7 comments:

  1. සාදු බුද්ධං ආප්ප කාපං, ඉතිරි සල්ලිවල බීඩි බීපං කියලා කියන්න වෙන්නේ ඔය උගතුන්, සිවිල් සංවිධානවල ඇත්තන්ට නොව ඡන්දය දුන් මහ ජනතාව වන අපට ය. ඒ මේ සියල්ලෙන්ම අවසානයේ වරද්දාගෙන ඇත්තේ එකී මහජනයා වන අප ම නිසා ය.

    ReplyDelete
  2. ඇයි බන් මල හත්තිලව්වේ, මේක ලියන පුකේලයිට් කාරයත් යහපාල්නේට ජංගි නැතුව කඩේ ගියා නේද ? පුකේ ලයිට් උඹට මොකෑ උනේ ඔලුව ගලක වැදුනද ? සිවිල් සමාජේ ගොබ්බයො ටික විතරක් නෙමෙයි උබත් එච්චර තමයි "ගලේ පහරපු බළල , එහෙම නැත්නම් අර මොනවද කාපු රිළව වගේ" තමයි.

    හිටං ලයි මරා ලයි දෙකම එකයි කියන කොට ඇයි උඹ නේ කිව්වේ හිටං හරි අහිංසක පෙනුමයි කියල. දැන් ඉතින් ඇටි කෙහෙල් කෑවනම් අමාරුවෙන් රීපන්.

    ReplyDelete
  3. පුකේ ලයිට්ට සීරියස් අයිඩෙන්ටි ක්‍රයිසස් එකක් තිබේ. දෙන්න තුන්දෙනා සෙට් වෙලා පොස්ට් දැම්මට කමක් නැ, පුකේ ලයිට් එක, දෙක,තුන ආදී ලෙස වෙන වෙනම දාපල්ලා.

    ReplyDelete
  4. මම ආස්චරියට විරුද්ද වුනා මිසක් යහපාලනේට පක්ෂ වුනේ නැහැ
    කලා මැදිරියා

    ReplyDelete
  5. වපුරන එව්වා තමයි නෙලා ගන්ට වෙන්නේ.මහින්දටත් එක එහෙමයි.රනිල්ට,මෛත්‍රිට උනත් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඇයි සුදු එයාලට විතරක්, ඔයාටත් ඒ ධර්මේ පොදුයි නේද ? ටයර් බෙල්ලේ දාන් ඇවිදිලා, මහපට ඇඟිල්ලෙන් එල්ලිලා , පුකේ එස්ලෝන් බට එහෙම ගහගෙන පුරුදුවෙලා ඉන්න. තව ටික දවසයි කෑම (වපුරපුවා) ලැබෙනවා.

      Delete