Friday, October 9, 2015

පත්තර පච


අද ලංකාදීප පත්‍රයේ තිබුණු පහත ප්‍රවෘත්තිය බලන්න. මෙහි වැරදි කීයක් තියෙනවද?  


ඊලියන් නානායක්කාර සමුගනී

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයකුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊලියන් නානායක්කාර මහතා බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට 88 වැනි වියේ පසුවූ ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. තරුණ වියේදීම දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ මහතා සමග දේශපාලනයට එක්වූ ඔහු 1970 සමගි පෙරමුණු රජය යටතේ කඹුරුපිටිය ආසනයේ කොමියුනිස්ට් පක්ෂ නායකයා විය.
1977 වසරේදී නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය. දේහය පන්නිපිටිය, අතුරුගම පාරේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (10) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

ඊලියන් නානායක්කාර 1977 පාර්ලිමේන්තු ගියාලු. 1977 දී ඊලියන්ට තියා කිසිම වාමාංශික නායකයෙකුට පාර්ලිමේන්තු යන්න බැරි වුණ බව පොඩි බබාලත් දන්නවා, හැබැයි ලංකාදීපේ වාර්තා කාරයෝ, කතෘ ලා දන්නේ නැහැ.

1970 දී කඹුරුපිටිය ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයාලු. කොමියුනිස්ට් පක්ෂයට කඹුරුපිටියේ නායකයෙක් හිටියා කියලා අහපු පලමුවැනි වතාව මේක. 


මේ විදියට මටනම් සැකයි ඊලියන් නානායක්කාර ඇත්තටම මැරිලාද කියලා.

9 comments:

  1. oya kiyanne eeliyna da silva thotawththa gana

    ReplyDelete
  2. කෝකටත් 10 වෙනිදා බොරැල්ල කනත්තට ගිහිං බලන්න

    ReplyDelete
  3. ලංකාදීපෙ කෙළින පිස්සුවල හැටියට මේක සුළු දෙයක් බං.

    ReplyDelete
  4. ඇත්තෙන්ම වර්ථමාන පත්තර වලින් වැඩියම පිස්සු කෙලින්නෙ ලන්කාදීපෙ තමයි.ප්‍රෙමචන්ද්‍ර අල්විස් මහතා පුවත්පත් වලින් සින්හලය වරදවා ලියන හැටි පුවත් පත් නමින් සදහන් නොකරමින් ලියන්නෙත් ලන්කා දීපයටමයි.(රන්ජන්)

    ReplyDelete
  5. මේ 2015 .10.7 ලන්කදීපය.පිටුව 3(බද්දේගම-පුණ්යදාස දම්මුල්ල/බටපොල දීපාල් සිල්වා) රෝගීව පසුවන තම මවට ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිනෙමින් සිටි 65 හැවිරිදි තිදරු මවක් ඇයගේ පුතු විසින් පදවාගෙන ආ මෝටර් රිය විදුලි රැහැන් කණුවක ගැටීමෙන් එමකාන්තාව.........(රන්ජන්)

    ReplyDelete
  6. පත්තරකාරයො කියන්නෙ ගොන් මැට්ටො. මටත් මෙහෙම දේවල් අනන්තවත් දකින්න ලැබිල තියනව. නිවැරදි කරන්න කියල ලියුම් යවන්න පුළුවන්යැ. ජනතාව නොමග යනව. ඔවුන් කරටිකැඩෙන්න බීල කොහෙ හරි බාර් එකක ඉදන් ලියන්නෙ.

    ReplyDelete
  7. ලංකාදීප ඔන්ලයින් එක නම් අජූතයි තමයි.

    ReplyDelete
  8. පිටු ටික පිරෙන්නත් මොනවා හරි එපාය

    ReplyDelete
  9. උඹ මේ ලෝකෙද බන් ඉන්නේ..

    -------
    මෙහෙ පත්තර වල ඔය ජාතියේ කේප්ප තමයි සේරම තියෙන්නේ...

    ReplyDelete