ධර්මන් වික්‍රමරත්න කියන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන (බෝතල් ) පත්තර කාරයෙකි. ඔහු ලියන්නේ රිවිර පත්තරයටය. ධර්මන් අපිට කියන්නේ ඔහු ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් බවයි. මේ ගවේෂණාත්මක මාජ්ජවේදියා දැන් කාලයක සිට ජවිපෙ 1987-89 අරගලය ගැන ලිපි පෙලක් ලියමින් සිටියි.
එම ඉතිහාසයේ සිදු වූ සෑම ප්‍රධාන හා වැදගත් සිදු වීමකදිම තමන්ද පෞද්ගලිකව ඒවාට සහභාගි වූ බව ඔහු කියන නමුත් එම කතා ගල් පැලෙන බේගල්ය. උදාහරණයක් ලෙස 1989 දී ඇමති හමීඩ් සමග සරසවි සිසුන් පැවත් වූ සාකච්ඡාවට තමන්ද සහභාගි වූ බව ඔහු කියයි. නමුත් ඔහු ඒ පැත්ත පලාතකවත් නොසිටි බව එම සාකච්ඡාවට සහභාගි වී අද ජීවතුන් අතර සිටින අය කියති.
මේ පුද්ගලයාගේ ඊනියා ගවේෂණාත්මක ලිපි සියල්ල මෙවැනි බේගල් වලින් පිරී පවති. ඔහු එම බේගල් ඇද බාන්නේ ඇසින් දුටු පරිදි නිසාත්, එම සිදු වීම් වලට සම්බන්ධ බොහෝ දෙනා අද ජීවතුන් අතර නැති නිසාත්, ජීවතුන් අතර සිටින අය වුවද ඉදිරියට අවුත් ප්‍රශ්න නොකරන නිසාත් ඔහු කිසිදු හිරිකිතයකින්, බයකින් තොරව මුසා වපුරමින් සිටියි.
විරාජ් පෙරේරා |
පසුගියදා මියගිය , 1990 ගණන් වල සිටි ශිෂ්‍ය නායකයෙක් වු විරාජ් පෙරේරා සහෝදරයාගේ මරණය ගැන ඔහු ලියූ ලිපිය තුලද මෙවැනි බේගල් දෙක තුනක් ඇද බා තිබේ.බලන්න, මේ පුද්ගලයා ලියන බොරු.
විරාජ්ගෙන් පසුව අන්තරේ කැදවුම්කරු වශයෙන්(1993 මාර්තු සිට 1994 දක්වා) පත්වූයේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සිසු රෝහිත තිලකරත්නය.
මෙය පට්ටපල් බොරුවකි. රෝහිත තිලකරත්න අන්තරේ කැඳවුම් කරු වූයේ 1994 අප්‍රේල් වලදීය. රෝහිත ට කලින් අන්තරයේ කැඳවුම් කරු වූයේ කැළණිය සරසවියේ විද්‍යා පීඨයේ හේරත්ය. ඒ බව නොදන්නා මහ මාධ්‍යවේදියා පට්ටපල් බොරු ඇත්ත මෙන් දෙසා බායි.
එමලිපිය සමග ඔහු පල කල මේ සේයාරුව ඔහු නම් කරන්නේ "මියගිය සරසවි සිසුන් වෙනුවෙන් මොරටු සරසවියේදී 1993 පෙබරවාරි 25වැනිදා පැවති සමරු උළෙලක පෝස්ටරයක්" ලෙසය.
නමුත් මෙය පේරාදෙණිය සරසවියේ වූස් කැන්ටිමේ ඇති බිතු සිතුවමකි. එය අදත් එහි ඇති අතර අඳින ලද්දේ නන්දෙ නම් වූ වෛද්‍ය සිසුවෙකි. මෙය ඇඳ නිමා කලේ 1993 පෙබරවාරි 25 දාය.
මේ සඳහන් කලේ ධර්මන් වික්‍රමරත්නගේ බේගල් වලින් කිහිපයක් පමණි. අපේ රටේ සිටින ගවේෂාණාත්මක මාධ්‍ය වේදින් යැයි කියා ගන්නා අයගේ වැඩ එහෙමය.
ඔවුන්ගේ ගවේෂණාත්මක ලිපි යනු ඇත්ත ටිකකුත් , ඉතිරිය තම හාම්පුතුන්ගේ අවශ්‍යතාව පරිදි තම ලියූ පල් බොරු ගොඩකුත් අඩංගු ලේඛන විශේෂයකි.