Thursday, April 21, 2016

අහෝ ඛේදයකි, තිතකි ඉරකි හෙවත් මිනිසෙකුගේ ඉරණම






                                                                                   

untitled.png
වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම මහා අපරාධයකැයි ඊනියා වාමංශිකයන් විසින්  කියන්නට පටන් ගෙන තිබේ. එයින් ඔවුන්ගේ දේශපාලනික  ලඳ බොලඳ බව මනාව හෙලි වේ. අපි මේ ගැන මීට ප්‍රථමයෙන් ද කියා ඇත්තෙමු.

වැට් බද්ද වැඩි කිරීමෙන් රටේ සිටින භයානකම සූරාකන්නන් වන රජයේ සේවකයින්ට ( ඔවුන් අතරින් ද දරුණුම සූරා කන්නන් වන්නේ ගුරුවරුන්ය, මට ඔවුන් පෙන්නන්නට බැරිය) හොඳ පහරක් දීමට රනිල්ගේ ආණ්ඩුව සමත් වී තිබේ. මෙය නම් ඇත්ත වශයෙන් ම ඉතාමත් ධනාත්මක පියවරකි. දැන් මෙම සූරාකන්නන්ට වැඩි කළ වැ‍ටුප ආපසු ලබා ගත හැකිය. එය ලබා ගෙන භාණ්ඩාගාර බිල්පත් වලට පොලී වශයෙන් ගෙවා රට දියුණු කළ හැකිය.

මා කියන්නේ මෙයයි. රටක් ලෙස ඉදිරියට යාමට නම් අපට අනිවාර්යයෙන් ම වැට් බද්ද 25% දක්වා වත් වැඩි කළ යුතුය.අප විසින් කළ යුතුව තිබෙන්නේ  වැට් බද්දට  එරෙහි වීම නො ව, ඇති වන වෙනස්කම්වලට හැඩගැසීමේ මූලෝපායන් පිළිබඳ විධිමත්ව අධ්‍යයනය කර අපගේ වියදම් ඒ අනුව ගලපා ගැනීමයි.

අනිත් අතට සීනි, සහල්, පාන් පිටි වැනි දේවලට වැට් බද්ද වැඩි කිරීමෙන් ඒවායේ මිල ඉහල යන නිසා මේ රටට මහත් දේශපාලන ප්‍රශ්නයක් වී තිබෙන දියවැඩියා ප්‍රශ්නයට ද එයින් සෑහෙන මට්ටමේ හොඳ පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.

මේ වැට් බදු අය කරන්නේ අඳුරු රාජපක්ෂ පාලන යුගයේදී ලබා ගත් මහා ණය කන්දරාව ගෙවීමටය.එම කාලයේ දී සූරා කන්නන් වන රජයේ සේවක  මධ්‍යම පංතිය වඩා ශක්තිමත්ව හා විනාශකාරී ලෙස වැඩිණි. ඔවුන් නඩත්තු කිරීමට ගත් ණය ගෙවීමට සිදු වූයේ මෙරට අහිංසක ව්‍යාපාරිකයන්ටය. දැන් ඒ තත්වය රනිල්ගේ නව රජය විසින් වෙනස් කර තිබේ . එයින් පහල මට්ටමේ ආදායම් ලබන ස්ථරයද පීඩාවට පත් වන සැබෑය. එහෙත් බිත්තර නොකඩා ඔම්ලට් සැදිය නොහැකි බව සියලු දෙනා දැන ගත යුතුය. විශේෂයෙන් ඊනියා වාමාංශික කල්ලි කණ්ඩායම් දැන ගත යුතුය.

මේ අඩු ආදායම් ලාභි  ග්‍රාමීය හා නාගරික  දිළින්දෝ  අලසයෝ ය. , බේබද්දෝ ය. නූගත්තු ය. හැබැයි  සියල්ල දත් ය. ඒ නිසා ඔවුන්ට කෙළවුණත් කම් නැතිය.ආණ්ඩුවෙන් නිකම් දෙන දෙයක් අරගන්නට බලා සිටින මේ නිකම්මු නැති වී යාම රටට හොඳය.

ආණ්ඩුව ඉතාමත් ස්ථානෝචිත ලෙස ක්‍රියා කරමින් කුමාර් ගුණරත්නම් සිරයට දැමීමද අගය කළ යුතුය. දැන් ඊනියා පෙර‍ටුගාමින්ට වැට් ගැන කතා කළ නොහැකිය. තවත් කරදර කාරයින් සිටී නම් ඔවුන් සියල්ල අල්ලා හිරගෙට දැක්කිය යුතුය.

මොනවා කලත් මහින්දට නැවත එන්නට ඉඩ දිය යුතු නැත. නමුත් මහින්ද හිර ගෙට නොදැමිය යුතුය. මක් නිසා ද යත් එවිට මහින්ද එනවෝ, මහින්ද එනවෝ කියා කෑ ගැසීමට හා මහින්ද පෙන්වා බත් නොකන පොඩි උන් බය කර ගත නොහැකි බැවිනි.

සටහන- වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම ගැන කවුදෝ විසින් ලියු මේ පැරා ග්‍රාෆය  ( paragraph)  මට හමු වූයේ වලාකුළක පාවී යමින් තිබියදීය. අයිතිකරුවෙක් සිටී නම් අයිතිය පෙන්වා ආපසු ලබා ගත හැකිය.

10 comments:

  1. මුං සෙට් එකටත් බදු ගහන කාලෙ වැඩි ඈතක නෑ. එන්න එන්නම යහපාලනේ සනීපෙ වැඩියෙන් දැනෙනවා.
    සූරංකන මධ්‍යම පංතියට බදු ගසා සූරාකෑමට ලක් වෙන වෙළෙඳ පංතිය බේරා ගනිමු.

    ReplyDelete
  2. තවම ජහ පාලනේ රඟේ පෙනුනෙ නෑ. තව ඉස්සරහට බලමු.

    ReplyDelete
  3. මේ ආර්ථික අවපාතය මහින්ද රාජපක්ෂ හිටියානම් කවදාවත් එන්නේ නෑ කියල හිතන අය පිරිසක් ඉන්නවා.. මම හිතන්නෙ නම් මහින්ද බබෙක් නෙමෙයි.. එයාට බලය ගන්න ඕනි වුනේ යමක් ඉදිරියේදී සිදුවීමට නියමිත නිසා..
    නමුත් අවාසනාවන්ත විදියට අප මහින්ද වෙනුවට තෝරාගත් එකා වලව්වෙ හාමු වෙනුවට අගුවේ සිටින බල්ලා තෝරාගත්තා වැනි තෝරාගැනීමක්.. අඩුගානෙ පිනා කදිරා වගේ එකක් වත් වුනානම්..මීට වඩා හොද වෙයි..

    කිසිම දේශපාලන ඉදිරි දැක්මක් දර්ශනයක් නැති ස්ථාවර අදහසක් නැති වැනෙන පඹයෙක්..

    ReplyDelete
    Replies
    1. \\...නමුත් අවාසනාවන්ත විදියට අප මහින්ද වෙනුවට තෝරාගත් එකා වලව්වෙ හාමු වෙනුවට අගුවේ සිටින බල්ලා තෝරාගත්තා වැනි තෝරාගැනීමක්..// so true buddy.. My3 is kind of a dummy president. He can't do anything. Just chat sh!t..!!

      Delete
  4. බැරිවෙලාවත් දෙමළ ජාතිවාදීන් පිරිසක් හා යූඇන්පී ආණ්ඩුව අතර ගැටුමක් ඇතිවුනොත්. මෙයා හිරවෙනවා. එක පැත්තකින් කොන්දේසි විරහිතව දෙමළ ජාතිවාදයට සහය දැක්විය යුතුයි. අනෙක් පැත්තෙන් එජාපයට සහය දිය යුතුයි

    ReplyDelete
  5. //ආණ්ඩුව ඉතාමත් ස්ථානෝචිත ලෙස ක්‍රියා කරමින් කුමාර් ගුණරත්නම් සිරයට දැමීමද අගය කළ යුතුය. //

    එක නම් ඇත්ත. නැති නම් තව සැහෙන කොල්ලෝ කෙලෝ ටිකක් ටයර් සෑයට දක්කලා නොයෙල් මුදලිගේ වෙලා අධිරාජ්‍යවාදී උතුරු කොරියාව අධිරාජ්‍යවාදී කියුබාව අධිරාජ්‍යවාදී රසියාව අධිරාජ්‍යවාදී චීනය පැත්තවත් නොබලා එයා යාවි පිවිතුරු සමාජවාදී ඔස්ට්‍ර්ලියාවේ දේශපාලන රැකවරණ ලබාගන්න. :D

    ReplyDelete
  6. :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

    වෙන මොනව කියන්නද නේහ්

    ReplyDelete
  7. සල්ලි අච්චු නොගහා බදු මුදල් වැඩි කිරීම හොඳයි.එත් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීම නිසා මේ බදු මුදල් ඉහළ නංවන්න වෙනවා කියන එක නම් මහා අලුගුත්තේරු කතාවක්.මොකද රජයේ සේවකයින්ට වැටුප් වැඩි වීම නිසා ආණ්ඩුවට දරන්න වෙන වියදම් ආණ්ඩුවේ රස්සාවක් නොකරන පුරවැසියන් පිට පැටවීම සාධාරණ නැහැ.එහෙමනම් කාර්යක්ෂම සේවයක් රාජ්‍ය සේවය සමත් වෙන්න ඕනේ.නමුත් එහෙම වෙලා නැහැනේ එක.

    ReplyDelete
  8. වළාකුලින් බැස මහ පොලවට එන්න...

    ReplyDelete