බස් ගැමුණු නොහොත් සයිටම් වයිද්දිය විද්දියාලේ නොනිල උපකුලපති තුමා , සෞඛ්‍ය අමාත්‍ය අංශේ නිල නොලත් උප ඇමති රත්නප්‍රිය නර්ස් මහත්තයා ඇතුලු පිරිසක් සයිටම් අර්බුදය පිළිබඳව රත්නපුරේ පැවත් වූ විද්වත් කතිකාවකදී ප්‍රශ්න ඇසීමට ගිය සරසවි සිසුවෙකුට බස් ගැමුණු තුමා ගුටි බැට දීම ගැන නොයෙක් කතා වටෙන් පිටෙන් ඇසෙමින් තිබේ.මම නම් කියන්නේ ඔය විස්ස විද්දියාල කොල්ලාට ගහලා මදිය. ඕකාව හම ගැහිය යුතුය.
වෙන මගුලකට නොව බස් ගැමුණුලා, සමන් රත්න්ප්‍රියලා බඳු ලුම්පනයන් සමග විද්වත් සාකච්ඡා කොරන්නට හැකිය යැයි සිතීම ගැනය. සිතා නිකම් නොසිට උන් එක්ක විද්වත් සාකච්චා කිරීමට යාම ගැනය.
ගැමුණු රත්නපුරේදී පෙන්නුවේ ඔවුන් විද්වත් සාකච්ඡා යැයි සිතා සිටින දෙයයි. ඔවුන් අයිති සමාජයේ සාකච්ඡා කරන ආකාරයයි. ඔවුන් සමග සංවාද කිරීමට යාම කුලු හරකෙකු සමග සංවාසයකට යාම බඳුය.
මේ බස් හිමියා සහ එම රැස්වීමට පැමිණ සිටි අනෙක් සයිටම්වාදින් ( බොහෝ විට මොවුන් සයිටම් සිසුන්ගේ දෙමව්පියන් විය හැක) තුලින් අපට හිතෙන්න සයිටමය හදන්නේ දොස්තරලා නොව කොන්දොස්තරලා විය යුතු බවයි.
සටහන- ඇඳන් 1200 ක් සහිත ආසියාවේ මහා සුපිරි රෝහල කිව්වත්, ඇඳන් 100කවත් ලෙඩුන් නැති මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සායනික පුහුණුව ලබා දොස්තර කෙනෙක් වීම කෙසේ වෙතත් කොන්දොස්තර කෙනෙක් නම් විය හැකිය. හැබැයි එම කොන්දොස්තරලා තම බස් වල සේවයට බඳවා ගන්නට උපකුලපති ගැමුණු තුමා හැර අනික් බස් හිමියන් කැමති වේදැයි සැකය..