Monday, August 15, 2016

බුකියේ දේශපාලනය, කලාව හා විචාරය



මාතෘකාව දැක්ක ගමන් අපේ ක්‍රිකට් බෝඩ් ලොකු තැන ට ඩෝන් යයිද මන්දා.. එහෙම වෙන්ට දෙයක් නැත. මේ කියන්නේ එතුමාගේ බුකිය ගැන නොව අප කවුරුත් කැමති ෆේස් බුකිය ගැනය.  තම දේශපාලනය සම්පූර්ණයෙන්ම බුකියෙන් පමණක් සිදු කර මහා දේශපාලන විප්ලව  කොරන්න පුලුවන් කියලා හිතන අයත් සමහර විට රෙද්ද උස්සගෙන එන්න ඉඩ තියෙනවා. ඒ අයට නම් කියන්න තියෙන්නේ පහුගිය කාලයේ පොලවෙන් අඟල් කීපයක් උඩ ගිය නිසා  බිමේ දේශපාලනය අමතක වෙලා මාධ්‍ය වලින් විතරක් දේශපාලනය කරන්න හදපු  ජනතා විමුක්ති පෙරමුණ පස්ස් බිම ඇනගෙන ඉන්න හැටි බලලවත් හැදෙන්න කියාලා.

අතුරු කතා පසෙක තබා ----

මෙහෙමයි .මම අද රාත්‍රියේ කම්මැලි කමට බුකියේ සැරිසරමින් , ඩේටා කාබාසීනියා කරමින් ඉන්න වෙලාවේ දැක්කා පෝස්ට් එකක්.. ලියලා තියෙන්නේ පහුගිය රජයේ මාධ්‍ය ප්‍රබලයෙක් වෙච්චි දැන් පේරාදෙණි ඇදුරෙක් වෙම චරිත හේරත් උන්නැහේ.  උන්නැහේ ගේ පිෂික්ස් දැනුම ගැන සෑහෙන ප්‍රශ්න තිබුනත් කියවලා බලන්ට වටිනවා...

When i was visiting Vienna University for an academic conference this week, have just captured the photograph of Prof Ernst Mach (1838-1916) which is at the university garden (City Hall Park). Mach was one of the founding father of theoretical physics in late 19th and early 20th century. His was creating a 'space' for new thinking in philosophy science and speacially in arguing for a different kind of phenomenology which based on "sensationalism". He was well taken by th...en two main worldly known figures, Lenin and Einstein and responded in different ways. Lenin criticised Mach intervention into the philosophy of science as 'kind of absolute form". Lenin wrote one of the interesting text on this matter, "Materialism and Empirio-Criticism" in 1909. Einstein mentioned Mach's works in his studies and argued that Mach was one of influential figure who should be considered as "the precursor of the general theory of relativity".

මේ පෝස්‍ටුවටත් වඩා වටින්නේ ඒ ලියපු තුමාගේ මිත්‍රයෙක් එම ශාස්ත්‍රීය ලේඛනය ගැන දාපු කමෙන්‍ටුව... මම නම් හිතන්නේ නොවේ මෙවන් රසක් ලොවේ කියලා.. මේ වගේ විචාරයක් දෙන්න ගුණසිරි සිල්වාට තියා දීප්ති කුමාරටවත් බෑ.

Mr.XXX- wrote
If you are still in Vienna please visit Colombo Hoppers. You can have SLn food over there. The owner of this is a cousin of mine.

ඔය දෙකටම වඩා මට නම් වටිනවා මහින්ද පතිරණ උන්නැහෙගේ සුපුරුදු මැක්කා කොමෙන්‍ටුව ...


Mahinda Pathirana --

Mach studied Buddhism heavily and that made him reject Newton's absolute space through what is known as bucket experiment. it was this idea that ended as general theory of relativity in Einstein.

බඩ රිදෙනවා ඕයි හිනාවෙලා

6 comments:

  1. බුකියේ දේසපාලනයයි විචාරයයි දැකලා අමාවකලට හිනාවෙලා බඩයද්දි අපට හිනාවෙලා පණ යනවා

    ReplyDelete
  2. මම හිතුව හිනාවෙන්න මේකට.
    //මාතෘකාව දැක්ක ගමන් අපේ ක්‍රිකට් බෝඩ් ලොකු තැන ට ඩෝන් යයිද මන්දා// බලන කොට හිනාවෙන්න පටන් ගන්නේ එතනිං.

    ReplyDelete
  3. ලඛාන් සහ ජිජැක් ගැන මොකුත් නැද්ද?

    ReplyDelete
  4. ඔය මහින්ද පතිරණ කියන Bucket Experiment එක ඇවිල්ලා උපත් පාලන ක්‍රමයක්. ඕකට පේටන්ට් එකකුත් අරගෙන තියෙනව මම දන්න කුසුමා කියල ගෑණු ළමයෙක්...හෙහ්,හෙහ්,

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මාත් මොනවහරි ලියන්නද? එක්කො බෑ.

    ReplyDelete