උසාවිය නිශ්ශබ්ද වනු!


 ...

.උසාවිය නිශ්ශබ්ද වනු! .........................
ජනතාවනි වහා හඬ නගනු!
..................................
ඊයේ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹා ඒ ගැන යමක් ලිවීමට සිතුවා පමණි. අද එය ප්‍රදර්ශනය කිරීමට එරෙහි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා විය. ඒ වාරණය දැනට සති දෙකකට අදාලවය. පසුව එය ස්ථිර තහනමක් වීමටද ඉඩක් නැත්තේ නැත. එම නියෝගය ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ සිය අධිකරණ නිල කාමරය තුළ පවා ස්ත්‍රීන් ලිංගික බලහත...්කාරයට ලක්කළ හිටපු විනිසුරු ලෙනින් රත්නායකය. එම සිද්ධිය ඇස් පනාපිට ඔප්පුවූ පසුත් අධිකරණය, පොලීසිය, නීතීඥ සංගම්, මානව හිමිකම් කොමිසම, අධිකරණ සේවා කොමිසම, ආගමික ප්‍රභූන්, මාධ්‍ය ආදී රාජ්‍යයේ සියලු මර්දන උපකරණ සහ දෘෂ්ටිවාදී උපකරණ පීඩාවට පත්වූ ස්ත්‍රිය අවමානයට සහ අසාධාරණයට ලක්කර චුදිත විනිසුරුවරයා බේරා ගැනීමට මැදිහත් විය. දැන් එම අයුක්තිය ගැන කතා කිරීමද තහනම් කර ඇත. කලාකරුවෙකුට ඒ ගැන නිර්මාණයක් කිරීමට ඇති අයිතියද අත්හිටුවා ඇත. මේ හරහා අපට ඉගෙන ගත හැකි පාඩම් ගණනාවක් අතරින් සිතට නැගුනු ප්‍රධාන ඒවා මෙසේය.


1. කලාවේ නිදහසට අධිකරණයට හෝ ඕනෑම රාජ්‍ය ආයතනයකට මෙලෙස සීමා පැනවිය හැකිද? එය අප සාමාන්‍ය තත්වයක් ලෙස බාරගත යුතුද?


2. ස්ත්‍රියක් ලිංගික හිංසනයට ලක්කරන ඉහල පන්තියේ ප්‍රභූන්ට එයින් ගැලවිය හැකිද? නීතිය අදාළ වන්නේ පීඩිතයන්ට පමණද? පසුගිය කාලයේ 'ආධිපත්‍යය' තහවුරු කරන බව කීවේ මේ එක පන්තියක් වෙනුවෙන් වන නීතියකටද?


3. පසුගිය කාලයේ ඇතැම් 'ප්‍රජාතන්ත්‍රවාදීන්' කීවේ ප්‍රශ්නය ඇත්තේ අධිකරණය, පොලීසිය, රාජ්‍ය පරිපාලන සේවය වැනි ව්‍යුහ තුළ නොව ඒවාට දේශපාලන තන්ත්‍රය මැදිහත්වීම තුළ බවය. 19වන සංශෝධනයෙන් සියලු රෝග නිවාරණය වන බවට සමාජ විශ්වාසය හැදුවේ ඒ නිසාය. දේශපාලන තන්ත්‍රය තරමටම මේ රාජ්‍ය ආයතන ප්‍රතිගාමී බවත්, ඒවා ස්වාධීන වීමෙන් ජනතාවගේ අයිතීන්ට හිමිවන වාසියක් නැති බවත් නැවත නැවත ඔප්පු වෙමින් තිබේ. මේ අද අපට ලැබුණු උදාහරණයයි. චිත්‍රපටය කතා කරන්නේද ඒ යථාර්ථයයි.


4. කලාව මෙවැනි රාජ්‍ය ව්‍යුහයන්ගේ අනුමැතියෙන් ප්‍රදර්ශනය කිරීමට සීමා වුවහොත් කලාකරුවාගේ ප්‍රකාශන අයිතිය මෙන්ම රසිකයාගේ වින්දනයේ අයිතියද මේ ආකාරයට නැවත නැවතත් උල්ලංඝනය වනු ඇත. එනිසා වාරණයට එරෙහි විකල්ප ක්‍රමයක් අප සකසා ගත යුතුය. අප යෝජනා කරන්නේ මේ චිත්‍රපටය වාරණය කළහොත් ප්‍රොජෙක්ටරයක් සහ තිරයක් සමග ගමින් ගම ගොස් මේ කෘතීන් සමාජගත කළයුතු බවය. අපට 'උසාවිය නිහඬයි' වාර්තා චිත්‍රපටය ඇල්පිටිය, බිබිල, අවිස්සාවේල්ල, බෝගල, යාපනය ආදී ප්‍රදේශ වල ජනතාවට ප්‍රදර්ශනය කිරීමේ අත්දැකීමක් තිබේ. එම ආකෘතිය තවත් වර්ධනය කර සිය කෘතීන් සමාජගත කිරීමට කලාකරුවන් එකඟනම් අපට ඒ සඳහා දායකත්වයක් දිය හැක.


මේ නිල සහ නොනිල මර්දනයට එරෙහිව ජනතා හඬක් නිර්මාණය කළ යුතුය. අයුක්තියට එරෙහි හඬ නිහඬ කිරීමට ඉඩ නොදිය යුතුය. අපි මේ කලා නිර්මාණ මෙන්ම ඒවාට එරෙහි තහනමද ජනතා අධිකරණයක් ඉදිරියට පමුණුවමු.


(පුබුදු ජයගොඩගේ මුණු පොතෙන් ඉස්සුවෙමි- )

Comments

  1. ගොනෝ. උබ නම් ගොම බෙට්ටක් නෙමෙයි ගොම තැම්බක්. තොපි මේ චිත්‍රපටි නිදහසක් වාරණයක් ගැන කියවනව. තොපි තොපේ සහෝදර ශිෂ්‍යයින්ට වත් පාඩුවේ ඉගෙන ගන්න දෙනවද? ස්ත්‍රී දුෂිත විනිසුරුවන් ගැන කතාකරන්නේ හරියට තොපි කැම්පස් වල කෙල්ලොන්ට බණ කියන හාමුදුරුවරු වගේ. මෝඩ ආතල් නොදී වැඩක් නැතිනම් පාඩම් කොරල බුදුයගනින්. නැතිනම් පුක පොලවේ ගහන් මැරියන් මුහුදු හුකන්න. අනේ තොපි වගේ මෝඩ මුසලයෝ.

    ReplyDelete
    Replies
    1. හම්මට... ලෙනින් රත්නායක Tilan Athur කියල ෆේක් පොෆයිල් එකකින් ඇවිලල වගේ. හුකෑස්.

      Delete
    2. එන්ගලන්තයේ විශ්ව විද්යාල වල සිසුවියන්ගෙන් සියයට පනහකට පමන ලින්ගික අතවර අත්දැකීම් ඇති බව පසුගියදා කල සමීක්ශනයකින් හෙලිවී තිබේ.මේ බව මොකුත් නොදන්නා එන්ගලන්තයේ ඇඹිලිපිටියේ ජීවත්වන ආතර්ට අපගේ කනගාටුව.

      Delete
  2. ඔය ජජාල ජරාවකන හැටි ඇහුවොත් පොලිසිය හොඳයි කියල හිතෙයි. එක පාරක් මගෙ යාළුවෙක් කිව්වා මිනිහගෙ යාළුවෙකුට රිමාන්ඩ් එකෙන් ඇප ගන්න බැරිවෙලා ඉන්නකොට, ලංකාවෙ ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක් අල්ල ගන්න කියල තොරතුරක් ලැබුණලු. මිනිහා ගියාලු අර ලෝයර් ගාවට, පස්සෙ ලෝයර් ලක්ෂ ගාණක් අරගෙන කිව්වලු ලබන සතියෙ නඩුව ගන්නම්, අනිවාර්යෙන් ඇප අරන් දෙන්නම්. හැබැයි තව කෙනෙක්ගෙ නමක් කියල එයාගෙ ගෙදරට ගිහින් ලක්ෂ දෙකක් දීල මේ ලෝයර්ගෙ නමයි, නඩු අංකෙයි කියන්න කිව්වලු. මගෙ යාළුවා හිතුවෙ මෙයා සීනියර් ලෝයර් කෙනෙක් වෙන්න ඇති කියලලු. පස්සෙ නඩුව දවසලු දැක්කෙ, ඒ ලක්ෂ දෙක දීල තියෙන්නෙ නඩුවෙ ජජ්ට කියල.

    ReplyDelete
  3. උසාවිය නිශ්ශබ්ද වුනාට මේ වැනි වාරණයන්ට එරහිව නිශ්ශබ්ද විය යුතු නොවේ.

    ReplyDelete
  4. කළාව උදෙසා කිසිදු සීමාවක් නොතිබිය යුතුයි කියලා මා පුද්ගලිකව හිතනවා ,,,නමුත් අද වෙනකොට කලාව යනු වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා ඉවරයි ,,,කළා නිර්මාණ නොමැති තරම් ,,වෙළඳ පොළ ඉලක්ක කරලා කරන මොනා හරි මල ඉලව්වක් කළා නිර්මාණ කියලා වැළඳ ගන්න අපි පුරුදු වෙලා ඉන්නවා ,,මේ චිත්‍රපටිය කලත් නොකලත් අධිකරණය සහ සමස්ත නීති පද්ධතියම කොච්චර දුෂිතද කියලා මිනිස්සු දන්නවා ...ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු දන්නවා නමුත් නොදන්නවා වගේ ඉන්නවා ,,නැත්තම් ඒක සාමාන්‍ය තත්වයක් කියලා පිලි අරන් තියෙනවා ,,,මේ චිත්‍රපටිය පෙන්නුවා කියලා මිනිස්සු පාරට ගේන්න බෑ ...මම කියන්නේ කළා නිර්මාණ වලින් මිනිස්සුන්ව දේශපාලනිකව නිර්මාණය කරන්න බෑ තව දුරටත්

    ReplyDelete

Post a Comment