Sunday, March 26, 2017

ජාතියේ පංචායුදය හා පංචායුදයේ ජාතිය

 
මොවුන් කථා කරන්නේ ජාතියේ ගැලවුම් කරුවන් ලෙසය. පංචායුද ලෙසය. ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට , හිරේ විලංගුවේ වැටෙන්නට ඔව්හු ඕනෑම මොහොතක සූදානම්ය. මොවුන් තමන්ව සම කරගන්නේ කැප්පෙටිපොලට ,පුරන් අප්පුට , හියුගෝ චාවෙස් ට, චේ ගුවේරා ට හා සයිමන් බොලිවාර් ටය.

එහෙත් අඳෝමැයි...

මුන්ගේ ක්‍රියා කලාපය....

ජාතිය සතු සම්පත් තම  සුඛ විහරණයට හා ඥාති සංග්‍රහයට යොදා ගනිති.ඉනික්බිති...
 
එම සොරකම් ගැන ප්‍රශ්න කරන්නට, සිර මැදිරියක දැමූ විට මහ හඬින් විලාප දෙති. සො‍ටු කඳුලු පෙරති.
කුපාඩි කමේ අන්තයට යමින් තම කුඩා දරුවන් පවා අපයෝජනය කරමින් සිරෙන් එලියට එන්නට මාන බලති.

වර්තමානයේ යහපාලන ආණ්ඩුව හා විමල් වීරවංශ රඟ දක්වන්නා වූ රංගනය තුල ඇති තුච්ච හා පිලිකුල් සහගතම දෙය නම් වීරවංශට හිරෙන් එලියට එන්නට ඔහුගේ දියණිය භාවිතා කරන පිළිකුල් සහගත ආකාරයයි.

මේ කුජීත දේශපාලුවන් ඇයගේ චරිතය ඝාතනය කරති. ඇය මානසික රෝගියෙක් යැයි ද එනිසා වීරවංශට සිරෙන් එලියට එන්නට දිය යුතු යැයිද කියති. කුමන නම් කුපාඩි කමක් ද?
\
මෙරට්‍ටු දරුවන්ගේ කරේ පංචායුදයක් එල්ලන්නේ ඔවුන්ගේ ආරක්ෂාවටය. එහෙත් මේ තක්කඩි දේශපාලුවා මහජන ධනය සොරා කා දඬුවමින් බේරෙන්නට තම දියණියගේ කරේ එල්ලෙයි.

තමන් ජාතියේ පංචායුදය යැයි කියා ගන්නේ මෙබඳු බිය සුල්ලන්ය.

සටහන- වීරවංශ සිද්ධිය දේශපාලන පලි ගැනීමක් යැයි ඔව්හු කියති. එය එසේ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට අපි නොපැකිලෙමු. එහෙත් මෙම පුද්ගලයා ඇමති කම් කළ අයුරු අපි දනිමු.ඉතා හොඳින් දනිමු.  මොහු ජාතික ධනය රිසි සේ ගසා කෑ බවත් දනිමු. නමුත් සමහර සොරුන් රිමාන්ඩ් සිර ගෙදරින් එලියට එන්නේත් වීරවංශ දිගටම සිරේ සිටින්නේත් දේශපාලන හේතු නිසා යැයි  ඔව්හු කියති. එසේ නම් කල යුත්තේ සිරේ සිටින සොරුන් එලියට දැමීම නොව , එලියේ සිටින සොරුන් ඇතුලට දැමීම බව ද අපි කියමු. 

6 comments:

  1. ඌත් උඹ වගේම අඩු කුලේ එකෙක් අමාවකයෝ ; උඹට වගේම ඌටත් කුල ඇරියස්

    ReplyDelete
    Replies
    1. Wena onama rataka minissu thamange agamata ,jathiyata adarei......Thope hujja amawaka....Hoda minussunta banala,rata wikunala modayanta....yudde karala beragaththa rata winasa kala ,ewata ulpandam allana thopita hena hatha gahanawa....Dan car ekak thiya hal kiyowak ganna be yako....Mama egena gaththa ekek ,Ratatawa chemistry uganapu ekek,Mage biridu ratata wada kala engineruwek.....eya asneepa una....kauda balanne......Apita ranil,mithree balawada..mekai me rate thathwe.....moda ralak thopi....mudalata giju novi....atha balala rata wadak athi mahindala,wimalla wage aya bera ganilla..nathnam heta aniddha.....monawa weida....

      Delete
  2. කළාමැදිරියට දැන් උප්පැන්නේ දාන්න වෙනවා වාසගම බලාගන්ඩ... කුලේ අඩු නම් බ්ලොග් ලියන්ඩත් බෑ කියයි සමහර විට..

    ReplyDelete
  3. කවුද අයිසේ කැමැත්තෙන් හිරේ ඉන්නේ......ඒමොට්ට ජෙප්පෝවගේ එවුන්නම් හිරේ ඉන්න කැමති ඇත් පින් බත් කකා....
    විම්ල් අහන්නෙත් අනෙක් අයව හිරේ දන්නැතිව මාව විතරක් දාන්නේ ඇයි කියලනේ....ඒක නේ ඒක දේසපාලන දඩයමක් වෙන්නේ

    ReplyDelete
  4. කරන කලට පව් මිහිරිය මී සේ.

    ReplyDelete