කුණු කන්ද ලඟ අනවසර ගෙවල් අටවාගත්තේ යැයි මිනිසුන්ට චෝදනා කරන දේශපාලුවන්ට හා උන්ගේ සට්ටැඹියන්ට මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න මහතා ගෙන් පිළිතුරු'"මේ කුණු කන්දට යටවෙලා තියෙන්නේ පොතුවිල කුඹුර. මීතොටමුල්ල පොතුවිල කුඹුරට මායිම් වෙලා තමයි මගේ බිරියගේ ගෙදර තිබුණේ. එයාගේ තාත්තා රැකියාවට කළේ කිරි හරක් පට්ටියක් ඇති කරපු එක.
පොතුවිල කුඹුරින් එපිට තියන තෙත් බිමේ වැවෙන තණකොළ කපාගෙන ඇවිත් තමයි හරක් පට්ටිය නඩත්තු කළේ. ඒ ඉඩම් එයාලගේ පාරම්පරික ඉඩම්.
මම පොතුවිල කුඹුරට මායිම් වෙච්චි පර්චස් 13ක ඉඩම් කෑල්ලක් 1980දී සින්නක්කර ඔප්පු පිට ගත්තා. මං ගේ හදා ගත්තේ ඒ ඉඩමේ. අපි ගෙවල් හදාගත්තේ කුණු කන්දක් ගාව නෙවෙයි මහත්තයෝ. පිරිසිදු වතුර තිබුණු ලස්සන වෙල්යායක් අද්දර.
පොතුවිල කුඹුරට මුලින්ම කුණු දාන්න ගත්තේ වීරසිංහ මල්ලිමාරච්චිගේ කාලේ. කොළොන්නාව නගර සභාවේ කුණු ටික තමයි මෙතෙන්ට ගෙනත් දාන්න ගත්තේ. ඔය අතරේ 2006 වෙනකොට බ්ලූමෙන්ඩල් කුණු කන්ද කඩාගෙන වැටුණා. මේ නිසා කොළඹ කුණු දැමීම ගැන ගැටලුවක් ආවා. ඒ කාලේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා. ඔහු 216/2009 කියන නඩුව පදනම් කරගෙන නියෝගයක් දුන්නා මෙතැන අක්කර 2ක් වෙන් කරගෙන තාවකාලිකව කොළඹ කුණු දාන්න. මේ කුණු ඉක්මනින් වෙන තැනකට අරගෙන යා යුතු බවටත් කවුරු හරි විරෝධතාවක් ඇති කළොත් ඒ විරෝධතා දැක්වූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් ඒ නියෝගයේ සඳහන් වුණා. ඒත් අක්කර දෙකේ අධිකරණ නියෝගය කඩ වුණා. අක්කර විස්සක් දක්වා කුණු දැම්මා. දවසකට කසල ටොන් හතරක් විතර මීතොටමුල්ලට එන්න ගත්තා. ඔය අතරේ 2011 කුණු කන්ද සීමාව අයිනේ තිබුණු ගෙවල් 180ක් විතර කුණු කන්දේ බරට උඩ ගියා. ඒ ඛේදවාචකයත් එක්ක අපි මීතොටමුල්ල කුණු කන්ද විරෝධී සංවිධානය බිහි කරගත්තා.
අපි මුල්ම උද්ඝෝෂණයක් කළේ වර්ෂ 2012දි. සමහර අවුරුදුවල උද්ඝෝෂණ දෙකක් කළා. මේ ව්‍යසනයට එරෙහිව අපි උද්ඝෝෂණ 15ක් ජාතික අවධානය ගන්න මට්ටමට අරගෙන ගියා. වර්ෂ 2013දී අපි සංවිධානයක් වශයෙන් එකතු වෙලා දවස් හතරක් මෙතෙන්ට කුණු දාන එක නතර කරමින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා. පොලිසිය 98 වගන්තිය මහජනතාවට පීඩා කිරීමේ චෝදනාව මත අපට විරුද්ධව නඩු දැම්මා. නුවන් බෝපගේ, හේමපාල, කවිධජ හාමුදුරුවෝ සහ මට නඩු දැම්මා. අපි අධිකරණයේදී නඩුකාර හාමුදුරුවන්ට කිව්වා මේ කුණු කන්ද කඩාගෙන වැටිලා ජීවිත වැළලිලා යයි ඒකයි අපි මේ ගැන කතා කරන්නෙ කියලා.....................................................
අපි අරගල කළේ මෙහෙම රටක. මෙහෙම මිනිස්සුන්ගෙන් තමයි අපි ජීවත් වෙන්න අයිතිය ඉල්ලුවේ. අපි කළ අරගලයේ මානුෂික ඇත්ත මුන් එකෙකුටවත් දැනුණේ නෑ. අන්තිමට මේ කුණු කන්දට වැළලිලා මගේ නෝනයි, දුවයි, මිනිබිරියයි, බෑනයි මැරිලා ගියා. දුවගේ මිනිය මේ කතාකරන මොහොතෙත් ලැබිලා නෑ. මං මේ රටේ උන්ගෙන් අහන්නේ මෙච්චරයි. දැන් උඹලා අපිට මොනවද කියන්නේ"
මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා -- මව්බිම පුවත්පත
රටේ කසළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත් වුණේ පරිසර සංවිධාන හා ආණ්ඩුවට එරෙහි දේශපාලන බලවේගවල උසි ගැන්වීම් නිසා නිසා යැයි මේ අතර තම නැණ පමණ විදහා ලන ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කරයි.