Thursday, April 13, 2017

කිං කරිස්සන්ති තාරකා

 

බඩුමිල , නියඟ, ගංවතුර, මානව හිමිකම්, මහබැංකු බැඳුම්කර, වාහන අවභාවිත දූෂණ, වංචා , මිනී මැරුම් ඇතුලු සියලු ප්‍රශ්න යට  යවා  නවතම විදියේ ප්‍රශ්නයක් සභාගත කරන්නට , පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මුලු  ගැන්වී සිටි  යන්ත්‍ර,මන්ත්‍ර ,ජෝතිෂ්‍ය, නක්ෂස්ත්‍ර හොර නඩය සමත් වී සිටී. එනම් වඩා හරි අවුරුදු නැකත කුමක්ද යන්නයි.

ආදිකල්පික ගර්හිත විද්‍යාවකට මෙතරම් තැනක් දෙනක් රටක් ලොවෙහි ඇත්නම් ඒ ශ්‍රි ලංකාවම පමණක් විය යුතුය.( සමහර විට ඉන්දියාවත්).

ඊනියා සිංහල දෙමල අලුත් අවුරුද්ද තනිකරම පදනම් වී ඇත්තේ බොරුව හා මිත්‍යාව මතය. සූර්යා මීන රාශියෙන් මේශ රාශියට ගමන් කරනවා යැයි කියන කරුණ පදනම් කරගෙන පවත්වන  මෙම උළෙල , එයින්ම අවලංගු  කාසියක් බවට පත්වේ.

සමහර විටෙක පුරාණයේ අස්වැනු නෙලීමේ මංගල්ලයක් ලෙස ඇරඹෙන්නට ඇතයි සිතිය හැකි  සිංහල/දෙමල අලුත් අවුරුද්ද පසු කාලිනව හින්දු ආගමේ බලපෑම සමග එහි වර්තමාන ස්වභාවයට  එන්නට ඇත. සලකා බැලිය යුතු කරුණක් වන්නේ මෙම උත්සවය බුද්ධාගමේ බලපෑමට නතු නොවී හින්දු බලපෑමට ලක් වූයේ කෙසේද යන්නයි.

එහි ඇති සියලු අඩු පාඩු තිබියදීත් , එහි ඇති පරාජිතවාදය, ශුන්‍යතාව හා කර්මය බඳු දුර්ගුණ සමග වුව බුද්ධාගම නැකත් ශාස්ත්‍රය බඳු ගර්හිත විද්‍යාවන් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිමුන්ට , බටහිර බලවේග වලට හා වඳ සැත්කම් නිසා සිංහලයා හා බුද්ධාගම වැනසෙනවා යැයි කියන ඊනියා සිංහල බෞද්ධයින් කිසිවෙක් ඔවුන් සෑම වසරකම අප්‍රේල් මාසයේ නටන මෙම  නාඩගම දෙස ඔවුන්ගේම වන බෞද්ධ ඈසකින් බලන්නේ නැත.

බුද්ධාගම සතුව ඇති අපුරු ලියවිල්ලක් වන, සමහර විට මේ වර්ගයේ එකම ලියවිල්ල වන ධම්මපදයවත් මේ නැකත් පසුපස දුවන  ඊනියා බෞද්ධ මහෝපාසකයින් කියවන්නේ නම් අපූරුය.

"නක්ඛකතං පතිමානෙන්තං
 අතෙථා බාලං උපචචගා
 අත්ථො අත්ථස්‍ය නක්ඛත්තං
 කිං කරිස්සන්ති තාරකා” 


නැකැත් බලමින් තමාගේ කටයුතු පමාකරන හෝ ඉක්මන් කරන තැනැත්තා තමාගේ බලාපොරොත්තු විනාශ කරගන්නේය. තමා අපේක්ෂා කරන දෙයම නැකත වේ. අහසේ තරු වලින් ඇති ඵලය කිම?

5 comments:

  1. තාරකා කිසි දෙයක් කීවේ නැත
    නිහඞව දිලිසුනා පමණි
    අනාගතය ගැන කීමට
    තාරකාවට වර්තමානයක් තිබුනේ නැත
    එය විනාශවී බොහෝ කල් ගතවී තිබුනද
    අප දුටුවේ විශ්වය හරහා එන
    එහි ආලෝක ධාරව පමණි
    ශුන්‍ය වූ ස්කන්ධයක
    අතීත පිහිටීම සලකා
    අනාගතය ගැන කියන
    පේන විශ්වාස කරන
    බයින් හැකිලී
    ආත්ම ශක්තිය මොට කරගන්නා මිනිසා
    මරු සිටින දිශාව දෙස නොබලා ,
    රාහු කාලය නිසා
    අත පය බැඳ
    හිස් නුබ කුස් දෙස බලා සිටියි.

    ReplyDelete
  2. කේන්දර බැලීම ‍රැකියාවක් කරගත් හාමුදුරුවරු ඉන්න රටක් මේක.

    ReplyDelete
  3. ලංකාවේ කට්ටඬි දැන් ඕස්ට්‍රේලියාවේත් බිස්නස් අරඹලා.

    ReplyDelete
  4. එහි ඇති සියලු අඩු පාඩු තිබියදීත් , එහි ඇති පරාජිතවාදය, ශුන්‍යතාව හා කර්මය බඳු දුර්ගුණ සමග වුව..... obe me adhahasa pehedhili karanna puluwandha tikak? mokakdha karmaya ha shunya thawa kiyala kiyanne budhu dhahama thula?

    ReplyDelete