Friday, June 23, 2017

සයිටම් අහෝසි කරනු- අවසන් සටන ඇරඹේ....









       නෙවිල් ප්‍රනාන්දු තක්කඩියාගේ කාසි මල්ලට යට වූ ජඩ යහපාලන ආණ්ඩුව විසින් සිය පොලිස් කුලී බැලයින් ලවා සයිටම් විරෝධී උද්ඝෝෂණයේ යෙදී සිටි සිසුන්ට එල්ල කල අමානුෂික ප්‍රහාරයත්  සමග සයිටම් විරෝධී අරගලය තීව්‍ර වී ඉදිරියට ඇදෙමින්  තිබේ. මෙම අධම ප්‍රහාරයට එරෙහිව හා සයිටම් ප්‍රශ්නය විසඳීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අද ආරම්භ කළ සංකේත වර්ජනය , විසඳුමක් ලැබෙන තෙක් ඉදිරියටම ගෙන යාම ට තීරණය කර තිබේ. මෙය මාරාන්තික සටනකි. එක්කෝ ජයෙන් නිමා විය යුතුය. නැත්නම් නිදහස් අධ්‍යාපනය ඇතුලු මෙරට ජනතාවගේ සියලු අයිතිවාසිකම් මෛත්‍රී-රනිල්- රාජිත -කිරිඇල්ල නඩයේ පාමුල තබා පරාජය බාර ගත යුතුය.

එකක් පැහැදිලිය.  GMOA එකට හෝ ශිෂ්‍යයින්ට පමණක් මෙම සටන ජය ගැනීම අසීරු වෙනු ඇත. එම නිසා සියලු ප්‍රගතිශීලි බලවේග මේ අවස්ථාවේ ඔවුන් වටා එක් වී රාජිත නඩයේ අමන කම් වලට මුහුණ දීමට ඔවුන්ට ශක්තිය ලබා දිය යුතුය. එසේම  පීඩනය නිසා හෝ වෙනත් හේතුන් නිසා මෙම සටනින් පසු බසින්නට තැත් කලොත් එයට ඉඩ නොදී ඔවුන් සටනේ රඳවා තබා ගත යුතුය. 

මේ සඳහා සියලු වෘත්තිය සමිති එක්ව මහා වැඩ වර්ජනයක් වහාම කැඳවා සයිටම් අහෝසි කරන ලෙසත් , නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සුරකින ලෙසත් ඊනියා යහපාලක රජයට බල කල යුතුය. තම තමන්ගේ පෞද්ගලික හා දේශපාලනික වෙනස් කම් පසෙක තබා සියලු ප්‍රගති ශීලි බලවේග මෙම තක්කඩි රජයට එරෙහිව පෙල ගැසිය යුතුය.

දැනටමත් ආණ්ඩුවේ මැර හා කුලී බලවේග අරගලයට එරෙහිව සටනට බැස ඇත. දැනටමත්  රජයේ කුලී ලියන්නන් වන ගාමිණි වියන්ගොඩ ,අජිත් පැරකුම්, මාතලන් ඇතුලු කුලී ලියන්නන් /බ්ලොග් /ෆේස් බුක් කල්ලිය සිසුන්ට හා වර්ජකයින්ට  එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරමින් ජනතාව උසි ගැන්වීමට උත්සාහ කරමින් සිටී. හෙට මෙය වඩාත් උත්සන්න වනු ඇත. එය අවසානයේ ශාරීරික ප්‍රහාරයන් දක්වා , අත් අඩංගුවට ගැනීම් දක්වා හා අවසානයේ අතුරුදහන් කිරීම් දක්වා ගෙන යනු ඇත. විශේෂයෙන් වර්ජක වෛද්‍යවරුන්ට රාජිතගේ මැරයින්  දරුණු ලෙස පහර දෙනු ඇත. එයට අවශ්‍ය පසුබිම අද දිනම රාජිත සූදානම් කලේ කුපිත වූ  ජනතාව විසින් වෛද්‍යවරුන්ට පහර දෙනු ඇතැයි කියාය. එයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම වහ වහා කල යුතුය. මෙම සටන පොදු මහ ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ දුවා දරුවන් වෙනුවෙන් කරන සටනක් බව තේරුම් කර දිය යුතුය. ඔවුනුත් මෙම සටනට එක් කර ගත යුතුය. නො එසේව හුදකලාව මෙම සටන ජය ගැනීම අසීරු හෝ සමහර විට නොහැකි කටයුත්තකි.'

එම නිසා

1. අරගලය පිලිබඳව පොදු ජනතාව දැනුවත් කල යුතුය.

2. සියලු ප්‍රගතිශීලි බලවේග එක් විය යුතුය.

3. අනෙකුත් සියලු වාමංශික ,ප්‍රගතිශීලි වෲත්තිය සමිතී මහා වැඩ වර්ජනයක් කැඳ විය යුතුය.

සටහන- යහපාලන  නඩයේ රුපියල් බිලියන ගණනක බැඳුම්කර වංචාව ගැන මුක පූට්‍ටු වී සිටි අජිත් පැරකුම්, මාතලන්, වියන්ගොඩ නඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඩුණු වීදුරු ගැන කුඹුල් කඳුලු හෙලීම විස්තර කළ හැක්කේ කෙසේද?                                     ..



13 comments:

  1. මේ මම ලියපු බ්ලොග් ලිපි දෙකක් මේ සම්බන්ධව.
    සයිටම් පිලිබඳ මධස්ථ සිතින්
    මෙතැන් තියෙන්නේ පොදු වැඩ පිළිවෙලක් ගැන
    නිර්මාල් එන්න ෆොන්සේකා සමග මල් නෙලන්න

    මෙන්න මේ දෙක වෙන්න නම් // සියලු ප්‍රගතිශීලි බලවේග එක් විය යුතුය.

    3. අනෙකුත් සියලු වාමංශික ,ප්‍රගතිශීලි වෲත්තිය සමිතී මහා වැඩ වර්ජනයක් කැඳ විය යුතුය.//
    මේ අරගලය පොදු එකක් වෙන්න ඕනේ. ත්‍රිම විතාන මරණ කොට අපට හිතුනේ එහෙම වෙයි කියල ආව සෙනග දැක්කම මළගමට. ඒක එහෙම වුනේ නැහැ. මේ ගුණරත්නම් සහෝදරයාගේ උපක්‍රමය පරණ එකමයි. ඒක ඒ පරණ විධිහටම අවසන් නොවෙයි කියන්න තියෙන සහතිකය මොකක්ද ?

    ReplyDelete
  2. / සියලු ප්‍රගතිශීලි බලවේග එක් විය යුතුය/ මේ දවස් වල නම් එයාල හොඳටම බිසි, වැකේෂන් වලට ළමයි ලංකාවට ඇවිත්.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මාතලන් නමැති මානසික රෝගියා 88/89 කියා තර්ජනය කරන පාටයි.

      Delete
    2. නූගත් , අඥානයෙකි මාතලන්

      Delete
  4. කොල්ලෝ මෙන්ම කෙල්ලන්ද හැඟුම් බරය . එමෙන්ම ඔවුහු බොහෝ දුරට දේශපාලනික වශයෙන් අවංකය .තරුණ කම නිසා ගෝරියටද බරය. ත්රිලට කැමතිය .ආණ්ඩුවට අභියෝග කිරීමෙන් ලැබෙන්නේ පොඩි පහේ ත්‍රිලක් නොවේ . රාජිතගේ අමාත්යංශය අල්ලා ගන්නට සමහර සිසුන් ගියේ ඒ මගින් හොඳ ත්‍රිලක් ලැබෙන නිසාය .තවත් අය ගියේ සයිටමය නිසා නිදහස් අධ්‍යාපනයට කෙලවෙනු ඇතැයි අවංකම සිතු නිසාය . ඇතැමෙකු ගියේ ධනපති ආණ්ඩුවට එරෙහිව සටන් කොට කවදා හෝ සමාජවාදී ආණ්ඩුවක් පිහිටුවා රටට කිරියෙන් පැණියෙන් උතුරවන්නට තිබෙන උවමනාව නිසාය. ගේට්ටු කඩාගෙන සවුඛ්‍ය අමාත්‍යංශයට කඩා පැන එය අල්ලා ගත්තේ එවැනි මානසිකත්වය තිබෙන සරසවි සිසුන්ය .



    එහෙත් පොලීසියෙන් ඔය තරමට නෙලනු ඇතැයි සිසුන්ගේ බහුතරය සිතන්නට නැත . එහෙත් අන්තරයේ බොස්ලාත් අන්තරේ බොස්ලාගේ බොස්ලාත් කොල්ලන්ට හොඳ කෑමක් කන්නට වන බව කලින්ම අනුමාන කරන්නට ඇත . සවුඛ්‍ය අමාත්යංශය යනු ඉඩ කඩ තිබෙන ලොකු ගොඩනැගිල්ලක් නොවේ. එක විදිහකින් හිර ගෙයක් වැනි තැනකි. එයට බලහත්කාරයෙන් රිංගු අයට හොඳ හැටි සබ්බුව දෙන්නට පොලීසියට පුළුවන . ඒ නිසා අන්තරේ බොස්ලගේ බොස්ලාට උවමනා වන්නට ඇත්තේ සිසුන්ට ඔයිටත් එහා කෑමක් කවන්නටය . සයිටම් විරෝධය දිගට ගෙන යා හැක්කේ පොලීසියට කියා කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔලු වැඩි වැඩියෙන් පැලෙව්වොත් පමණි. නැතහොත් කොල්ලන් කෙල්ලන් දෙතුන් දෙනෙකු වෙඩි කා පරලොව ගියහොත්ය . GMOA මහත්තුරුද සයිටම් ප්‍රශ්නය දිග්සීගැමට සුදානමින් සිටියහ . එවැනි බරපතල සිද්ධියක් නොවුනද ශනික නුඩ්ල්ස් තැම්බෙන්නට ගතවන කාලයටත් කලින් පාදෙණිය මහතාගේ සංගමය මහා වැඩවර්ජන තීන්දුවක් ගත්තේ ඒ නිසාය . රාජපක්ෂ වාදී පාදෙණිය මහත්තුරුත් පෙරටුගාමි පක්ෂයත් අත්වැල් බැඳගෙන සයිටම් ප්‍රශ්නය තව තවත් උග්‍ර කිරීමට දැනටමත් සැලසුම් හදා තිබෙන බවට සැකයක් නැත . පොලීසිය විසින් සිසුන්ට පහර දීමට එරෙහිව පන්ති වර්ජනයකටද සිසුන් කැඳවීමට අන්තරය කටයුතු කරනු නිසැකය .




    අන්තරය මෙහෙයවන්නේ කවුද ? සරසවි සිසුන් නොව . වෙනත් දේශපාලන කණ්ඩායමකි. ඒ 88 -89 කැරැල්ලේ නායකයෙකු වූ ගුනරත්නම්ගේ නායකත්වයෙන් හදා ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි .ජනතා විමුක්ති පෙරමුණ ගැන කලකිරුණු කණ්ඩායමක් එකතු කරගත් ගුණරත්නම් මහතාගේ අරමුණ වුයේ ජවිපෙට වඩා ලොකු පක්ෂයක් හදා ගැනීමය . මුලින් සැලකිය යුතු පිරිසක් සිටියද මේ වන විට එම පක්ෂය බෙහෙවින් දුර්වල වී තිබෙන බව ඔවුන්ගේ පසුගිය මැයි දිනය සනාථ කළේය. ඔහුට තිබෙන එකම ශක්තිය අන්තරය පමණි. ඔවුන් තව දුරටත් ඔහුගේ න්‍යාය පත්තරයට අනුව මෙහෙයවා ගත හැක්කේ සයිටම් විරෝධය දිගින් දිගටම ගෙන යාමෙන් සහ සරසවි සිවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමෙන් පමණි . සයිටම් සටන පැරදුනහොත් අන්තරය ඔහුගෙන් ගිලිහී ගොස් තම පරම දේශපාලන සතුරා වූ ජවිපෙ අතටම ආපසු යාමට ඉඩ තිබේ. එමෙන්ම ඔහුගේ පක්ෂය සැබවින්ම ත්‍රීවීලර් පක්ෂයක් බවට පත්වනු ඇත. එබැවින් සයිටම් සටන වනාහි පෙරටුගාමී පක්ෂයට ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයකි . එබැවින් සයිටම් සටන දිනාගැනීම සඳහා ඔහුගේ දේශපාලන පොතේ තිබෙන සියලු සුත්තර ක්‍රියාත්මක කරනු ඇත .


    GMOA මහත්වරුන්ට සයිටමයට පෙන්නන්නට බැරිවී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම දේශපාලනයක් නිසා නොවේ . නිදහස් අධ්‍යාපනය ගැන කැක්කුමක්ද තිබෙන නිසා නොවේ.පාදෙණිය ඇතුළු නායක කාරකාදින්ට නම් මහින්ද උණ ආන්කල්වෙන්නටම හැදී තිබේ. . එහෙත් අවශේෂ දොස්තර මහත්වරුන්ට සයිටම් භීතිකාව ඇති වී තිබෙන්නේ ඔවූන්ගේ සාක්කුවට වදිනු ඇතැයි යන බිය නිසාය. සයිටමය ඉඩ දීම යනු තවත් සයිටම් තුන හතරකට දොර ඇර දීමක් බව ඔවුන් දනිති. එසේ වුවහොත් එම වෛද්‍ය විශ්ව විද්‍යාලවලින් එලියට එන දොස්තරලාට ආණ්ඩුවේ රෝහල්වල රස්සාවල් ලබා ගැනීමට තිබෙන ඉඩ ඉතා අල්ප හෙයින් ඔවුන්ට සිදුවන්නේ පුද්ගලික රෝහල්වල සේවයට යන්නටය .පුද්ගලික රෝහල්ද එයට වඩාත් කැමති වන්නේ දැන් මෙන් නොව දවසේ පැය 24 ම සේවය කිරීමට වෛද්‍යවරුන් පිරිසක් ඔවුන්ට ලැබෙන නිසාය . එපමණක් නොවේ. පුද්ගලික වෛද්‍ය උපාධිය ලබා පැමිණෙන දොස්තර මහත්වරු සහ නෝනලා උදේට හැන්දෑවට සහ රාත්‍රියට නගරවල පමණක් නොව ගම්වලද බෙහෙත් සාප්පු දමා ගනු ඇත. එසේ සිදුවුවහොත් තමන්ගේ පොකැට්ටුවට එළඹෙන්නේ මහත් අනතුරකි .එබැවින් සයිටම් යනු ආණ්ඩුවේ දොස්තර මහත්වරුන්ට මහත් විපත්තියකි මාස ගණනක් හෝ වර්ජනය කොට එම විපත්තිය වලක්වා ගැනීමට ඔවුන් එක හෙලා සුදානම් වනු ඇත .

    ReplyDelete
  5. අන්තරයට යටවී සයිටමය අකුලා ගැනීමෙන් ශිෂ්‍ය විරෝධතා අවසන් නොවන බව ආණ්ඩුව දනී .සයිටමය හකුලා ගතහොත් ජයග්‍රහණය සිසුන්ට හිමිවීම නිසා ශිෂ්‍ය ව්‍යාපාරය තව තවත් ශක්තිමත් වන අතර තව තවත් ඉල්ලීම් රැගෙන පාරට බසින වඩාත් හයි හත්තිය තිබෙන ශිෂ්‍ය ව්‍යාපාරයක් බිහිවී පාසල් පද්ධතියද තුලටද රිංගන බව ආණ්ඩුව දන්නේය . එසේ වුවහොත් පාසල් පවත්වාගෙන යාමට නොහැකි පරිසරයක් නිර්මාණය වීමට තිබෙන ඉඩකඩ බොහෝය. අනෙත් අතින් පාදෙනියලා වඩාත් ශක්තිමත් වී රාජපක්ෂලා සමග කල්ලි ගැහී ආණ්ඩුවේ බෙල්ල මිරිකීමටද ඉඩ තිබේ.


    එබැවින් සයිටම් ගෝරිය සෙල්ලමක් නොවේ. ජීවිතයත් මරණයත් අතර සටනකි. බෙල්ල ගහලා යන උගුලකි . සයිටම් ගෝරියෙන් ආණ්ඩුව පැරදුනහොත් ආණ්ඩුවේ බෙල්ල යන්නේය. ආණ්ඩුව දිනුවොත් අන්තරේ බෙල්ල යන්නේය .අන්තරේ බෙල්ල ගියහොත් පෙරටුගාමින්ගේ බෙල්ල යාම අනිවාර්ය බව අමුතුවෙන් කියන්නට උවමනා නැත . ගෝරිය පැරදුනහොත් දොස්තර මහත්තුරුන්ගේ නෝනලාගේ සාක්කුවට, පර්ස් එකට තට්ටුවන්නේය. සටන දිනුවොත් දොස්තර මහත්තුරුන්ගේ හොද්ද හොඳටම බොරවන්නේය .

    ReplyDelete
  6. වෛද්‍යවරුන්ගෙන් සියයට පහක් වර්ජනය කරල
    ඔවුන් මහා ලොකු වර්ජනයක් රටට මවා පානවා.
    සියයට පහක සුළුතරයක් හරි තැනට ගැහුවාම
    බහුතරයක් මැවී පෙනෙනවා.
    බාහිර රෝගී අංශයට ගහලා
    රජයත් ජනතාවත් බය කරන
    වෛද්‍ය වර්ජනය එවැන්නක්.
    ඒ වර්ජනය මායාවක්.

    බහුතර ශක්තිය මවා පෙන්වන්න පුලුවන්.

    සමස්ත සයිටම් විරෝධයම එවැනි මවා පෙන්වීමක්.
    අනුන්ගෙ තැනකට කඩා වැදිලා ගුටි කාල
    අන්තරේ සමාජයට පෙන්වන්න හදන්නෙ
    රජය ජනතාවට පහර දෙනවා කියලයි.
    ඒත් තමන්ගෙ වත්තට හරකෙක් බල්ලෙක් ආවොත්
    ගලක් හරි අතට ගන්න පොදු ජනතාවට
    ඒ පහර දීමෙ වරදක් පෙනෙන්නෙ නෑ.
    ඒ පහරදීම වැරදියි කියන්නෙ
    සයිටම් විරෝධයක් හෝ රජයට විරෝධයක්
    හිතවල පැහැවන පිරිස විතරයි.
    ඔවුන්ගෙ වත්තට හරකෙක් ආවොත්
    ඔවුන් හරකා ගැන ගන්නෙත් ඒ තීරණයමයි.

    අපි අද මේ විනාශයට පත් වෙලා තියෙන්නෙ
    බහුතරය ගත් වැරදි තීරණ නිසා නොවෙයිද?
    අපි සෙවිය යුත්තෙ නිවැරදි දේයි.

    සයිටම් 100%ක් නිවැරදි නැති බව ඇත්ත.
    ඒ තියන වැරදි අඩුපාඩු අඩුවෙන් හෝ වැඩියෙන්
    රජයේ වෛද්‍ය විද්‍යා පීඨවලත් තියනවා.
    ප්‍රමිතිය හදනවා නම් හැම පීඨයකම
    ප්‍රමිතිය නිර්ණායක මත හදන්න ඕන.
    මම ඉන්නෙ ඒ ස්ථාවරයෙ.

    මුදල අපි කතා කළ යුතු දෙයක් නොවෙයි.
    රටේ සමස්ත ජනතාවගේ මුදලින්
    නොමිලේ ඉගෙනගත්ත වෛද්‍ය පාදෙණිය
    රු 1800ට ඔහුගෙ සේවය විකිණීමත් අසාධාරණයි.
    ඒ සඳහා තවත් හේතු දක්වන්න පුලුවන්.
    ඒ සේවය මිලට ගන්න අය ඉන්න නිසා
    ඔහු ඒ සේවය විකුණනවා.
    මට ඒ මුදල නැති වීම මගෙ ප්‍රශ්නයක්.
    වෛද්‍ය අධ්‍යාපනය වගේම
    වෛද්‍ය ප්‍රතිකාරත් මුදලට විකිණීම වැරදියි.
    රටේ සමස්ත ජනතාවගේ මුදලින්
    නොමිලේ ඉගෙනගත්ත වෛද්‍යවරුන්ම
    වෛද්‍ය ප්‍රතිකාර මුදලට විකිණීම වැරදියි.
    ඒත් සමාජය ඒ පිළිබඳව සම්මතයක ඉන්නවා.
    වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳවත්
    අපි සම්මතයකට පැමිණිය යුතුයි.

    සමාජයේ කවර හෝ පන්තියක්
    ඔවුන්ගේ ආර්ථික මට්ටම මත කොන් කිරීම වැරදියි.

    බහුතරය නිර්ධන වූ පමණින්
    ඔවුන්ගේ බහුතර බලය භාවිතා කරල
    ධනපති සුළුතරයෙ අධ්‍යාපන අයිතිය
    පැහැර ගත යුතු නෑ.

    අන්තරේ සිසුන් සමග
    සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුණ වෛද්‍ය සිසුන්
    සුළුතරයෙන් ගුටි කෑවෙ ඇයි?
    ඒ ගුටි කෑම බහුතරය ඉවසන්නෙ ඇයි.?

    මිනිස්සු නූගත් වෙන්න පුලුවන්.
    ඒත් මිනිස්සු මැට්ටෝ නෙමෙයි.
    ප්‍රඥාව පිටින් ගන්න බෑ.

    බහුතරය නිර්ධන වූ පමණින්
    ධනපති සුළුතරයෙ අධ්‍යාපන අයිතිය
    ඔවුන්ගේ බහුතර බලය භාවිතා කරල
    පැහැර ගැනීම වැරදි බව
    බහුතරය ඉවෙන් මෙන් දන්නවා.
    ඒ ඉව ඔවුන් අත්දැකීමෙන් ලද ප්‍රඥාව.

    තුන් වේලම බඩගින්නෙ ඉන්න මිනිහට
    වේල, දෙවේල කන මිනිහා ධනපතියෙක්.
    බහුතරය තුන් වේලම බඩගින්නෙ හිටියත්
    වේල, දෙවේල කන අයගෙ අයිතිය පැහැර ගන්න හෝ
    ඔවුන්ට බල කරන්න අයිතියක් නෑ.
    ඉල්ලන්න පුලුවන්. හිඟා කන්න පුලුවන්.
    බලපෑම් කරන්න අයිතියක් නෑ.
    හිඟා කෑම සාධාරණයි.

    මේ සත්‍යය
    හැම කෙනෙක්ම පිළිගන්නවා.
    "තමන්ට සාපේක්ෂව"
    හැම කෙනෙක්ම පිළිගන්නවා.

    දෙවේල කන කෙනා එක වේල කන කෙනාට නැති
    තමන්ට ඇති දෙවේල කන අයිතිය පිළිගන්නවා.
    තුන් වේල කන මිනිහා වැරදියි කියා හිතනවා.
    සයිටම් ප්‍රශ්නෙදිත් තියෙන්නෙ මේ ගැටලුවමයි.

    බහුතරය කුමක් වුවත්
    සුළුතරයත් පැවතිය යුතුයි.
    එකක් අනික ඉක්මවා නොයා යුතුයි.

    මේ දෙක
    ජලයයි ගින්නයි පවතින විදියට
    එකක් අනිකට බාධාවක් නොවී ඉන්න අවශ්‍යයි.
    ගින්න ජලය වාශ්ප කරන්න හැදුවොත්
    ජලය ගින්න නිවන්න උත්සාහ කරනවා.
    බහුතරය දිනාවි.
    ඒත් මිනිස් සමාජයකට ආදේශ කළාම
    ඒ විනාශය අසාධාරණයි.

    වාදයක් විදියට සාධාරණ වගේ පෙනුණත්
    ප්‍රායෝගිකව අස්වාභාවික, පටු චින්තනයක් වූ සමාජවාදය
    හඳුනාගත්තට පස්සෙ ලෝකෙන් අතුගෑවිලාම ගියේ
    මේ සත්‍යය නිසා තමයි.

    බහුතරයත් සුළුතරයත් අතර
    සම්මුතියක් අවශ්‍යයි.
    බහුතරය විසින් සුළුතරය රැකිය යුතුයි.
    වඩා බලවත් සුළුතරය නම්
    ඔවුන් දුබල බහුතරය රැකිය යුතුයි.
    සැබෑ සමාජවාදය විය යුත්තේ එයයි.

    මුදල් ඇති හෝ නැති පමණින් මිනිසුන් බෙදීම
    උස අනුව පාට අනුව බෙදුවා වගේම අසාධාරණයි.

    වැරදි ආකාරයට බහුතරය හෝ සුළුතරය
    අනෙක ඉක්මවා ගියාම
    සමස්ත සමාජයම විනාශ වෙනවා.

    අද සිදු වෙලා තියෙන්නෙ ඒ විනාශයයි.

    ReplyDelete
  7. ඊටත් අමතරව, සායනික සහ වෝහාරික අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ ඇති ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් රජයේ රෝහල් කිහිපයක් තුළ නියමිත කාලයක් තිස්සේ ලබන පුහුණුවක් යෝජනා කොට තිබේ. මීට කලින් ද, මෙවැනිම රජයේ රෝහල් මාර්ගයෙන් මේ ශිෂ්‍යයන්ට අවශ්‍ය කරන සායනික සහ වෝහාරික අධ්‍යාපනික පුහුණුව ලබා දිය යුතු බවට අධිකරණය මගින් නියෝග කොට තිබුණි. එහෙත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරෝධය පෑ නිසා එදා එය සාර්ථක නොවීය.

    අවසාන වශයෙන්, සයිටම් ආයතනයෙන් එම්.බී.බී.එස්. උපාධිය ලබා පිටවන සෑම ශිෂ්‍යයෙකුම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එක්ව පවත්වන තවත් විශේෂ විභාගයකින් සමත් විය යුතු බවටත් යෝජනා වී තිබේ. යම් හෙයකින් බොහෝ දෙනා කියන පරිදි, සයිටම් යනු හුදෙක් “උපාධි කඩයක්“ නම්, ඒ කඩය විකුණන භාණ්ඩයේ ප්‍රමිතිය මේ කියන විභාගයෙන් පිරික්සා බැලිය හැකි වනු ඇත. භාණ්ඩය ප්‍රමිතියෙන් බාල නම් නොවැරදීම අදාළ පරීක්ෂණයෙන් එය අසමත් වනු ඇත.

    ඉතිං දැන් ඇති ප්‍රශ්නය කුමක්ද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලූ සයිටම් විරෝධී සියලූ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන චෝදනාවන්ට පිළිතුරු මේ කියන යෝජනා මාලාව තුළ, කාටත් පිළිගත හැකි මට්ටමකින් ඉදිරිපත්ව තිබේ. එහෙත් තවමත් ප්‍රශ්නය විසඳී නැතැයි කෙනෙකු කියන්නේ නම්, එහි අදහස වන්නේ, ඉල්ලා සිටින “මස් රාත්තලම“ නොලැබීම පිළිබඳ ආඩාපාලියක් පමණක් ඉතිරිව ඇති බවයි.

    සමහර ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට පුලූවන් කමක් නැත. හේතුව, ප්‍රශ්නය ඉදිරිපත් කරන්නාට වැදගත් වන්නේ ප්‍රශ්නයම මිස පිළිතුරක් නොවන බැවිනි. ඔහු යැපෙන්නේ ප්‍රශ්නයෙනි. “තුවාලයට ආදරය කරන්නේ හිඟන්නන් ය. වෛද්‍යවරුන් කළ යුත්තේ තුවාලය සුව කිරීමට පේ වීමයි.“

    තත්වය එසේ තිබියදී ඊයේත් (17) විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කොළඹ පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්වූහ. තමන් අධිකරණය නොතකන බව කියාපාමින් එක් ශිෂ්‍ය භික්ෂුවක් අධිකරණ නියෝගය බිම දමා පෑගුවේය.

    විරෝධතාකරුවන්ගේ සැබෑ දේශපාලනික අභිප්‍රායන් ගැන දැන් අපි ඕනෑවටත් වඩා දනිමු. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඊනියා ‘වීරත්වයක්‘ තමන් වෙත පැවරෙන ඕනෑම ක්‍රියාවක ස්වේච්ඡාවෙන් නිරත වනු ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති මොන ආකාරයකින් හෝ රාජපක්ෂ පාලනය යළි ස්ථාපනය සඳහා පාදක විය හැකි ඕනෑම විරෝධයකට සහාය වනු ඇත. ඒ සියල්ල අස්සේ රටේ සාමාන්‍ය ජනතාව සිටින්නේ මේ ප්‍රශ්නයෙන් හොඳටම බැටකමිනි.

    එම තත්වය තුළ ආණ්ඩුව කරන්නේ කුමක්ද? වෛද්‍ය සංගමයේ වංචනික කුහකත්වය ගැන සහ ශිෂ්‍යන්ගේ බොළඳ ආවේගශීලීත්වය ගැන ආණ්ඩුවක් මීට වඩා තත්පර විය යුතුය. බරසාර විය යුතුය. පසුගිය දවසක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත්, රූපවාහිනී සාකච්ඡාවකදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමාගේ අපොස උසස් පෙළ ප්‍රතිඵල තමාට දැන් මතක නැතැයි කීවේය. (මා අපොස උසස් පෙළ කෙළේ 1972 වසරේ දී ය. අවුරුදු 45 කට පසුව අදත් මගේ ප්‍රතිඵල ඉතා හොඳින් මගේ මතකයේ තිබේ). මෙම පිළිතුර, වෛද්‍යවරුන්ගේ සමස්ත චර්යාව පසුපස ඇති නග්න වංචනිකත්වයේ අගනා සංකේතයකි. ජනාධිපතිවරයා සමග පසුගිය දවසක සයිටම් ප්‍රශ්නයට අදාළ පාර්ශ්වකරුවන් පැවැත්වූ සාකච්ඡාවකදී, ලෝකයේ වෙනත් රටවල් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පෞද්ගලික ආයෝජන යොදා ගන්නවා නොවේ දැ යි ජනාධිපතිවරයා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයාගෙන් ඇසූ ප්‍රශ්නයකට ශිෂ්‍යයාගේ පිළිතුර වුණේ, එවැනි රටවල්වල ශිෂ්‍ය ව්‍යාපාරත් දැනුවත් කිරීමට තමන් දැන් කටයුතු කරමින් සිටින බවයි. පෙනේද විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයෙකුගේ බුද්ධි මහිමයක මහත..!

    අද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව හැසිරෙන්නේ, ආණ්ඩුවක් නැති රටක බඩපිණුම් ගසන්නා සේ ය. එම තත්වය පාලනය කර ගැනීම සඳහා, යෝජනා ඉදිරිපත් කිරීමෙන් එහා යන, කිසියම් සංයුක්ත ක්‍රියාවලියක් ගැන ආණ්ඩුව සිතන බවක් පෙනෙන්ට නැත. වෛද්‍යවරුන්, වෙනත් සියලූ වෘත්තිකයන්ගෙන් වෙනස්, වරප්‍රසාදිත සමාජ කුලකයක් සේ හැසිරීමට පාදක කර ගන්නා යල්පීනූ ආයතන ව්‍යුහයන් වහා ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බව ආණ්ඩුව තේරුම් නොගැනීම නිසා, මේ ප්‍රශ්නය තවත් කුරුවල් විය හැකි බව පමණක් දැනට කිව හැකිය.

    ReplyDelete
  8. //එම නිසා

    1. අරගලය පිලිබඳව පොදු ජනතාව දැනුවත් කල යුතුය.
    2. සියලු ප්‍රගතිශීලි බලවේග එක් විය යුතුය.
    3. අනෙකුත් සියලු වාමංශික ,ප්‍රගතිශීලි වෲත්තිය සමිතී මහා වැඩ වර්ජනයක් කැඳ විය යුතුය.//

    මේක හොඳ අදහසක්. නමුත් මේක කියන්නේ මේ ලෝකේ එකෙක් වෙන්න නම් බැහැ. සමහරවිට අඟහරුලෝකෙජිවියෙක් වෙන්න ඇති.
    ඇයිද කිව්වොත්;
    1. ජිවත් වෙන්න 'පොදු ජනතාව' කරන අරගලය ගැන මේ හේතු දෙන අඟහරුවා කිසිම විධියකින් වටහාගෙන නැත.
    2. මේ පෘතුවියේ කිසිම දිනක, කොහේ හෝ, සියලු ප්‍රගතිශීලි බලවේග තියා බලවේග කිහිපයක් වත් එක්වුනා කියා අහලා වත් තිබේද, නැත.
    3. මහා වැඩ වර්ජනයක් කැඳවන්නට නම් පුළුවනි, ප්‍රශ්නේ උන් ඒවිද කියන එකයි.

    ඕවට වැඩිය නරකද, තවත් වඩා ලොකු ක්‍රියාන්විතයක් කරලා රටම බැරිනං අඩුමගනනේ කොළොඹ වත් අල්ලගන්න එක. ඕනේ නම් අයෙමත් පොලිසියෙන් හොඳ නැව් ගුටි කන්නත් පුලුවන් වේවි.

    පව් අප්පා මේ වගේ ශිෂ්‍යයෝ!

    ReplyDelete
  9. මේ රටේ දෙමළ ජනතාවට බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා.
    බලන්න දෙමළ ළමයෙක්ට දෙමළෙන් වෛද්‍ය උපාධියක් ගන්න පුළුවන්ද?
    අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ වුනොත් දෙමළ අයට දෙමළෙන් උගන්වන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවෙයි.

    ReplyDelete
  10. පේන්නේ නැද්ද කොලුවෝ ටික පන්සලකට යනවා වගේ සෙරෙප්පු එහෙම ගලවල පේලියට ඉන්නේ.
    චිහ් මෙහෙමත් ගහනවද

    ReplyDelete
  11. වියන්ගොඩගේ රාවය සයිටම් බඩකඩිත්තුව මෙතැන ඇලෙව්වේ කවුද?

    ReplyDelete