Sunday, December 10, 2017

උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක




දුම්රියසේවය ඊයේ සිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කොරන්ට  ආණ්ඩුව තීරණය කර තිබේල. මෙය ඉතා හොඳ තීරණයකි. ඇත්තෙන්ම කිව්වොත් යහපාලන ආණ්ඩුව මෙතෙක් ගත් හොඳම තීරණය මෙය බවට කෙනෙක් තර්ක කරන්නටද ඉඩ තිබේ. එසේ කියන්නේ නම් කෙළෙහි ගුණ නොදන්නා අමනයන්ය. මක් නිසාද යත් මේ යහපාලන ආන්ඩුව  2015 ජනවාරි 8 විප්ලවේ කරපු දා සිට ගත්තේ ඉතාම හොඳ තීරණ නිසාය.

උදාහරණයක් විදියට , රාජපක්ෂ පාලන කාලයේ දුෂණ නිසා කුණු වූ තිබුණු මහ බැංකුව යහපාලනේ ආපු ගමන් සම්පූර්ණයෙන්ම ශුද්ධ කර දැම්මේය. දැන් එය ඉතා පිරිසිදුය. ලංකාව හා චීනය ගොඩබිමින් හා කිරීම තවත් යහපාලන දස්කමකි. දැන් අපිට ලංකාවේ සිට එක අඩියක් උස්සා අනිත් පැත්තට තිබීමෙන් චීනයට යන්නට ඇහැකිය. ඒ කෙසේද කිව්වොත් හම්බන්තොට වරාය චීනයට ලියා දීමෙනි. මේ වගේ යහපාලන යහ ක්‍රියා එමටය.

දැන් අපි අපේ මාතෘකාවට ආවොත් මෙතුවක් කාලෙකට දුම්රිය සේවාව ගැන මේ රටේ අණ්ඩු හිතුවේ ඒක අනවශ්‍ය දෙයක් කියාය. ඒක අවශය් කියා හිතුවේ උදේ හවස දුම්රිය දොරේ, ජනේලේ එල්ලී මාරක සර්කස් කරමින් වැඩට යන ජනතාව විතරය. දැන් ආණ්ඩුවත් ඒක අත්‍යවශ්‍ය සේවාවක් බවට තීරණය කර තිබේ. ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව චීනයට විකිනීමේ හෝ වසා දැමීමේ බයක් නැත. තමන්ට අනවශ්‍ය දේ මිස අතවශ්‍ය දේ කිසිවෙක් විකුණන්නේ නැත.දැන් ආණ්ඩුව කල යුත්තේ අවශ්‍ය හා අනවශ්‍ය දේවල් හඳුනා ගැනීමය. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුව හොඳ ගානකට විකුණා දමන්නට හැකිනම් අපි කැමතිය. එසේම පොලෝසිය ,උසාවි, ප්‍රාදේශිය සභා ,පලාත් සබා ආදි බොහෝ දේ විකුණා මුදලක් හොයා ගැනීමට කටයුතු කිරීමෙන් මංගල ඇමතිතුමාට හිසරදයක් වී තිබෙන අයවැයපරතරය ද පියවා ගැනීමට පුලුවන


1 comment:

  1. ඔය හැමදාම වතුර පාරවල් කකා පාරවල් වල රස්තියාදු ගහන උන්, අට්ටාල උද ඉඳන් නොකා නොබී වටපිට බල බල ඉන්න උන් ටිකත් අල්ලලා ඇප්ගනිස්තානෙට හරි සෝමාලියාවට හරි විකුනුවනං ඒකෙනුත් කීයක්හරි හොයාගන්න පුළුවනි.

    ReplyDelete