Wednesday, October 10, 2012

විපස්සක දෙවියන්ගේ පොහොර


(තමන්ගේ කුඹුරේ කෙමක් කිරීමට යන ගෙවිලියක්)
 


අපේ නලින් සිල්වා මැති තුමාට දෙවියන් මාර සපෝර්ට් දෙන්නේය. මීට කලින් ආසනික් කේස් එක වෙලාවේ නාථ දෙවියන් ඇවිත් ෆුල් බැක් අප් එකක් දුන්නේය. ඒ සපෝර්ට් එක නිසා රජ රට වකුගඩු කන ආසනික් යකා  හොයා ගන්නට ඇහැක් විය.

නාථ දෙවියන් නොහිටින්ට එක  රජරට ගොවියකුගේවත් වකුගඩුවක් ඉතුරු වෙන්නේ නැත. දැන් කැළණිය විස්ස විද්දියාලේ විද්‍යා පීඨෙත් ,රජරට විස්ස විද්‍යාලේ වෛද්‍ය පීඨෙත් නාථ දේවාල දෙකක් හදා වකුගඩු රෝගෙට බෙහෙත් ගජරාමෙට කරගෙන යනවාය. අනුරාධපුර පැත්තේ ඉස්පිටිතාල ඔක්කොම වසා දමලාය. දේවාලෙන් ලෙඩ හොඳ කොරන කොට ඉස්පිටිතාල මොකටද කියා බම්බු ඇමති තුමා ඒවා වසා දැම්ම අතර ඒවායේ නාථ දේවාල හැදීමට මර්වින් තුමාට භාර දී තිබේය.

නාථ දෙවියන්  විතරක් නොව විපස්සක දෙවියනුත් අපේ නලින් තුමාට උදව් කරනවාය.ආසනික් පොලවට එකතු වෙන්නේ පොහොර හා කෘෂි  රසායනික නිසා බව නාත දෙවියන්ට පෙනුනත් , ඒ වෙනුවට මොනවා යොදා ගන්නදැයි එතුමා දැන හිටියේ නැත. ඒ නිසා නාත දෙවි තුමා ඒ වැඩේ ගැන පරීක්ෂණ කොරන්නට භාර දුන්නේ විපස්සක දෙවියන්ටය. ( නලින් තුමා චන්න ජයසුමනට වැඩේ භාර දුන්නා වගේය.)

විපස්සක දෙවියනුත් පරීක්ෂණ කරලා පොහොර හා කෘෂි රසායනික වලට විකල්පයක් හොයාගත්තේය. හැබැයි හොයා ගෙන , තමන්ට වැඩේ පවරපු නාථ දෙවියන්ට දැනුම් දුන්නේ නැත. ඒ වෙනුවට කෙලින්ම තමන්ගේ නමට පේටන්ට් එක ගත්තේය. දැන් ඒ නිසා ඒ පොහොර හඳුන්වන්නේ විපස්සක පොහොර කියාය.  මේ ගැන ලෝකෙට හෙලි කරන්ට වැඩේ භාර ගත්තේ අපේ නලින් සිල්වා තුමාය.

එතුමාට අනුව රසායනික හා කාබනික පොහොර දෙකම බටහිරයන්ගේ අදහස්ය. ඒ නිසා ඒවා හොඳ නැත.  ඒවා වෙනුවට විපස්සක පොහොර භාවිතා කරන්නට පුලුවන්ය.

විපස්සක පොහොර ගැන නලින් තුමා පහු ගියදා තිබුනු දෙරණ 360 වැඩසටහනේ දී හෙලි කලේ මෙසේය.

"අරකෙන් ටිකක් දානවා, මේකෙන් ටිකක් දානවා, කෙමක් කරනවා , පිරිත් ටිකක් කියනවා"

සටහන- එක්කෝ මූට පිස්සුය. නැත්නම් මේවා අහන බලන අපට පිස්සුය.

12 comments:

  1. මටත් මේ සේරම අල්ලලා දාල, ලංකාවේ කුඹුරු කොටන්න එන්න හිතුනේ ඔබගේ ගෙවිලිය දැකලා. :)

    ReplyDelete
    Replies
    1. මාරු ගෙවිලිය... ඕක අවුරුදු 50 ක් පරණ ෆොටෝ එකක්.. පලවෙනි ජේම්ස් බොන්ඩ් (ජේමිස් බණ්ඩා) ෆිල්ම් එකේ හනී රයිඩර් විදියට රඟපෑ උර්සුලා අන්ද්රේස් මේ ඉන්නේ. එයා තමයි ක්සේලේසියා විදියට රඟ පෑවෙත් Cave of the Golden Rose කතා වල...

      Delete
    2. අම්මප මේ උර්සුලා අන්ඩ්‍රෙස් ද? මම හිතුවේ හක් ගෙඩියකුත් අරං කෙමක් කරන්න යන ගෙවිලියක් කියලා

      Delete
    3. ඉන්න දිහාවේත් මේ වගේ ගෙවිලියෝ නැතෑ

      Delete
  2. නියම පෝස්ට් එක... :-D

    ReplyDelete
  3. සිංහල බෞද්ධ සංකල්ප ඉදිරිපත් කරද්දී නලින් ද සිල්වාට පිස්සුවක් තිබුනේ නැත. එමෙන් ම බෙහෙවින් ම තර්කානුකුල බවක් ඒ කරුණුවල තිබුණි. නමුත් බටහිර එපා කියමින් කෑ ගැසූ නලින් ලොක්කා දැන් සිය සංකල්ප, බටහිර සංකල්ප ඔස්සේ මාකට් කරන්නට පටන් ගෙන ඇත.

    කපුවා රුන්නාට කෝවිල ගඳ ගසන්නේ නැත්තාක් සේ නලින් ලොක්කා මාකට්, සිංහල බෞද්ධ සංකල්ප මාකට් කිරීම ද අපේ සංස්කෘතික අංගයක් ම ය! එය බටහිර සංකල්පයක් නොවේ.

    නාථ දෙවියන් ආසනික් කතාව කියද්දී නලින් ලොක්කාට තවත් කුමක් හෝ කියා ඇත. දැන් නටනා පිස්සු සහ කෙලින පිස්සු ටෝක් අහද්දී අපට සිතෙන්නේ මේ !@#$ට !@#$ ඇරියත් මදි කියා ය!!

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. නලින් සිංහල බෞද්ධ සංකල්ප ඉදිරිපත් කරද්දි පිස්සු නොතිබුනා විය හැක. එහෙත් එම අදහස් නිසා ඇති වූ පිස්සුවලින් මේ රට තවමත් විනාශ වෙයි

      Delete
  4. නලින්ද සිල්වාට පිස්සු.

    ReplyDelete
  5. උන්නැහේ හිස උදුම්මවා ගත් කෙනෙක්. බුවා කියන විදියට මෙහේ විද්යාව හැදෑරූ අය නැහැ. උන්නැහේ විතරයි ඔක්කොම දන්නෙ. විලිලැජ්ජා නැතිකම ආචාරියා කමට වඩා ලොකුයි. ඔවැනි පිස්සෝ වැඩසටහන් වලට ගෙන්නන්න නරකයි.

    ReplyDelete
  6. එක්කෝ මේවාගේ වැඩ සටහන් බලන අපිට බූවල්ලකින් ගහන්න ඕනෑ. නැත්නම් මේ වගේ උන් ගෙන්වන උන්ට ගහන්න ඕනෑ. නලින් වගේ උන්ට නම් මොකුත් කරන්න හොඳ නැහැ. මොකද පිස්සොනේ . පව්

    ReplyDelete
  7. නියමයි නියමයි ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
  8. මේ ගොල්ලො ආන්ඩුවෙ ඉන්න මොල හෝදන කට්ටිය.සුරියප්පෙරුම,හසන්ත,වාගෙ.කට්ටිය කියන ඒව දිහා බැලුවම,අන්ගොඩින් තමය් නවතින්නෙ.

    ReplyDelete