Wednesday, October 17, 2012

බුදු අම්මෝ අපි නැ‍තෝ



දකුණු ඉන්දියාවේ ඉදි කරන න්‍යෂ්ඨික බලාගාර වලින් ලංකාවට බල පෑමක් එල්ල වෙන්නේ නැති  බවට  අපට ඉස්තීර වසයෙන්ම දැන ගන්නට ලැබී තිබේ. ඒ අනුව එම න්‍යෂ්ඨික බලා ගාරයක අනතුරක් සිදු වුනත් ලංකාවට  විකිරණ කාන්දු වන්නේ නැත.
 
අප ඒ පිලිබඳව මේ තරම් විස්වාසයකින් යුතුව කියන්නේ ඊයේ අපට අසන්නට ලැබුණ එක්තරා කාරණයක් නිසාය.
 
විදුලිබල ඇමති චම්පික රණවක මැතිතුමා ඊයේ (15 දා ) එතුමාගේ අමාත්‍යාංශයේ පැවති පුවත් සාකච්චාවකදී ස්ථීරවම කියා සිටියේ දකුණු ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර වලින් ලංකාවට කිසිම් අබල පෑමක් නැති බවයි. එතුමා හත් අතේ දිවුරමින් මේ බව පවසා තිබේ.
 
අපේ චම්පික ඇමති තුමා එහෙම කියනවානම් තවත් මොන කතාද?
 
බලපෑමක් නෑ කිව්වොත් නෑ තමා ඉතින්.
 
මතකනේ, පහුගිය දවස් වල එතුමා පොලවේ හැපි හැපි කිව්වා මොන තරම් නියඟයක් ආවත් විදුලිය කපන්නේ නැත කියලා. බලන්න පොලව කරුකුට්ටම් වෙන්න පෑයුවත් විදුලිය කැපුවේ නැහැනේ.ශෝක් ඇමතිතුමා නේද?
 
ඒ වගෙම එතුමා කිව්වා විදුලි බල මණ්ඩලේ කොච්චර පාඩුවට දිව්වත් පොදු ජනයාගේ පිට ඒ බර පටවන්නේ නැතිය කියලා. කිව්වා වගේම කරා ,හොඳා, නැත්ද?
 
ඒ නිසා අපේ රටේ ජහ මනයා මහජනයා ඔය දකුණු ඉන්දියාවේ හදන න්‍යෂ්ඨික බලාගාර ගැන කිසි බයක් ඇති කර ගන්ට ඕනෑ නැත.
 
සටහන- හැබැයි ඉතින් විනෝදෙට වගේ ගෙදර යට කොන්ක්‍රීට් වලින් පොඩි බංකරයක් හදා ගෙන , ගෙදර  වහල දොර ඊයම් තහඩු වලින් ආවරණය කර ගෙන මාස දෙක තුනකට කෑම බීම ලෑස්ති කර ගෙන හිටියට කමක් නැහැ. බයකට නොවේ , විනෝදෙට හොඳේ. චම්පක මැතිතුමා කිව්වොත් කිව්වනේ. හිහ් .

5 comments:

  1. කොන්ඩය බූ ගා temporary මහන වුන චම්පුක මාමා මුසාවදා සිල්පදය කඩයිද කලාමැදිරියො..

    ReplyDelete
  2. අනේ පවු එතුමාට වැරදි කියන්න එපා දෙයියෝ...

    ReplyDelete
    Replies
    1. මම මේ හොඳක් නේ කියලා තියෙන්නේ . එතුමා වගේ දේශපාලකයෝ ලබන්න අපි වාසනා කරන්න ඕනෑ

      Delete
  3. අපේම විස්ස විජ්ජාලයක ප්‍රොඩක්ට් එකක් තමයි.

    ReplyDelete