Friday, October 19, 2012

බන්ඩුලගේ ගුන්ඩු


ඇමති ගුන්ඩුල බණවර්ධන හිටපු ටියුෂන් කාරයෙකි. එතුමා දේශපාලනෙට ආවෙත් ටියුෂන් වලට පිං සිද්ද වෙන්ටය.

 කුජිනෝල්ඩ් රෙරේ, ග්‍රෙහාන් ලාල් මෝරෝ, ඒ විදියට ටියුෂන් වලින් දේශපාලනේට ආපු උදවියය.   අපේ සක්විති රනසිංහ තුමාත් තව ටික කාලයක් හිටියානම් දේශපාලනේට එනවා නිසැකය.

ගුන්ඩුල බනවර්දන ඇමති තුමා චිරාත් කාලයක් ටියුෂන් කොරපු නිසා ටියුෂන් මාස්ටර් ලාගේ සෙල්ලම් ගැන එතුමා අත් දැකීමෙන්ම දන්නවාය.  ඒක නිසා එතුමා එක්ක පරණ සෙල්ලම් දාන්ට බැරිය.

විබාග වලට සතියක කාලයක් ඇතුලේ සාකච්ඡා , සම්මන්ත්‍රණ ආදිය තියන එක එතුමා  තහනම් කලේ ඒ නිසාය. විභාග ප්‍රශ්න පත්‍ර  කලින් පිට වුනත් මාස්ටර්ලා ලමයින්ට ඒවා කියලා දෙන්නේ ඒ අන්තිම  කාලයේ බව එතුමා හොඳින්ම දන්නවාය. ඒ අත් දැකීමෙන් වෙන්ට ඕනෑය.

ඔන්න දැන් එතුමා වඩේ වැඩේ දුන්නේය. ප්‍රශ්න පත්‍ර පිට වුනත් ලමයින්ට කියලා දෙන්ට බැරිය.ඇයි අන්තිම සතියේ සම්මන්ත්‍රණ කරන එක තහනම් කරලා නොව. දැන් ඉතින් දාහ දෙදාහ ඉන්න ටියුෂන් ක්ලාස් වලට යන හිඟන පැටවුන් විබාග වංචා කොරලා හමාරය. (ගෙවල්වලට ගුරුවරු ගෙන්න ගෙන ඉගෙන ගන්න සල්ලි කාර උන් එහෙම කුජීත වැඩ කරන්නේ නැත. අනික කොලත් මොකද?)

පහු ගිය සිස්සත්ත විබාගේ ප්‍රශ්න පත්‍රය කලින් පිට උනා කියලා ගුරු සංගම් කියන කොට ඒක එහෙම උනේ නැතිය කියලා ගුන්ඩුල බනවර්දන ඇමති තුමා අමුඩේ මල පහ වෙන කම් කෑ ගැහුවේය. එහෙම චෝදනා කරපු ගුරු සංගම් කාරයෝ අල්ලා හිරේ දානවා කියලත් කීවෝය. මේ විදියට විබාග වලට චෝදනා කරන්නේ විබාග දෙපාර්තමේන්තුව ගැන අප්‍රසාදයක් ඇති කරන්ටය, ඒක ලංකාවේ අධ්‍යාපනයට විරුද්ද කුමන්ත්‍රනයක් ය ආදි වශයෙන් එතුමා බඩ යනකම් කෑ ගැහුවෝය.

එහෙනම් දැන් මේ විදියට අලුතින් නීති රීති දාන්නේ අම්මගේ රෙද්දට දැයි එතුමාගෙන් අහන්ට එතුමා හිරේ දාපු ගුරු සංගම් කාරයෙක් වත්  නැත්දැයි අපි බලාන ඉන්නෙමු.


4 comments:

  1. අයියෝ ගොන්දුල ...

    ReplyDelete
  2. උත්කෘෂ්ටයි --බන්ඩුල නොවෙ උඹෙ පෝස්ටුව.

    ReplyDelete
  3. ඔබේ බ්ලොග් එකේ පලල වැඩියි.. අවුට් ලුක් එක මදි.. ඔබ එයින් කරන්නේ ඔබේ වටිනා ළිපි වලට අසාධාරනයක්. පෙනුම ගැන තව උනන්දු වන්න. බොරු සෝභනේ නැතුව මොකුත් කරන්න බෑ අපේ රටේ.. කලු සුදු වලින් කියන දේ තේරුම් ගන්නේ නෑ අපේ අය..

    ReplyDelete