Tuesday, October 23, 2012

විමල්, අපි ඔබ සමගයි-බොරු නෙවේ ඇත්තටම


                                                          කඩුවක් ‍රැගෙන කොස් කොටන්නට යන තරුණියක්

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් ගෙන ආ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ රාල නායක විමල් වීරවංශ මහතා පවසා තිබේ .

ඒ මහතා දරණ මොන මතයට විරුද්ධ වූවත් මෙතැනදී නම් අපි ඔහු සමග එකඟය. මේ පලාත් සභා වලින් කිසි පලක් නැතැයි ඔහු කියන විටද  අපි ඔහු සමග එකඟය .

ඒ ගැන අපි පොඩ්ඩක් විමසා බලමු.

13 වැනි සංශෝධනය ගෙන ආවේ ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුමක් ලෙස දෙමළ ජනයාට යම් කිසි ස්වයං පාලනයක් දෙන්නටය.

එහෙත් අපි මීට පෙරද කියූ පරිදි රටේ අනික් පලාත්  සියල්ලටම මේ වන විට පලාත් සභා ලැබී  තිබුනද ජාතික ගැටලුව  තදින්ම බල පා තිබෙන උතුර පලාතට තවම පලාත්  සභාවක් නැත. දෙන පාටක් ද නැත. පලාතේ ජනතාවට පාලන බලය ලබා දීම සඳහා ගෙන ආ පලාත් සභාවේ තීන්දු තීරණ ගන්නේ මධ්‍යම රජය විසින් පත් කල හිටපු හමුදා නිලධාරියෙකි.

එම නිසා අපි පලාත් සභාවලින් පලක් නැතැයි කියන්නේ ඒ අර්ථයෙනි. එසේ නැතිව විමල් කියන ජාතිවාදි අර්ථයෙන් නොවේ. එනම් යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද  කිව්වා වගේ උතුරට නැති පලාත් සභා දකුණට මොකටද අසමිනි.

එසේම පලාත් සභා අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් ගෙන ආයුතු යැයි කියන විට අපි එකඟ වෙන්නේ ද කොන්දේසි සහිතවය.

එනම් ජනමත විචාරණය පැවත් විය යුත්තේ උතුර හා නැගෙනහිර දෙපලාතේ පමණි. තම ජීවිතය ගැන තීන්දු ගත යුත්තේ එහි වෙසෙන  ජනයා මිස වීරවංශලාගේජාතිවාදි ගුලි ගිල දමා මත් වී සිටින   උන්    නොවේ.
සටහන-
1 . හැකි නම් සාධාරණ චන්දයක් තියා උතුරේ හා නැගෙනහිර ජනතාව ලවා පලාත් සභා එපා යැයි කියවාගන්න.

2. එම දෙපලාතේ ජනයා එපා යැයි කිව්වත් ඉන්දියාව පලාත් සභා අහෝසි කරන්නට ඉඩ නොදෙන බවට මෙන්න කැට.මේ බව විමල් ඇතුලු ආණ්ඩුවේ ලොකු ලොක්කන් හොඳින්ම දනී.

3. එසේ නම් මේ පලාත් සභා වලට විරුද්ධව ගෙන යන හඬ  අණ්ඩුවේ කුජීත   අය වැය කෙරෙන් ජනතා අවධානය වෙනතක ඇදීමක් මිස අන් කුමක්ද?

10 comments:

  1. ආණ්ඩුවෙ අයවැය කොහොමත් කුජීතයිනෙ බන්. ආයෙ ඉතින් කොලේ වහන්න දෙයක්ද ?

    ReplyDelete
  2. නෑ ආන්ඩුවට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි දිවි නැගුම කේස් එක. මේක කොහොම හරි සම්මත කර ගන්නවා. නමුත් විමල් ඇත්තක් කියනවා. මේක නීතීමය ගැටළුවක් කියලා කවදා හරි වෙන්වෙන්න ඉල්ලුවත් කරන්න දෙයක් නෑ. දැන්නම් අහෝසි කරන එක ලේසී නෑ. කී දෙනෙක් මේකෙන් හම්බ කරගෙන කනවද..? මම හිතන්නේ නෑ දැන්මම අහෝසි කරයි කියලා. නමුත් අනිවාර්යයෙන් අහෝසි කළ යුතු දෙයක්..

    ReplyDelete
    Replies
    1. දිවි නැගුම සම්මත කර ගැනීමට උතුරු පලාත් සභාව බාදාවක් වී තිබෙන බව ඇත්ත අතර එය ඔවුන් කැත්තෙන් හෝ පොල්ලෙන් විසඳා ගන්න බවක් තමා පේන්ට තියෙන්නේ.මේ දිවි නගන්නේ කාගෙද යන්න කවුරුත් හොඳින්ම දන්න දෙයක්. නිසැකවම සමෘර්ද්ධියෙන් යැපෙන අහිංසක ජනයාගේ නම් නොවේ. නැතිනම් මේ පනතේ රහස්‍ය භාවය පිලිබඳව මේ තරම් වද වෙන්නේ ඇයි.

      මේ අතර මෙවන් එක එක අන පනත් හරහා ක්‍රමයෙන් අඩු කරන්නේ පලාත් සභාවලට පවරා තිබූ බල තලයි. එය හොඳ දෙයක් නොවේ. සියලු බලතල ක්‍රමයෙන් එකම තැනකට ගොනු වෙමින් තිබෙන මේ කාලයේ එය භයානක දෙයක්.

      අනික් කාරනය ,පලාත් සභා අහෝසි කරනවා කියන්නේ දෙමල ජනතාව සමග සංහිඳියා දේශපාලනයකට ආන්ඩුව අකැමති බවයි. පලාත් සභා බඳු අවම මට්ටමේ බල විමධ්‍ය ගත කරණයකත් විරුද්ධ වීමෙන් අප කරන්නේ දෙමල ජනයා නැවතත් කැරලි කාරිත්වයට යොමු කරවීමයි.

      Delete
  3. ඇත්තටම ආණ්ඩුවට පළාත් සභා අහෝසිකරන්න උවමනාවක් නැහැ.මේ ආණ්ඩුව සති දෙකකට වරක් වගේ පොඩි කටගැස්මක් සමාජයට බෙදනවා.ග්‍රීස් යකා,ජයලලිතා,කැළණි ගඟේ රත්තරන්,නවනීදන් පිල්ලේ වගේ. පළාත් සභා පිළිබද දැන් ඇතිවී ඇති කතාවත් මේ ආණ්ඩුව විසින්ම ජනතාවට හැබෑ ප්‍රශ්න අමතක කරන්න ඇතිකළ බොරු මගඩියක් මිස අන්දෙයක් නොවේ.

    ReplyDelete
  4. දේශපාලනේ මට නම් හරි බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් අප්පා..

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් මොන අඩුවක්ද හිරුහිමා සින්දුවක් රීමික්ස් කරගෙන,මං දැන් මැරෙන්නයි යන්නේ කියල බ්ලොගේ ලියාගෙන සුකිරි කොමෙන්ට් ගොඩක් එකතු කරගෙන ඉන්න කෙල්ලෙක්නේ ඔයා.

      Delete
  5. // එම දෙපලාතේ ජනයා එපා යැයි කිව්වත් ඉන්දියාව පලාත් සභා අහෝසි කරන්නට ඉඩ නොදෙන බවට මෙන්න කැට.මේ බව විමල් ඇතුලු ආණ්ඩුවේ ලොකු ලොක්කන් හොඳින්ම දනී//

    True

    ReplyDelete
  6. අසිත මධුසංඛOctober 25, 2012 at 10:32 PM

    විමලයට තියෙන ප්‍රස්නෙ පලාත් සබා නෙමේ. ඌ ලක්ෂ ගණන් සල්ලි පොලියට දෙන බව ලීක් වීම. අපි නොදන්න මොණරතැන්න.

    ReplyDelete
  7. විමල් ඇමති තුමා ඊළඟ පාර යු එන පියෙන් ඉල්ලුවොත් ඔය චන්ද ටික නොලැබී අරිවිද කළා මැදිරියෝ? මේකට අදාළ නැති වුනත් නිකමට අහන්නේ. අද පින්තුරේ ඉන්නේ අර ගෙවිලියගේ දුවෙක්ද?

    ReplyDelete