Friday, October 5, 2012

හෙල උරුමය බටහිර පිල්ලියක් - නලින් ද සිල්වා හෙලි කරයි



මේ දිනවල විශ්ව විද්‍යාල ආචාර්ය සමිතිය විසින් ගෙන යනු සටන සහය දෙන සියල්ලන්ම බටහිර  ඩොලර් වලට නටන ඩොලර් කාක්කන් බව ඊයේ එම සංගමයේ සභාපති සමග රූපවාහිනි විවාදයකට එක් වෙමින් ආචාර්ය නලින් ද සිල්වා මහතා පැවසීය.

මෙහිදී නම් ගම් ඇතිවම කතා කල  ද සිල්වා මහතා ලංකා සමසමාජ පක්ෂය මෙන්ම ජාතික හෙල උරුමයද සිංහල සංස්කෘතියට එරෙහි විජාතික බලවේග බව පැවසීය.

ලංකා සමසමාජය සමග තමන් එක ගොඩට දැමීම ගැන හෙල උරුමයේ දේශප්‍රේමින්ට දැනෙන්නේ කෙසේ දැයි දැන ගැනීමට අපි පුලපුලා බලා සිටිමු.

සිංහල බෞද්ධ සංස්කෘතියේ එකම ආරක්ෂකයින් වශයෙන් පෙනී සිටින ජාතික හෙල උරුමයේ නායක කාරකාදින් වන චම්පක රණවක හා  අතුරලියේ රතන දේශප්‍රේමිනි, මෙය ඔබේ අවධානයටයි.

සටහන-1 ජාතික හෙල උරුමයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් වන කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා මේ දින වල විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය විසින් ගෙන යනු ලබන වෘත්තීය සටනේ ප්‍රමුඛ සටන් කරුවෙකි.  මෙම වර්ජනය ඇරඹීමටත් කලකට පෙර සිටම ඔහු අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විශාල හඬක් නැගුවෙකි.

සටහන-2 ලිපියේ අවසාන වාක්‍ය සඳහා සාදර අනුග්‍රහය සිරස නිව්ස් ෆර්ස්ට් .

3 comments:

  1. නලීන්ට අද තැනක් නෑ.. ඒ නිසා ඵල ඇති රුකට ගහනවා.. දේශප්‍රේමය නියමෙටම මාකට් කලේ සිහල උරුමය තමයි. ඒ උනාට තව දුරටත් එසේ කල නොහැකි, රජතුමා ඒකත් ප්‍රාන බුක්තියට අරන් තියෙන්නේ..

    ReplyDelete
  2. නලින්ද සිල්වා මහතා ගැන කතාකර පලක් නැත.ඔහු එක්තරා ආකාරයක උමතු රෝගියෙකි.ගුවන් විදුලි සාකච්ඡාවකදී ඔහු කීදේවල් සහ ඔහුගේ අසාමාන්‍ය ආකාරයේ සිනාසීමේ හඬ ඇසුණු විට මට දැනුනේ ඔහුගේ සිහිය විකල් වී ඇති බවයි.ඔහු අදට පමණක් නොව හිට්ලර්ගේ නාසි පාලන යුගයටද මනාව ගැලපෙයි.

    ReplyDelete
  3. නලින් කිසියම් මතවාදයක් සමාජය තුළ ගොඩනගන්න්ට උත්සාහ දැරූ එකෙක් බව අවංකව පිළිගත යුතුය. නමුත් ඔහුගේ එම මතවාදයන් අවසානයේදී අති අමානුෂික ආකාරයෙන් බෙදුම්වාදයට යටවී ගියේය, අද ඔහු දොඩන්නේ උමතු රෝගියෙක් ලෙසින් බවද පිළිගනිමි.

    ReplyDelete