Sunday, October 7, 2012

දිවිනැගුමද දිවිනැසුමද?


1987 දී දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පලාත්  සභා  ගෙන ආවේ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස  දෙමල ජනයාට යම් තරමකට හෝ ස්වයං පාලනයක් දෙන්නටය. එසේ බිහි වූ පලාත් සභා දිවයිනේ අනෙක් සෑම පලාතකටම දුන්නත් දෙමල ජනයා වෙසෙන උතුරු පලාතේ තවම පලාත් සභාවක් පිහි‍ටුවා නැත.

සමෘද්ධි බැංකු වල තැන්පත්ව ඇති සමෘද්ධීලාභින්ගේ අනිවාර්ය ඉතුරුම් කෝටි 9000 කට අධික මුදල ඉතා  රහස්‍ය ලෙස  පාරිභෝජනය කිරීම සඳහා ගෙන එන දිවි නැසුම නැගුම පනත පලාත් සභා සියල්ලම සම්මත කල යුතු යැයි නීතියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කල පසු දැනට පිහි‍ටුවා ඇති  පලාත් සියල්ල වැඩි චන්දයෙන් එම පනත සම්මත කර දී ඇත.

තමන් සතුව තිබු බලයක් මෙසේ වැඩි චන්දයෙන් මහ ආණ්ඩුවට පවරා දීම පලාත් සභා පැත්තෙන් ගත් කල සිය දිවි නැසුමක් ම වේ. ආණ්ඩුව නැගෙනහිර පලාත් සභාවේ බලය වෙනුවෙන් මාරන්තික සටනක නියලුනේ මන්දැයි දැන් හොඳින්ම පැහැදිලිය.

දැන් ආණ්ඩුවේ සිටින ඊනියා වාමංශිකයන් ඇතුලු සියලු දෙනාට පලාත් සභා පිහිටවූ අරමුණ අමතකය. බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරු මැද,ඌව හා නැගෙනහිර පලාත් සභා වලින් දිවිනැසුම නැගුම පනත සම්මත වූ නිසාත් උතුර පලාත් සභාව තවමත් පිහිටවා නැති නිසාත් එම පනත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත හැකි යැයි ආණ්ඩුවේ න්‍යාචාර්යයන් සිතයි.

උතුරේ දෙමල ජනයාගේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙන ආ 13 වැනි ව්‍යවස්තාවෙන් පලාත්සභාවලට පැවරූ බලතල සියලු පලාත් සබාවලින් විමසා මිස මධ්‍යම රජයට නොගත යුතු යැයි අධිකරණ කියද්දීත්  උතුර පලාත් සභාව සඳහා ආණ්ඩුවෙන්ම ආණ්ඩුකාරයා ලෙස  පත් කල හමුදා නිලධාරියාගේ අනුමැතිය ඒ සඳහා ප්‍රමාණවත් ආණ්ඩුව කියන්නේ නම්   ව්‍යවස්ථාව  කෙසේ වෙතත් අවම සදාචාරයවත් ඔවුන් නොසලකන බව නැවත වතාවක්  ඉතා පැහැදිලි ය.

තමන්ගේ පාත්‍රයට කඩා වැදුනු සෙනසුරා වෙනුවෙන් හිඟන්නන් ජය ගෝෂා නගයි නම් අප කුමක් කරන්නද?

6 comments:

  1. රතු රජරට පැත්තේ තිබුණු කමෙන්ට් එකක් දැකල ආවේ. තව පොඩ්ඩෙන් කොල්ලෙක් කියල හිතල මචන් කියල කමෙන්ට් එකක් දානවා එතනම.. :)
    \\තමන්ගේ පාත්‍රයට කඩා වැදුනු සෙනසුරා වෙනුවෙන් හිඟන්නන් ජය ගෝෂා නගයි //
    මේක නිසා තමයි අද මෙහෙම වෙලා තියන්නේ.

    ReplyDelete
  2. මචන් කියන්න කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක අදාල නැහැනේ මචන්. අනික ඊ මේල් ඇඩ්‍රස් එකෙන් ලිංග බේදය මනින්න පුලුවන්ද?

    ReplyDelete
  3. තමන් විසින් ගොඩකරගන්න බලය කිසියම් දිනකදී තමන්ටම එරෙහිව යන බවදේශපාලන බලය සදාකාලිකයි සිතන මුග්දයෝ කල්පනා කරන්නේ නැහැ.විදායක ජනාධිපති කම හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයට අද සිදුවී ඇති විනාශයම මතු දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් වෙනු ඇත.

    ReplyDelete
  4. හිට්ලර්, සොමෝසා, බැටිස්ටා,පිනෝචේ,ගඩා‍ෆි, මුබාරක් ......

    ReplyDelete
  5. ඔබ ලියන දේ හරිම ඇත්ත. මේ පළාත් සැබෑ පිහිටෙව්වේ කියන එක මුන් කාටවත් මතක නැහැ. ඇත්තටම නාමිකව හෝ ක්‍රියාත්මක නොවෙන්නෙත්, ඒ ක්‍රමය අවශ්‍ය ප්‍රදේශ වලමයි. මේවා ගැන ජනතාවට අවබෝධයක් වත් නැහැ. එකම පක්ෂයක් යටතේ ක්‍රියාත්මක වන පෙඩරල් හා පළාත් සභා ආණ්ඩු මේ තත්වය තවත් උග්‍ර කරනවා. ඔබ කියන්න වගේ, තමන්ගේ බලතල බන්දේසියක තියල මහා ආණ්ඩුවට පුජා කරන මේ මැටි මහා ඇමතිලා හුඹස් මැටි වලින් වලිනුත් හදා ගන්න පුළුවන්.

    ReplyDelete